කුරුස යුද්ධය

කුරුස යුද්ධය
Photo by Zen zeee / Unsplash

ජේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධ ස්ථාන , ජෙරුසලම හා ඒ  අවට ඇති නගර තුර්කිවරුන්ගෙන් බේරා ගැනීම සඳහා බටහිර ලෝකයේ කිතුනුවන් විසින් ගනු  ලැබූ ක්‍රියාමාර්ගය කුරුස යුද්ධ නමින් හැදින්වෙයි. කාලිං ඔමර් සහ ඔහුගේ පරම්පරාව ශු. දේශයේ කිතුනුවන් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය හා බැදුණා වූ ස්ථාන නැරැඹීමට ඉඩ දුන්හ. මොවුන් ක්‍රිස්තුන් වහන්සේගේ ශු. සොහොන සහ අනෙකුත් ශු. ස්ථාන සුරැකීමේ වගකීම කිතුනුවන්ට ලබා දුන්හ. ජෙරුසලම පලස්තීනය වැනි ස්ථානවලට වන්දනා ගමන් යෑම මනස්තාපනයක් සඳහා උචිත කාර්යයක් ලෙස පිළිගත් නිසා යුරෝපා රට වල සිට ශු. දේශයට වන්දනා ගමන් සඳහා බොහෝ වන්දනාකරුවන් පැමිණෙන්නට වූ හ. මෙම කාලවකවනුවේ කාල්ප්ගේ රාජ්‍ය පාලනය බිඳ වැටිණි.

සෙල්ජුක් තුර්කිවරුන් ක්‍රි.ව. 1075 දී ජෙරුසලම අත්පත් කර ගත් හ. මොවුහු අරාබිවරු මෙන් කිතුනුවන් ප්‍රතික්ෂේප කර විරෝධය පෙන්වුහ. ජෙරුසලමේ පාත්‍රියක් තුමා (රදගුරුතුමා) සිරගත කර විශාල මුදල් තොගයක් එතුමා වෙනුවෙන් ඇප මුදල් ලෙස ලබාගත් පසු එතුමා නිදහස් කළ හ. නිදහස් කරන ලද ජෙරුසලමේ පාත්‍රියක් තුමා පලස්තීනයේ කිතුනුවන්ගේ තත්ත්වය සහ තමන්ට සිදු වූ අවමානය පිළිබඳ විස්තර සහිත ලිපියක් ලියා 2 වන උර්බාන් ශුද්ධෝත්තම පියතුමාට යැවී ය. මේ හා සම්බන්ධ ව බිසෙන්තියානු අධිරාජයා වූ ඇරලක්ස් තමන්ට සහය විය යුතු යැයි ශුද්ධෝත්තම පියතුමා කළ ඉල්ලීම නිසා ප්‍රංශයේ මන්ත්‍රණ සභාව කැඳවන ලදි.

2 වන උර්බාන් පාප්තුමා කතා කළ අවස්ථාවේ දී බිසෙන්තියානු අධිරාජ්‍යයා මේ සඳහා සහය දෙන බවට පොරොන්දු විය. වීර ප්‍රභූවරුන්ගේ නායකත්වය යටතේ යුද්ධ හමුදාව රැස් කරන ලදි. ප්‍රංශ රට පුරායමින් දෙවන උර්බාන් ශුද්ධෝත්තම පියතුමා හා පේදුරු නැමැති පැවිද්දා ශුද්ධ සංග්‍රාමයට ජනතාව සූදානම් වීමේ අවැසියාව තහවුරු කරන ලදී. මිනීමැරීම, මංකොල්ලය වැනි දුෂ්ඨ පාපයන් කළ මහා පව්කාරයන්ට මෙම යුද්ධය මගින් පාපයෙන් පිරිසිදු වීමේ හැකියාව ලැබෙයි යැයි ද, යුද්ධයට සහභාගි වන්නන්ට පූර්ණ ඵලය ලැබෙන බව ද ශුද්ධෝත්තම පියාණෝ පැහැදිලි කළ අතර, එම නිසා ජනතාව මෙම යුද්ධය සඳහා මහා පරිමාණයෙන් එක් වූහ.

