ඩිඩාකේ සහ Sola Scriptura

ඩිඩාකේ සහ Sola Scriptura
Photo by Chris Lawton / Unsplash

බයිබලය තුළ අඩංගු නොවන දැනට හමු වී ඇති පැරණිම මුල් කිතුණු සභා ලේඛනය වන්නේ ඩිඩාකේ ලේඛනයයි.එය ලියවී ඇත්තේ ක්‍රි.ව.60ට ආසන්නයේය.එමෙන්ම ඩිඩාකේ ලියවිල්ල " අපෝස්තුළුරයන්ගෙ ඉගැන්වීම " හා " සමිදාණන් වහන්සේගේ ඉගැන්වීම අපෝස්තුළුරයන් හරහා " යන නම් වලින්ද හදුන්වනු ලබයි.යම් කොටසකට අනුව මෙය කෙලින්ම අපෝස්තුළුරයන් විසින් හෝ අපෝස්තුළුරයන්ගෙන් ඉගෙන ගත් පුද්ගලයන් විසින් රචිත ලේඛනයකි.

ඩිඩාකේ ලියවිල්ල පැහැදිලිවම පැවතුනේ බයිබලය සම්පූර්ණයෙන් ලියවී නැති යුගයකදීය.එම නිසා එවැනි සමාජයක් තුළ ශුද්ධ ලියවිල්ල පමණක් යන ඉගැන්වීම අනිවාර්යයෙන් පැවතිය නොහැක.( මන්දයත් ශුද්ධ ලියවිල්ල නොමැතිව , ශුද්ධ ලියවිල්ල පමණක් ඉගැන්වීම් ගොඩනැගීමට යොදාගත හැකීයි යන ඉගැන්වීම පැවතිය නොහැක )

අපෝස්තලික යුගයේ පැවති විශ්වාසය කෙබදුද යන්න ඩිඩාකේ ලියවිල්ල මනා ලෙස විදහා දක්වයි.එය තුළින් වර්තමාන කතෝලික සභාවේ හා මුල් කිතුණු සභාවේ ඇති සම්බන්ධතාවය වටහාගත හැක.

ඩිඩාකේ ලියවිල්ල වර්තමානය වන විටත් ඉතියෝපියානු ඕර්තඩොක්ස් සභාවේ බයිබලය තුළ ඇතුළත් වේ.ඩිඩාකේ ලියවිල්ල සභාව පවත්වාගෙන යාමට නිර්මාණය කළ උපදෙස් මාලාවක් වැනිය.එය සභා පියවරුන් කිහිපදෙනෙකු විසින්ම ඔවුන් අනුමත කළ biblical canon තුළ අඩංගු කර තිබුනේය.

🔎 ඩිඩාකේ ලියවිල්ලේ සදහන් ඉගැන්වීම් කිහිපයක් හා වර්තමාන කතෝලික සභාවේ ඉගැන්වීම් කිහිපයක් සලකා බලමු.

🌊 බෞතීස්මය

"But concerning baptism, thus shall ye baptize. Having first recited all these things, baptize in the name of the Father and of the Son and of the Holy Spirit in living [running] water. But if thou hast not living water, then baptize in other water; and if thou art not able in cold, then in warm. But if thou hast neither, then pour water on the head thrice in the name of the Father and of the Son and of the Holy Spirit. But before the baptism let him that baptizeth and him that is baptized fast, and any others also who are able; and thou shalt order him that is baptized to fast a day or two before."
Didache, 7:1-7

මුල් කිතුණුවන් තුළ බෞතීස්මය කිරීමේ ආකාරයන් කිහිපයක් තිබූ බවට මෙය ඉතා වැදගත් සාක්ශියකි.එමෙන්ම ඔවුන් බෞතීස්මය සිදු කළේ ජේසුස් වහන්සේගේ නාමයෙන් පමණක් නොව ශුද්ධ වූ ත්‍රීත්වයේම නාමයෙනි.

🍞🍷 දිව්‍ය සත්ප්‍රසාදය

"But let no one eat or drink of this eucharistic thanksgiving, but they that have been baptized into the name of the Lord; for concerning this also the Lord hath said:Give not that which is holy to the dogs."
Didache, 9:10-12

මුල් කිතුණු සභාව තුළද පැවතියේ වර්තමාන කතෝලික සභාව තුළ පවතින බෞතීස්ම වූ කතෝලිකයන්ට පමණක් දිව්‍ය සත්ප්‍රසාදය ලබාගත හැකි ඉගැන්වීමයි.( Closed communion )

📖️ ද්වීතීය සම්මත ග්‍රන්ථ වල පාඨ උපුටාගැනීම්.

" Do not be someone who stretches out his hands to receive but withdraws them when it comes to giving [Sir 4:31] "
Didache 4 (c. A.D. 50)

🍷🍞 දිව්‍ය සත්ප්‍රසාදීය පූජාව.

" Assemble on the Lord’s day, and break bread and offer the Eucharist; but first make confession of your faults, so that your sacrifice may be pure. Anyone who has a difference with his fellow is not to take part until he has been reconciled, so as to avoid profaning your sacrifice [Mt 5:23–24]. For this is the offering of which the Lord said, “Everywhere and always bring me a sacrifice that is undefiled, for I am a great king, says the Lord, and my name is the wonder of nations” [Mal 1:11, 14]  "
Didache 14 (c. A.D. 50)

වර්තමානයේ බොහෝ ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන් විශ්වාස කරන ආකාරයේ රොටි කැඩීම සිහි කිරීමක් පමණක් යන ඉගැන්වීම මුල් කිතුණු සභාව විශ්වාස නොකළ බවට මෙය මනා සාක්ශියකි.

පාපොච්චාරණය

" In the church you shall acknowledge your transgressions, and you shall not come near for your prayer with an evil conscience. This is the way of life. . . . But every Lord’s day gather yourselves together and break bread and give thanksgiving after having confessed your transgressions, that your sacrifice may be pure "
Didache 4, 14 (c. A.D. 50)

🍞 සබත් දවසේ වෙනුවට ඉරිදා දින රැස්වී රොටී කැඩීම.

Assemble on the Lord’s Day, and break bread and offer the Eucharist; but first make confession of your faults, so that your sacrifice may be pure. Anyone who has a difference with his fellow is not to take part until he has been reconciled, so as to avoid profaning your sacrifice [Mt 5:23–24]. For this is the offering of which the Lord said, “Everywhere and always bring me a sacrifice that is undefiled, for I am a great king, says the Lord, and my name is the wonder of nations” [Mal 1:11, 14]
Didache 14 (c. A.D. 50)

සාරාංශය ✅

බයිබලය සම්පූර්ණයෙන් ලියවී නොතිබූ යුගයේ ජීවත් වූ මුල් කිතුණුවන් Sola Scriptura ඉගැන්වීම අනුගමනය කළ බව කීම විහිලුවක් වැනිය.මන්දයත් එය තාර්කිකව සිදුවිය නොහැක.මන්දයත් ශුද්ධ ලියවිල්ල නොමැතිව , ශුද්ධ ලියවිල්ල පමණක් යන ඉගැන්වීම පැවතිය නොහැකිය.( No Scripture = No Sola Scriptura ).