ක්‍රිස්තියානි වුන ෆීනික්ස් කුරුල්ලා

ක්‍රිස්තියානි වුන ෆීනික්ස් කුරුල්ලා

ග්‍රීක මිත්‍යාවන් තුළින් පැමිණෙන ෆීනික්ස් කුරුල්ලා ග්‍රීකයන් අතර පමණක් නොව ,  රෝමානුවන් ඇතුළු ලොව පුරා ජන කොටස් රැසක් ෆීනික්ස් කුරුල්ලා පිළිබද සංකල්පය පැතිර තිබුනි.ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළේ එම පක්ශියාගේ මරණය හා උපත දෙසයි.ඒ ෆීනික්ස් කුරුල්ලෙකු මැරෙන්නේ ගිනි ගෙන හා අවසන් වූ පසු ඉතුරු වන අලු මතින් නැවත තවත් ෆීනික්ස් පක්ශියෙකු උපත ලබනවා යන සංකල්ප නිසාවෙනි.

📖️ ශුද්ධ බයිබලය තුළද යම් සිද්දීන් ෆීනික්ස් කුරුල්ලන්ට සමාන කර ඇත ;
එදා මා සිතුවේ මෙසේ ය: ‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.   - ජෝබ් 29:18 SNRV

📖️ සමහර බයිබල් පරිවර්තන තුළ ජෝබ් 29:18 සිදුවීම ෆීනික්ස් කුරුල්ලෙකුට සමාන කර ඇත.

I said: “In my own nest I shall grow old; I shall multiply years like the phoenix.  - Job 29:18 NABRE

🔘 මුල් කිතුණුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ග්‍රීකයන් විය.ඔවුන් ෆීනික්ස් කුරුල්ලාව යොදාගත්තේ උත්තානයේ සංකේතයක් ලෙසය.ඔවුන් එමනිසා සොහොන් අසල ෆීනික්ස් කුරුල්ලකුගේ රූපය උත්තානයේ සංකේතයක් ලෙස ඇද දක්වා ඇත.

📚 ෆීනික්ස් කුරුල්ලාගේ සංකේතාත්මක වැදගත් කම ගැන විශේෂයෙන් කථා කල චරිතයක් වන්නේ රෝමයේ 4 වන බිශොප් වරයා වූ ක්ලෙමන්ට් තුමන්‍ ය.එතුමා මෙලෙස සදහන් කරයි ;

Let us consider that wonderful sign [of the resurrection] which takes place in Eastern lands, that is, in Arabia and the countries round about. There is a certain bird which is called a phœnix. This is the only one of its kind, and lives 500 years. And when the time of its dissolution draws near that it must die, it builds itself a nest of frankincense, and myrrh, and other spices, into which, when the time is fulfilled, it enters and dies [then later rises again]… Do we then deem it any great and wonderful thing for the Maker of all things to raise up again those that have piously served Him in the assurance of a good faith, when even by a bird He shows us the mightiness of His power to fulfill His promise?   - First Epistle of Clement to the Corinthians, Chapter 25

පැරණි ජුදෙව් සම්ප්‍රදාය තුළ එන ආකාරයටද ඒව තහනම් ගසේ පළතුර සෑම සත්වයකුටම ලබාදීමේදී එය ප්‍රතික්ෂේප කළ එකම සත්වයා වන්නේ ෆීනික්ස් කුරුල්ලාය.දෙවියන් කෙරේ තිබූ විශ්වාසයට වරප්‍රසාදයක් ලෙස දෙවියන් වහන්සේ විසින් ෆීනික්ස් කුරුල්ලාට විශේෂ ආයුකාලයක් ලබා දුන් බවටද තව දුරටත් සදහන් වේ.

🔎 තව දුරටත් , සාහිත්‍ය පිළිබද විශේෂඥයකු වන ඩේවිඩ් ජෙෆ්‍රි මහතා මෙලෙස සදහන් කරයි ;

" Not surprisingly, early Christian writers construed the phoenix as a symbol not only of resurrection in general but also of Christ himself and his resurrection in particular "    - DAVID L. JEFFREY, A DICTIONARY OF BIBLICAL TRADITION IN ENGLISH LITERATURE (1992)

සාරාංශය 📑

මුල් කිතුණුවන් බොහෝ පිරිසක් ෆීනික්ස් කුරුල්ලා දෙස බැලුවේ උත්තානයේ සංකේතයක් ලෙසය.එමෙන්ම ෆීනික්ස් කුරුල්ලාගේ නිර්මල උපත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල උපතටද සමාන කර ඇත.