සුරතාවයෝ (සුරදූතයො )

සුරතාවයෝ (සුරදූතයො )
Photo by Levi Meir Clancy / Unsplash

සුරදූතයන් යනු අප කවුරුත් දන්නා පරිදි දෙවියන්වහන්සේගෙ පනිවිඩ කරුවන්ය ,දේවදූතයන් ,අග්රදූතයන් ගැන අප අසා ඇත ,ඔවුන් ගැන මූලාශ්ර හමුවන්නෙ ශුද්ද ලියවිල්ල තුලිනි,පැරනි ගිවිසුමෙ ආරම්බය වන ලොකය මැවීමේ සිට එලිදරවෙ ලොකාන්තිමය දක්ව සිද්දින් තුල මෙම දූතයන්ගෙ ක්රියකාරිත්වය ,නම් ,ආදි බොහො තතු දැකගත හැකිය .මේ අනුව සබහ සම්ප්රදාය තුල සුරදූතයන්ගෙ පන්ති (සේනාවල් ) නමයක් (9) පිලිබඳව උගන්වනු ලබනවා එමෙන්ම අග්ර දූතයන් ප්රදාන කොට සත් (7) දෙනෙකු පිලිබදව උගන්වනු ලබනවා ...ඔබ බොහොවිට අස ඇති "සුරතාවයන්ගෙ පන්ති සියල්ලෙනි "(මලවුන්ගෙ ප්රර්තනය )එමෙන්ම වෙනත් යැදුම් මෙන්ම ගිතිකා වල "සුර සේනාවන්ගෙ "වැනි වචන ...

ඒ අනුව දැන් සොය බලමු කුමක් ද මෙ සුරසෙනවල් නවය කියා -.,එයද සේන තුන තුන වශයෙන් ප්රදාන සේනා 3 කට බෙදේ එ අනුව

1.භක්ති ජ්වාලකයො ( සෙරපිනී ) සෙරපිම්
2.ඤානාදීකයො ( කෙරුබීනී) කෙරුබිම්
3.පතිරාසනයො (ත්රොනි )
4.ක්රියානාතයො (දොමිනසියොනි ) දොමිනසීඔනෙස්
5.ආනුභාවතාවයො (විර්තු ) විර්තුස්
6.සමාර්ථ්භාවයො (පොතෙන්සෙ ) පොතෙස්ටතෙම්
7.ප්රදාමිකයො (ප්රින්චිපාති ) ප්රින්චිපාතුස්
8.අතී දූතයො (අර්කාන්ජෙලිස් )
9. දේවදූතයො (ආන්ජෙලි)

ප්රදාන අග්ර දූතයන් ද සත් නමකි

1 මිකායෙල්
2 ගාබ්රියෙල්
3 රෆායෙල්
4 උරියෙල්
5 බරකියෙල්
6 ජුදීයෙල්
7 සලාදියෙල්

මේ අතරින් කතෝලික සබහව තුල ගෞරව ආශරයට පාත්රවන්නෙ මිකායෙල් ,රෆායෙල්,ගාබ්රියෙල් යන අග්රදූතයන් තුන් නම පමනි එ ශුද්දලියවිල්ල තුල නම් අතුලත් වන දූතයන් ඔවුන් පමනක් වන බැවිනි .අනිකුත් අග්රදූතයන්ගෙ නම් සබහ සම්ප්රදය හා ජුදා මෙන්ම බයිබලයට ඇතුලත් නොකල ලිපිවල එන නාමයන්ය .

බක්තිජ්වාලකයො

එහි අර්තය නම් "දවාලන " යන්නයි එනම් දෙවියන්ගෙ ආදරයෙන් දවලන දූත්යන් යන්නයි ,ඔවුන් දේව ප්රේමයෙන් දැවෙමින් සදාකාලයටමදෙවියන් වහන්සෙ ඉදිරියේ වන්දනාමන කරන්නෝය ,ඔවුන් තෝරාගනු ලැබුවන්ගේ මෙන්ම දිවැස්වරුන්ගෙ ආරක්ශක දූතයන් ය ,ශුද්ද ලියවිල්ල තුල(යෙසායා 6,1-3 ) මෙන්ම ශුද්දවන්තයන්ගෙ ජිවිත සිද්දන්ත වලද එම දූතයන්ගෙ (උදා:- අසීසියෙ ප්රැන්සිස් තුමට ශ්රි වන කැලැල් දෙන අවස්තව )අනාවරන දක්වන අතර එම සේනාවෙ ප්රදානියා වන්නෙ මෙතත්රොනො නම් අග්රදූත තුමන්ය .සිතුවම් ආදියෙදි ඔඋන් නිරුපනයෙදි පියාපත් හයක් සහිතව නිරුපනය කරයි එමෙන්ම ගිනී ජ්වාල සමගද නිරූපනය කරයි .

ඤානාදීකයො

එහි අර්තය නම් "දීප්තිමත්" එනම් දිව්ය ප්රක්ඤාවෙන් දීප්තිමත් දූතයන් යන්නයි දෙවියන් වහන්සෙගෙ ශුද්දාසනය රැකවල්කරන මෙන්ම ශුද්දවු ස්තානයන්ගෙ ආරක්ශක දූතයන් මොවුන්ය ,එමෙන්ම ඉතා බලසම්පන්න සුරදූතයන්ය .මැවීමේ කතාවෙ මෙන්ම ගිවිසුම් කරඩුව නිර්මනය සම්බන්දව සිද්දියෙද වෙනත් අවස්තවන්වලද ශුද්ද ලියවිල්ල තුල දැකගත හැකිය (උත්පත්ති 3:24 ,එසකියල් .1 ,9:3-4 ,10:8-19 , එලිදරව්ව 6.1, 15.5-8 ).මෙම සේනාවේ ප්රදානින් වන්නෙ ගාබ්රියෙල් හා රෆායෙල් යන අග්රදූතයන් දෙනම ය .

පතිරාසනයො

ඔවුන් දෙවියන් වහන්සෙගෙ ආසනයෙ ලබින්ම සිටින දූතයන් මෙන්ම දෙවියන් වහන්සෙගෙ බලය හ සාදාරනත්වය ලොකයට ගෙනයන දූතයන් ය .ඔවුන් රදගුරු පදවි හා තාපස ඉකායන්ගෙ ප්රදාන ආරම යන්ගෙ ආරක්ශක දූතයන්ය .එලිදරව්න 4-4 , යෙසය 24,23 , (මෙම පදයන්හි හමුවන්නෙ ඔවුන්ගෙ ක්රියාකාරීත්වයය )හා තවත් බොහො ස්තානයන්හි ශුද්ද ලියවිල්ල තුල ඔවුන්ගෙ ක්රියාකරිත්වය දැකගත හැකිය ,මෙම සේනාවේ ප්රදානින් වන්නෙ අග්රදූත ජොපියෙල් හා රසියෙල් යන දූත වරුන් දෙනම ය -.

ක්රියානාතයො

මෙම දූතයන් ආත්මයන් ආන්ඩු කරන දූතයන් ය ,අද්යාත්මික මගපෙන්වන්නන්ය එමෙන්ම දර්මදුතයන්ගෙ රැකවලුන්ය.බලය මගින් දෙවාදරය හා දයාව රැගෙනයන්නොය .මෙම සේනාවෙ ප්රදානියා වන්නෙ සබකියෙල් අග්රදූත තුමන්ය

ආනුභාවතාවයො

ඔවුන් මුලු මහත් පෘතුවියෙ ආරක්ශකයන් හා මනුශ්ය හ්රදශාක්ශියට කතාකරන දූතයන්ය . ඔවුන් විදුලි සැරක්මෙන් ප්රකාශ වන අතර ඔවුන්ගෙ ක්රියාකරිත්වය මගින් මනුශ්ය හර්දශාක්ශියට අවබොද කරදිම ශුද්ද ලියවිලිපාට මගින් දැකගත හැකිය( නික්මයාම 19.16-19 )(මතෙව් 24.29-30 )මෙම සෙනාවෙ ප්රදානිය වන්නෙ උරියෙල් අග්රදූත තුමන්ය

සමර්තභාවයො

ඔවුන් ශක්තිසම්පන්නබාවයෙ දූතයන්ය .සාතන් සමග සටන් වදින්නන් ය ,එමෙන්ම ඔවුන් පූජාප්රසාදි වහන්සෙලගෙ සහ කොමිසන් අසන පූජා ප්රසාදින් වහන්සෙලගෙ හා ආත්මයන්ගෙ ආරක්ශක දූතයන්ය මෙම සේනාවෙ ප්රදානියා වන්නෙ කමායෙල් අග්රදූත තුමන්ය

