කතෝලික විවහයේ නීතිමය වටපිටාව ගැන තරුණ ඔබ දැනුවත් ද?❤️👩‍❤️‍👨

කතෝලික විවහයේ නීතිමය වටපිටාව ගැන තරුණ ඔබ දැනුවත් ද?❤️👩‍❤️‍👨
Photo by Josh Applegate / Unsplash

විවහය කියන්නේ කාගෙවත් බලකිරීමට කළයුතු දෙයක් නොවේ.. ඒ තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුයි..

ජේසුගේ ආශිර්වාදය තුළ අරඹන විවහාය මිනිස් බලයෙන් වෙන්කිරීමට ඉඩ නොතබමු...
අද අපි කියන්න යන්නෙ කතෝලික විවාහයේ නීතිමය චාරිත්‍රය ගැනයි...
ඔක්කොටම කලින් අපි බලමු කතෝලික විවාහයක් සම්පූර්ණ වෙන්න ඕනෙ අවශ්‍යතා මොනවාද කියලා.

පළවෙනි කාරණාව තමයි විවාහය සිද්ධවෙන්න ඕනෙ විවාහ වීම සඳහා ඇති බාධාවලින් තොර ගැහැණු කෙනෙක් හා පිරිමි කෙනෙක් අතර.

දෙවෙනි කාරණාව තමයි දෙදෙනා විවාහවෙන්න ඕනෙ දෙදෙනාගෙම ස්වකැමැත්තෙන්.කාගේ හෝ බලපෑමක් මත විවාහය සිදුකළ නොහැකියි.

තුන්වෙනි කාරණාව තමයි රෝමානු කතෝලික සභාවේ නීතිරීති යටතේ විවාහවිය යුතුයි. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරන විවාහයකට වලංගු කතෝලික විවාහයක් කියලා කියන්න පුළුවන්.

මම කලින් කිව්වනෙ විවාහ වීමට ඇති බාධාවලින් තොර අය වෙන්න ඕනෙ කියලා.
දැන් බලමු මේ බාධාවල් මොනවාද කියලා. ඇත්තටම මෙතනදී බාධාවල් ලෙස සඳහන් වෙන්නෙ කතෝලික සභාවේ නීති රීති හා යම් යම් සීමා මායිම්.

මෙතනදී සඳහන් කළ යුතු විශේෂ කාරණාව තමයි විවාහ වන යුවළ මුලින්ම ඒ රටේ සිවිල් නීතියට යටත් වෙනවා. ඊළඟට තමයි කතෝලික සභා නීතියට යටත් වෙන්නේ.

පැහැදිලිව කිව්වොත් යම් යුවලකට කතෝලික නීතියෙන් බාධාවක් නැතත් සිවිල් නීතියෙන් බාධාවක් ඇතොත් විවාහ විය නොහැකියි.

දැන් බලමු මේ බාධා ගැන. හැබැයි මෙතන තියෙන නීති ඔක්කොම කියන්න බෑනෙ. ඒ නිසා අවශ්‍යය කෙනෙක් මෙතනින් ගිහින් (Code of Canon Law) ඒ ගැන බලන්න.

මම කෙටියෙන් මේ ගැන කියන්නම්.

  1. වයස - විවාහ වන දෙදෙනාම අදාළ රටේ සිවිල් නීතියෙන් පනවන ලද විවාහ වීමේ අවම වයස සපුරා තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අවුරුදු 18ට අඩුනම් විවාහ විය නොහැකියි.
  2. පෙර විවාහ - කලින් විවාහ වූ කෙනෙකුට යලි විවාහ විය නොහැකියි. හැබැයි කතෝලික සභාවෙන් නිල වශයෙන් ශුන්‍යය කළ අවස්ථාවකදී හෝ තම සහකරුවා/සහකාරිය මියගිය විට නැවත විවාහ විය හැකියි. කතෝලික සභාවේ දික්කසාදයක් නොමැත.
  3. නෑකම් - විවාහ වන යුවල අතර විවාහ නීතියට පටහැනි නෑකම් තිබේනම් විවාහ විය නොහැක. (උදා: සහෝදර සහෝදරියන් වීම)
  4. නුසුදුසුකම් - විවාහ ජීවිතය හා එහි වගකීම් තේරුම්ගත නොහැකි කෙනෙකුට විවාහ විය නොහැක. (උදා: මානසික දුබලතා ඇති අය )
  5. බලපෑම් මත ලබා ගත් කැමැත්ත - බලාත්කාරයෙන් හෝ රැවටීමකින් ලබාගත් කැමැත්ත මත විවාහ විය නොහැක.

නීති ටික ඔය විදිහට බොහොම කෙටියෙන් දක්වන්න පුළුවන්.

විවාහ වීමට සුදුසු දෙදෙනාට රටේ සිවිල් නීතියෙන් හා කතෝලික සභා නීතියෙන් අවහිරතාවයක් නැතිනම් කතෝලික විවාහයක් කරගත හැකියි.

මේ නීති ගැන නොදැන සිටියත් පියතුමා එකින් එක සොයා බලනවා.
ඒ නිසා පස්සෙ අඩලා වැඩක් නෑ මේ නීති කලින් දැන් ඉන්න එක වැදගත්....

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව