මුල් සභා පියවරුන් හා සභා ඉගැන්වීම

මුල් සභා පියවරුන් හා සභා ඉගැන්වීම
Photo by Jeremy Perkins / Unsplash

සභා පියවරුන් හා සභා ඉගැන්වීම අතර තිබෙන සම්බන්ධතාව ගැන බොහෝදෙනා වැරදි මතයක සිටින බව ඔවුන් ඉදිරිපත් කරන කරුණු වලින් පැහැදිලි වේ.

සභා පියවරුන් සෑම ඉගැන්වීමක් ගැනම එක් මතයක පමණයක් සිටියාද ?

කිසිසේත්ම නැත.වර්තමානයේදී මන්ත්‍රණ සභා මගින් සභා ඉගැන්වීම කුමක්ද යන්න පැහැදිලි වී තිබුණත් තවමත් සභාව නිළ මතයක නොමැති කරුණු ගැන කතෝලික දේවධරයන් පවා විවිධ මත දරයි.එමෙන්ම මන්ත්‍රණ සභා එකක් හෝ නොමැති මුල් සියවස්වල සභා පියවරුන් විවිධ මත දැරූහ.

කතෝලික සභාව යම් ඉගැන්වීමක් තහවුරු කිරීමට සභා පියවරුන්ගේ ලේඛන වලින් තමන්ට වාසි කොටස් පමණක් භාවිතා කරනවාද ?

කතෝලික ඉගැන්වීමේ මූලික පදනම ශුද්ධ වූ ලියවිල්ලයි.සභා පියවරුන් උපුටා දැක්වීමෙන් කරන්නේ යම් ඉගැන්වීමක් පසුකාලීන ඉගැන්වීමක් නොවන බවත් එය අපෝස්තලික ඉගැන්වීම තුළින් මුල් සභාව තුළද තිබූ බව පෙන්වීමයි.එමෙන්ම කතෝලික සභාව, යම් ඕර්තඩොක්ස් කොටස් මෙන් සභා පියවරුන්ගේ සියලු දේ නොවරදින සත්‍යතාවන් බව පිළිනොගනී.නොවරදිනසුලු ඉගැන්වීමේ අයිතිය හිමි කතෝලික සභාවටය, සභා පියවරුන්ද අවසානයේ සභාවට යටත්‍ ය.(උදා:-අන්තියෝකයේ ඉග්නේශස් තුමන්)

මුල් සභා පාලනය

මුල් සභාව පාලනය වූ ආකාරය ගැන අවධානය යොමු කළහොත්, මුල් සභාව වර්තමානයේ මෙන් සංවර්ධිත පාලන ව්‍යුහයක් සහිත එකක් නොවීය.මන්ද භාශා ප්‍රශ්න, ගමනාගමන පිළිබද ප්‍රශ්න, සන්නිවේදන ගැටලු බොහෝ විය.නමුත් මූලික ව්‍යුහය එහි තුළ විය.වර්තමානයේ කතෝලික සභාව තුළ මෙන්ම මුල්ම යුගයේද තිබුනේ තුන් ආකාර සභා ව්‍යුහයයි(3-fold structure).එයට ජොහාන් අපෝස්තුළුතුමන්ගෙන් ඉගැනුම ලත් අන්තියෝකියේ ඉග්නේශස් තුමන් සාක්ශි දරයි.

“It is necessary, therefore—and such is your practice that you do nothing without the bishop, and that you be subject also to the presbytery, as to the apostles of Jesus Christ our hope, in whom we shall be found, if we live in him. It is necessary also that the deacons, the dispensers of the mysteries [sacraments] of Jesus Christ, be in every way pleasing to all men” (Letter to the Trallians 2:1–3 [A.D. 110]).

එමෙන්ම රෝමය හට ඇති විශේෂ අධිකාරිත්වය ගැන ජොහාන් අපෝස්තුළුතුමාගේ ශ්‍රාවකයකු වූ ඉග්නේශස් තුමන් විශේෂ ලෙස සදහන් කරයි.

“Ignatius . . . to the church also which holds the presidency, in the location of the country of the Romans, worthy of God, worthy of honor, worthy of blessing, worthy of praise, worthy of success, worthy of sanctification, and, because you hold the presidency in love, named after Christ and named after the Father” (Letter to the Romans 1:1 [A.D. 110]).
“You [the church at Rome] have envied no one, but others you have taught. I desire only that what you have enjoined in your instructions may remain in force” (Letter to the Romans 3:1).

"කතෝලික ඉගැන්වීමට අභියෝග කරනවායැයි" සදහන් කරන සභා පියවරුන් කිහිපදෙනෙක් ගැන සොයා බලමු

  1. ජෝන් ක්‍රිස්තෝස්තම් තුමන් පාප්ධූරය පිළිබද දැරූ මතය.

ක්‍රිස්තෝස්තම් තුමන් පේදුරු තුමන්ගේ විශේෂ ප්‍රධානත්වය ප්‍රතික්ෂේප කරන බවට පෙන්වීමට බොහෝ දෙනා සිදුකරන දෙයක් වන්නේ, එතුමන් ජොහාන් අපෝස්තුළුතුමන්ගෙද ප්‍රධානත්වය ගැන කියවෙන පාඨය උපුටා දැක්වීමයි.කතෝලික සභාවද සෑම අපෝස්තුළුවරයෙකුම සභා නායකයකු වන බවත්, ඔවුන්ට අනුප්‍රාප්තිකයන් සිටි බවත්, වර්තමානයේ සිටින බවත් පිළිගනී.නමුත් එයින් පැහැදිලි වන්නේ ඔවුන් අඩුම ක්‍රිස්තෝස්තම් තුමන්ගේ ලේඛන පිළිබද කෙටි අධ්‍යනයකවත් නිරත නොවී හිතුමතේ තමන්ට වාසි වන කොටස් උපුටා දැක්වීම මගින් තමන්ගේ මතය සනාත කිරීමට උත්සහා දරණ තර්කහාසයට හසුවී ඇති වී බවයි.ඇත්තෙන්ම ක්‍රිස්තෝස්තම් තුමන් පේදුරු තුමන්ගේ නායකත්වය ගැන කුමක්ද සදහන් කළේ,

“Peter is the ardent and impetuous apostle to whom Christ entrusted the care of his flock; and since he is first in dignity, he is the first to speak” (St John Chrysostom, Homily on Acts, 3)
“The disciples were one hundred and twenty, and Peter asks for one of these. But he it is who proposes the election and exercises the principal authority because he has been entrusted with the care of all” (Hom. on Acts, 3).

ක්‍රිස්තෝස්තම් තුමන්ගේ ඉහත පාඨ මගින් පෙනී යන්නේ එතුමා, පේදුරු තුමන්ගේ විශේෂ නායකත්වය පිළිබද සුවිශේෂී අදහසක සිටි බවයි.

2.සිසේරියේ එසූබියස් තුමන් දිව්‍ය සත්ප්‍රසාදය පිළිබද දැරූ මතය.

කතෝලික බිශොප් වරයෙක් හා ප්‍රථම සභා ඉතිහාසඥයා වන එසූබියස් තුමන් දිව්‍ය සත්ප්‍රසාදය සංකේතාත්මක අංගයක් වන බව සදහන් කරන පාඨය බොහෝ දෙනා උපුටා දක්වමින් එතුමන් ප්‍රොතෙස්තන්ත්‍ර ඉගැන්වීම දැරූ බවට පෙන්වීමට උත්සහා දරයි.නමුදු ප්‍රශ්නය වනේ කතෝලික සභාවද දිව්‍ය සත්ප්‍රසාදය සංකේතයක් වන බව උගන්වයි, කතෝලික සභාව හා එසූබියස් තුමන්, ප්‍රොතෙස්තන්ත්‍ර ඉගැන්වීමෙන් වෙන්වන්නේ, දිව්‍ය සත්ප්‍රසාදය සංකේතයක් වන බව ඉගැන්නුවද, එය හුදෙක්ම සංකේතයක් පමණක් නොවන බව ඉගැන්වීමයි.මෙය පිළිබදව පෙර ලිපියේදී ගැඹුරින් සාකජ්ජා කර ඇත.

3.ප්‍රාණපරිත්‍යාගී ජස්ටින් තුමන් දිව්‍ය සත්ප්‍රසාදය පිළිබද දැරූ මතය.

ප්‍රාණපරිත්‍යාගීවරයකු හා සභාවේ මුල් ප්‍රතිඋත්තරවේදීන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ජස්ටින් තුමන්, ප්‍රොතෙස්තන්ත්‍රවරුන් අතර ඉතා අකමැති සභා පියවරුන්ගෙන් කෙනෙකි.මන්ද එතුමා දිව්‍ය සත්ප්‍රසාදය හා දිව්‍ය පූජාව පිළිබද තැබූ පැහැදිලි සටහනයි.දිව්‍ය සත්ප්‍රසාදය, ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා රුධීරය බවට පත්වන බව සදහන් කළ සභා පියවරුන් අතර ජස්ටින් තුමන් ඉහලින්ම සිටී.

ක්‍රි.ව.150 දී පමණ,ප්‍රාණපරිත්‍යාගී ජස්ටින් තුමන්, දිව්‍ය සත්ප්‍රසාදීය පූජාව ගැන සඳහන් කරමින් මෙසේ ලිවීය,

"And this food is called among us Εὐχαριστία [the Eucharist], of which no one is allowed to partake but the man who believes that the things which we teach are true [assents to the doctrine of the Church], and who has been washed with the washing that is for the remission of sins, and unto regeneration [baptism], and who is so living as Christ has enjoined [no mortal sin; in a state of grace]. For not as common bread and common drink do we receive these; but in like manner as Jesus Christ our Savior, having been made flesh by the Word of God, had both flesh and blood for our salvation, so likewise have we been taught that the food which is blessed by the prayer of His word [the words of institution/consecration], and from which our blood and flesh by transmutation [what the Church codified as “transubstantiation”] are nourished, is the flesh and blood of that Jesus who was made flesh [the Real Presence]. For the apostles, in the memoirs composed by them, which are called Gospels, have thus delivered unto us what was enjoined upon them; that Jesus took bread, and when He had given thanks, said, “This do in remembrance of Me,” [Luke 22:19] “This is My body”; and that, after the same manner, having taken the cup and given thanks, He said, “This is My blood”; and gave it to them alone"(First Apology)

කතෝලික දිව්‍ය පූජාවේ හා දිව්‍ය සත්ප්‍රසාදයේ ස්වභාවය හා අංග රාශියක් පිළිබදව පැහැදිලිවම සදහන් කළ සභා පියවරයා වන්නේ ජස්ටින් තුමන් ය.

4.ටර්ටූලියන් තුමන් මරියතුමියගේ නිත්‍ය කන්‍යාභාවය පිළිබද දැරූ මතය.

ටර්ටූලියන් තුමන්, මුල් සභාව තුළ විශේෂ හා මතභේදාත්මක අදහස් දැරූ, ජීවිතයේ අවසාන භාගයේ අපෝස්තලික ක්‍රිස්තියානිය ප්‍රතික්ෂේප කර මොන්ටානිස්ට් වාදය නමැති මිත්‍යාවාදය වැළදගත් මුල් සභා ලේඛකයෙයි.මෙතුමන්ගේ ඉගැන්වීම් වල ඇති අඩුපාඩු හෙයින් ටර්ටූලියන් තුමන්ව සභා පියවරභාවය ගැන විද්වතුන් විවිධ මත දරයි.

එමෙන්ම ටර්ටූලියන් තුමන් මරියතුමියගේ නිත්‍ය කන්‍යාභාවය ප්‍රතික්ෂේප කළ සුළු පිරිසෙන් කෙනෙකි.නමුදු විශේෂ කරුණක් වන්නේ මාටින් ලූතර්, ජෝන් කැල්වින් හා ස්වින්ග්ලි ඇතුලු ප්‍රොතෙස්තන්ත්‍ර පුරොගාමීන් රැසක්ම මරියතුමියගේ නිත්‍ය කන්‍යාභාවය පිළිගැනීමයි.

5.ක්ලෙමන්ට් පාප් තුමන් ගැලවීම ගැන දැරූ මතය.

රෝමයේ 4 වන බිශොප්වරයා නොහොත් පාප් තුමන් වූ රෝමයේ ක්ලෙමන්ට් තුමන්, පාවුලු තුමන් මෙන් ගැලවීම පිළිබදව වචන හරබයක නිරත වේ.ශුද්ධ බයිබලයේ පාඨ උපුටා දක්වන්නා සේම ප්‍රොතෙස්තන්ත්‍රවරුන් ක්ලෙමන්ට් තුමන්ද ගැලවීම විශ්වාසය මගින් ලැබෙනවායැයි සදහන් කරන පාඨය උපුටා දක්වයි, නමුත් ක්ලෙමන්ට් තුමන්, "විශ්වාසයෙන් පමණක්" ගැලවීම ලැබෙන බව සදහන් නොකරන අතර බොහෝ දෙනා ක්ලෙමන්ට් තුමන්ගෙ අනෙක් ලේඛන අධ්‍යනය කර නැත.

"Let us clothe ourselves with concord and humility, ever exercising self-control, standing far off from all whispering and evil-speaking, being justified by our works, and not our words."(First Epistle of Clement to the Corinthians, Chapter 30)

ක්ලෙමන්ට් තුමන් එක් අවස්ථාවකදී විශ්වාසය මගින් ගැලවීම ලැබෙන බව සදහන් කරන අතර අනෙක් අවස්ථාවේදී ක්‍රියාවන්ද ගැලවීමට හවුල් වන බව සදහන් කරයි.අපෝස්තුළුරයන්ගෙන් ලැබී ඇති පළමු සියවස තුළද තිබුනේ කතෝලික ඉගැන්වීම නොවේද?

6.අන්තියෝකියේ ඉග්නේශස් තුමන් සභාවේ ස්වභාවය ගැන.

සභාවේ ස්වභාවය ගැන ප්‍රධාන වශයෙන් කතා කළ පුද්ගලයෙකු වන්නේ අන්තියෝකියේ ඉග්නේශස් තුමන් ය.ඉහතදී පෙන්වූ පරිදි වර්තමානයේ සභාව තුළ තිබෙන තුන් ආකාර ව්‍යුහය ගැන ඉග්නේශස් තුමන් සදහන් කරයි.යම් කෙනෙක්, පාප් ධූරය එම සභා ව්‍යුහය තුළ සදහන් නොවේවියැයි කියහොත් පැහැදිලි වන්නෙ ඔහු අවම වශයෙන් පාප් ධූරය යනු කුමක්ද කියාවත් නොදන්නා බවයි.කෙටියෙන්ම සදහන් කළහොත් පාප් ධූරය යනු රෝමයේ බිශොප් ධූරයයි.ඉහතදී පෙන්වූ පරිදිද ඉග්නේශස් තුමන් රෝමයට දැක් වූ ගරුත්වය හා යටහත් පහත්කමින් පැහැදිලි වන්නේද ඉග්නේශස් තුමන්ද රෝමයේ බිශොප්වරයා යටතේ සිටි බවයි.

නමුත් වර්තමානයේදී මුල් සභාව තුළ තිබූ තුන් ආකාර සභා ව්‍යුහය ප්‍රොතෙස්තන්ත්‍ර සභා රැසකින් ගිලිහී ගොස් ඇත.එමෙන්ම ඇතැම් ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන් තුළ නාමිකව බිශොප් ධූරය තිබුනද මුල් සභා බිශොප් ධූරයේ තිබූ ලක්ශණ එකක්වත් නැති තරම්‍ ය.ප්‍රධාන කරුණක් වන්නේ අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයයි.අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය මුල් සභාව තුළ බිශොප් වරයෙකුගේ වලංගු භාවය තහවුරු කළ ප්‍රධානම කරුණයි.නමුදු වර්තමානයේ කිසිදු ප්‍රොතෙස්තන්ත්‍ර සභාවක අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයක් නැත.(ඇන්ග්ලිකන් සභාවේ මතභේදාත්මක සිද්ධිය හැරුනු විට)

රෝමයේ ක්ලෙමන්ට් තුමන් කොරින්තිවරුන්ට ලියූ ලිපියේදී මෙලෙස සදහන් කරයි,

“Through countryside and city [the apostles] preached, and they appointed their earliest converts, testing them by the Spirit, to be the bishops and deacons of future believers. Nor was this a novelty, for bishops and deacons had been written about a long time earlier. . . . Our apostles knew through our Lord Jesus Christ that there would be strife for the office of bishop. For this reason, therefore, having received perfect foreknowledge, they appointed those who have already been mentioned and afterwards added the further provision that, if they should die, other approved men should succeed to their ministry” (Letter to the Corinthians 42:4–5, 44:1–3 [A.D. 80]).

ඉරනේයස් තුමන් අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය ගැන විශේෂ සටහනක් තබයි,

“It is possible, then, for everyone in every church, who may wish to know the truth, to contemplate the tradition of the apostles which has been made known to us throughout the whole world. And we are in a position to enumerate those who were instituted bishops by the apostles and their successors down to our own times, men who neither knew nor taught anything like what these heretics rave about” (Against Heresies 3:3:1 [A.D. 189]).

එමෙන්ම ඉග්නේශස් තුමන්ගේ ඉගැන්වීම වූයේ පූප හා මිදි යුශ ජේසුස් වහන්සේගේ සැබෑ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරය යන්නයි.

“I have no taste for corruptible food nor for the pleasures of this life. I desire the bread of God, which is the flesh of Jesus Christ, who was of the seed of David; and for drink I desire his blood, which is love incorruptible” (Letter to the Romans 7:3 [A.D. 110]).

සභා පියවරුන් Sola Scriptura පිළිබද දැරූ මතය

සභා පියවරුන් Sola Scriptura ඉගැන්වීම පිළිගත් බවට බොහෝ ප්‍රොතෙස්තන්ත්‍රවරුන් ඉදිරිපත් කරන ලේඛන වන්නේ සභා පියවරුන් ශුද්ධ ලියවිල්ලේ වලංගු භාවය පිළිබද කළ සටහන් මිසක් ශුද්ධ ලියවිල්ල පමණක් අධිකාරිත්වයක් තිබෙන බව සදහන් කරන උපුටා ගැනීම් නොවේ.

ප්‍රොතෙස්තන්ත්‍ර විද්වතෙකු වූ Jaroslav Pelikan මුල් සභාව තුළ Sola Scriptura හී නොතිබීම ගැන මෙසේ සදහන් කරයි,

"Clearly it is an anachronism to superimpose upon the discussions of the second and third centuries categories derived from the controversies over the relation of Scripture and tradition in the 16th century, for ‘in the ante-Nicene Church . . . there was no notion of sola Scriptura, but neither was there a doctrine of traditio sola.’ "

නිහඩතාවේ තර්කහාසය මගින් ගොඩ නගා තිබූ තර්ක වලට පිළිතුරු

බොහෝ අදේවාදීන් හා ඉස්ලාම් වරුන් ජේසුස් වහන්සේගේ කුරුසපත්වීම ප්‍රතික්ෂේප කිරීමට යොදාගන්නා තර්කහාසයක්(Logical Fallacy) වන්නේ ජේසුස් වහන්සේගේ කුරුසපත්වීම අදාළව සමකාලීන ඇතැම් ඉතිහාඥයින් එම සිද්ධිය සදහන් නොකොට තිබීමයි.

එමෙන් මුල් සභා ලේඛන අධ්‍යනය කිරීමේදීද බොහෝ ප්‍රොතෙස්තන්ත්‍රවරුන් මෙම ක්‍රමය භාවිතා කරයි.යම් ඉගැන්වීමක් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් භාවිතා කරන්නේ එම ඉගැන්වීම ගැන සදහන් නොකරන සභා පියවරුන්ව පමණක් උලුප්පා දැක්වීමයි, නමුත් එම ඉගැන්වීම් ඉගැන්වූ සභා පියවරුන්ව නොදැක්කා මෙන් බැහැර කරයි.

ප්‍රණපරිත්‍යාගී ජස්ටින් තුමන් යම් මරියතුමිය සම්බන්ධ ඉගැන්වීම් පිළිබදව සදහන් නොකිරීම, එතුමන් පේදුරු තුමන්ගේ නායකත්වය ගැන සදහන් නොකිරීම, ක්ලෙමන්ට් තුමන්ගේ යාච්ඤාවේ මරියතුමියව සදහන් නොවීම ආදී සියල්ල මෙම තර්ක හාසයට හසුවේ.මන්ද මෙම කිසිම සභා පියවරයෙක් මෙම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ බවට සාක්ශි නොමැති හෙයින් එම තර්කනයේ කිසිදු වලංගු භාවයක් නැත.

එමෙන්ම බෞතීස්මයේ අත්‍යවශ්‍යතාව, මරියතුමිය නව ඒව ලෙස දැක්වීම, ළදරු බෞතීස්මය ආදී ඉගැන්වීම් මුල් සභා පියවරුන් දැක්වීමෙන් පෙන්නුම් කෙරෙන්නෙ ඒව බයිබලයට පටහැනි බව නොවන අතර, ප්‍රොතෙස්තන්ත්‍ර බයිබලීය අර්තකතනය එක්ක ගැටෙන බවයි.මන්ද සභා පියවරුන් පවා ශුද්ධ ලියවිල්ල පිලිගත්ත හා එය මත පදනම් වූ අපෝස්තලික ඉගැන්වීම හා අප කාටත් වඩා සම්බන්ධතාවක් තිබූ පිරිසක් ය.යම් සභා පියවරයෙකුට යම් කිසි ඉගැන්වීමක් වැරදුනහොත් වෙනත් සභා පියවරයෙකු විසින් හෝ මන්ත්‍රණ සභාවක් මගින් ඒවා නිවැරැදි කරනු ඇත, ඒවාට උදාහරණද ඇත.(ඔරිගන් තුමන්)

සාරාංශය

ඉහත කරුණු අධ්‍යනය මගින් පෙනීයන්නෙ කතෝලික සභා ඉගැන්වීම හැරෙන්න මුල් සභා ඉගැන්වීම හා සමපාත වන කිසිදු සභාවක් නොමැති බවයි.විශේෂයෙන්ම සභාවේ ව්‍යුහය, දිව්‍ය සත්ප්‍රසාදය, සභා අධිකාරිත්වය, ගැලවීම ආදී කරුණු වලදී සභා පියවරුන්ගෙ සහය හිමිවන්නේ ඔවුන් නියෝජනය කළ සභාව වන කතෝලික සභාවටයි.