ප්රදාමිකයො

ඔවුන් ආලෝක කිරන දාරවල් වලට සමන වන අතර ජාතින් ,රාජ්යන් ,රාජදානි හා දේවස්තාන වල ආරක්ශක දූතයන් ලෙස සලකනු ලබයි .ඔඋන් දෙවියන් වහන්සෙගෙ බලය සෘජුවම ක්රියාත්මක කරන්නන්ද වෙයි ශුද්ද ලියවිල්ල තුලද (දානියෙල් 10:20-21 )ඔවුන්ගෙ ක්රියකාරිත්වය දැකගත හැක .මෙම සේනාවෙ ප්රදානියා වන්නෙ හනියෙල් නම් අග්රදූත තුමන්ය

අග්රදුතයො

ඔවුන් දෙවියන්වහන්සෙගෙ තානාපතිවරුන් වන්නෝය.කතෝලික සම්ප්රදාය අනුව අග්රදූත සෙනාවට අයත් සියලුම දූතයන් බක්තිජ්වාලකයන් හා ඤානාදිකයන් ය .ශුද්ද ලියවිල්ල තුල ප්රදන ගරදූත තුන් නම වන ගාබ්රියෙල්(ලූක් 1:19-20, 26-28 ),රෆායෙල්(තෝබිත්11 , 12 ) හා මිකායෙල් (දානියෙල් 12:1-2, එලිදරව්ව12: 7-8 ) යන දුතයන්ගෙ නම් හ ක්රියාකාරකම් දැකගත හැකිය (ගාබ්රියල් යන නාමයෙ අර්තය "දෙවියන්ගෙ ශක්තිය " යන්නයි ,රෆායෙල් යන්නෙ අර්තය "දෙවියන්ගෙ ඖශදය "යන්නයි ,මිඛායෙල් යන්නෙ අර්තය "දෙවියන් හා සමාන කවුරුන්ද " යන්නයි බොහො අවස්තවන් වල "කූඉස් උත් දෙවුස් "යන පාටයත් සමග මිඛායෙල් තුමන් නිරුපනය කරන්නෙ එම නිසාය එමෙන්ම සතන්ගෙ බලයට විරුද්දව සුරසේනාවල් මෙහෙය වන්නෙද මිඛායෙල් තුමන්ය , ලුසිෆෙර් නම් න්දකාරයෙ දුතය මෙන්ම පුරාතන සර්පයා ද ස්වර්ගයෙන් වැටීමට පෙර ඤානාදික සෙනාවට අයත් අග්රදූතයෙකි.

ලුසිෆෙර් යන්නෙ අර්තය ආලොකය ගෙන යන්නා නැතහොත් ආලෝකයේ දූතයා යන්නයි . එමෙන්ම ශු.ලියවිල්ලට ඇතුලත් නොකල ග්රන්තයක් වන "ඒනොක් "ගෙ ග්රන්තයෙද රගුඑල් ,සකරියෙල්,රිමියෙල් න අග්රදූතයන් ගැනද සඳහන් කරයි .12 වන ශතවර්ශයෙදි සිටි පලවන ග්රෙගරි සුදතුම් පියානන් විසින් සිමියෙල්, ඔරිෆියෙල් එ සකරියෙල් යන අග්රදූතයන්ද සැමරිය යුතු බව නියම කලද 16 වන සියවසේදී කතොලික සබහවෙ වෙනස්වීම් සමග නිල වශයෙන් ප්රදාන අග්රදූතයන් ලෙස වර්තමනය වන තෙක් සලකනු ලබන්නෙ මිකායෙල් , ගාබ්රියෙල් , රෆායෙල් ,උරියෙල්,බරකියෙල්,ජුදීයෙල්, සලාදියෙල් යන දූතයන් පමනය.

දේවදූතයො

සුර සේනාවන්ගෙ අවසාන සේනව ලෙස නම් කරන්නෙ සියලුම දූතයන්ගෙ සේනාවයි දෙවියන්වහන්සෙගෙ පනිවිට ගෙනයන්නන් ලෙසත් එක් එක් පුද්ගලයගෙ ආත්මික ආරක්ශකයන් ලෙසත් උන්වහන්සෙලා වැඩසිටි ...
සටහන:-Yohan Maheshi Rodrigo