මෙම යුද්ධය විවිධ අංශවලින් 11 වන සියවසේ සිට 12 වන සියවස අවසානය තෙක් වසර 176ක් පමණ පැවතිණි. කුරුස යුද්ධ 8ක් පැවතිණි. ප්‍රංශයේ යුද්ධ භටයෝ බොහෝ දෙනෙක් මෙම යුද්ධයට සහභාගි වූහ. මේ නිසා යුරෝපයේ සියලූ දෙනා ප්‍රෑන්කාර් යැයි අපරදිග වැසියන් හැඳින්වන්නට විය.

ශු. සභාවේ ආධ්‍යාත්මික නිදහස බාහිර බලවේගවලින් රැකගැනීම සඳහා පාප්වරුන්ට යුද වැදීමට සිදුවීම මෙම සියවසේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමකි. කෙසේ හෝ ශු. සභාව රැක ගැනීමේ පරමාර්ථයෙන් පාප්වරු අවිආයුධ අතට ගනිමින් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කළහ. ශුද්ධ වු දේශය මුස්ලිම්වරුන්ගෙන් නැවත අත්පත් කරගැනීම සඳහා ඔවූන් සමග විශාල යුද්ධවලට මුහුණ දීමට පාප්වරු ඉදිරිපත් වූහ. කිතුනුවන්ගේ ඇදහිල්ල හා කිතුනු අනන්‍යතාවය රැකගැනීම සඳහා මෙම යුද්ධ ආරම්භ විය. මෙහි දී සියලූ හේවායින්ගේ උරහිසේ කුරුසයේ සංකේතය සලකුණු කර යුද වැදුණු හෙයින් මේවා කුරුස යුද්ධ ලෙස හැඳින්වේ.

යුද්ධ කිරීමෙන් හෝ සභාව රැකගැනීම කළ යුතු ම කාර්යයක් බව පිළිගත් හෙයින් දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම යුද්ධ ක්‍රියාත්මක විය. අති උතුම් දෙවන උර්බාන් පාප්තුමා විසින් පළමු කුරුස යුද්ධයට නායකත්වය ලබා දෙන ලදී. ආධ්‍යාත්මික අරමූණක් පෙරදැරි කරගෙන යුද වැදුණ ද ලෞකික සැපසම්පත් රැස් කළ බවට චෝදනා ඉදිරිපත් වේ.

පළමු කුරුස යුද්ධයේ දී ජෙරුසලම අත්පත් කරගැනීමට  සභාවට හැකි විය. විශාල ජීවිත ගණනක් අහිමි විය. ග්‍රීක් ආදීපිතෘවරයා සිටි ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සභා භේදය වර්ධනය විය. දෙවන කුරුස යුද්ධය ක්‍රි.ව. 1146 දී ආරම්භ විය. එහි දී ද විශාල ජීවිත ගණනක් සභාවට අහිමි විය. යුද්ධය ද අසාර්ථක විය. තුන් වන කුරුස යුද්ධය ක්‍රි.ව. 1189 ඇරඹුණු වූ අතර ජෙරුසලම අත්පත් කර ගැනීමටත් ශුද්ධ දේශය බලා යන සැම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් එමඟින් හැකි විය. එහෙත් සභා භේදය වඩ වඩා උත්සන්න විය.

කුරුස යුද්ධ පැවති සමය ග්‍රීක සහ රෝම සභා භේදය ආරම්භ වී පැවති හෙයින් බටහිර ප්‍රදේශ වලින් පැමිණි ඇතැම් ප්‍රභූවරුන් විසින් පෙර දිග ප්‍රදේශවල තිබූ ග්‍රීක සම්ප්‍රදායට අයත් දේවස්ථාන විනාශ කොට , එහි ලතින් සම්ප්‍රදායට අයත් දේවස්ථාන නිර්මාණ කිරීම තුළින් සභා භේදය තව තවත් උත්සන්න වූ බව කියැවෙයි. තවද එම ප්‍රදේශවල විසූ රදගුරුවරුන්ට හා පූජකවරුන්ට ද නොයෙකුත් අන්දමේ අඩම්තේට්ටම් සිදු කිරීම ද දක්නට ලැබේ. කෙසේ හෝ අවසානයේ දී ඔවුන් ලබාගත් ජයග්‍රහණයක් නොමැත. අවසානයේදී සිදු වූයේ දෙපාර්ශවයම පරාජය වීම පමණකි.

පළමු කුරුස යුද්ධය (ක්‍රි.ව.1096 - 1099 දක්වා)

රජු මෙයට සහභාගි නොවී අතර, 60,0000 පමණ යුද භටයෝ වීර ප්‍රභූවරුන්ගේ නායකත්වය යටතේ සහභාගී වූහ. කුරුස යුද්ධ වීරයෝ ජෙරුසලමේ නායකයණන් ලෙස ගොඩ්ෆි තෝරා ගත් හ. භක්තිවන්තයන් මෙතුමා ශුද්ධස්ථානය ආරක‍ෂා කිරීමේ වගකීම ද භාර ගත්තේ ය.

දෙවන කුරුස යුද්ධය (ක්‍රි.ව. 1147 - 1149 දක්වා )

එයුජින් ශුද්ධෝත්තම පියතුමා දෙවන කුරුස යුද්ධයට ඉල්ලීමක් කළ අතර, ශු. පෙර්නර්දන් මෙම යුද්ධයට සහයවීමට ජර්මනියේ රජවරුන් වූ 3 වන ගොර්රාට 7වන ලුයිස් රජු ආදීන් සහභාගි වූහ. යුද්ධ භටයෝ 50,000ක් පමණ සහභාගි වූ නමුදු මෙම යුද්ධය මුළුමනින් ම පරාජය විය.

තුන්වන කුරුස යුද්ධය (ක්‍රි.ව. 1189 - 1192 දක්වා )

8 වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා කුරුස යුද්ධ ප්‍රකාශ කළ අතර,මෙම යුද්ධයට බ්‍රෙඩික් පාර්බරෝසෝ ,ප්‍රංශ රජ දෙවන පිලිප් සහ එංගලන්තයේ රජ වූ පළමු වන රිචඩ් ආදීහු සහභාගි වූ හ.ජෙරුසලම අත්පත් කරගැනීමට නොහැකි වූ අතර, ක්‍රි.ව. 1199 දී රිචඩ් සාලඩින් සමග ගිවිසුමක් අත්සන් කරන ලදි. මේ අනුව වන්දනාකරුවන්ට ශු. දේශය නැරඹිමට අනුමතිය ලබා දුන්හ.

සිව් වන කුරුස යුද්ධය (ක්‍රි.ව.1201 - 1204 දක්වා )

තුන්වන ඉනසන්ට් ශුද්ධෝත්තම පියතුමාගේ ඉල්ලීම පරිදි මෙම යුද්ධය දිගටම පැවතිණි. ප්ලාන්ඩර්ස් , වැව්ෂෙයින් , වැනීස් වැනි ප්‍රදේශවල යුධ භටයන් මෙම යුද්ධයට සහභාගි වූ අතර, ක්‍රි.ව. 1204 වසරේදී කොන්තන්තීනය වැනිස් රටේ වැසියන් විසින් අල්ලා ගන්නා ලදී. මෙය බටහිර සභාව හා බිසන්තීනූ හෙවත් පෙරදිග සභාවක් අතර එකමුතුකම නැති කරන ලදී.

පස් වන කුරුස යුද්ධය (ක්‍රි.ව. 1217 - 1221 දක්වා )

ප්‍රංශය , ජර්මනිය වැනි රටවල වීරයෝ මෙම යුද්ධයට සහභාගි වූ අතර ජෝන් ප්‍රියන් හංගේරියාවේ 2 වන ඇන්ඩෲ රජතුමා වැනි අය විසින් මෙම යුද්ධය මෙහෙයවන ලදී. නයිල් ගඟ අසල ඇති භාවිතා නගරය ක්‍රි.ව. 1219 දී අත්පත් කරගනු ලැබීය. මෙය යුද භටයන් ලද ජයග්‍රහණයකි. තවද නයිල් නදියේ ජලය පිටාර ගැලීම ගැලීමට පටන් ගත් නිසා මෙම යුද්ධය ඇනහිටුණු අතර, වසර 8 ක යුද්ධය විරාම ගිවිසුම සමගම යුද්ධය අවසන් විය.

කුරුස යුද්ධ පරාජය වීමට හේතු ලෙස නිසි පාලනයක් නොමැතිකම, තමන්ට ම අනන්‍ය වූ නායකත්වයක් නොමැති වීම ද, කුරුස යුද්ධයට සහභාගි වූවන් අතර නිතර ඇති වූ භේදයන් නිසා ඔවුන් අතර වු අසමගිය ද නම් කළ හැකිය. 4 වන කුරුස යුද්ධයේ දී කිතුනු ලෝකය ආරක්ෂා කිරීමට ගියවුන් කොන්ස්තන්තිනෝපලය කොල්ලකෑම නිසා අත්පත් කරගත් ප්‍රදේශයේ යුරෝපයෙන් බොහෝ ඈත පිහිටි නිසා අඛණ්ඩ ව ඒවා  ආරක්ෂා කිරීමට නොහැකි වීමත්, මෙයට සහභාගි වූ ප්‍රභූවරුන්ගේ අරමුණ ආර්ථික වාසිය වීමද නම් කළ හැකිය.

කුරුස යුද්ධයේ යහපත්  ප්‍රතිඵල ලෙස ජනතාව අතර ගැලවීමේ සිතුවිලි වලට නව ජීවයක් ලැබීම ද, සභාවේ සමඟියට රෝමය සත්‍ය වශයෙන් ම ප්‍රධාන කාරණය බව පැහැදිලි වීම ද, ඉස්ලාමියයන් අතර බලය හීන වීමත්, කිතුනු ගෝත්‍ර අතර ඇති වූ ස්වාධීන ගැටුම් නැති වීමද නම් කළ හැකිය. මීට අමතරව ජනතාව එකිනෙකා හැඳිනගෙන ආදරය කිරීමට මඟ පෑදීමද, වහල් වෙළඳාම අහෝසි වී, බෙලහීනයන්, කොන් කරනු ලැබූවන්, වැන්දඹුවන්, අනාථයන් ආදීන් ආරක්ෂා කිරීම උසස් කාර්යයක්යන අදහස සභාව තුළ පැන නැගූණු අතර, කරුණාවේ වීරයන්ගේ සභාවල සිරගත වූවන් මිදීමේ සභාවල හමුදා පැවිද්දන්ගේ සභාව ආදිය බිහි වීම මෙහිදී විශේෂිත වේ.

මෙහි අයහපත්  ප්‍රතිඵල ලෙස ශු. භූමියට වන්දනාකරුවන් නිදහසේ යාමේ තහනම ඉවත් කිරීමේ අරමුණ ඉටු නොවූ අතර, අපරදිග කිතුනුවන්ගේ තත්ත්වය තවත් දුබල වීම ද, කුරුස යුද්ධයේ යෙදුණු අය සැවොම උත්තමයන් නොවීම නිසා ඔවුන්  විසින් සභාවටත් එහි ක්‍රියාකාරීත්වයටත් කිරීම. යුද්ධයට නායකත්වය දුන් රජවරු සභාව ආක්‍රමණය කිරීමේ හේතුවෙන් ආත්මික කරුණුවලදී බලපෑම් කිරීමද, වේද භේද, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම ආදි අදහස් පැතිරයාම ආරම්භ වීමත්, මෙම යුද්ධ කිතුනු ජීවිතවල පසුබෑමක් ඇති කිරීම ද, බොහෝ ජීවිත විනාශ වූ අතර ආර්ථීකය ද කඩා වැටි කිතුනු ගුණාංග නැති වී යෑම නම් කළ හැකිය.

සටහන - අසේල දසනායක