මූලධර්මවාදීන් විකෘති කරන කරන ශුද්ධ වු බයිබලයේ “මරිය දහම”

මූලධර්මවාදීන් විකෘති කරන කරන ශුද්ධ වු බයිබලයේ “මරිය දහම”
Photo by Sanjeev Nagaraj / Unsplash

💠🔺නාසරතයේ දූවිලි අතර මරියතුමිය , දිළිඳු ජනතාව අතර බැහැපත්ව නැගී සිට මෙසියස් තුමාණන්ගේ පැමිණීමේ බලාපොරොත්තුවෙන් ජනතාව හා එක්වූවාය. දේව මෑණියන් ( Theotokos) ලෙසත් , සභාවේ මව ලෙසත් (Mother of the Church ) එතුමිය නාසරතයෙන් ඇරඹූ ගමන සිය පුතුගේ ගමනාන්තය තෙක් නිහඩව එහෙත් දැඩිව ගමන් කලාය. මෙම ගමන ශුද්ධ ලියවිල්ල තුල දිග හැරෙන ආකාරය සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

⭕🔸ශු.සුවිශේෂ තුළ අප දකින මරියතුමිය

🔆🔅 මාක් ශුභාරංචිය

ශු.මාක් තුමා තම ශුභාරංචිය යොමු කරන්නේ පීඩා විදිමින් සිටි සංඝයකටය. ඔවුන්ගේ විශ්වාසය නැති වී යන අවස්ථාවක බව අප මුලින් මතක තබා ගත යුතුය. ශු.මාක් තුමා සදහන් කරනුයේ සාමාන්‍ය ස්වභාවික පවුලකට වඩා යුගාන්ත වේදීය පවුල අගනා තැනක තබාය. මෙම ශුභාරංචිය තුළ මරිය තුමිය දකින්නට ලැබෙන්නේ තුන්වන පරිච්ඡේදය තුළයි. මෙය මූලධර්මවාදීන් විසින් අර්ථ විකෘති කරන තැනකි. (මාක් 3/31-35) මෙහිදී ජේසුස්වහන්සේ අදහස් කරන්නේ යුගාන්ත වේදී පවුලක් ගැනය. එනම් යුගාන්ත වේදී පවුල දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කල යුතු බවයි. මෙහිදී පවුල ගැන ජේසු තුමාගේ අදහස එයයි. එම නිසා සහෝදරයා යන ග්‍රීක් වචනය පමණක් මුළු නව ගිවිසුම පුරාම භාවිතා කරයි. මෙතැන දී මරිය තුමියවද අදහස් කරන්නේ එලෙසින්ය. මෙසියස් තුමාගේ සැබැ අනන්‍යතාවය පිළිබිඹු වන්නේ යුගාන්තවාදී පවුල තුළින්ය. එය නාසරතයේ ජේසුතුමාව ප්‍රතික්ෂේප වීම තුළ දැකිය හැකිය. ඒ බව මාක්6/1-6 මනාව පැහැදිලි කරයි.

🔆🔅 මතෙව් ශුභාරංචිය

මෙය ජේසු තුමා මෙසියස්තුමා යන්න තහවුරු කරන ශුභාරංචියකි. මෙහි ජේසු තුමාගේ උපත, ළදරු කාලය හා පරම්පරාව සදහන් වේ.මෙහි ප්‍රධාන චරිතය ශු.ජුසේ තුමාය. මෙහි ප්‍රධාන වන්නේ ජේසු තුමාගේ වංශාවලියේ කාන්තාවන් පස්දෙනෙකුගේ නම් සදහන් වේ . පස්වෙනි කෙනා මරිය තුමියයි. මෙය ජුදා ක්‍රමයට පටහැනිය. මෙහි ප්‍රධාන කරුණ නම් ජේසු තුමා හැර අනික් අයව ඔහුගේ පියා විසින් ජනිත කරන බව සදහන් වුවත් එහි සදහන් ග්‍රීක් වදන “එගෙන්නේසෙන්”ය. එහි අර්ථය පියා විය. නමුත් ජේසු තුමාට යොදා ඇත්තේ “එගෙන්නේතේ” යන එකම ක්‍රියා පදයයි .එය මරිය තුමිය හා සම්බන්ධ කර ඇත.එහි අර්ථය උපත ලැබීය යන්නයි. (මතෙව්1/16) මෙහිදී දේව දූතයා ජුසේතුමාට දැනුම් දෙන්නේ ඔහු පෙර සිට දැනගෙන සිටි දෙයක් නොව ඉදිරියේදී දැනගත් දෙයකි. (මතෙව් 1/21) මේ තුළින් පෙනී යන්නේ මරිය තුමිය විශේෂ ආකාරයකින් තෝරා ගත් බව සහ මරිය තුමිය දෙවියන් වහන්සේගේ කාර්යයට යටහත් පහත් සහ විශ්වාසයෙන් යුතුව සහයෝගය දුන් බවයි.

“එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.”

