තේවත්ත බැසිලිකාවේ ලෝකඩ මූර්ති වල අරුත

තේවත්ත බැසිලිකාවේ ලෝකඩ මූර්ති වල අරුත

01. ක්‍රිස්තුන් වහන්සේගේ උපත (ක්‍රි.ව. 01)

කිතු උපතේ ආරම්භය වු පළමු සියවසේදී ලංකාව පාලනය කළේ 1 වන භාතික තිස්ස හෙවත් භාතික අභය රජුය. (King Bathikabhaya) මෙම රජතුමාගේ ඉතා ඉහළ විදෙස් සම්බන්ධතාවයක් තිබුණ බවට සාක්ෂි ඇත. ඉන්දියාව, පර්සියාව පමණක් නොව රෝමය ඇතුළු බටහිර යුරෝපයේ රටවල් සමඟද සබඳතා දියුණු වී තිබිණි. රෝමයට දුත පිරිසක් යෑම පිළිබඳව මහාවංශයට ලියු අට්ටකථාවක සඳහන් වේ. රෝමයෙන් කොරල් පබළු ගෙන්වාගෙන මහා ස්ථූපය හෙවත් රැවන්වැලි සෑය වැසීමට සිරෝජාලාවක් සකස් කළ බවද සඳහන් වන්නේය. රෝම අධිරාජ්‍යයේ අවසානය දක්වා එය සමඟ දියුණු වෙළෙඳ සම්බන්ධතාවයක් තිබුණු බවද ප්‍රකට කරුණකි. මෙය වඩාත් තහවුරු වන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හමුවු ලක්ෂ දෙකක් පමණ වු රෝම කාසි කන්දරාවෙනි.

02. දහම් දුත මෙහෙවර පැවැරීම (ක්‍රි.ව. 33)

ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් එකොළොස් දෙනාට දේව රාජ්‍ය ගොඩනැගිමේ කාර්‍ය පැවරීම. (ශු. මතෙව් 28/18-20)

03. දහම ආසියාවේ ව්‍යාප්ත වීම (ක්‍රි.ව. 52)

ජේසුස් වහන්සේගේ ගෝලයෙකු වු ශාන්ත තෝමස් අපෝස්තුළුවරයණෝ ක්‍රි.ව. 52 දී ඉන්දියාවේ ක්‍රැන්ගනෝර් ප්‍රදේශයට යාබද මලියන්කර් ප්‍රදේශයට පැමිණ දහම පැතිරවීම ආරම්භ කළේය. එවකට මෙය හඳුන්වන ලද්දේ මහදේව පට්නම් යන නමිනි. ජනප්‍රවාදයට අනුව උන්වහන්සේ පැමිණියේ හම්බාන් නැමති ජුදා ජාතිකයකු සමඟය. එවක එම ප්‍රදේශයේ රජ වුයේ ගොන්ඩොෆාරෙස් ෆාර්තියන් වංශික රජුය. මෙම රජතුමා අපෝස්තුළුතුමාව ආදරයෙන් පිළිගෙන දහම් ප්‍රචාරයර ඉඩ දුනි. බොහෝ කලක් යන තෙක් මෙය හුදු ජනප්‍රවාදයක් සේ පැවති කතාවක් ලෙස පිළිගැනිණි. එහෙත් පසුකලකදී කරන ලද ඓතිහාසික පර්‍යේෂණ අනුව සීතොපානියන් පරපුරට අයත් ගොන්ඩොෆාරෙස් නම් රජකු මේ ප්‍රදේශයේ සිටි බවටත්, ඔහු ඉතා බලසම්පන්න රජකු වු බවටත් ඔහු නිකුත් කල කාසිවලින් එළිදරව් වී ඇත. එම නිසා මෙය ඓතිහාසික සත්‍යක් බවට පත්වී ඇත.

ඉන්දියාවේ කේරළ සහ මලබාර් ප්‍රදේශයන්හී බ්‍රාහ්මණයන් අතරෙන් චේරා නැමති ගෝත්‍රිය විසින් ක්‍රිස්තු දහම ප්‍රථමයෙන් වැළඳ ගැනිණි. ශු. තෝමස් අපෝස්තුළුවරයණෝ ක්‍රැන්ගනෝර්වේ වැසියන්ට දහම දෙසු අතර බොහෝ වැසියන් දහමෙහි පිහිටවුව. දෙව් මැඳුරු 7 ක් ගොඩනැංවුහ. ක්‍රැන්ගනෝර්, මලියන්කර්, ක්විලෝන්, චායල්, කොක්කමංගලම්, පලයුර් හා පර්යුර් යන ප්‍රදේශ වල දහම දෙසීහ. මෙම කාලයේ පුජකවරුන් දෙදෙනෙකු ආලේපකර ඇත. පලයුර් ප්‍රදේශය පසුව රදගුරු වසමක් හෙවත් පදවියක් ලෙස නම් කෙරිණි. (ශු. තෝමස් තුමාගේ කුරුසිය)

ශාන්ත ජූඩ් තදෙවුස් සහ ශාන්ත බර්තලෙමියුස් අපෝස්තුළුවරු පර්සියාවේ දහම පැතිර වුහ. මේ වර්තමාන ඉරානය සහ ඉරාකය යන ප්‍රදේශයන් ය. සැසනේතියන් අධිරාජ්‍යය වශයෙන් හැඳින්වුණු මෙහි ඇති වු ප්‍රබල ක්‍රිස්තියානි සංඝ ඉතා දියුණු විය. මෙහි එවකට තිබුණේ සොරවැස්ටර් ආගමයි. මෙම ප්‍රදේශයේ සා. ජූඩ් තදෙවුස් මුනිතුමා දහම ප්‍රචාරය කළේය. බොහෝ දෙනෙක් දහම වැළැඳ ගත්හ.

04. ශුද්ධ වු තෝමස් අපෝස්තුළුවරයා ලක්බිමේ (ක්‍රි.ව. 52)

ඉන්දියාවේ දක්ෂිණ වෙරළත් ලංකාවේ වයඹින් පිහිටි මන්නාරමත් අතර දුර සැතපුම් 22 ක නොගැඹුරු මුහුදු තීරයකි. මෙම මුහුදු තීරයේ මසුන් මැරීම සහ මුතු කිමිදීම කෙරිණි. දකුණි ඉන්දියාවේ ක්රේයා, පරවර යන කුල ගෝත්‍රිකයෝ වැඩිපුර මෙහි නියැලුනහ. මොහුන් මගින්ද යාබදව පිහිටි අප රටේ කිතු දහම පෝෂණය වන්නට ඇතැයි සිතිය හැකිය. ශු. තෝමස් තුමන් ශ්‍රී ලංකාවට ද පැමිණියේය. එතුමා ලංකාව තුළ දහම පැතිරවිමේ ආරම්භය විය. පසු කලෙක කොළඹට ආසන්න ජින්තුපිටියේ සාන්ත තෝමස් නමින් දෙව්මැඳුරක්ද ඉදිවිය. ලංකේය කිතුණුවන්ගේ පියා ජිවත් වුයේ මෙහි යැයි ක්වේරෝස් නැමැති ලංකාවේ විසු පෘතුගීසී ජාතික ඉතිහාසඥයා පවසයි. මෙහි තිබී සොයාගත් කුඩා ගල් පුවරුවකට කොටා ඇති කුරුස ලාංජනයකී. මෙය ශු. තෝමස් අපෝස්තුළුවරයණෝ තම දෑතින් කරන ලද්දේ යැයි කියැවේ. අද ශ්‍රී ලංකාවේ කතෝලික ධජය තුළ නිල් පාටින් දිස්වෙන්නේ එම ඓතිහාසික ශ්‍රී කුරුසියයි.

ශාන්ත තෝමස් අපෝස්තුළුතුමා ඉන්දියාව, ශ්‍රී ලංකාවට පැමිණිම (ක්‍රි.ව. පළමුවන සියවසේ සිට දහසය වන සියවස දක්වා)

(1) හැඳින්වීම

ශ්‍රී ලංකාව තුළ කිතු දහම රෝපණය වූයේ පෘතුගීසින්ගෙන් පැමිණීමෙන් පසුව බව බොහෝ දෙනා පවසා ඇතත්, සත්‍යය මෙය නොවේ. මෙය සත්‍ය වසන් කිරීමකි. අප රටේ ඓතිහාසික යුග වලින් පළමුවැන්න වූ අනුරාධපුර යුගයේ පටන් ලක්දිව කිතුනු ඇදහිල්ල පැවති බවට සාක්ෂි ඇත. එසේ නම් අප රට කිතු දහම හැඳින ගෙන ඇත්තේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැනීමට පෙර යුගයක ය.

කිතු දහම බටහිරෙන් (යුරෝපයෙන්) බිහි වූ දහමක් ලෙසත්, එම දහම බටහිර සංස්කෘතික අංගයන්ගෙන් පෝෂණය වූවක් ලෙසත් හුවා දැක්වීම සඳහා නොයෙකුත් ආකාරයේ මතිමතාන්තර ඉදිරිපත් කරනු ලැබුවද, කිතු දහමේ උපත ආසියාතික පලස්තීන දේශයේ සිදු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදිල්ල පිළිබඳව අප රටේ වංශකතාවන් හි කිසිවක් සඳහන් නොවී තිබුණ ද, දකුණු ඉන්දියාව ප්‍රමුඛ (පැරණි යුගයේ දී ශ්‍රී ලංකාව සමඟ වාණිජ මෙන්ම සංස්කෘතික සබඳතා පැවැති) ආසියාතික රටවල ඒ සම්බන්ධයෙන් විස්තර ලියැවී තිබුන අතර ජනප්‍රවාදයේ ද සඳහන් වේ. තවද, අනුරාධපුර යුගයේ සීගිරි රාජධානිය පැවිති කාලයේ දී ලක්දිව තුළ කිතු දහම පැවති බවට අප රටේ ශිලා ලේඛනගතව ඇති බව ලොව පිළිගත් පුරා පුරාවිද්‍යාඥයකු වූ හිටපු පුරාවිද්‍යා අධිකාරි මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් වර්ෂ 1972 ජුනි මස 30 දින නිකුත් කරන ලද "The Story of Sigiriya" #the_story_of_sigiri ("සීගිරි කතන්දරය") ග්‍රන්ථයෙහි සඳහන් වී ඇත.

මෙම වැදගත් විෂය සම්බන්ධයෙන් රීටා වෙල්ගම්පල මහත්මිය විසින් අප රටේත් විදෙස්හිත් හමුවන දත්ත ඇසුරෙන් වසර ගණනාවක් පුරා සිදුකරන ලද අධ්‍යනයකින් පසුව "ලක්දිව කිතුනු පුරාණය" නැමැති ග්‍රන්ථය 2003 වසරේ මැයි මස 25 වන දින නිකුත් කරන ලදී. මෙම ග්‍රන්ථයෙන් ලබා ගත් කරුණු අනුව ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදහිල්ල පිළිබඳ තොරතුරු සියල්ල සෙනරත් පරණවිතාන සූරීන්ගේ ග්‍රන්ථයෙන් සෘජුවම උපුටා ගන්නා ලද බව විශේෂයෙන් සඳහන් කළ යුතුය

(02) ඓතිහාසික දත්තයන්

(අ) ක්‍රි.ව. 1 වන සියවස

ජේසු සමිඳුන්ගේ ගෝලයන් දොළොස් දෙනා අතරින් දෙදෙනකු අප දේශයට කිතු දහම ගෙන ඒමට පුරෝගාමී වූහ. එනම්, ඉන්දියාවේ දී ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත තෝමස් අපෝස්තුළුවරයාණන් සෘජු ලෙස ද, පරිසියාවෙහි (අද ඉරානය) ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත ජූඩ් තද්දේවුස් අපෝස්තුළුවරයාණන් වක්‍ර ලෙස ද මෙයට දායකත්වය දී ඇත.

ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවට වැඩම කළේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැන්මටත් පෙර යුගයකය. එතුමා ක්‍රි.ව. 52 දී ඉන්දියාවේ මලියන්කර් හෙවත් ක්‍රැන්ගනෝර් ප්‍රදේශයට හම්බාන් නමැති වෙළෙන්දෙකු සමඟ පැමිණියේය. දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හෙවත් කොරමැන්ඩල් වෙරළෙත් බටහිර වෙරළ හෙවත් මලබාර් වෙරළෙත් එතුමන් ධර්ම දූතික සේවය පළමුව දියත් කළ අතර, පසුව උතුරු ඉන්දියාවේ ද දහම් දූතික කටයුතුවල කටයුතුවල යෙදුණේය. එතුමන්ගේ ධර්ම දූතික සේවයේ කේන්ද්‍රස්ථානය වූයේ බටහිර වෙරළ (මලබාර්) ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ (එනම් කොචින් හා කේරළ ප්‍රදේශයන්හි) කිතුනු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් අද පවා සිටිති. අවුරුදු 17 ක ධර්ම දූතික සේවාවකින් පසුව ශාන්ත තෝමස් තුමන් කිතුදහමට සාක්ෂි දරමින් ඉන්දියාවේදීම ප්‍රාණපාරිත්‍යාගී  වූයේය. එතුමන් ගේ සොහොන මදුරාසි නගරයට දකුණින් මයිලපුර්හි පිහිටා ඇත. ("ලක්දිව කිතුනු පුරාණය" පිටු අංක 32 -40)

ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට කොරමමැන්ඩල් වෙරළට කිහිප වරක් සැපත් වූ අතර, මේ ගමන්වලදී මෙතුමා ලංකාවට පැමිණ ටික කාලයක් සිටිය බව ඉතිහාසඥ, රිබේරියෝ පවසා ඇත.("Fatalidade History de Ceilao") දකුණු ඉන්දියාවේ මෙතුමන් ක්‍රියාත්මක කළ දහම් දූතික වැඩපිළිවෙළ හා සමාන පුළුල් ක්‍රියාවලියක් ලංකාව තුළ දියත් නොකළද, ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙරළබඩ තීරයේ ධීවර සහ මුතු කිමිදීමේ රැකියාවන් හි හි යෙදී සිටි ජනතාවට මුල්වරට මෙතුමන් අතින් කිතු දහම හඳුන්වා දෙනු ලැබිණ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 41-45)

ශාන්ත තෝමස් තුමන් ලක්දිවට වැඩම කොට මෙහි කලක් විසීම පිළිබඳව, ජේසු නිකායික ගරු ෆර්නාවෝද ක්වේරෝස් පියතුමන් විසින් ලියන ලද ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ: " කොළඹට ආසන්න ගම් පෙදෙසක ශාන්ත තෝමස් නමින් වූ දෙව්මැඳුරකී. කිතුනුවන්ගේ පියා ජීවත් වූයේ මෙහිය. මෙම දෙව්මැදුරේ තිබී සොයාගත් කුඩා ගල්පුවරුවක කොටා ඇති කුරුස ලාංඡනයකි. මෙය මෙම අපොස්තුළුවරයා විසින්ම කරන ලද්දක් යයි කියැවේ". (The Temporal and Spiritual Con quest of Ceylon" by Fr. Fernao de Queyroz) ශාන්ත තෝමස් තුමා යම් තැනක වාසය කළේද එතැන සියතින්ම කුරුස ලාංඡනයද එතුමා අතින් ම කැටයම් කෙරුණු බව සඳහන් වීම වැදගත් කරුණකි. කොළඹ කොච්චිකඩේ ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවී ඇති ප්‍රාග් පෘතුගීසි යුගයට අයත් කුරුසිය මෙය වන්නට හැකි බවට මතයක් පවතී. ශාන්ත තෝමස් තුමා ලංකාවට පැමිණි අවස්ථාවන්හි මෙම ප්‍රදේශයේ ජීවත් වී සිටි නිසා මේ මුලින් "සන්තොම්පිටිය" "සන්තුම්පිටිය" යන නම් වලින් හැඳින්වී, පසුව ජින්තුපිටිය ලෙස ජනවහරේ යෙදෙන්නට ඇතැයි ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතා පෙන්වා දෙයි. අදත්, ශාන්ත තෝමස් නින් ඇන්ග්ලිකානු සභාවට අයත් දෙව්මැඳුරක් ජින්තුපිටියෙහි තිබේ. (ල.කි.පු. පිටු 46-47)

ශාන්ත තෝමස් තුමන් විසින් කැටයම් කරන ලද කුරුස "මාර්තෝමා සිළුබා" යනුවෙන් ඉන්දියාවේ හැඳින්වේ. ජින්තුපිටියෙන් සොයාගත් කුරුසය මෙම කුරුස විශේෂයට සමානකම් දක්වති. තවද, ජින්තුපිටියේ කුරුසයෙත් අනුරාධපුරයෙන් හමුවූ ඓතිහාසික කුරුසයෙත් එක හා සමාන ලක්ෂණ දක්නට ඇති බැවින්, 8 වෙනි සියවසට අයත් අනුරාධපුර කුරුසය "මාර්තෝමා සිළුබා" කුරුස සුවරූපයට කැටයම් වන්නට ඇතැයි සිතිය හැක. මේ කරුණු අනුව කිතුනු විමුක්තියේ ලාංඡනය වන කුරුසය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ ශාන්ත තෝමස් තුමන් බව සනාථවේ.
(ලංකා කිතුනු පුරාණය පිටු 47-48)

ලෝක කිතුනු විශ්වකෝෂයෙහි (" The world Christian Encyclopedia" , Pages 23-32) සඳහන් පරිදි ක්‍රි.ව. පළමුවැනි සියවසේදී ලක්දිව තුළ කිතු දහම පැවතිණි. එයට මුල් වූයේ ශාන්ත තෝමස් තුමන් අතින් දහමේ පිහිටුවනු ලැබූ "තෝමස් කිතුනුවන්"බව තවදුරටත් එහි සඳහන් වේ. (ල.කි.පූ පිටු 52)
(ආ) ක්‍රි.ව. 2 සිට 4 වන සියවස

ක්‍රි.ව. 335 දී ඉන්දියාවේ මලබාර් වෙරළට පැමිණි කානාන්හි තෝමස් නැමැති සිරියානු වෙළෙඳ නායකයා නිසා එම ප්‍රදේශයේ පැවති කිතුනු ඇදහිල්ලට විශේෂ අනුග්‍රහයක් ලැබුණු බවත්, ඉන්දියාවට ඒ කාලයේදී පැමිණි පරිසියානු කිතුනු පිරිස් අතරින් සමහර දෙනා ලංකාවට පැමිණ ඇති බවත්, 4 වෙනි සියවසේ මැදභාගයේ දී ලක්දිව කිතුනු ඇදහිල්ල දියුණුවෙමින් පැවත ඇති බවත්, ශාන්ත තෝමස් තුමන් නමින් තාපසාරාමයක් තිබුණු බවත්. ඉතිහාසඥ ජේ.ලැබෝර්ට් පවසා ඇත.
(ල.කි.පු. පිටු 52-53)

වෙළෙදාම සඳහා ලක්දිවට පැමිණි ඉන්දියානු, පරිසියානු, සහ වෙනත් විජාතික වෙළඳුන් අතර කිතුනු අයද සිටිය හෙයින්, පුරාතනයේ පටන් වෙළඳ වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ හලාවත, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි වෙන තොටුපළ ඇසුරින් දියුණු වූ ප්‍රදේශයන්හි කිතුදහමට ලැබුණේ උසස් ප්‍රතිචාරයකි. වෙළදාම හැරුණකොට මුතු කිමිදීම සහ ධීවර කර්මාන්තය සඳහා ද දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළබඩ ප්‍රදේශයෙන් මෙහි පැමිණි "තෝමස් කිතුනුවන්" රටේ වයඹ පළාතේ සහ උතුරේ ද වෙරළබඩ ප්‍රදේශයන්හි ද ජීවත්ව පසුව ඊට සමීපව පිහිටි ගම්මානයන්ටද ක්‍රමෙන් සංක්‍රමණය වන්නට ඇත. අද පවා ලක් කිතුනු ජනගහනයෙන් ඉහළම ප්‍රතිශතය දක්නට ලැබෙන්නේ හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවලය. ලක්දිව කිතුනු ඇදහිල්ල රෝපණය කිරීමේ පුරෝගාමී වූවන් ධර්මදූත ව්‍යාපාරයන් දියත් කිරීමට මෙහි පැමිණි බවක් නොපෙනේ. පාලන බලය හෝ රටේ වෙළෙඳ ඒකාධිකාරය සිය අතට ගැනීම ඔවුන්ගේ පරමාර්ථය නොවීය. ඔවුන් "එක් අතකින් කුරුසයත් අනෙක් අතින් කඩුවත්" ගෙන මෙහි ආයේ නැත. මොවුහු සාමාන්‍ය ජනතාව හා සංකලනය වී සිය එදිනෙදා ජීවිත චර්යාවන් මඟින් කිතු දහමට සාක්ෂි දරන්නට ඇත. (ල.කි.පු. පිටු 57-61)

(ඉහත සඳහන් කරුණු අනුව, පෘතුගීසි ආක්‍රමණ හේතුකොටගෙන මෙම පළාත්වල කිතු දහම මුල් බැසගත් බව යයි ගෙනහැර දක්වන මතය පිළිගත නොහැක. එහෙත් පෘතුගීසි සමයේදී ධර්මදූතික පූජකවරුන්ට මෙම ප්‍රදේශයේ කිතු දහම පැතිරවීමට ඉහතකී පසුබිම කදිම පිටුවහලක් වූවාට කිසිම සැකයක් නැත.)

ලක්දිව පුරාතනයේ ඇරඹී පරිසියානු කිතුනු නිකාය පෘතුගීසින්ගේ පැමිණීම තෙක්ම පැවතුන බවත්, ඔවුන් සතු කිතුනු දේවස්ථාන වෙනුවට පෘතුගීසීන් විසින් අලුතින් දේවස්ථාන ගොඩනගන ලද බවත්, ඉන්දියාවේ කිතු සසුන් ඉතිහාසය ලියු ජේ.හෝ නැමති ඉතිහාසඥයා පවසා ඇත. (" A Historry of Christianity in India " by J. Hough, Volume III, Book IV, Page 74.) (ලංකා කිතුනු පුරාණය 11,12)

05. පර්සියාවෙන් හා සිරියාවෙන් පැමිණි කිතුනු වෙළෙන්දෝ (ක්‍රි.ව. 345)

ලක්දිව හා සමඟ සාමකාමී වෙළදාමක යෙදුණු පිරිසක් හා පර්සියන් පිරිස විවිධ රැකියාවන් සඳහා දඹදිවින් මෙරටට පැමිණි පැරැණිම කිතුනුවන් වශයෙන් සැලැකිය හැකිය. ධීවර හා කිමිදුම් කටයුතු සඳහා ද පැමිණි මොවුන් ශු. තෝමස් තුමන් අතින් කුලවැද්දුම් ලද මුල් කිතුනුවන්ගෙන් පැවත එන අයයි. වෙළදාම සඳහාද පැමිණි මොවුහු සිරියන් පර්සියන් සංක්‍රමණික වෙළෙන්දෝ ය. ඔවුහු වෙළඳ තොටුපළ අසල ජීවත් වුහ. වෙළඳ සංඝයක් පිළිබඳ කොස්මස් ඉන්ඩිකොප්ලෙයුස්ටස් නමැති ලොව පිළිගත් ඉතිහාසඥයා සිය ගත්හි සඳහන් කරයි.

06. දඹදිවින් කිතුනු පිරිසක් (ක්‍රි.ව. 345)

ඉන්දියාවේ මලබාර් වෙරළට පැමිණි සිරියානු ජාතික කානාන්හි තෝමස් නම් වෙළෙඳ නායකයා නිසා දකුණු ඉන්දියාවේ කිතු දහම දියුණු විය. මොහු ධන බලයෙන්, පිරිස් බලයෙන් යුත් වෙළෙඳ නායකයෙකි. දකුණු ඉන්දියාවේ විසු කිතුනුවන්ගේ අනුග්‍රහය සඳහා ඉන්දියාවට පැමිණි මොහු සමඟ බොහෝ කිතුනුවෝ ඉන්දියාවට පැමිණියහ. මොහුන්ගෙන් සමහරෙක් ලංකාවට පැමිණ ලංකාවේ කිතුනු සංඛ්‍යාවට එක්වු බව ජේ. ලැබොට් නම් ඉතිහාසඥයා පවසයි.

07. ධාතුසේන රජු මුරුන්ඩි සේනා සමඟ පැමිණීම (ක්‍රි.ව. 458)

ලංකාවේ මෝරීය රාජ වංශයේ පළමුවන රජ වන ධාතුසේන රජ ඉන්දියානු රාජ්‍යයේ තමා සතු උරුමය තම සහෝදර සීලාතිස්සබෝධීට භාරදී තම සිහසුන රැකගැනිමට (එවකට ලංකාව පාලනය කරමින් සිටි ක්ෂුද්‍ර පාරේන්ද්‍ර නමැති කලාබු රජුන් පරදවා රාජ්‍ය යළි සිය අතට ගන්නට) දකුණු ඉන්දියාවේ පුන්ද්‍රා ප්‍රදේශයෙන් නැව් 75 කින් මුරුන්ඩි භට සේනාවක් සමඟ ලංකාවට පැමිණියහ. මොවුන් බහුතරයක් කිතුනු බැතිමත්තුන්‍ ය. මොවුන් සලාවටන හෙවත් හලාවතින් ගොඩබැස ඇත. සටනින් පසු සමහර ජනකොටස් මෙහි (ලංකාවේ) පදිංචි වු බවට මුලාශ්‍ර ඇත. වෙළදුන්, ධීවරයන් හා තොටුපළ ආශ්‍රිත රැකියාවන්හි යෙදුණ මුල් කිතුණු පිරිසට එක් වු මේ සෙබළ පිරිස හලාවත අවට කිතුනු ගම්මානවලට මුල් පදනම් විය. මෙහි පැමිණි බහුතරයක් කිතුනුවන් බව සෙනරත් පරණවිතාන ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරයි. මොවුහූ පර්සියාවෙන් පැමිණි කිතුනුවන්ගෙන් පෝෂණය වු අය වෙත්.
(මෙම කරුණු සියල්ලම "The Story of Sigiry" ග්‍රන්ථයෙන් සෘජුව ලබාගෙන ඇත. කරුණු අඩංගු වන පිටු අංක වරහන් තුළ සඳහන්වේ.)

ධාතුසේන රජු ලක්දිව රජකම අත්පත් කරගත්තේ ක්‍රිස්තු වර්ෂ 459 දීය. (සී.ක. පිටු 13)

ලක් ඉතිහාසයේ මෞරිය වංශික පළමුවන ධාතුසේන රජුන්‍ ය. (සී.ක. පිටු 9-17)

පරම්පරා පුස්තකය අනුව, ධාතුසේන රජුගේ පළමුවැනි බිසව වූ ප්‍රතා කුමරියගෙන් ඔහුට දාව ඉපදුනු පුත්‍රයා කාශ්‍යප කුමරුන්ය. ලක්දිව පාලනයට තමන් සතු හිමිකම තවදුරටත් සනාථ කර ගැනීම සඳහා ධාතුසේන රජු සිංහල කුමරියක් වූ සංඝා කුමරිය සරණ පාවා ගත්තේය. ඇයට දාව උපන් පුත්‍රයා මුගලන් කුමරුන්ය. (සී.ක. පිටු 16,73)

දකුණු ඉන්දීය කලාබර රජුව පරාජය කිරීමට ධාතුසේන කුමරුන්ට උදව් වූයේ මුරුණ්ඩ සෙබළුන් හා මුරුණ්ඩ සෙන්පතින් වුන බැවින් ධාතුසේන රජු යුගයේ මුල් කාලයේ පාලන කටයුතු සකස් වූයේ මුරුණ්ඩ සෙන්පතීන්ගේ උපදෙස් අනුවය. මුරුණ්ඩ සෙබළුන් පර්සියාවෙන් සිය පියාගේ පුන්ද්‍ර රාජධානියට (නූතන මැන්ගලෝර් පිහිටි දේශයට) සංක්‍රමණය වූ අය වෙති. මොවුන්ගෙන් බොහෝ දෙනා කිතුනුවන් වූහ. මොවුන් පර්සියාවෙන් පුන්ද්‍ර රාජධානියට සංක්‍රමණය වූයේ සිය මව්බිමේ පාලකයින් විසින් කිතු බැතිමතුන්ට වද හිංසා කළ නිසාය. (සී.ක. පිටු 43)

( පර්සියාවට කිතු දහම හඳුන්වා දුන්නේ ශාන්ත ජූඩ් තද්දේවුස් අපෝස්තුළුවරයාණන් ය. වෙළඳාම සඳහා කලින් පැමිණි පරිසියානු කිතුනු පිරිස් මෙන් මුරුණ්ඩ සෙබළුන්ද කල්යාමේ දී රටේ බහුතර ජනතාව හා සංකලනය වන්නට ඇත. ධාතුසේන රජතුමා කිතුදහමට විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් දැක්වූයේ නැතත්, ඔහුගේ පාලන යුගයේදී ලක්දිව කිතුනු සංඝයේ වර්ධනයක් ඇතිවී එය රාජ සභාවට පවා පිවිසිය. මෙම යුගයේදී කිතු දහමේ ව්‍යාප්තියට සිදුවූ වැදගත්ම සිද්ධිය නම්, විශාල පිරිසක් වශයෙන් මෙරටට පැමිණි කිතුනු පිරිස් ලක්දිව වයඹදිග වෙරළාසන්න ප්‍රදේශයන්හි පදිංචි වී ඒ මගින් කිතුනු  සංඝයන් හි මූලාරම්භය ඇතිවීමත් ය . (ල.කි.පු. පිටු 79-81)

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ ක්‍රි.පූ. 250 දීය . එතැන් පටන් අවුරුදු 724 ක කාලයක් ගෙවන තුරු අග්නදිග ආසියාතික රජුන් අතරින් ශ්‍රී ලාංකික රජවරුන් "බෝධිරාජ" පදවිය ඉසිළු නමුත්, ක්‍රි.ව. 474 දී ධාතුසේන රජුට එම පදවිය අහිමි විය. මෙයින් සිත් තැවුලට පත් වූ රජතුමන්ට දසරාජ ධර්මයන් පූර්ණය කිරීමෙන් එම තනතුරට වඩා උසස් වන "චක්‍රවර්ති" (සක්විති) රජ තනතුර ලබා ගැනීම යෝජනා කළේ මහාවිහාරයේ සංඝස්ථවීර පාදයණන් වහන්සේය. නමුත් මෙම ධර්ම ගුණයන් පූර්ණය කිරීම ධාතුසේන රජුට දුෂ්කර කාර්යයක් විය. එයින් ඇතිවූ  වූ සිත් තැවුලෙන් ධාතුසේන රජු පසුවෙද්දී ඔහුගේ සහයට පැමිණියේ සින්දු දේශයේ සිට මෙරටට ආ මාඝ නමැති බ්‍රාහ්මණයාය. දසරාජ ධර්ම පූර්ණය පසෙක තබා "පර්වත රාජයකු" වීමට රජුට අනුශාසනා කළේ මොහුය. ඒ සඳහා පර්වතයක් මත ගොඩ නැගූ මාලිගාවක සිට රට පාලනය කිරීමේ අවශ්‍යතාවය මොහු විසින් රජතුමන්ට පෙන්වා දීමෙන් පසුව සීගිරි රාජධානිය ගොඩ නැංවීම ආරම්භ වුණි. ධාතුසේන රජුගෙන් "පුරෝහිත" තනතුර ලබා ගත් මොහු සීගිරි රාජධානිය තැනින් කටයුතු පිළිබඳව පිළිබඳ වගකීම් ලබා ගත්තේය. (සී.ක. පිටු 18-38)

මේ අනුව සීගිරි රාජධානිය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ධාතුසේන රජු ය. නමුත් ඔහුගේ මරණයෙන් පසුව මෙම කර්තව්‍ය කාශ්‍යප රජු විසින් වඩාත් ගාම්භීර ලෙස සැලසුම් කොට ඉදිකරන ලදී. මෙවන් විශ්මිත වූ ප්‍රතාප ප්‍රතාප වූ නිර්මාණයක් ඉදි කිරීමට අවශ්‍ය මුදල් සම්භාරය උපයා උපයාගැනීම සඳහා කාශ්‍යප රජතුමන්ට අති වැදගත් උපදෙස් දුන්නේ අභයගිරි විහාරයේ සංඝස්ථවීර පාදයාණන් වහන්සේ සහ ධාතුසේන රජුටන්ටත් උපදෙස් දුන් මාඝ බ්‍රාහ්මණයාය. ("සී.ක." පිටු 57-67)

(වංශකතාවේ සඳහන්වන්නේ තම පියාවන ධාතුසේන රජු මැරීමෙන් පසුව සිය මලනුවන් වන මුගලන්ට බියෙන් කාශ්‍යප රජු සීගිරි පර්වතයේ සිය රාජධානිය පිහිටුවා ගත් බවයි. නමුත් සීගිරි රාජධානිය සතුරු බියෙන් රැකවරණය පැතුවකුගේ ව්‍යායාමයකට වඩා, සෞභාග්‍ය සම්පන්න පාලන යුගයක් ගෙනගිය උදාර රජතුමකු විසින් මනාව සැලසුම් කොට ගොඩනැඟූ රාජධානියක් ලෙස හැඳින්විය හැකිය. "ල.කි.පු." පිටු 85,86)

ධාතුසේන රජුගේ නැගණිය වූ සංඝා කුමරියත්, ඇයගේ සැමියා වූ මුරුණ්ඩ නොහොත් මෞර්ය වංශයට අයත් මිගාර සෙන්පතිත්, ඔහුන්ගේ පුත්‍ර කනිටු මිගාරත් සැදැහැවත් කිතු බැතිමතුන් වූහ. (සී.ක. පිටු 46,47)

08. මිගාර සෙනවිගේ පැමිණීම

පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන ශුරීන් ලියා ඇති පරිදි අන්තර් ජාතික අභිමානය සඳහා "පර්වත රජා" වීමේ අදහසින් සිගීරිය රාජධානිය කරගෙන සිය පාලනය කළ ධාතුසේන රජුට විරුද්ධව සටන් කිරිමට ඉන්දියාවේ පල්ලව රජු එවු සේනාවේ සෙන්පතියා වුයේ කිතුනු භක්තිකයෙකු වු මිගාර සෙනවියාය. ධාතුසේන රජුගේ පුත් කාශ්‍යප එම හමුදාව පරදවා මිගාරව රජ වෙත ගෙන ආවේය. පසුව ඇතිකරගත් සාම ගිවිසුම හරහා මිගාරා සෙනෙවි ධාතුසේන රජුගේ සාම ගිවිසුමට එකඟව රජුගේ සේනාවේ අණදෙන නිලධාරී තැන වශයෙන් බැදුණේය.

09. සංඝා කුමරිය මඟින් දහම ලක් රජයේ

මිගාර සෙනවියාගේ බිරිඳ වන සංඝා කුමරියට තම දරු දෙදෙනාත් සමඟ ලංකාවට පැමිණීමට මාර්ගය පෑදුනි. සංඝා කුමරිය දැඩි කිතුණු භක්තිකයෙකි. මිගාර සෙනවිගේ උත්සාහය නිසා සීගීරියේ රාජධානිය තුළ දෙව් මැඳුරක් තැනිමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණී. කාශ්‍යප රජ දවස සීගිරීය දෙව්මැඳුර අභිෂේක ජීනස්ස කරිස්ත්‍යා ප්‍රසාද ආරාමය නමින් හැඳින්වේ. අභිෂේක ජීන යනු ක්‍රිස්තුන් වහන්සේ සඳහා භාවිතා කරන ලද බව සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත.

ධාතුසේන රජුගේ නැගණිය වූ සංඝා කුමරියත්, ඇයගේ සැමියා වූ මුරුණ්ඩ නොහොත් මෞර්ය වංශයට අයත් මිගාර සෙන්පතිත්, ඔහුන්ගේ පුත්‍ර කනිටු මිගාරත් සැදැහැවත් කිතු බැතිමතුන් වූහ. (සී.ක. පිටු 46,47)

ඔවුන් ලක්දිවට පැමිණීමට පෙරත් අප රට තුළ කිතු සමිඳුන් ඇදහීම පොදු ජනවන්දනාවට ඇතුළත් වී තිබුණු බවට ඇති වැදගත් සාක්ෂියක් වන්නේ "පල්ලව සේනාව හමුවට යෑමට පෙර කාශ්‍යප කුමරුන් කිතු සමිඳුන් ප්‍රමුඛ දෙවි දේවතාවන්ට සිය ආරක්ෂාව පතා බාරයක් වීමයි". (සී.ක. පිටු 45)

මිගාර සහ සංඝා යුවළගේ පුත් කනිටු මිගාර ධාතුසේන රජුගේ දියණිය වූ (සංඝා කුමරිය) සමඟ විවාහ වූ අතර කාශ්‍යප කුමරු ඔවුන්ගේ දියණිය සමඟ විවාහ විය. (සී.ක. පිටු 46)

ධාතුසේන රජු සිය දියණියගේ විවාහයට විරෝධය දැක්වූයේය.  මේ විරෝධයට හේතුව මිගාර - සංඝා යුවල දැඩි කිතු බැතිමතුන් වීමයි. (සී.ක. පිටු 46)

කනිටු මිගාර සමග විවාහ වී සිටි සිය දියණියට සිය නැගණිය වූ සංඝාගෙන් සිදු වු හිරිහැරයක් හේතුකොටගෙන, ධාතුසේන රජුගේ අණ පරිදි ඇය පුළුස්සා ජීවිතක්ෂයට පත් කරන ලදී. මෙම මරණය නැන්දම්මා සහ ලේලිය අතර හටගත් භේදයක් නිසා සිදුවූවක් ලෙස පෙන්නුම් කරතත් එයට තුඩුදුන් ප්‍රධාන හේතුව ආගම යැයි හැඟේ. සිය දියණියට සිදුවූ හිරිහැරයක් නිසාම පමණක් සිය එකම සොහොයුරියව එවන් දරුණු මරණයකට ලක්කිරීමට තරම් ධාතුසේන රජු කුරිරු වූයේ යැයි සිතීම අසීරුය. මරණ දණ්ඩනය පිළිබඳ තීරණය රජතුමන්ගේ අධිකරණ සභාව මගින් ගත් එකකි. එවන් තීරණයක් ගැනීමට තරම් අධිකරණ සභාව පෙළඹෙන්නට ඇත්තේ සංඝා විසින් රජ දියණියට කළ අතවරයට වඩා ඇයත් අයත් මිගාරත් රාජ සභාව තුළත් ඉන් පිටතත් කිතු දහම ව්‍යාප්ත කිරීමට ගත් වෑයම විය හැකිය. ("සී.ක. පිටු 46,47)

මෙම අවාසනාවන්ත මරණයට පසු මිගාර සෙන්පති සහ ඔහුගේ පුත් කනිටු මිගාර පැනගොස් එවන් මරණයකින් බේරුණු අතර දරුවකු කුස දරා සිටි ධාතුසේන රජුගේ දියණිය වූ (සංඝා කුමරිය) තම මෑණියන් වන ප්‍රතා කුමරිය සමග වාසය කොට පුතකු ප්‍රසූත කළ පසුව මිය ගියාය. සිය මිත්තණිය (මව් බිසව) සමග හැදුණු වැඩුණු මේ දරුවා තම මවට සිදු වු විපත ගැන දැනගත් විට රාජතාන්ත්‍රික ජීවිතය ගැන කලකිරීමට පත්ව, පසුව මහණ විය. මහාවංශය ලියූ මහානාම ස්ථවීර මොහුය ("සී.ක." පිටු 47)
(ධාතුසේන රජුගේ අවසානය පිළිබඳ වංශකතාවේ සඳහන් වන දෙයත් පරම්පරා පුස්ථකයේ සඳහන් වන දෙයත් එකිනෙකට වෙනස් ය. ල.කි.පු. පිටු 95)

ධාතුසේන රජුගේ රජුගේ අභිප්‍රාය වූයේ යුවරජු තනතුර තම කනිටු පුත් මුගලන් කුමරුන්ට පැවරීමටය. මෙයින් කෝපයට පත් කාශ්‍යප කුමරුන් ඉන්දියාවේ පුන්ද්‍ර රාජධානියට ගොස්, එහි රජකරන තම සුළු පියා වූ සීලාතිශ්‍යබෝධි රජුගේ අනුග්‍රහය ලැබ, සේනාවක් රැස්කර, සත්මසක් ඇවෑමෙන් පෙරළා ලංකාවට පැමිණ තම පියා සමග සටන් වැදුණේය. පිය පුත් සේනාවන් අතර සටන ශ්‍රී පුරයේ, එනම් කුරුණෑගල දිස්ත්රික්කයේ හිරිපිටිය අසළ ගල්කැටියාගම නූතන මලස්න දේවාලය පිහිටි භූමියේ දී සිදු විය. සිය පුතා අතින් පරාජය වීම කිසිසේත් නොඉසුළු ධාතුසේන රජ තෙමේ සිය කඩුවෙන්ම හිස ගසා සියදිවි නසා ගත්තේය මේ විස්තරය අනුව වංශකතාවේ සඳහන් පරිදි කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙකු නොවූ බව පරම්පරා පුස්තකයේ මූලාශ්‍රයෙන් හෙළිවේ. ("සී.ක." පිටු 41,42)

කාශ්‍යප කුමරුන් රජකමට පත්වූයේ පත් වූයේ ක්‍රිස්තු වර්ෂ 477 දීය. රජකමට පත් වී 18 18 වැනි වසරේදී ඔහු මිය ගියේ ය. මේ අනුව කාශ්‍යප රජු ලක්දිව පාලනය කළේ ක්‍රි.ව. 477 සිට 495 දක්වාය. (සී.ක. පිටු 56,72)
*කාශ්‍යප රජු කාලයේ දී ලක්දිව කීර්තිමත් සෞභාග්‍යය රටක් බවට පත්විය. ඔහුගේ විශිෂ්ට ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති හේතුකොට සියලු ජනකොටස් සතුටින් විසූහ.
(සි.ක. 73,87)

කාශ්‍යප රජු කිසි කලෙක කිතුනුවකු වූයේ නැත. ඔහු අභයගිරි විහාරයේ සංඝස්ථවීර පාදයාණන් වහන්සේගේ අනුශාසනා වලට සවන් දී තමන් අදහමින් සිටි බ්‍රාහ්මණ දහම අත්හැර බෞද්ධ මහායාන දර්ශනය පිළිගත්තේය. එම නිසා (ථෙරවාද දර්ශනය පිළිගත්) මහාවිහාර වාසී භික්ෂූන් ඔහු කෙරෙහි දැඩි අප්‍රසාදයක් ඇති කරගත් අතර කර ගත් අතර ඔහු දැඩි ලෙස පිළිකුල් පිළිකුලට ලක් කළේය. ("සී.ක. පිටු 74-76) (වංශකතාකරු කාශ්‍යප රජුන් සාපරාදේ පිතෘ ඝාතකයකු ලෙසට හංවඩු ගැසීමට එක් හේතුවක් වන්නට ඇත්තේ මහනාම ස්ථවීරයන් මහාවිහාර වාසී භික්ෂුවක් වූ අතර කාශ්‍යප රජු සිය අනුශාසනා ලැබුයෙත් එමෙන්ම අනුග්‍රහ දැක්වූයේත් මහායාන දර්ශනය අනුගමනය කළ අභයගිරි විහාරවාසී භික්ෂූන්ට වීමය. (ල.කි.පු. පිටු 113,114)

සංඝාව කුමරියගේ අවාසනාවන්ත මරණයෙන් පසුව පැන ගිය ඇගේ සැමියා වන මිගාරත්, ඔහුගේ පුත් කනිටු මිගාරත් නැවත ලක්දිව රාජ්‍ය පරිපාලනයට සම්බන්ධවූයේ කාශ්‍යප රජුගේ පාලන යුගයේදී ය. සැදැහැවත් කිතුබැතිමතකු වූ කනිටු මිගාර සෙනෙවි, කාශ්‍යප රජු යුගයේදී කිතු සමිඳුන් ට කැපවූ පූජනීය ස්ථානයක් ඉදිකළ බව ස්වර්ණපුර වංශය නමැති මූලාශ්‍රය අනුව ශිලා ලේඛනයන්හි සඳහන් වේ. මෙම පූජනීය ස්ථානය "අභිෂේක - ජිනස්‍ය" වෙත කැප කර ඇති බව සඳහන් වේ. "ක්‍රිස්තොස්" යන ග්‍රීක වචනය පාලි භාෂාවෙන් "අභිෂේක" යනුවෙන් පරිවර්තනය වූ අතර "ජින" යන පදය ජයගත් තැනැත්තා සඳහා යොදාගන්නා ලදී. මේ අනුව මෙම විස්තරයෙහි "අභිෂේක - ජිනස්‍ය" හෙවත් ආලේප කරන ලද ජයගත් ජයගත් තැනැත්තේ යනුවෙන් අදහස් කෙරෙන්නේ කිතු සමිඳුන්ය. කාශ්‍යප රජතුමන් විසින් අභයගිරියේ ඉදිකරන ලද බෞද්ධ සිද්ධස්ථානයට දක්වන මට්ටමේ රාජ අනුග්‍රහයක් මෙම පූජනීය ස්ථානයට දැක්විය නොහැකි බව රජතුමන් කනිටු මිගාර සෙනෙවිට පැවසූ විට "අපි ඒ පිළිබදව සමිඳුන්ගේ රාජ්‍යයේ දී අවබෝධ කරගනිමු" යැයි මිගාර සෙනෙවි පවසා ඇත. මෙම ප්‍රකාශයෙන් "සමිඳුන්ගේ රාජ්‍ය" යනුවෙන් අදහස් කෙරෙන්නේ කිතු සමිඳුන්ගේ රාජ්‍යයයි. (සී.ක. පිටු 94)

(රාජ්‍ය මට්ටමේ අනුග්‍රහය ඇතිව කිතු සමිඳුන් නමින් ලක්දිව ඉදිවූ පළමු වැනි පූජනීය ස්ථානය මෙයයි. මෙවන් පූජනීය ස්ථානයක් ඉදිවීම, සීගිරි යුගයේදී කිතුදහම රට තුළ යම් තරමක පැවතීමක්, එනම් කිතු දහම ඇදහූ ජන කොටසක් රට තුළ සිටීමක් පෙන්නුම් කරන සාක්ෂියකි. (ල.කි.පු. පිටු 100,101).

10. කාශ්‍යප යුගයේ වාණිජ දියුණුව කිතු දහමට රුකුලක්

අප දිවයිනේ බටහිර වෙරළේ කල්‍යාණපට්ටන හෙවත් කැළණිය, උතුරු වෙරළේ බල්ලතීර්ත පටුන හෙවත් වල්ලිපුරම්, නැගෙනහිර වෙරළේ සමන්ත පටුන හෙවත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ සමන්තුරේ යන තොටුපළ ආශ්‍රිත වාණිජකරණයේ වර්ධනය සඳහා විශාල වෙළෙඳ සැල්ද පිටතින් එන වෙළඳුන් සඳහා නවාතැන් ද, ආපන ශාලා ද, නෘත්‍ය ගීත රංගන ශාලාවද සෑදීමට රජ නියෝග කළේය. මේ වෙළෙඳාම සහ තොටුපළ දියුණුවීම නිසා කිතුනු ජනාවාස බිහිවී දියුණු විය.

  • සීගිරී පර්වතය මත කුරුස ලාංජනය තැබිම.
  • කුරුසිය ලකුණු ඇති කාසි සොයා ගැනිම.
  • මෙහි දෙව්මැඳුරක් තිබිම.

11. ලංකාවේ පළමු කිතුනු රජු මුගලන් (ක්‍රි.ව. 500)

කාශ්‍යප රජ දවස විප්‍රවාසීව සිටි මුගලන් කුමරා පෙරළා පැමිණිම. හෙතෙම ඉතා කෲර ලෙස කාශ්‍යප රජුගේ හිතවතුන් හා ඥාතීන් වදයට පත් කල කුරිරු රජකු විම. එවතුදු විප්‍රවාසී කාලවේදි කිතු දහම වැළඳ ගැනිම. එබැවින් හෙතෙම ලංකාවේ පළමු කිතුනු රජු ලෙස මුගලන් රජතුමා හැඳින්විය හැකිය. තෙවරක්ම සිය ඇදහිල්ල වෙනස් කලද මිය යන්නේ කිතුනුවෙකු ලෙසිනි. එබැවින් ඔහු ලංකාවේ පළමු කිතුනු රජු ලෙස සැලකීමට සිදුවේ. මින් පසු කුමාරදාස සහ ක්‍රිත්ති සේන යන කිතුනු රජවරු කෙටිකාලයක් රටේ රජ කලහ.

කාශ්‍යප රජුගේ කාලයේ මුගලන් කුමරුන්  රටින් පිටවී අග්නිදිග ආසියාතික රටවල් වන වන මලයද්වීපයේ සහ ස්වර්ණපුරයේ (වර්තමාන ඉන්දුනීසියාවෙ සුමාත්‍රාව) විසුවේය. (සී.ක. පිටු 79)

මේ කාලයේදී කනිටු මාඝ බ්‍රාහ්මණයාට මුගලන් කුමරුන්ව ස්වර්ණපුරයේදී මුණ ගැසුණි. ධාතුසේන සහ කාශ්‍යප රජුන්ට අනුග්‍රහය දැක්වූ තම පියා වන මාඝ බ්‍රාහ්මණයාගේ මරණයෙන් පසුව තම පියා දැරු "පුරෝහිත" තනතුර තමාට නොලැබුණු හෙයින් කාශ්‍යප රජු සමග අමනාපයට පත් වු කනිටු මාඝ බ්‍රාහ්මණය ලක්දිව හැරගොස් පුන්ද්‍ර දේශයට පැමිණ පසකලෙක සිරියාවේදී කිතු දහම වැළඳගෙන එහි විසූ කිතුනුවකු විවාහ කර ගත්තේය. ඔහුගේ භාර්යාවගේ මරණින් පසුව ඔහුට ස්වර්ණපුරයේදී මුගලන් කුමරුන් හමුවිය. ඔහුගේ අභිප්‍රාය වූයේ කාශ්‍යප රජතුමන් මරණයට පත්කර මුගලන් කුමරුන්ට රජකම ලබා දී තමන්ට අහිමි වූ පුරෝහිත තනතුර ලබා ගැනීමය. කාශ්‍යප රජුගේ සේනා බලය හේතුකොට ඔහුව යුද්ධයකින් පරාජය කරන්නට බැරි බවත්, රජකම ලබාගන්නට නම් ඔහුව මරණයට පත් කළ යුතු බවත් පැවසූ කනිටු මාඝ බ්‍රාහ්මණයා, එය එසේ සිදුවුවහොත් කිතුනුවකු වීමට පොරොන්දු වේදැයි මුගලන් කුමරු ගෙන් විමසූ විට එලෙස ඔහු පොරොන්දු විය. (සී.ක. පිටු 79-83)

කාශ්‍යප රජු මරණයට පත්වූයේ කූඨ කනිටු මාඝ බ්‍රාහ්මණයාගේ කුමන්ත්‍රණයක් හේතුවෙනි. මෙයට කාශ්‍යප රජතුමන්ගේ බිසවත් හවුල් වුනි. තමන් සමඟ තනිව සීගිරි පර්වතය මත රාත්‍රිය ගතකිරීමට කාශ්‍යප රජුන්ව ඇය පොළඹවාගත් අතර, එම රාත්‍රියෙදීම රජතුමන් හදිසියේ රෝගාතුරවී අභිරහස් ලෙස මරණයට පත් විය. ("සී.ක." පිටු 84)

මුගලන් කුමරුන් කනිටු මාඝ බ්‍රාහ්මණයාටද දුන් පොරොන්දුව අනුව, කාශ්‍යප රජුගේ මරණයෙන් පසුව ඔහු බෞතිස්මය ලබා ගැනිමට එකඟ වුවද එසේ එකඟවුයේ කිතුදහමේ ඇති හරයන් කිසිවක් අවබෝධ කරගෙන නොව හුදෙක් කිතු දහමේ ගුප්ත බලයකින් ලක්දිව රජකම ලබා ගෙන, කාශ්‍යප රජුන්ට පක්ෂපාතිවු අය විනාශ කොට, තමන්ට ලක්දිව රජ තනතුරේ රැඳි සිටිමේ බලලෝභී අභිලාෂයෙන්ය. රජකමට පත් වූවාට පසු ඔහුගේ මෑණියන් සහ පිරිවර ඉදිරියේ දී කනිටු මාඝ බ්‍රාහ්මණයා විසින් මුගලන් රජතුමන් බෞතීස්ම කරන ලදී. ("සීගිරි  කථාන්තරය" පිටු 85,86 සහ 89)
( මේ අනුව මුගලන් රජතුමා ලංකා ඉතිහාසයේ පළමුවන කිතුනු රජුන් හැටියට පිළිගැනීමට සිදුවේ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 103)

මුගලන් රජතුමා බෞතිස්මය ලැබුවද ඔහු විසින් සිය ආගම හුදෙක් බලයේ සිටීමට පමණක් උපයෝගී කරගත හැකි ආයුධයක් සේ සලකන ලදී . ඔහුගේ දාමරික ක්‍රියාවන් සහ දරුණු මිනිස් ඝාතන කිතු දහමේ ඉගැන්වීම් වලට පටහැනිය. (සී.ක. පිටු 77,91,104.) එවන් අමානුෂික ඝාතනයන් නිසා පුන්ද්‍ර දේශයේ විසූ කිතුනු නායක පූජකතුමන් විසින් ඔහුව කිතු සසුනෙන් නෙරපා දමන ලදී. (සී.ක. පිටු 106) මුගලන් කිතු දහම වැළඳ ගත්තා සේම තුන්වරක්ම සිය දහම වෙනස් කළේය. ("සී.ක." පිටු 94,107,108) නමුත් අවසානයේදී ඔහු මියගියේ කිතුනුවකු වශයෙන්ය. (සී.ක. පිටු 115)

මුගලන් රජු තෙවරක් කිතු දහම අතහැර බුදුදහම වැළඳ ගත්තේ මහාවංශය නිබන්ධනය කළ මහානාම ස්ථවීර හිමියන්ගේ අනුශාසනා හේතුකොට ගෙනය. මහානාම ස්ථවීරයන් යනු (ධාතුසේන රජු විසින් පුළුස්සා මරණයට පතකළ තම නැගණිය වන සංඝා කුමරියගේ පුත්) කනිටු මිගාර සහ (ධාතුසේන රජුගේ දියණිය සහ කාශ්‍යප රජුගේ නැගණිය වන) සංඝා කුමරියගේ පුත්‍රයාය. මුගලන් රජු කිතුනුවකු වශයෙන් පැවතුනොත් දිවයිනේ පාලන බලය මෞරිය වාංශිකයට නැතිවේය යන බිය මහානාම හිමියන්ට තිබුණි. (සී.ක. පිටු 94,107,114,115)

මුගලන් රජතුමාගේ කාලයේ දී පුන්ද්‍ර රාජ්‍යයෙන් ලංකාවට පැමිණි සිරියානු ජාතික ටෝමසා (තෝමස්) නමැති කිතුනු පුජකතුමන්ගේ අනුශාසනා අනුව කනිටු මිගාර සෙන්පති කිතුදහම පතල කිරිමට දැඩි උත්සාහයක් දැරුවේය. දෙවන වරට මුගලන්‍ රජු කිතු දහම වැළඳ ගත්තේ මෙම පියතුමගේ දේශනාවන්ට සවන් දීමෙන්ය. මිගාර විසින් ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් දොළොස්දෙනා නමින් "දොළොස් මහා සෑය" ලෙස නම්කල තාපසාරාමයක් සීගිරීයේ උතුරු දිග්භාගයේ ඉදි කරන ලදි. කාශ්‍යප රජු යුගයේ ඉදිකරන ලද "අභිෂේක - ජිනස්‍ය" (ක්‍රිස්තුන් වහන්සේ) වෙත් කැප් කළ පූජනීය ස්ථානයටද මුගලන් රජු විසින් විශේෂ අනුග්‍රහක් දක්වන ලදි. (සී.ක පිටු 94,102,110.)
( උතුරු දිග්භාගයේ කැනිම් කටයුතු විද්‍යාත්මක සිදුවු දිනක සීගිරි කිතුනු ඉතිහාසය පිළිබඳ සඳහන් වී ඇති මෙවන් කරුණු සනාථ වනු ඇත.)

