පේදුරු තුමන්ගේ භාර්යාව හා කතෝලික බ්‍රහ්මචාරය

පේදුරු තුමන්ගේ භාර්යාව හා කතෝලික බ්‍රහ්මචාරය

වර්තමානයේ බොහෝ මූලධර්මවාදී කිතුනුවන් පේදුරු තුමන් හා පාප් තුමන් අතර ඇති ප්‍රධානතම වෙනස්කමක් ලෙස පෙන්වන්නේ පේදුරු තුමන් විවාහකයකු වීම හා පාප් තුමන් විවාහකයකු නොවීමයි.ඇත්තටම පාප් තුමන් හා ලතින් පිළිවෙතට අයත් පූජාප්‍රසාදීවරුන් විවාහ නොවන්නෙ ඇයි ?මෙහි මූලය පැමිණෙන්නෙ අපෝස්තුළුවරයන් හා ජේසුස් වහන්සේගෙන් සිටමය.ඇත්තෙන්ම ජේසුස් වහන්සේ බ්‍රහ්මචාරය පිළිබද කුමක්ද පැවසුවේ.

මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක.
ශුද්ධවර මතෙව් 19:12 NRSV

ඇත්තෙන්ම පූජාප්‍රසාදීවරුන් අයත් වන්නේ කුමන කාණ්ඩයටද ?..අනිවාර්යයෙන්ම ජේසුස් වහන්සේ සදහන් කළ තුන්වන කාණ්ඩයටයි.පූජාප්‍රසාදීවරුන් යනු ස්වර්ග රාජ්‍ය පතල කිරීමේ අරමුණින් තමන්ට ලැබී ඇති මුළු ජීවිතයම ජේසුස් වහන්සේ වෙත පුද කරන කොටසකි.

අපෝස්තුළුවරයන්ගෙන් ප්‍රධාන වශයෙන්ම පේදුරු තුමන් , ජේසුස් වහන්සේව තෝරාගැනීමට පෙර විවාහකයකි.මන්ද පේදුරු තුමන්ගේ නැන්දම්මා පිළිබදව ශුද්ධ බයිබලය තුළ සදහන් කරයි.පේදුරු තුමන් විවාහකයකු බව සියලු දෙනාම අවිවාදයෙන් පිළිගනී.නමුත් පේදුරු තුමන් තම දූත කාර්යයේ නිරත වුනේ තම බිරිදත් සමගද?කෙටි පිළිතුර නැත යන්නයි. ශුද්ධ බයිබලයේ කිසිදු තැනක පේදුරු තුමන්ගේ භාර්‍යාව පිළිබදව සදහන් නොකරයි.නමුත් පේදුරු තුමන් තම දූත කාර්යය සදහා පැමිණියේ තම පවුල ඇතුළු සියල්ල අත හැර දමා බව ශුද්ධ බයිබලය පැහැදිලි කරයි.

එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය. උන් වහන්සේ කතා කරමින්, “ඇත්තෙන් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගේදොර හෝ භාර්යාව හෝ සොහොයුරන් හෝ දෙමව්පියන් හෝ දූදරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද, මේ යුගයේ දී ම ඊට බොහෝ වැඩියෙන් ද එන යුගයේ දී සදාතන ජීවනය ද ලබන්නේ ම ය”යි වදාළ සේක.
ශුද්ධවර ලූක් 18:28‭-‬30 NRSV

මේ පදය ගැන තාර්කිකව බැලුවම පැහැදිලිවම පේනව පේදුරු තුමා ගේදොර , භාර්‍යාව ඇතුලු සියල්ල අතහැරලා ජේසුස් වහන්සේව අනුගමනය කරන්න පැමිණි බව්.මන්ද පේදුරු තුමන් තම භාර්‍යාව අත හැර ආවෙ නැත්නම් ජේසුස් වහන්සේ කිසිවිටෙකත් භාර්‍යාව පිළිබදව සදහන් නොකරයි.
සමහර මූලධර්මවාදී මිතුරන් මෙම පදය අතහැර 1 කොරින්ති 9:5 පදය ඉදිරිපත් කරයි.

සෙසු ප්‍රේරිතවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
1 කොරින්ති 9:5 NRSV

මෙහි ග්‍රීක පසුබිම දෙස සොයා බැලුවොත් මෙහි බිරිද වෙනුවට භාවිත කර ඇති ග්‍රීල පදය වන්නේ gynē-γυνή යන පදයයි.

මෙම පදයම බයිබලය තුළ යෙදී ඇති අනෙක් ආකාර සොයා බලමු ,

එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.
ශුද්ධවර මතෙව් 9:20 NRSV

ජේසුස් වහන්සේ හැරී ඈ දැක, “දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය.
ශුද්ධවර මතෙව් 9:22 NRSV

ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.
ශුද්ධවර මතෙව් 14:21 NRSV

මේ ඉතාමත් සුලු උදාහරණ කිහිපයක් පමණයි. gynē-γυνή යන පදයයි යන පදය බයිබලය පුරා යෙදී ඇති ආකාරය බැලුවහම පෙනී යන්නේ ඒයින් බිරිඳ පමණක් නොව ස්ත්‍රීය , කාන්තාව යන අරුත්ද දෙන බවයි.එමෙන්ම King James පරිවර්තන තුළ gynē-γυνή ( Strong's G1135 ) පදය 129 වතාවක් කාන්තාව ලෙසත් 92 වතාවක් භාර්‍යාව ලෙසත් පරිවර්තනය වී තිබෙනවා.ඒවගේම Confraternity Bible පරිවර්තන තුල 1 කොරින්ති 9:5 gynē-γυνή යන පදය බිරිද ලෙස නොව woman ලෙස පරිවර්තන වී තියෙනවා.ප්‍රධාන පෙලේ කතෝලික නොවන lexicon රැසකින්ම සදහන් කරලා තියෙනවා මෙය wife හෝ Woman කියන දෙකම අර්ථදක්විය හැකි බව.එමෙන්ම පාවුලු තුමන්ද අවිවහකයෙකි.

අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය.
1 කොරින්ති 7:8 NRSV

අවසානයේ කිව යුත්තේ අවිවාහක බ්‍රහ්මචාරය යනු ජේසූස් වහන්සේ පවසා ඇති ආකාරයට යම් ආකාරයක ත්‍යාගයකි.ඒ වගේම කතෝලික සභාව සෑම පූජකයෙකුටම විවහා වීමට අවසර නැති බව ප්‍රකාශ කරන්නෙ නැත.මන්ද පෙරදිග කතෝලික සභාවන් වල පූජාප්‍රසාදීවරුන් විවාහක පුද්ගලයන්.බ්‍රහ්මචාරය සෑම කෙනෙකුටම ලබා ගත හැකි දීමනාවක් නොවේ.මෙය සදහා දේව කැදවීම තිබිය යුතුය.ඉහත කරුණු මගින් තහවුරු වන්නේ අවිවාහක බ්‍රහ්මචාරය පැමිනෙන්නේ අපෝස්තුළුවරයන්ගේ යුගයේ සිටමය.

ජේසු පිහිටයි 👍