දේවමාතාවන් දේවස්ථානයේ පුදදුන් මංගල්‍යය

දේවමාතාවන් දේවස්ථානයේ පුදදුන් මංගල්‍යය

ජනවන්දනා වසර තුළ දේව දේවමාතාවන් අරඹයා සමරන මංගල්‍යයන් අතුරින් නොවැම්බර් මස 21 වන දින අනිවාර්‍ය දේවමාතා අනුස්මරණ මංගල්‍යයක් ලෙස මංගල්‍යයක් ලෙස මෙම මංගල්‍යය හැඳින්වේ. මෙම මංගල්‍යය සභා සම්ප්‍රදායෙන් අපට උරුම වී ඇති මංගල්‍යයකි. දේව වචනය කිසිදු සදහනක් නොමැති මෙම මංගල්‍යය පිළිබඳ අපට ලැබී ඇත්තේ අසම්මත සුවිශේෂයක් වන ශුද්ධ වූ ජාකොබ් තුමාගේ සුවිශේෂයේ  4 පරිච්ඡේදය හා  සියුඩෝ මතෙව් යන සුභ වදන තුළ එන හා ජනප්‍රවාද කතා ප්‍රවෘත්තීන් තුළිනි. මෙම මංගල්‍යය රෝමානු කතෝලික හා පෙරදිග ඕතඩොක්ස් සභාවන් අති උත්සවශ්‍රීයෙන් සමරනු ලැබේ.

ජනප්‍රවාදය හා තොරතුරු

දේව සැලැස්මට අනුව දරුවන් නොලද වද යැයි සැලකූ ආනා සහ ජුවකීනූ යුවල තම විවාහයෙන් බොහෝ කලකට පසු දේව ආදරයෙන් දියණියක ලැබුවාය. එමඟින් එදා සමාජයේ ඔවුන්ට තිබූ නින්දාව හා අවඥාව පහව ගිය නිසා මරියෝත්තමාවන් ආනා මෑණියන්ගේ කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ ම මේ යුවල යුවළ එදා දේව මාලිගාවේ විසූ කන්‍යාවන් වෙත ඇය පුද දීමට පොරොන්දු වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මරියාවන්  වයස අවුරුදු තුන සම්පූර්ණ වීමත් සමගම සමගම ජෙරුසලම දේව මාලිගාවේ විසූ ශුද්ධවත් කන්‍යාවන් වෙත ඇය බාර කොට , දෙවිදුන් දුන් පොරොන්දුව ඉටු කළ බව සඳහන් වේ. මේ කැප කිරීම තුළින් මරියාවන් දේව මාලිගාවේ පුද පුද කිරීම ලෙස හැඳින්වේ. තවද මෙම කතා ප්‍රවෘත්තියට අනුව ඕතොමෝ වයස අවුරුදු 16 වන තෙක්ම දේව මාලිගාවේ වාසය කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

දේවවන්දනාමය පැතිකඩ

ක්‍රි.ව. 543 නොවැම්බර් මස විසි එක් වන දෙන්න ජෙරුසෙලමේ මෙම මංගල්‍යය පැවති බවට ලිඛිත සාධක පවතී. එතැන් සිට බිසන්ත්තීනූ ළිවෙත් හරහා මෙම මංගල්‍යය රෝමයේ ද ප්‍රචලිත විය. එහෙත් ක්‍රි.ව.  614 සිට පෙරදිග සභාවක් නෙමෙයි මෙම මංගල්‍යය මහා මංගල්‍යය ලෙස ව්‍යාප්ත වන්නට විය. එකොළොස්වන සියවසේ සිට හෝටලක් සභාව තුළ ද මෙම මංගල්‍යය මහා මංගල්‍යය ලෙස කැපී පෙනෙන්නට වූ අතර බටහිර පිළිවෙත් වලට මෙම එක් වූයේ ක්‍රි.ව. 1472 වසරෙන් පසුව ය. එහි දී රෝමානු මිසල් සංග්‍රහයට ද මෙම මංගල්‍ය එක්වූ අතර සභා නිර්දේශය ක්‍රි.ව. 1568 වසරේදී එක්විය. ඒ පස්වන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ සුවිශේෂී දායකත්වය තුළය. බටහිර සභාව තුළ මෙම මංගල්‍යය " ජෙරුසලමේ අප ස්වාමිදූගේ මංගල්‍යය " ලෙස  එකල ව්‍යවහාර වන්නට විය. තවද ත්‍රිදෙන්තීනූ  මන්ත්‍රණ සභාවෙන් පසු දේවමාතාවන් අරඹයා සමරන මහා මංගල්ලයක් ලෙස නිර්දේශ වූ මෙම මංගල්‍යය 1969 පසු දේවමාතා අනුස්මරණ මංගල්‍යයක් ලෙස නිර්දේශ විය.
ධාර්මික අරුත

සියලු මැවිල්ලේ ස්වාමියා දෙවිඳුන් බව පසක් කරදෙන අතර, දෙවිඳුන්ට හිමි දෙය උන්වහන්සේට යළිදු පවරා දිය යුතු බව ගම්‍ය වේ.

දෙවිඳුන්ගේ දයා කරුණාවෙන් අප ලද, ලැබූ , ලබන , සියල්ල යළිත් උන්වහන්සේට යළි දුන් වහන්සේට භාර කරමින් දේව කැමැත්තට හිස නමා උන්වහන්සේගේ ප්‍රබල ක්‍රියා සිහිකොට  ඒ පිළිබඳව තුති පිදිය යුතු බව උගන්වයි.

එදා ආනා සහ ජුවකීනූ මුනිවරු දේව කැමැත්තට, දේව සැලැස්මට අනුව මරියතුමි පුදදුන් සේ , තම දරුවන්ගේ කැමතිම තේරුම් තේරුම්ගෙන ඒවා සඵල කරන්නට , ඊට නිසි මඟ පෙන්වන්නට ද අවැසි බව පසක් කර දෙයි.

නූතන කිතුනුවන් බාරහාර වෙති. දෙවිඳුන්ගේ ආසිරි ලබා ගනිති. සාන්තුවර මධ්‍යස්තිය පතති. ඔප්පු කරති. යම් දෙයක් දෙවිඳුන්ට හා සොයුරන්ට පුද කිරීමට පොරොන්දු වුවහොත් , ඒ කෙසේ හෝ ක්‍රියාවට නැංවිය යුතු බව පසක් කර දෙයි. මෙහිදී පොරොන්දු දීම , පොරොන්දු ඉටු කිරීමේ ඇති වැදගත්කම ද පෙන්වා දෙයි.

සටහන - අසේල දසනායක