මුගලන් රජුගේ මහා සෙනෙවි වු කනිටු මිගාර විසින් සීගිරි පර්වතය මත " කුරුස ලාංජනය" පිහිටුවන ලදි. මෙයින් අමනාපයට පත් වු තම පුත් මහානාම ස්ථවීරයන් ඉන්දියාවට ගොස් බෝධිමන්ද තාපසාරාමයේ විසුහ. පසුව ඔහු නැවත සීගිරි රාජධානියට පැමිණ මහානාග - පර්වත තාපසාරාමයේ වාසය කළේය. ("සී.ක." පිටු 94,106,120)

මුගලන් රජු විසින් නිකුත් කළ රත්තරන් කාසිවල එක් පැත්තක කිතුනු ලාංජනය තිබුණි. ("සීගිරි  කථාන්තරය" පිටු 99)

ක්‍රි.ව. 495 සිට 512 දක්වා වසර 17 ක් මුගලන් රජු ලක්දිව පාලනය කළේය. (සී.ක. පිටු 108)

මිගාර සෙනෙවි සහ ඔහුගේ පුත් කනිටු මිගාර සෙනෙවි දෙදෙනා කිසි කලක සිය කිතුනු ඇදහිල්ල වෙනස් කර නැත. කාශ්‍යප සහ මුගලන් රජුන් දෙදෙනාගේම පාලන යුහයේ දී කනිටු මිගාර සෙනෙවි කිතු දහම පතල කිරීමට මහත් ප්‍රයත්නයක් දැරුවේය. (සී.ක. පිටු 102,106,112,115)

මුගලන් රජුගෙන් පසුව (ක්‍රි.ව. 512 දී) ඔහුගේ පුත් කුමාරදාස රජකමට පත්විය. මේ රජුද සිය පාලන කාලයේ මුල් වසර තුන කිතුනුවෙකු වශයෙන් ගෙවු අතර, පසුව (හතරවෙනි වසරේදි) මහානාම ස්ථවීරයන්ගේ අනුශාසනා හේතුවෙන් බුදුදහම වැලැඳ ගත්තේය. ඔහුගෙන් පසුව (ක්‍රි.ව. 521 දී) රජකමට පත් වු ඔහුගේ පුත් ක්‍රිස්තුසේන (නොහොත් කිත්සෙන්) රජුගේ පාලනය මාස හතකට පමණක් සිමා වුණී. මෞරිය වංශයේ අවසන් පාලකයා මොහුය. (සී.ක. පිටු 108)

සීගිරය රාජධානියේ අවසානයත් සමඟ ලක්දිව කිතුනු ඇදහිල්ලට රාජ්‍ය මට්ටමින් එතෙක් ලැබු අනුග්‍රහය නොලැබුනත්, මෙය දිවයින තුළ කිතුදහමේ ව්‍යාප්තියේ අවසානය නොවේ. ("සීගිරි කථාන්තරය" පිටු 117)
(ඉහත සඳහන් කරුණු සියල්ල"ලක්දිව කිතුනු පුරාණය" ග්‍රන්ථයේ පිටු 68 සිට 116 දක්වා සඳහන් වී ඇත.)

12. ආසියාවේ කිතුනු සම්බන්ධතා දියුණුව

සත්වැනි සියවසේ සිට අටවන සියවස දක්වා පෙරදිග කිතුනු සභා විවිධ රටවලට අයත් සංස්කෘතීන් අනුව හැඩගැසීම, පෙරදිග කිතුනු සභාවන් තුළ විවිධත්වයක් දැකිමට හැකිවීම, කිතු දහමේ පණිවිඩය මුහුදු මාර්ග ඔස්සේ පැතිරීම, සේද මාර්ගය ඔස්සේ වෙළදුන් යාම නිසා කිතු දහම ප්‍රචලිත වීම. නැව් මාර්ගයෙන් ඉන්දියාවටත් අට සහ නව වැනි සියවසවල සංක්‍රමික කිතුනු පිරිස් පර්සියාව සිට ලංකාවටත් පැමිණීම. මෙම පිරිසේ පැමිණි නායකයා වුයේ රදගුරු තෝමස් තුමාය. මොවුන් සමඟ තවත් රදගුරුවරු දෙදෙනෙක් පැමිණීම.

සබ්‍රිෂේ - ක්‍රිස්තුන් වහන්සේගේ බලාපොරොත්තුව
දස්ඉෂෝ - ක්‍රිස්තුන් වහන්සේගේ දාසයා ඔහුන් දෙදෙනා ලංකාවට පැමිණීම. ඔහුන් දැව අරටුවක් ගෙන ක්වීලෝන් නගරයේ දේවස්ථානයක් සෑදීම සඳහා යැවීම.

13. අනුරාධපුරයේ කුරුසිය

අනුරාධපුරයෙන් හමුවු කුරුසිය එහි දේවස්ථානයක කුළුණක නෙලා තිබුනකි. පුරාවිද්‍යාඥයන් විසින් මෙය 6 වැනි සියවසරට අයත් වුවක් බව ප්‍රකාශ කර ඇත. මෙවැනිම තවත්  කුරුසියක් සාන්ත තෝමස් අපෝස්තුළුවරයණෝ ප්‍රාණපාරිත්‍යාගී වු ඉන්දියාවේ ද හමුවී ඇත. මෙම කුරුසිය සාන්ත තෝමස් මුනිවරයාණන්ගේ යැයි විශ්වාස කරේ. ශ්‍රී ලංකා කතෝලික ධජයේ නිල් පාටින් බැබලෙන්නේ මෙම ඓතිහාසික ශ්‍රී කුරුසියයි. මෙවැනි කුරුසියක් කැලණි මෝදර ද තිබි හමු වී ඇත. (වෙළෙඳ මධ්‍යස්ථානය)

මෙම කුරුසිය ගාල්ල කොටුව ඇතුළේ නාවික හමුදා කෞතුකාගාරයේ අද දකින්නට පුළුවනි.
(ලක්දිව කිතුණු ඉතිහාසය රාගම තේවත්ත බැසිලිකා පුදබිමේ ලෝකඩ මූර්ති වලින් ඉදිරිපත් කළ තිබුනාට එහි ඇති කතාව දන්නේ කීයෙන් කී දෙනාද? එහි මුර්තිය සමඟ කතාව කෙටියෙන් මෙසේ සඳහන් කරමි)

✞ ශ්‍රී ලංකාවේ පැරණිතම කතෝලික  පුරාවිද්‍යාත්මක සාක්ෂිය : අනුරාධපුර කුරුසිය ✞
අප රටේ ධජ, බැනර, පදක්කම්, නිල ලකුණු යනාදිය ආදියේ සිට ම භාවිතයේ තිබුණු බව සටහන් වන්නේ ය. මේ අතර කතෝලික කොඩි ද කිහිපයක් වූ බව වාර්ථා වේ. මින් දෙකක් ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිදුන් ක්‍රි.ව. 1916 දී පළකළ "සිංහල ධජ සහ නිල ලාංඡන" නමැති ග්‍රන්ථයේ පෙන්නුම් කොට ඇත.  මින් එකක හිරු සඳු ලාංඡනයට අමතරව කුරුසිය, දිව්‍ය සත්ප්‍රසාද කුඩා බඳුනක් යන ලාංඡනද යොදා ඇත.  (ග්‍රන්ථයේ 57 වන රූපය)
දෙවන ධජයේ යොදා ඇත්තේ පාදමක් මත පිහිටුවා ඇති කුරුසියක් වටා මල් සහ තරුවලින් සරසා ඇති ලාංඡනයකි.  (58 වන රූපය)

මෙම කොඩි මනම්පිටිය තමංකඩුව ග්‍රාමයේ වැවක් අද්දර පදිංචි සිටි ලංකාවේ මුහුදුබඩ ජීවත්වූ කතෝලික පිරිසකගේ කොඩි දෙකක් යැයි විශ්වාස කෙරේ. එහෙත් පසුව කරණ ලද පර්යේෂණ අනුව මෙය අනුරාධපුර, සීගිරිය ආදි ප්‍රදේශවල සිටි පිරිසක ගේ විය හැකි දැයි ප්‍රශ්න කෙරේ.
එමෙන්ම අද වන විට අප ලාංකීය කතෝලික කොඩිය ගැන සොයා බලන කළ එහි යොදා ඇති කුරුස ලාංඡනය ගැන යමක් සඳහන් කළ යුතුයි. මෙම කුරුස ලාංඡනය අති විශේෂයි.
එය අනුරාධපුර නටබුන් අතරේ තිබී ක්‍රි.ව.1912 දී සොයා ගනු ලැබුවේ මුහන්දිරම් පී. ඩී. ඒ. වික්‍රමසූරිය මැතිඳුන් විසිනි. එවකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සැලැසුම් ශිල්පියා වූ එතුමා එය එවකට පුරා විද්‍යා කොමසාරිස් ධුරය දැරූ ඊ. ආර්. අයර්ටන් වෙත ඉදිරිපත් කළේ ය.

අයර්ටන් මෙය පෘතුගීසින්ගේ කුරුසියක් විය හැකි යැයි සැක කළේය. එහෙත් අයර්ටන්ගෙන් පසු එම තනතුරට පත් වූ ඒ. එම්. හොකාට් මේ ගැන ගැඹුරු අධ්‍යයනයක යෙදී 1924 තමන් පළ කළ " පුරා විද්‍යා සමීක්ෂණයේ " සටහන් කැර ඇත්තේ සැකෙවින් මෙසේ ය. "F 7, හි බිම් මට්ටමේ කුරුසියක ලාංඡනය කොටා ඇති ඍජුකෝණාශ්‍ර කණුවක කොටසකි. එහි පඩි සහිත පාදමක් මත මලක ස්වරූපය ගත් කුරුසියක් පිහිටුවා දෙපයින් අං දෙකක් බඳු පලබර රුකක අතු පිහිටා ඇත. ''
"මෙය ගෙදරක කුලුනක් යැයි නො පිළිගත හැක. මෙය මෙහි අසල පිහිටි විශාල ගොඩනැඟිල්ලක කොටසක් විය හැකිය. මා සිතන සැටියට එය දෙව් මැඳුරක කුලුනක් විය යුතුයි.''
එසේ කීවත් හොකාට් සිතා සිටියේ මෙය පෘතුගාලයේ දෙව් මැඳුරක කොටසක් බවයි. එහෙත් හොකාට්ගේ මතය සම්පූර්ණයෙන් සාවද්‍ය බව කිව යුතුයි. මීට හේතූන් කිහිපයකි.

එනම්; පළමුව 17 වැනි සත වසරේ මුල් කාලය වන තුරුත් පෘතුගීසීනට අනුරාධපුරය සොයා ගත නො හැකිව තිබීමයි. අනුරාධපුරය ගැන පළමුව සටහන් කැර ඇති යුරෝපීයයා ක්‍රි.ව. 1610 - 1629 දක්වා ලංකාවේ විසූ ෆ්‍රැන්සිස්කාන නිකායට  අයත් ගරු නෙග්රඕ නම් කතෝලික පියතුමෙකි. එහි සදහන්ව ඇත්තේ පෘතුගිසින් හට අනුරාධපුරය සොයා ගත නොහැකි වූ බවයි.

~ දෙවනුව හොකාට් අනුරාධපුර කුරුසිය කොට්ටේ කුරුසිය සමඟ සසඳ බලා පසුව තවත් පරීක්ෂණ පවත්වා ඔහු ප්‍රකාශ කලේ මේය පෘතුගීසි කුරුසියක් නොවන බවත් එය ශු.තෝමස් අපෝස්තුළුවයාණන් ගේ කුරුසියක් බවත්ය. එය පෘතුගීසීන් මෙහි එන්නටත් පෙර තුබු එකකි.
තවද මේ ශු.තෝමස් අපෝස්තුළුවරයාණන් ගෙන් නිර්මාණය ආරම්භ වූ කුරුස දෙකක් ලක්බිම තිබී හමුවී ඇත. එය ඉතිහාසඥ ක්වරෝස් මෙය සටහන් කොට ඇත.

එය නම් "කොළඹ උපනාගරික පෙදෙසක ශු.තෝමස් මුනිවරයාණන් ගේ ගෞරවය සඳහා කැප කරන ලද කිතුනුවන් ගේ පියතුමා වැඩ සිටි දෙව් මැඳුරක එම ප්රමභාමත් මුනිවරයාණන් විසින් සියතින් ම කරන ලද කුරුසියක් ආරක්ෂිතව තබා තිබුණි. මෙය ලංකාවේ තිබුණ එවැනි දෙවන කුරුසියයි" (ක්වෙරෝස් 715 වැනි පිටුව)

ශ්‍රී ලංකාව ගැනත් භාරතයේ සිරියානු පිළිවෙත් අනුගමනය කරන කිතුනු කණ්ඩායම් ගැනත් ගැඹුරු අධ්‍යයනයක් කරැති වියත් ඉතිහාසඥ එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් මෙම අනුරාධපුර කුරුසිය ශූ. තෝමස් මුනිවරයාණන් ගෙන් දහම උගත් පර්සියානු කිතුනුවන්ගේ කුරුසියක් බවත් එය ශු. තෝමස්
මුනිවරයාණන් විසින් දකුණු ඉන්දියාවේ මයිලපූර්හි තනන ලද කුරුසියට සර්වසම බවත් ලියා ඇත. මයිලපූර්හි කුරුසිය පෘතුගීසීන් විසින් සොයා ගනු ලැබුවේ ක්‍රි.ව. 1547 දීය.

පසුව මෙම කුරුසිය නේස්ටෝරියන් කිතුනු කුරුසියක් යන මතයක් ගොඩනැගුනත්
මෑත දී කරන ලද පර්යේෂණ අනුව මෙම අනුරාධපුර කුරුසිය නෙස්ටෝරියාන කිතුනු  නිකායේ කුරුසියක් නොවන බවත්. එය කතෝලික  කුරුසියක් බවත් සනාථ වී ඇත. නෙස්ටෝරියන් කුරුස ඉහළින් ශුද්ධාත්ම පරවි ලාංඡනය යොදනු ලැබේ. මෙහි එවැන්නක් නැත.

ලාංකාවේ මෙතෙක් හමු වී ඇති පැරැණිතම කිතුනු සලකුණ මෙයයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ආදියේ සිට අපගේ පැවැත්ම සංකේතවත් කොට සිහිපත් කිරීමට එය කොඩියේ යොදා ඇත.

අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු තුමන්ගෙ "කතෝලික යටගියාව" පොත ඇසුරෙන්

14. ඉන්දියාවට වන්දනාවේ ගිය ලක්දිව කිතුනුවෝ

ලංකා රාජ්‍ය මෝරියන්ගෙන් ලම්බකර්න වංශිකයන්ට යාමත් සමඟ රාජ සභාවේ කිතුනු බලය අඩපන විය. එහෙත් සාමාන්‍ය ජනයා අතර ඇදහීම පැවති බවට සාක්ෂි ඇත්තේය. මේ යුගයේ ආසියාවේ සෙසු රටවල ඇතිවු කිතුනු පුනරුදය ලංකාවටද බලපෑ බව විදේශ මුලාශ්‍ර වල සඳහන් වේ. ඇදහීම සාමාන්‍ය ජනයා අතර දිගින් දිගටම පැවැත්නේය. එය 12 වන සියවස තෙක්ම පැවතිණ.

ලංකාවේ බැතිමත්හු ඉන්දියාවේ මාර්තෝමා දෙව්සත්හලට යාම.

එමෙන්ම සිරියන් සභාවට අයත් රදගුරුවරු දෙනමක් ලංකාවට පැමිණීම.
ක්විලෝන් හී පළමු දෙව්මැඳුර සෑදුනේ මේ දෙනම විසින් ලංකාවෙන් ගෙනගිය දැව වලිනි.  ලංකාවේ කිතුනුවන් සාන්ත තෝමස් තුමන්ගේ දෙව්සත්හලට වන්දනා ගමනක යෙදුණු බව ඉන්දීය මුලාශ්‍රවල සඳහන් වේ.

"ලංකාවේ කිතු බැතිමත්හු ඉන්දියාවේ මර්තෝම දෙව්සත්හලට වන්දනාවේ යෙදෙති. ඔහුන් එසේ යන්නේ කිතු සමිඳුන්ගේ ශ්‍රාවක ශුද්ධ වු තෝමස් අපෝස්තුළු තුමන්ගේ හස්ත ධාතුව දැක වන්දනා කිරීමටය"

15. පෘතුගීසින්ගේ පැමිණීම - ක්‍රි.ව. 1505

යාත්‍රා නවයක් පිරිවරාගත් පෘතුගීසි සේනාවක් කපිතාන් ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් ලංකාවට ගොඩ බැසිම. පෘතුගීසින් තාවකාලිකව ඉදිකළ දෙව්මැඳුරේ නත්තල් සීනු හඬ නංවා ප්‍රථම නත්තල් දිව්‍ය පුජාව ගරු විසෙන්තේ ප්‍රැන්සිස්කාන පියතුමා විසින් සිදු කරනු ලැබිම.

16. යුරෝපීය ධර්මදුතයින් පැමිණිම - ක්‍රි.ව. 1543

කෝට්ටේ රාජධානියේ 7 වන බුවනෙකබාහු රජු සලප්පු ආරච්චිව පෘතුගාලයට යවා, තම මුණුබුරු ධර්මපාල කුමරු තමාට පසු රජකමට පත් කරන ලෙස ඉල්ලීම. සලප්පු ආරච්චි සමඟ ෆැන්සිස්කාන මිෂනාරිවරුන් මෙරටට එවන ආරාධනා කිරීම. ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය කිරිම සඳහා බටහිරින් පෘතුගීසි ෆැන්සිස්කාන පුජක හය දෙනෙක් පැමිණියහ. එහි නායක වුයේ දක්ෂ දේශනාවාදියකු වු ජුවාම් ද කොන්ඩේ පියතුමාය. ඔහු සමඟ අන්තෝනියෝ ඩො. පදාඕ, සීමාඩ් ද කොයිම්බ්‍රෝ, ඉතාලි ජාතික ගොන්සාලේ ප්‍රැන්සිස්කෝ ද මොන්ටේ ප්‍රන්දෝනේ යන පියවරුන් පැමිණිම. රජ ඔහුන්ට නිදහසේ තම රාජධානිය තුළ ධර්මය ප්‍රචාරය කිරිමට අවසර දීම.

17. ෆ්‍රැන්සිස් සාවියර් මුනිඳුන් ලක්බිමේ - ක්‍රි.ව. 1544

ශුද්ධ වු ප්‍රැන්සිස් සාවියර් මුනිතුමා ජපානයට යන ගමන් පෘතුගීසී සොල්දාදුවකුට අන්තිම ආලේපනය දානය කිරිම සඳහා ලංකාවට පැමිණිම. මග්ගොන නාවුතු කන්දෙන් දිවයිනට ගොඩබැස ඇත. එම ස්ථානයේ ලන්දේසි සමයේ ඔත්තු බැලිම සඳහා ඉදිකරන ලද කුළුණක අත්තිවාරම තවම ඇත. අද එම ස්ථානය කතෝලිකයන් පාස්කු නාට්‍ය පෙන්වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. ඉන්පසු එතුමන් ගාල්ලට පැමිණ කලේගානට ගොස් ඇත. අද කාලේගානෙහි ශු. ප්‍රැන්සිස් සාවියර් මුනිඳුන්ගේ නමින් ඉදිකරන ලද දේවස්ථානයක් ඇත.

හින්දු පුජකයන් පිරිසක් නල්ලුර් දක්වා පෙරහැරකින් ගොස් හින්දු භක්තිකයන් සිය ගණන් ක්‍රිස්තියානිය වැළද ගත් බව යාපනයේ සංකිලි රජුට ප්‍රකාශ කලහ. සංකිලි රජ තම සහෝදරයා වු දරුණු කමින් අති ප්‍රසිද්ධ වේකරාජ් සේකරන් යටතේ හමුදාවක් යවමින් කිතුදහම වැළඳගත් අය මන්නාරමේ දී ඝාතනය කිරීම. දරුවන් මව්වරුන් විශ්වාසයෙන් මරණයට මුහුණ දීම. අද ඔහුන්ගේ නමින් දෙව්මැඳුරක් තොට්ටවේලි නම් ස්ථානයේ ඉදිකර ඇත.

18. දොන් ජුවාම් ධර්මපාල රජ කතෝලික දහම වැළඳ ගනි - ක්‍රි.ව. 1557

19. දෝන කතිරනා රැජිණ කිතු දහම වැළඳ ගැනීම - ක්‍රි.ව. 1582

මහනුවර රාජ්‍යයේ කතෝලික ආගමික බලාපොරොත්තු ඇති කළ දෝන කතිරනා බිසව (හෙවත් කුසුමාසන දේවිය) ඇයට බෞද්ධයන් වු විමලධර්මසූරිය සහ ඔහුගේ සහෝදර සෙනරත් යන රජවරුන්ගේ බිසව වීමට සිදුවිය. නමුත් එතුමිය කිතු දහම මරණය දක්වා ඇදහීය. පළමු දෙවන විමලධර්ම රජුගේ මෙහෙසිය වීමට සිදුවීමට පෙර, දෙවසරක්ම පෘතුගීසී අනුග්‍රහයෙන් කන්ද උඩරට රාජ්‍ය විචාළ බැවින් දෝන කතිරනා රැජිණ ලක්දිව පළමුවැනි හා එකම කිතුණු රැජිණිය වන්නීය.

20. 17 වන සිතවසරේ කතෝලික ධර්මදුත නිකායන්

දිවයින කොටස් වශයෙන් බෙදාගෙන පරිපාලනය කිරිම.

  • ෆ්‍රැන්සිස්කානවරුන් - (මහ ඔයෙන් දකුණ) දකුණු පළාත
  • දොමිනිකාරනවරු - සබරගමුව
  • ජේසු නිකාය - වයඹ පළාත, මහ ඔයෙන් උතුර (හත්කෝරළය)
  • අගුස්තීන නිකාය - හතර කෝරළය
  • අගුස්තීන නිකායික පියවරුන් ලංකාවට පැමිණීම සිදුවන්නේ 1606 දීය.
  • දොමිනිකාන නිකායේ පියවරුන් ලංකාවට පැමිණීම සිදුවන්නේ 1606 දීය.
  • ජේසු නිකායික පියවරුන් පැමිණියේ 1602 දීය.

21. ප්‍රථම සිංහල කතෝලික කවියා - (17 සියවස)

සීතාවක 1 වන රාජසිංහ රජ සමය - අලගියවන්න මුකවෙටිය

සැවුල් සංදේශය - සුභාෂිතය - කුසජාතකය

කුස්තන්තීනු හටන් කාව්‍ය - මේ කෘතිය ඔහු අරඹන්නේ කිතුසමයට ඔහුගේ භක්ති ප්‍රණාමය දක්වමිනි. එය ක්‍රිස්තියානි විශ්වාසයේ සංකල්ප සමඟ සිංහල සාහිත්‍යයට ඇතුළු වු ප්‍රථම ග්‍රන්ථය යි.

සව්ලෙව් සත් මුදු              න්
සිය සිරිපා කමල දු           න්
මෙත් ගුණ පිරි නඳු           න්
වඳිමි ජේසුස් ක්‍රිස්තු සිරිඳුන්
රිවිකැන් පහනකි                   න
නිකුත් කළ සිළු විලසි           න
කාන්ති මරි කුසයෙ                න
පහළ සුරිඳුන් වඳිමි බැතියෙ න

22. උඩරට කතෝලික ජනපද - ක්‍රි.ව. 1680

පහතරට ලන්දේසි හිරිහැර නසා දෙවන රාජසිංහ රජතුමා (1635 - 1687) මහනුවර රාජධානිය තුළ කතෝලික පවුල් 700 ක් පදිංචි වීමට පහසුකම් සැලසිම. එවක පියතුමෙක් නොවීය. දේවස්ථාන නොවිය. ඔහුන් නිවෙස්වල යාච්ඤා කළහ. කුරුසියක් කරේ එල්ලාගෙන සිටියහ. ඔහුන්ගෙන් මුක්කර්යන ජන කොටස ගල්ගමුවේ ද සෙසු අය මාතලේ, රුවන්වැල්ල, වහකෝට්ටේ, වෑඋඩ යන ප්‍රදේශවල ද පදිංචි වුහ.

23. ජුසේවාස් පියතුමාගේ ලංකා ප්‍රාප්තිය - ක්‍රි.ව. 1687 අප්‍රේල්

ලන්දේසි පීඩන සමයේ ජුසේවාස් පියතුමා ලංකාවට පැමිණ මන්නාරමට ගොඩබැස, යාපනයේ සිල්ලාලේ ගමේ කුරුසියක් කරේ එල්ලාගෙන සිඟන්නෙකු ලෙසින් සේවක ජෝන් නැමති තරුණයා සමඟ කිතුනුවන් සොයා සැරිසැරීය.

24. ජුසේවාස් පියතුමා මහනුවරදි

පුත්තලම, කම්මල, හලාවත, මුන්නේශ්වරම්, මාදම්පේ, මාරවිල, කටුනේරිය, ඇටියාවල, මාකඳුර සහ මටියන්ගන යන ස්ථානවල සේවය කිරිම හා ගම්වාසී අන්තෝනියෝ සොට්ටෝමායොර් නමැති කතෝලිකයා සමඟ ඔහුගේ රෙදි, ලුණු, ජාඩි ද පටවන ලද ගොන්කරත්තයෙන් මහනුවරට යාම.

  • ඔහු පෘතුගීසී ඔත්තුකාරයෙක් යැයි සිතා සිරගත කිරිම.
  • 2 වන විමලධර්මසූරිය රජු ඔහු නිදහස් කිරිමෙන් පසු රජුගේ අවසරය ඇතිව අතු සෙවිලි කල කුඩා දෙව්මැඳුරක් සාදා ගැනීම.
  • ඉඩෝරයට වැසි ලබා දීම.
  • වැසි ලබා දෙන ලෙස යාච්ඤා කිරිමට රජතුමා ආරාධනා කිරිම.
  • රජමාළිගාව ඉදිරිපිට කුරුසියක් තබා යාච්ඤා කිරිම.
  • වැසී ලැබිම.
  • වසුරිය වසංගතය හමුවේ රෝගීන්ට උපස්ථාන කිරිම.

25. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්ගේ සාහිත්‍ය සේවාව ක්‍රි.ව. 1717

  • භික්ෂූන් වහන්සේ වෙතින් සිංහල ඉගෙනීම.
  • මුල්ම සිංහල කැරෝල්.
  • මුල්ම සිංහල පසන් .
  • මුල්ම සිංහල කන්තාරු .
  • දේවස්ථාන 400 ක් පමණ තිබිම.
  • අනුනායක තනතුරට ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් පත්වීම.
  • හලාවත කම්මල ප්‍රදේශයෙන් තෝරාගත් ලිපිකරුවන් 1 2 ක් ඇතිව ධාර්මික පොත්පත් රාශියක් අත් අකුරින් ලියැවීම.
  • මුල්වරට කිතු සිරිත කවියට නැඟීම. වේද කාව්‍යය (රජතුමා ඉදිරිපිට පියතුමා වයලීනය වාදනය කිරිම.)

26. දමිළ කතෝලික ඉතිහාසඥ ගරු ඥානප්‍රගාසර් පියතුමා

27. සිංහල නාට්‍යය කලාවේ පුරෝගාමීන්

මීගමුව දුවේ මුල්ම පාස්කු නාට්‍ය (දුක් ප්‍රාප්ති ප්‍රසංගය රඟදැක්වීම) දුව, පිටිපන.

28. කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි දේවස්ථානය

මුහුදු ඛාදනය නිසා වෙරළ අසල ජීවත් වු ධීවරයන් හට දැල් පන්න වේලා ගැනිමට තැනක් නැති විය. ඕලන්ද සොල්දාදුවන්ගෙන් බේරිම සඳහා ඔහුන් අසලින් පැන යමින් සිටි අන්තෝනි පියතුමා කුරුසියක් සාදා දණින් වැටි යාච්ඤා කිරිම. ඉන්පසු යාර 100 ක් වෙරළේ වැලිතලාවක් පෑදිණි. කොළඹ කොච්චිකඩේ සා. අන්තෝනි දේවස්ථානය එම භුමියේ ඉදිකෙරිණි.

29. කතෝලිකයන්ට ආගමික නිදහස ලැබිම.

ඉංග්‍රීසින් ලංකාව අල්ලා ගැනිම නිසා ලන්දේසි පීඩන සමය අවසන් වී ආගමික නිදහස තෝමස් මෙට්ලන්ඩ් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මඟින් ලැබිණි. ඒ සඳහා 1806 දී ගැසට් පත්‍රයක්ද නිකුත් විය.

30. පළමු කතෝලික සිංහල පුවත්පත - 1866 ජුනි 07

  • ඥානාර්ථ ප්‍රදීපය - කතෘ - පී. ජුවාන් ප්‍රනාන්දු
  • භක්ති ප්‍රබෝධනය - ප්‍රථම සඟරාව

ශ්‍රී ලංකාවේ අද පවතින ඉපැරැණිම සිංහල පුවත්පත නිකුත් වීම සහ ඉපැරැණිම සඟරාව නිකුත් වීම.

31. නිර්මල මරිය නිකාය පියවරුන් ලංකාවට පැමිණීම ක්‍රි.ව. 1847

  • 1868 දී ක්‍රිස්ටෝෆර් බොන්ජන් පියතුමා යාපනයේ රදගුරු වීම.
  • 1883 දී ප්‍රථම කොළඹ අගරදගුරු වීම.
  • රාජ්‍ය ආධාර ලබන පාසල් ක්‍රමය ආරම්භ විම.
  • යාපනය සා. ප්‍රැටික් කොළඹ බර්නාර්ඩ් සෙමනේරිය - කොළඹ සාන්ත ජෝශප් බිහිවීම.

32. ලංකාවේ කතෝලික රාජගුරු මණ්ඩලය පිහිටුවීම - ක්‍රි.ව. 1833

33. දේශිය පුජාප්‍රසාදී තුමන් වරගැන්වීම

34. පැවිදි සොහොයුරියන් ලංකාවට පැමිණීම.

ශුද්ධ වු පවුලේ කන්‍ය සොහොයුරියන්ගේ පැමිණීම - 1833
ප්‍රැන්සිස්කාන නිකායේ සොහොයුරියන් යාපනයේ රෝහලට පැමිණීම.
1886 දී ගෝර්ඩන් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ ඉල්ලිමට දොස්තර කිංස්ලි මැදිහත් වීම.
යහපත් එඬේරාගේ කන්‍ය සොහොයුරියන්ගේ පැමිණීම - 1869 කොටහේන.

35. 1915 කැරැල්ල විසඳුමට කතෝලික සහය.

ක්‍රි.ව. 1915 දී උගත් ගැමි ජනතාවක් කරලියට ගෙන ඒමෙන් නිදහස් සටනට මහත් දිරියක් ගෙන දෙන්නට හේතු වු අමද්‍යප ව්‍යාපාරයට කිතුනුවන් දැක්වු සහයෝගය අමතක කළ නොහැකිය. එවකට ඇතිවු බෞද්ධ මුස්ලිම් කලහය මැඬලන්නට රජය ගත් දරුණු පියවර නිසා මාෂල් ලෝ හෙවත් හමුදා නීතිය යටතේ එම ව්‍යාපාරයට අයත් බොහෝ දෙනෙකු මරා දමන ලදි. තවත් අය නඩු විභාගයක් නොමැතිව සිර අඩස්සියේ තබන ලදි.

මෙයට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රසිද්ධ රැස්වීම කිහිපයක් පවත්වන ලද අතර ජන විරෝධය පලකරමින් බ්‍රිතාන්‍යයට පෙත්සමක් යවන ලදි. මෙම පෙත්සම පිළියෙල කරන ලද්දේ 1915 සැප්තැම්බර් මස 25 වන දින කොළඹ පබ්ලික් හෝල් හී පැවිතුණු මහා සභා රැස්වීමේ නිගමනය අනුවයි. සිංහල බෞද්ධයන්ට කරනු ලබන මෙකී අපරාධයන් ගැන විරෝධය පළ කිරිම සඳහා පවත්වන ලද මෙම රැස්වීමේ මුලසුන ගත්තේ ක්‍රිස්තු භක්තික "ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමාය" "ශ්‍රීමත් ජේම්ස් පීරිස් චරිතය" නැමැති ග්‍රන්ථයේ එතුමන් ගැන වර්තමාන ලක්දිව දේශපාලනඥයකු, ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු සැටියට කල්‍යාණවංස නිකායේ නායක අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ලියා ඇත. ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාණන් මෙසේ කිරිමෙන් වළක්වන්නට බොහෝ දෙනා උත්සහා කළහ. එහෙත් එතුමෝ එම බාධක නොසැලකුහ.

එතුමාගෙන් එදින රජයේ උසස්ම නිළධාරියකු ඇසු ප්‍රශ්නයත් ලැබු පිළිතුරත් කිතුනු බැතිමතුන්ගේ ආකල්ප දැක්වීමට සාධකයක් වන්නේය. ප්‍රශ්නය වුයේ " ඔබ ක්‍රිස්තු භක්තිකයෙකු ව සිටියදී මේ බෞද්ධ මහමදිය කෝලහලායට මැදිවන්නේ ඇයි දැයි" යන්නය. එයට එතුමන්ගේ උදාර පිළිතුර වුයේ, " මම ක්‍රිස්තු භක්තිකයකු සේම සිංහලයෙක් ද වෙමි. මාගේ සිංහල බෞද්ධ සහෝදරයන් අයුක්තේ සිර අඩස්සියේ සිටියදි මට නිශ්චලව සිටිය හැකිද ? " යනුයි. (ශ්‍රීමත් ජේම්ස් පීරිස් චරිතය - 36 වන පිටුව)


36. දෙවැනි ලෝක යුද්ධයේ දී මරිමව් සරණ පැතිම.

1942 ජපන්නු ලංකාවට බෝම්බ හෙළිම.
එවකට සිටි අගරදගුරු අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණන් ලංකාව යුධ රකුසගෙන් රැක ගැනිම සඳහා දෙව් මව්න්ට කැප වී බැසිලිකා දේවස්ථානයක් තැනිමට බාරයක් වීම.

37. ජාතික බැසිලිකාවේ වැඩ ඇරඹීම.

  • බැසිලිකා සිද්ධස්ථානය ගොඩනැඟීමට ලංකාවට ගෙනෙන ලද "ලංකා අප ස්වාමිදු - Our Lady Of Lanka මැණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ පළමු පස් පිඩැල්ල කපා ජාතික බැසිලිකාවේ වැඩ ආරම්භ කිරීම.

38. නිදහස් සටනට කිතුනු දායකත්වය.

නිදහස් සටනේ තීරණාත්මක අවස්ථාවක් හැටියට ලංකා ජාතික සංගමයේ 22 වෙනි සැසි වාරය හඳුන්වා දිය හැකිය.

1942 දෙසැම්බර් මස 18-22 දැනි දින දක්වා කැලණිය ශ්‍රී ධර්මලෝක විද්‍යාලයේ දී පවත්වන ලද මෙම සැසි වාරයේ මුලුසුන, පී. ද එස්. කුලරත්න මහතාට හිමි විය. ලංකාව නිදහස් ස්වෛරි රාජ්‍යයක් බවට පත් කල යුතුය යන් අරමුණ ස්ථීර කොට පිළිගෙන, ඒ අනුව සංගමයේ ව්‍යවස්ථා මාලාව අනුමත කැර ගන්නා ලද්දේ එතැනදීය. යෝජනවා ඉදිරිපත් කලේ, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝය. එය ස්ථීර කලේ වියත් නීතීඥයකු හා බැතිමත් කතෝලිකයකු වන ජෝශප් ඒ.එල්. කුරේ මහතාණෝ යෝජනාව අනුමත විය. මෙම රැස්වීමෙන් පසු කැලණියේ වරාගොඩ සා. පාවුළු විදුහලේ දිවා භෝජන සංග්‍රහය පැවැත්වු බව සටහන් ගත වී ඇත. සහභාගි වුවන්ට භෝජන සත්කාරය කරන ලද්දේ සා. පාවුළු විදුහලේය.

උපුටාගැනීම - Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ පිටුව මගින්