ජය ශ්‍රී මහා බෝධිය බේරාගත් පියතුමා

ජය ශ්‍රී මහා බෝධිය බේරාගත් පියතුමා

මොරිස් ජේම්ස් ලේ ගොක් ප්‍රංශ ජාතික පියතුමා ඔහුගේ ජීවිත කාලය තුළ ඉතා ගෞරවයට පාත්‍ර විය. ඔහු කීර්තිමත් උද්භිත විද්‍යාඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උසස් අධ්‍යාපනඥයෙක් විය.

1881 පෙබරවාරි 21 දින උපත ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ක්විම්පර්හි ක්‍රිස්තියානි සහෝදර පාසලෙනි. ඔහු ලන්ඩනයේදී BSc. සහ රෝමයේදී ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහු උද්භිද විද්යාඥයෙකු හා තාරකා විද්යාඥයෙකු ලෙස ප්‍රසිද්ධ විය. 1907 මාර්තු 13 දින වයස අවුරුදු 26 දී ඔහු පූජක දිවියට පත් විය.

1914 දී ඔහු ලංකාවට පැමිණියේය. ඔහුව ශාන්ත ජෝශප් විද්‍යාලයට පත් කරන ලද අතර විද්‍යාලයේ විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 1919 දී ශාන්ත ජෝශප් විද්‍යාලයේ රෙක්ටර් ලෙස ලෙ ගොක් පියතුමා පත් කරන ලදී. රෙක්ටර්වරයා වශයෙන් සිටියදී ඔහු විද්‍යාව, විශේෂයෙන් උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ගුරුවරයෙකු ද විය.

එකල ශාන්ත ජෝශප් විද්‍යාලයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් වල භාවිතා කෙරෙනු නිවර්තන උද්භිද විද්‍යාව පිළිබඳ පාඨය නම් මෙතුමා විසින් රචිත කෘතිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පෙළ පොතක් ලෙස නියම කරන ලදී. මෙම පොත ඉන්දියාවේදී ද පෙළ පොතක් බවට පත් කෙරිණි. සොබාදහම පිළිබඳ අධ්‍යයනය පිළිබඳ ඔහුගේ කෘතිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද සම්මත පොත බවට පත් විය. උද්භිද විද්‍යාඥයෙකු වශයෙන් විෂය ඉගැන්වීම සහ භාවිතය ඔහුගේ ආශාව විය. ඔහුගේ දේශීය ශාක එකතුව විද්‍යාලයේ උද්භිද උද්‍යානයේ කැපී පෙනුණි.

ඔහු ලංකා ස්වාභාව විද්‍යා සමාජයේ ද ඉතා වටිනා සාමාජිකයෙකි. විශේෂයෙන් සොබාදහම අධ්‍යයනය පිළිබඳ පුළුල් පර්යේෂණ කටයුතුවලදී ද ඔහු ක්‍රියාකාරී විය. ඔහු ශ්‍රී ලංකාවේ මඩු ගස(cycas) පිළිබඳ කළ පර්යේෂණ හා අධ්‍යයනයන් තුළින් ඔහුට ජාත්‍යන්තර ක්‍ෂේත්‍රය තුළ ද පිළිගැනීමක් ලැබුණි. වරක් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් වූ නොදන්නා රෝගයකට හේතුව සොයා ගැනීමට ලාංකික විද්‍යාඥයින්, විශේෂයෙන් උද්භිද විද්‍යාඥයින් අසමත් වූ විට, ඒ පිලිබඳ හේතුව සොයා බලන ලෙස ලෙ ගොක් පියතුමන් වෙත රජයෙන් ඉල්ලා සිටියේය. ඔහු එයට හේතුව සොයා ගත් අතර අද දක්වාම බෞද්ධයන්ගේ මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික වස්තුව රැක ගැනීමට උපකාර කළේය.

ලේ ගොක් පියතුමා ලංකා වෛද්‍ය විද්‍යාලයේ සහ ගුරු පුහුණු විද්‍යාලයේ ද දේශන පැවැත්වීය. ඔහු විශ්ව විද්‍යාල සිසුන්ට සහ තාක්‍ෂණික සිසුන්ට දේශන පැවැත්වීය. ඔහු තාරකා විද්‍යාව පිළිබඳ පොතක් ලියා පාඨකයාට අහසේ අභිරහස් හෙළිකළේය. ලේ ගොක් පියතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ද විය. ශාන්ත ජෝශප් විද්‍යාලයේ දැවැන්ත ගොඩනැගිලි දෙස බලන විට ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඔහුගේ දැනුම හොඳින් විදහා දක්වයි. ඔහු විසින් නිර්මාණය කර ඉදිකරන ලද රෝමයේ ශාන්ත ජෝන් ලැටරන් දේවස්ථානය ඔහුට ඉතා හොඳින් ගැලපෙන ජීවමාන ස්මාරකයකි.

ලේ ගොක් පියතුමා වෝඩ් පෙදෙසේදී ඔහුගේ මෝටර් රථයට පාලනය කරගත නොහැකිව ඛේදජනක ලෙස ජිවිතක්ෂයට පත් විය. ඔහුට ගෞරව කිරීම පිණිස 1989 මැයි 22 ජාතික විරු දිනයේදී සමරු මුද්දරයක් නිකුත් කළේය.

ඡායාරූප අන්තර්ජාලයෙන්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව