මූලධර්මවාදයට පිළිතුරු

මූලධර්මවාදයට පිළිතුරු
Photo by Jack Sharp / Unsplash

ඕනෑම දහමක අන්තවාදය  ඉතාම භයානක දෙයකි. ඒවා සමඟ පැටලෙන පුද්ගලයන් තාවකාලික වින්දනයක් ලැබුව ද, දීර්ඝකාලීන වශයෙන් ඔවුන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්වේ. එනිසාම ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙවන් තත්වයන් පිළිබඳව කිතුණු නොකිතුනු සියලු දෙනාම දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය. මෙහිදී මාගේ  අවධානයට යොමු වනුයේ ක්‍රිස්තියානි මූලධර්මවාදයයි. එනිසා ඔබගේ සහෝදරයන් හා මිතුරන් අතර මේ ලිපිය ප්‍රචාරය කරන මෙන් ඉල්ලමි.

ක්‍රිස්තියානි මූලධර්මවාදය යනු කුමක්ද ? නියමිත නිර්මාතෘවරයෙක්  හෝ ඉතිහාසයක් හෝ අනන්‍යතාවයක් නොමැති කිතුණු  කණ්ඩායම් යයි කියා ගන්නා පුද්ගලයින්‍ ය. ඔවුන්ගේ නිර්මාණය වීම තේරුම් ගැනීම  අපහසු වුවද ඔවුනට ආවේණික කරුණු විමසා බැලීම තුළ යම් ආකාරයකින් ඔවුන්ව තේරුම් ගත හැක .

(01)හතු පිපෙන්නා සේ නොයෙකුත් ස්ථානවල දිනෙන් දින නොයෙකුත් නම් වලින් ඉදිරිපත් වන ආගමික  කණ්ඩායම් වේ .

(02)ඔවුනට නිශ්චිත කතුවරයෙකු හෝ ආරම්භ වූ ස්ථානයක් හෝ අනන්‍යතාවයක්  නොමැත

(03)එක් කණ්ඩායමක ඉගැන්වීම් අනෙක් කණ්ඩායමට විරෝධීය . එලෙසම ඔවුනට ආවේණික පැහැදිලි දේව ධර්මයක් නොමැත. ඔවුනගේ දේව ධර්මය තුළ ගැලවීම හිමි වන්නේ ඔවුන්ගේ මොවුන්ගේ කණ්ඩායමට අයිති වන පුද්ගලයන්ට පමණි.

(04)සමස්තයක් ලෙස ඔවුන් බයිබලයේ  කුමන හෝ වාක්‍යයක් තෝරාගෙන  වචනමය අර්ථයෙක් එයට ආරෝපණය කර එය පරම  සත්‍යයක් ලෙස පෙන්වීමට උත්සාහ කරයි.

(04) ඔවුනගේ ආරම්භය බොහෝවිට පවතිනුයේ එක්සත් රාජධානියේ හෝ  ඇමරිකා එක්සත් ජනපදයේ ය .

(05) ඔවුනගේ ව්‍යාප්ත කටයුතු සඳහා මුදල් සපයන්නේ එම සංවිධාන විසිනි .

(6) විශාල වශයෙන් රජයට බදු ගෙවන්නට සිදුවන අන්තර් ජාතික ව්‍යාපාරිකයින්  තමන්ට ආවේණික ආගමික සංවිධාන පිහිටුවා පුණ්‍ය කටයුතු සඳහා මුදල් යොදවනවා යන ලේබලය තුළ බදු ගෙවීමෙන් ඉවත්
වේ .

(07) එලෙසම ධර්ම සේවයේ යෙදෙන නියෝජිතයන්ට එවන් සංවිධාන ඉතා විශාල විශාල මුදලක් ගෙවන අතර එම ගෙවීමේ වැඩිවීම තීරණය වන්නේ හරවා ගන්නා පුද්ගලයන්ගේ ප්‍රමාණය අනුවය

(08) ඔවුන් බයිබලයේ සමහර ස්ථාන කටපාඩම් කර ගනිමින්ද විකෘති කරමින් ද ජනතාව මුලා වන ආකාරයෙන් වැරැදි ලෙස අර්ථකථනය කර තමන් වෙත හරවා ගැනීමක් සිදු කරයි .

(9) ඔවුන්ගේ ධර්මදූත කාර්ය ගෙයින් ගෙට යාමේ කාර්යයක් වන අතර ,දහම විකෘති ලෙස පැහැදිලි කරන අත් පත්‍රිකා අත්පත්‍රිකා බෙදීමේ ක්‍රමවේදයක් සිදු කරයි .

(10) අවමගුල් නිවෙස් වලට ,රෝගීව අසරණව සිටින ස්ථාන වලට ඉතාම සූක්ෂම ලෙස ඇතුළු වෙන මේ පුද්ගලයන් තමන්ගේ දහම වෙත පුද්ගලයන් ඇතුළු කර ගනී .

(11) රෝගී වූවන් යාඥාවෙන් පමණක් සුව කළ හැකි යැයි ජනතාවට උගන්වන ඔවුන් බොහෝ විට වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරයි .

(12) ගායන හා ඉතා ඉහළ ශබ්ද තාක්ෂණය යොදා ගන්නා ඔවුන් එය තරුණයන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කරයි .

(13) ඔවුන් දේශනා සඳහා වැඩි වශයෙන් භාවිතා කරනුයේ ශුද්ධ බයිබලයේ  එළිදරව් පොත හා  ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳ උගන්වන වැරදි ඉගැන්වීම් සමඟ ය.

(14) පාස්ටර්ලා යන නමින් හැඳින්වෙන ඔවුන්ගේ නායකයන්ට යම් ආකාරයක දේව ධාර්මික ගැඹුරු පුහුණුවක් ලැබූ පුද්ගලයන් නොවේ.එනිසා ඔවුන්ට රිසි සේ ඔවුන් කටයුතු කරන නියාවක් පෙනේ.

ශුද්ධ ලියවිල්ල  පිලිබඳව නියමිත ඉගැන්වීමක් කිරීමට ඔවුනට දැනුමක් නොමැති අතර  දේව චනය අපට ප්‍රකාශ කරන පරිදි පියාණන් වහන්සේ පමණක් දන්නා පුත්‍රයාණන් වහන්සේ ගේ දෙවැනි පැමිණීමේ දිනය ගැන   දේශනා කරයි.

මෙවන් වටපිටාවක් තුළ මොවුනගේ මෙම පහත් හැසිරීම්  තත්ත්වය ගැන ඕනෑම ආගමක ජීවත් වන සැදැහැවතුන් කල්පනාකාරී විය යුතුය . එයට හේතුව වන්නේ ආගමික මූලධර්මවාදය එකී රටේ ඒකීයත්වයට කරන්නාවූ භයානක බලපෑම නිසාය .

(15)ප්‍රසිද්ධ ස්ථාන පදනම් කරගෙන ඔවුන්ගේ යාඥා මෙහෙය වල් පවත්වන ඔවුන් සුව දානය ප්‍රාතිහාර්යය පිළිබඳව ඉතාම කූඨ රඟපෑමක යෙදෙයි . එවන්  දෙය කර ජනතාව මුළා කරයි .

(16) ඔවුන්ගේ  ධර්මදූත කාර්ය සඳහා ඔවුන් විශේෂ අවධානයක් යොමු කරනුයේ ඉතාම අසරණ තත්ත්වය සිටින පුද්ගලයන්ය. මුළ දී ඔවුන්ට උදව් කරනවා සේ පෙන්නුවද පසුව එම පවුල කබලෙන් ලිපට ඇද දැමීමේ තත්ත්වයකට පත්වේ .

(17) වර්තමානයේ ඔවුන්ගේ ක්‍රමවේදය වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා හා උපක්‍රමශීලි ලෙස ක්‍රියාත්මක වීමයි .

(18) ක්‍රිස්තියානි වේද සත්‍යතාවයන් පිළිබඳ ඔවුනට ඇත්තේ බයිබලීය පදනමකින් තොර හාස්‍යජනක අර්ථකථනය .

(19) ඔවුන් ශුද්ධවූ කතෝලික සභාවට යම් යම් අයුරින් පහර එල්ල කරයි .අවුරුද 2000 වඩා වැඩි කාලයක් අඛණ්ඩ ලෙස අනන්‍යතාව පවත්වාගෙන යන මාතාව විනාශ කිරීම ඔවුනගේ කාර්යයේ පරම් අභිලාෂයයි .

(20) සභා නායකත්වයට ,එහි පවතින සම්ප්‍රදායන් හා ඉගැන්වීම් වලට නිරන්තරයෙන්ම පහරගැසීම ඔවුනගේ ක්‍රමවේදයකි .

(21) ඔවුන් දේවමාතාවන් වහන්සේ පිළිබඳව ද ,ශුද්ධවන්තයින් පිළිබඳවද ,දේව වචනය හා සභාවේ පිළිවෙත් පිළිබඳවද  උගන්වන්නේ වැරදි ඉගැන්වීම් ය .ඒවා තහවුරු කිරීමට පදනමකින්  නොමැති දේව ධර්මයන් හා බයිබලීය ඉගැන්වීම් සිදු කරයි .

එනිසා කතෝලිකයින් හා අනෙක් ප්‍රධාන කිතුණු  නිකායන් මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඔහු සමග සාකච්ඡා කිරීමට යාම හෝ ගනුදෙනු කිරීම සාතන් හා සාකච්ඡා කිරීම හා සමානය. මන්ද ඔවුනට ආවේණික වූ කූට ක්‍රමවේදයන් ආශ්‍රිතව අසරණ කිතුනු බැතිමතුන් මුලාකර ජීවිත විනාශ කිරීමට ඔවුන්ට ශක්තියක් ඇත. එය ඔවුනට ව්‍යාපාරයක් විනා දහමක් නොවේ. එනිසා විශේෂයෙන් කතෝලික සහෝදර සහෝදරියන් මේ පිළිබඳව කල්පනාකාරිව කටයුතු කළ යුතුය. අන්තර්ජාලය තුළ පවා බොහෝවිට ඔවුන් හැසිරෙන්නේ සාම්ප්‍රදායික කතෝලිකයන් ලෙසය.ඔවුනගේ කණ්ඩායම් වල සාමාජිකත්වය ලබද්දී හා ඔවුනගේ මිතුරු කණ්ඩායම් සමඟ  එක්වී කටයුතු කරද්දී ප්‍රවේශම් විය යුත්තේ එනිසාය.මන්දයත් යක්ෂයා සහ ඔවුන්ගේ සහචරයන්  සමග අපට සම්බන්ධතාවයක් නොමැති නිසාය. එසේ වුවද අපට බිය වීමට හේතුවක් නොමැත .එයට හේතුව වනුයේ අප ස්වාමීන් ස්වාමින්වහන්සේගේ රුධිරයෙන් බිහි වූ අපෝස්තුළුවරුන් ගෙන් පැවත එන එකම ශුද්ධවූ කතෝලික සභාවේ සාමාජිකයන් වන බැවිනි .

✍️ Don Umesh