(ශුද්ධවර මතෙව් 1:25 NRSV) –

මෙම පදය ද මූලධර්මවාදීන් විකෘති කර ඇත . මන්දයත් ඔවුන් මුල් භාෂාව වන ග්‍රීක් භාෂාව හරි හැටි නොදැනීමයි. “තුරු” (ග්‍රීක භාෂාවෙන් හෙඕස් Heos) යන නිපාතයෙන් ජේසු තුමාගේ උපතින් පසුව හෝ සංවාසයේ යෙදිණු බවක් අදහස් නොකරයි. උදාහරණයක් ලෙස ජුවාම් 9:18 හි ද එම පදයම ඇත. (ග්‍රීක්) එම නිසා හෙඕස් යන ග්‍රීක භාෂා නිපාතය යෙදීමෙන් එයට පසුව පටහැනි (විරුද්ධ ) යමක් සිදු වූ බව වගන්තියෙන් අදහස් නොකරයි. එම මතෙව් 1:25 වගන්තියෙන් දක්වන්නේ මරිය තුමිය පිළිසිද ගැනීමට ජුසේතුමාගේ කිසිම දායකත්වයක් නොමැති බවය.

🔆🔅 ලුක් ශුභාරංචිය

මරිය තුමිය ගැන අවබෝධයක් ඇති කර ගැනීමට සිද්ධි ගණනාවක් සදහන් කර ඇති අතර ඒ සදහා පළමු පරිච්ඡේදයම වෙන්කර ඇත.

  1. මංගලම් කීම
  2. එළිසබෙත්තුමිය බැහැදැකීම
  3. උදාන ගීය

(01) මංගලම් කීම

මෙහිදී මුලින්ම මරිය තුමිය භීතියට පත්වේ. ඊළග අවස්ථාවේ දී අප දකින්නේ එතුමියගේ ප්‍රතිවිරුධ ක්‍රියාවන් දේව දූතයා දේව පණිවිඩය හරහා සහතික කරන අතරතුර එය මරියතුමිට දේව කැමැත්ත පිළිගැනීමට මග සලසයි, (ලුක් 1:26-38) එතුමියගේ මූලික පැනය වූයේ “මම කන්‍යාවක් බැවින් මෙය කෙලෙස සිදුවන්නක් ද ” යනුවෙනි. මෙය එක් අතකට චෝදනාවකි. නමුත් ක්‍රමානුකූලව හා විශ්වාසීව එතුමිය එය තේරුම් ගන්නීය. එවිට එතුමිය දෙන පිළිතුර තුළ විශ්වාසය හා දෙවියන්වහන්සේට ඇති යටත් පහත් බව වටහා ගත හැකිය. නමුත් “ඔබ කී වචනය ලෙස මට සිදු වේවායි” කියනු ලැබුවේ ඇය පමණි . මුළු ශුද්ධ ලියවිල්ල තුළම සදහන් වන්නේ ඇය සෑම දෙයක්ම සිත්හි නිධන් කර ගත් බවයි.

(02) ⁣එළිසබෙත්තුමිය බැහැදැකීමට යාම

මෙය පළමු දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර ලෙස හැදින්වේ . මෙම ගමන මරිය තුමිය විසින් ම සුදානම් කර ගත් ගමනකි. එතුමියගේ පුතණුවන් කුඩා වූවන් අතර ඉතාම කුඩා තැනැත්තෙකු වන බව ඇය දැන සිටියාය. එම නිසා එතුමියගේ යටහත් පහත් බව අගය කල යුතුය . නමුත් එලිසබෙත් තුමිය දුන් පිළිතුරු කෙසේ එතුමිය දරාගත්තාද යන්න උදාන ගීයෙන් තේරුම් ගත යුතුය .

(03) සිතෙහි නිධන් කරගැනීම

තුන්වන පරිච්ඡේදය තුළ සිතෙහි නිධන් කරගත් දේව වචනය දේව දූතයා ඉදිරියෙහි එතුමිය නැගූ පැනය තුළ සිතෙහි නිධන් කර ගත්හ,එනම් දින තුනකට පසුව හමු වූ ජේසුතුමාගෙන් එතුමිය අසන චෝදනාත්මක පැනය “පුතා කුමක් නිසා අපට මෙහෙම කලෙහිද,” යන්නයි . ජේසු තුමාගේ පිළිතුර “ඔබ මා සෙව්වේ මන්ද ? මා පියාණන්ගේ මැදුරෙහි සිටින ඔබ නොදන්නහුද” යන්නය. මෙහිදී මූලධර්මවාදීන් විකෘති කරන අදහසට හොද පිළිතුරක් ලැබෙයි. මන්ද ජේසුතුමාට තව සහෝදරයන් සිටියා නම් මේ මොහොතේ ඒ ගැන සදහන් නැත්තේ ඇයි ? ඒ අය කොහේද හිටියේ ?
මරිය තුමිය ජේසු තුමාගේ උපත තුළ මව වීමට තෝර ගැනීම හා එම තෝරා ගැනීමේ වචනය අසා එය විශ්වාස කර කීකරු වී සිත්හි නිධන් කර ගැනීම මත එතුමිය භාග්‍යවන්තිය යැයි කීමට හේතු වේ.
සමදර්ශක ශුභාරංචි තුළ මරිය තුමියගේ භූමිකාව එලෙස නිම වන්නේය.

ස්තූතියි
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව
අපගේ ඉදිරි ලිපි බලාපොරොත්තු වන්න.