ජේසුගෙ අපෝස්තුළුවරුන් කවදද මරියතුමියගෙ මැදිහත්කම ඉල්ලුවෙ?

ජේසුගෙ අපෝස්තුළුවරුන් කවදද මරියතුමියගෙ මැදිහත්කම ඉල්ලුවෙ?
Photo by Sanjeev Nagaraj / Unsplash

මේ ළඟදි දවසක මූලධර්මවාදියෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමා  "හරි හැමෝම සාන්තුවරු මරිය තුමියගෙ මැදිහත්කම ඉල්ලල, මරිය තුමිය ඔව්න් වෙනුවෙන් මැදිහත් උනාමයි කියල අපි හිතමු, හැබැයි ජේසුගෙ අපෝස්තුළුවරුන් කවදද මරියතුමියගෙ මැදිහත්කම ඉල්ලුවෙ, මරිය තුමිය ඔව්න් වෙනුවෙන් මැදිහත් උනේ? " කියන එක.

මටත් එක පාරට උත්තරයක් හිතා ගන්න බැරි උනා,  මන් උත්තරයක් දුන්නත්, ඒක මට සෑහෙන්න පුලුවන් මට්ටමේ උත්තරයක් නෙමේ,  මන් ඒක ඉතින් ඊට පස්සෙ හොයන්න ගියෙත් නෑ මට මතකයක්‌ තිබ්බෙත් නෑ ඒ ගැන.
හැබයි ඉන් පස්සෙ ඒ ප්‍රශ්නෙ ගැන වෙනම විදිහකට හිතන්න පුලුවන් විදිහෙ point එකක් මට අහම්බෙන් ඇහෙනව.
අටුවා ටීකා ටිප්පනි නැතුව කෙටියෙන් මේක කියල ඉවර කරන්නම්.

දෙවැනි අපෝස්තුළුවර පරපුර එනම් මුල් යුගයෙ නිසියානු සමයෙ (ක්‍රි.ව100 -313) මරිය තුමියගෙ මැදිහත්කම ඉල්ලුවා යන්න සාක්ෂි සමග ඉතාම පැහැදිලියි.
නමුත් දැන් අපෙ ප්‍රශ්නෙ මුල් අපෝස්තුළුවරු එහෙම ඉල්ලුවද කියන එක.

ලියවිල්ල තුල එලෙස ඉල්ලුවා කියන්න කිසිදු සාදකයක්‌ නෑ, ඉල්ලුවා වෙන්නත් පුළුවන් නොඉල්ලුවා වෙන්නත් පුළුවන්, එකෙ ප්‍රශ්නයක් නෑ.
නමුත් මරිය තුමිය අපෝස්තුළුවරු වෙනුවෙන් මැදිහත් උනා.

No one : මොකා...😾

ඇත්තෙන්ම ඔව්, දැන් ඒ කොහොමද කියල අපි බලමු,

ජේසුස් වහන්සේගෙ කුරුස යාගයෙන් පස්සෙ ප්‍රධාන ගෝලයන් 11 ක්‌, මරිය තුමිය, තවත් ගෝලයන් 120 ක්‌ පමණ සේනාකුළු ශාලාවෙ ශුද්ධාත්ම වැගිරීමක්‌ පතා නොකඩවා යාඥා කරමින් සිටිය. ( ශුද්ධාත්ම වැගිරීමක්‌ පතා යාඥා කරා කියල ලියවිල්ලෙ නැත්තත් දෙවියන් වහන්සේගෙ විශේෂ ආලේපය පතා යාඥා කල බව පැහැදිලියි. )

දැන් මට ප්‍රශ්නයක් තියෙනව,
අපේ භාෂාවෙන් ඇහුවොත් මරිය තුමිය මොන කෙහෙල්මලකටද ශුද්ධාත්ම වැගිරීමකට යාඥා කරන්නෙ?  එතුමිය ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ උනේ ගාබ්‍රියෙල් දේව දූතය ඈට මංගම් කිව්ව මොහොතෙනෙ.
අනිත් කාරණය සේනාකුළු ශාලාවෙ මේ මිනිස්සු මහා ව්‍යාකූලත්වයකිං ඉද්දි උබල ඕනෙ දෙයක් කර ගනින් මන් ඉන්නව පැත්තකට වෙලා කියල හිටිය වෙන්නත් බෑ නෙ?

එහෙනම් එතුමිය යාඥා කරල තියෙන්නෙ කා වෙනුවෙන්ද කියන එක දැන් මේක කියවන ඔයාට පැහැදිලි වෙන්න ඕනෙ.

උඩගු, තමාගෙ මතයට එරෙහි සියල්ල අසත්‍ය බව කියා ගන්නා මෝඩයෙකු හැර ප්‍රායොගික යතාර්ථය සමග කල්පනා කරන සියල්ලම,
එතුමිය ඒ මොහොතේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී සිටි එකම තැනැත්තිය බැවින්, ඔව්න් වෙනුවෙන් ස්වාමින් වහන්සේ ඉදිරියේ මැදිහත්කාරකම් කල බව පිළිගැනීමට නිහතමානී වෙනවා නොඅනුමානයි.

මේ ඇති වෙයි කියල මන් හිතනව. කියන්නනම් ගොඩක් දේවල් තියෙනව post එක දිග වෙන නිසා නවත්තන්නම්.

ජේසු පිහිටයි,
සල්වෙ මරියා.

~ නෙහාන් දීනාත්