පාස්කු පූර්ව රාත්‍රිය හෙවත් ආලේලුයියා සෙනසුරාදා ජනවන්දනාව

පාස්කු පූර්ව රාත්‍රිය හෙවත් ආලේලුයියා සෙනසුරාදා ජනවන්දනාව

ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් හතරකි

  1. ආලෝකයේ මෙහෙය
  2. දේව වාක්‍ය පිළිවෙත
  3. ප්‍රසාද ස්නාපන පිළිවෙත
  4. ස්තෝත්‍ර යාගික පිළිවෙත

ගින්දර ආශිර්වාද කිරීමත් සම‍ඟ ඇරඹෙන ආලෝකයේ මෙහෙයේදී පාස්කු ඉටිපහන දල්වා කුරුසිය ලකුණ, ශ්‍රී වණ කැළැල්, අදාළ වර්ෂය ආදිය එහි සලකුණු කරනු ලැබේ. එය රැගත් පියතුමා පෙරහැරින් දේවස්ථානයට පිවිසෙන අතර සැදැහැවතුන් තම ඉටිපහන් ඉන් දල්වාගනු ලබේ.

පියතුමා පූජාසනයේදී පාස්කු ඉටිපහනට දුම් පුදා පාස්කු මංගල ගීතය ගායන කරයි. ඒ ගීයේ ක්‍රිස්තුස් වහන්සේගේ යාගික පූජාව, මේ රාත්‍රියේ සුවිශේෂීත්වය මෙන්ම ඉටිපහන පිළිබඳවත් සිහිපත් කෙරේ.

අනතුරුව දේව වාක්‍ය පිළිවෙත ඇරඹෙන අතර එහි පැරණි ගිවිසුමෙන් උපුටා ගැනුණු ගැළවීමේ ඉතිහාසය හා මේ මෙහෙයේ වැදගත්කම ඉස්මතු කරන කියවීම් සතකි.

එම කියවීම් වලින් පසුව සුරදූත ගීය ගයනු ලැබේ. දේවස්ථානයේ සීනු නැවත නාද කෙරෙන්නේත්, පුදසුන මත පහන් දල්වනු ලබන්නේත් ඒ මොහොතේය.

නව ගිවිසුමෙන් උපුටා ගැනුණු සංදේශය ඉන්පසු කියවනු ලබන අතර එය අවසානයේ  ආලේලුයියා ගායනා කෙරේ.

දේශනයෙන් පසුව  ප්‍රසාද ස්නාපන පිළිවෙත ඇරඹේ. ජලය ආශිර්වාද කිරීමත්, වැඩිහිටි ප්‍රසාද ස්නාපනය දානය කිරීමත් සිදුකෙරෙන්නේ මේ අවස්ථාවේදීය. ජලය ආශිර්වාද කරන පියතුමා එහි ඇති ප්‍රසාද ස්නාපනයට යොදාගැනෙන ජල බඳුනට පාස්කු ඉටිපහන බහා විශේෂයෙන් යදියි. ප්‍රසාද ස්නාපන පොරොන්දු අළුත් කිරීමෙන් පසු නව ජලයෙන් ජනතාව ආසිරි ගැන්වේ.

ඉන්පසු ස්තෝත්‍ර යාගික පිළිවෙතේ කොටස් සාමාන්‍ය පරිදි පවත්වනු ලැබේ. දිව්‍ය සත්ප්‍රසාද දානයෙන් පසු ඉතිරිය දිව්‍ය සත්ප්‍රසාද කුටියේ සුපුරුදු පරිදි තැන්පත් කෙරෙන අතර මහ බ්‍රහස්පතින්දා කුරුසිය ලකුණින් අරඹන ලද දිව්‍ය යාගය එක දිගට ගලාගොස් නැවත කුරුසිය ලකුණින් නිමා කෙරෙන්නේ මේ ආලේලුයියා සෙනසුරාදා පූජාව අවසානයේදීය.

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා !

~ මාධව ජයකොඩි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව