කඳාන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

කඳාන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

ලක්දිව සුපතල සිද්ධස්ථානයක් වන කඳාන සිද්ධස්ථානයේ ස්ථාපිත ඉපැරණියයි අනුමාන කල හැකි ප්‍රතිමා කිහිපයකි.

1. ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහැර ප්‍රතිමාව - කඳාන සිද්ධස්ථානයේ ස්ථාපිත සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රධාන ප්‍රතිමාව වන මෙම ප්‍රතිමාව 19 වන සියවසේ මුල් භාගයේදී නෙලන ලද දැවමය ප්‍රතිමාවකි. රොකෝකෝ මූර්ති ශෛලියට අනුව ඉන්දියානු සහ පෘතුගීසි මූර්ති අභාෂයන් සහිතව නිර්මාණය කර ඇති හෙයින් මෙම ප්‍රතිමාව Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය  හැක.

ඉන්දියානු මූර්තිකරුවෙකු අතින් නිර්මාණය වී ඇති මෙම ප්‍රතිමාව ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන්නට ඇතැයි අනුමාන කල හැක. සිද්ධස්ථානය වෙත ඇදෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වන මෙම ප්‍රතිමාව සිද්ධස්ථානය පසෙක යැදුම් ගෘහයක ස්ථාපනය කර ඇති අතර සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය දින ග්‍රාමය වටා පෙරහැර සඳහා යොදා ගැනේ.

2.  නොවාන දින වලදී සැදැහැවතුන් ආසිරි ගැන්වීම සඳහා යොදා ගනු ලබන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව -  මෙම දැවමුවා ප්‍රතිමාව 19 සියවසේ අවසාන භාගයේදී හෝ 20 වන සියවසේ මුල්භාගයේදී නෙලන ලද ප්‍රතිමාවක් ලෙස අනුමාන කල හැක.

ඉන්දියානු මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයක් වන මෙම ප්‍රතිමාව කිසිඳු විශේෂිත මූර්ති ශෛලියකට අනුව නෙලා නොමැති සාමාන්‍ය පොදු ලක්ෂන සහිත එනම් Popular Style මූර්ති  (ඉතාලි : Stile Popolare) කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස වර්ගීකරණය කල හැක. ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම වෙනස් කර පසුකාලීනව වර්ණාලේප කර ඇත.

3. සිද්ධස්ථානයේ ප්‍රධාන අල්තාරයට ඉහලින් ස්ථාපනය කර ඇති සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව -  මෙම දැවමය සුවිසල් ප්‍රතිමාව 19 සියවසේ අවසාන භාගයේදී හෝ 20 වන සියවසේ මුල් භාගයේදී ඉන්දියානු මූර්තිකරුවෙකු විසින් නෙලන ලද ප්‍රතිමාවකි.

මෙම ප්‍රතිමාව Popular Style මූර්ති  (ඉතාලි : Stile Popolare) කාණ්ඩයට අයත්වන එනම් කිසිඳු විශේෂිත මූර්ති ශෛලියකට අනුව නෙළා නොමැති සාමාන්‍ය පොදු මූර්ති ලක්ෂන සහිත ප්‍රතිමාවකි. ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම වෙනස් කර පසුකාලීනව කිහිපවරක්ම වර්ණාලේප කර ඇති බව පෙනේ.

ප්‍රතිමාවන්හි මූර්තිමය ලක්ෂණ අනුසාරයෙන් කාල නිර්ණය කර ඇති බව සලකන්න. කඳාන ග්‍රාමවාසී ඔබ සැමට සුභ මංගල්ලයක් වේවා.

සැකසුම : රොමේන් නිමන්ත / යොහාන් රොද්‍රිගෝ

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව