රොමානු කතෝලිකද නැතිනම් කතෝලිකද ?

රොමානු කතෝලිකද නැතිනම් කතෝලිකද ?

මම ඔබෙන් පැනයක් අසන්නම් ....
ඔබ කතෝලිකද ? පිලිතුර ' ඔව් '  ඔබ අයත් සබාවෙ නාමය කුමක්ද ?

බොහොවිට මෙයට ඔබෙ පිලිතුර වන්නෙ '' රෝමානු කතෝලික '' යන්නයි. නමුත් මෙය තර්කානුකූලව නිවැරදි නොවේ . මන්ද ජේසුස් වහන්සේ විසින් පේදුරු තුමා මගින් පිහිටවූ සබාවෙ , එනම් ඔබත් මමත් අයත් අප සබාවෙ නාමය රෝමානු කතෝලික යන්න නොව , '' One Holy Catholic and Apostolic Church හෙවත් එකම ශුද්දවූ කතෝලික අපෝස්තලික සබාව '' යන්නයි ...

මොකක්ද මෙ one holy catholic and apostolic church කියන්නෙ.....?

ක්‍රියා පොත අද්‍යනය කිරිමේදි ,
“So Barnabas went to Tarsus to look for Saul; and when he had found him, he brought him to Antioch. For a whole year they met with the church, and taught a large company of people; and in Antioch the disciples were for the first time called Christians” (Acts 11:25-26).

යන කොටස අපට හමුවෙ . මින් අදහස් කරන්නෙ ජේසුස් වහන්සේගෙ ශ්‍රාවකයන්ට අන්තියෝකයේදි ප්‍රතම වර'''' ක්‍රිස්තියානීන් '' යන නාමය ලැබුන බවයි . නමුත් මෙය පොදුවෙ ක්‍රිස්තු අනුගාමිකයන් හැදින්වීම සදහා  අන්අය විසින් යෙදු නම මිස ක්‍රිස්තු සංගයේ නිල නාමය නොවිය . අප සබා ඉතිහාසය දෙස බලන්නේ නම් සබාවෙ නිල නාමය '' කතෝලික '' යන්න බව අපට වැටහේ
රෝමයට යාමට පෙර පේදුරු තුමන් කළ  එක් දෙයක් නම්, එකල රෝම අධිරාජ්‍යයේ තුන්වන විශාලතම නගරය වූ අන්තියෝකියේ කිතුනු සංගය  සොයා යෑමයි . ඔහු එවෝඩියස් නම් ශ්‍රාවකයෙකු අන්තියෝකයේ නායකයා ලෙස  පත් කොට අන්තියෝකියේ රදගුරු පදවියට පත් කළේය. එවෝඩියස් යනු ජේසුස් වහන්සේ විසින්  පත් කළ ගෝලයන් හැත්තෑදෙනාගෙන් කෙනෙකු බව බොහෝ දෙනා විශ්වාස කරති (ලූක් 10: 1 බලන්න). අන්තියෝකියේ බිෂොප්වරයා ලෙස එවෝඩියස්ගේ පාලන සමයේදී එහි සිටි ගෝලයන් පළමු වරට කිතුනුවන් ලෙස හැඳින්වූහ. නමුත් මෙය කතාවේ අවසානය නොවේ!

පාවුල් අන්තියෝකියේ සිටි ක්‍රිස්තියානීන්ට ඉවෝඩියස්ගේ පාලන සමයේදී උගන්වමින් සිටියදී තවත් තරුණ ගෝලයෙක් නිලයන් අතරට යමින් සිටියේය. ඔහුගේ නම ඉග්නේෂස් වන අතර පසුව ඔහු අන්තියෝකියේ ශාන්ත ඉග්නේෂස් ලෙස හැදින්විය.

අන්තියෝකියේදී, ඉග්නේෂස්ව පාවුල් විසින් පූජකවරය දානය කරන ලද අතර, එවෝඩියස්ගේ පාලන සමයේදී පේදුරු  විසින් අන්තියෝකියේ රදගුරු පදවියට පත් කරන ලදී. රෝමයේ සිය ප්‍රාණ පරිත්‍යාගයට පෙර ඔහු වසර ගණනාවක් එහි තම සේවාව ඉශ්ඨ කලේය . දිවි පිදීමට රෝමයට යන ගමනේදී ඔහු ක්‍රිස්තියානි දේවධර්මය පැහැදිලි කරමින් විවිධ ස්ථානවල සෙසු කිතුනුවන්ට ලිපි කිහිපයක් ලිවීය. ඔහු විශේෂයෙන් කිතුනුවන් අතර සමගිය අවධාරණය කළේය (යොහන් 17 බලන්න) අන්තියෝකයේ ශු. ඉග්නාසියුස් තුමා සබා පියවරු අතර විශිශ්ටයෙකි.

ඔහුගේ එක් ලිපියක (ස්මර්නාහි කිතුනුවන්ට) ඔහු මෙසේ ලිවීය, “ක්‍රිස්තුස් වහන්සේ කොතැනද එතැන කතෝලික  සභාව ඇත.”

“කතෝලික සබාව ” (A.D. 107 දී පමණ ලියන ලද) යන වචනයේ පැරණිතම ලිඛිත වාර්තාව මෙයයි, නමුත් ඉග්නේෂස් එය භාවිතා කළේ ඔහුගේ කාලයේ සිටි කිතුනුවන් එය හුරුපුරුදු යැයි උපකල්පනය කරමිනි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම පදය පිළිබඳ පැරණිතම ලිඛිත වාර්තාව ඔහු වුවද, මෙම යෙදුම ඒ වන විට සෑහෙන කාලයක් තිස්සේ භාවිතයේ පැවතුනි, එය ප්‍රේරිතයන්ගේ කාලය දක්වා දිව යයි.

“කතෝලික සබාව” (Gk. katholike ekklesia) යන වදනේ අරුත නම් විශ්වීය එකමුතුව යන්නයි .ස්මර්නාහි කිතුනුවන්ට එතුමා මෙම කතෝලික සබාව යන යෙදුම විශ්වීය එකමුතුකමෙ වචනයක් ලෙස ගැනහැර පායි .  තමන් අයත් සංගය බාර රදගුරුවරයාට අවනත වන ලෙස   ඔහු මෙම කිතුනුවන්ට අවවාද කළේය. ඔහු පැහැදිලිවම “ක්‍රිස්තියානි” සහ “කතෝලික සභාව” යන වචන භාවිතා කරයි: ක්‍රිස්තුස්ගේ ගෝලයන් කිතුනුවන් ය; කිතුනුවන්ගේ විශ්ව රැස්වීම කතෝලික සභාවයි.

ඉග්නේෂස් අදහස් කළේ “කතෝලික සබාව ” යන වචනය සබාවට  සුදුසු නමක් ලෙස නොව, විශාල කිතුනුවන්ගේ එක්රැස්වීම පිළිබඳ පොදු සඳහනක් ලෙස පමණි යැයි යමෙකු තර්ක කරන්නෙ නම් , ඒ වනවිට විශ්ව සභාවට තවමත් නිසි නමක් නොතිබුණ නිසා , පේදුරු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් මත ක්‍රිස්තුස් වහන්සේ විසින් ගොඩනඟන ලද එකම  සභාවේ  නියම නම බවට පත්වන තෙක් “කතෝලික සභාව” යන නාමය එම සබාවට දිගටම භාවිතා විය.

මේ අනුව, අන්තියෝකියේ කිතුනුවන් කතෝලික සබාවෙ කොටසක් වූ බව අපට පෙනේ. ඔවුන් සැබවින්ම ක්‍රිස්තියානි දහම තුල  කතෝලිකයන් විය. ජේසුස් වහන්සේ පේදුරුව සබාවෙ නායකයා ලෙස පත්කලා නම් ,ඔහු අන්තියෝකයේ ප්‍රතම බිශොප් වරයා වුයේ නම් ,ඔහුගෙන් රදගුරු දූරය ලැබු  එවෝඩියස් සිට ඉග්නේෂස් දක්වා  එකල සිටි  ඕනෑම කිතුනුවකු ක්‍රියා 11 වන පරිච්ඡේදයේ සඳහන් පළමු සියවසේ බයිබලානුකුල ක්‍රිස්තියානින්  යැයි ඔබ  හඳුනා ගැනීමට කැමති නම්, ඉග්නාසියුස්ද ඔහු එම ලිපි ලියු ,ඔහු කතෝලික යැයි හදුන්වන ජනයාද එකම සබාවක ජනයා බව  හඳුනාගත යුතුය.

*c. 107-117 Martyrdom of St. Ignatius of Antioch, apostolic Father and bishop. He was a disciple of St. John, along with St. Polycarp. Theodoret, the Church historian says he was consecrated bishop by St. Peter, who was at first bishop of Antioch before going to Rome. Ignatius was martyred in Rome under Emperor Trajan's rule. It was during the journey to Rome that he wrote his famous letters that contain invaluble information about the early Church. He was the first to use the term "Catholic" to describe the Church.

එලෙස කිසිදු සබා බෙදීමක් නොමැතිව පැවත ආ ශු, සබාව ක්‍රි.ව. 325 දී  ජගත් මන්ත්‍රණ සබාවක් පැවැත්වීය [ මන්ත්‍රන සබා ගැන අප ඉදිරියෙදි ලිපි මගින් කතා කරමු ] . එය නිසියානු මන්ත්‍රණ සබාවයි . එම මන්ත්‍රන සබාවෙදි ප්‍රතම වරට කිතුනුවා විස්වාස කලයුතු වේද සත්‍යතා මාලාවක් ඉදිරිපත් කල අතර එය නැවත කොන්ස්තන්තිනෝපලයේ පැවති මන්ත්‍රණ සබාව විසින් ස්තීර කරනු ලදුව අද එය නිසියානු විස්වාස ලක්ශනය ලෙස අප බාවිතා කරයි . අප ඉරිදා දිව්‍ය යාගයේදි පියතුමා සමග උච්චාරනය කරන දිගු විස්වාස ලක්ශනය එයයි .

එම නිසියානු මන්ත්‍රණ සබාව මගින් ප්‍රතම වරට සබාවෙ නිල නාමය එලිදැක්විය , මෙ කියන ක්‍රි.ව. 325 දි අද මෙන් සබා හැටහුටාමාරක් නොතිබුන  අතර තිබුන් එක් සබාවකි . එම මන්ත්‍රණ සබාවෙ , එනම් නිසියාන මන්ත්‍රණ සබාව සියලු විස්වාසිකයින් උදේසා හදුන්වා දුන් නිසියාන විස්වාස ලක්ශනයේ අවසානයට සබාවෙ නිල නාමය ලෙස "[We believe] in one, holy, catholic, and apostolic Church." යන්න ඇතුලත් කරන ලදි .

අදවන විට මෙම one, holy, catholic, and apostolic Church යන යෙදුම
* කතෝලික සබාව [one holy catholic and apostolic church ]
* ඔර්තොඩොක්ස් සබාව[ one holy catholic orthodox church ]
* නෙස්ටොරියානු සබාව [one holy catholic and apostolic assyrian church of the east /one holy catholic and apostolic ancient church of the east ]

යන සබා ඉතිහසයෙ මුල්ම සබා ත්‍රිත්වය යොදාගනි . [මෙම සබා ගැන අපි ඉදිරියෙදි ඉගෙනගනිමු ]
ඔබ ඉහත සබාවන් හී නාමයන්  දෙස අවදානයෙන් බලන්නෙ නම් one, holy, catholic, and apostolic Church යන යෙදුම කිසිදු වෙනසක් නොමැතිව කතෝලික සබාවෙ පමනක් ඇති බවත් අනෙකුත් සබා ඒවයෙ පසුකාලීන නාමයන් එයට එකතුකර ඇති බවත් පැහැදිලි වේ.

මෙලෙස බලන කල ක්‍රිස්තුන්වනසෙගෙ මනාලිය වන සබාවට උරුමකම් කියන්නට හැක්කෙ මේ සබාවන්ට පමනක් බවත් අනෙකුත් සියලුම සබාවන් හා මූලදර්මවාදි හා ප්‍රොතෙස්තන්ත නිකායන් මිනිසා විසින් නිර්මානය කරන ලද කොටස් බව පැහැදිලිය . [සබ බේදයන් හා එක් එක් නිකායන් ගැන අප ඉදිරියෙදි කතා කරන්නෙමු .

මොකක්ද මේ ''රෝමානු හෑල්ල ???''

පේදුරු තුමාගෙ අනුප්‍රාප්තිකයා වන රෝමයෙ බිශොප් තුමා හෙවත් පාප්තුමන් මගින් අද්‍යාත්මීකව පාලනය වන සබාවෙ නිල නාමය '' එකම ශු, කතෝලික අපෝස්තලික සබාව'' බවත් එය කෙටියෙන් 'කතෝලික සබාව ' ලෙස හදුන්වන බවත් දැන් අපි දනිමු . එසේ නම් අපට මෙ ඇසෙන ,අප කියන , රොමානු කතෝලික යන්නෙහි අර්තය කුමක්ද ?

ඇත්තෙන්ම මෙම ''රෝමානු '' කොටස වනාහි 8 වන හෙන්ඩ්‍රි රජතුමා විසින් 'එන්ගලන්ත සබාව '' අප සබාවෙන් බිදි කඩාගෙන ගොස් පිහිටුවා ගත් පසු , එම එන්ගලන්ත සබාවෙ සාමාජිකයින් අප කතෝලික සබාව  හැදින්වීම සදහා උපහාසයට  බාවිතා කල නාමයයි. ශු, සබාවෙ කිසිදු නිල ලියවිල්ලක /ප්‍රකාශයක / ග්‍රන්තයක රොමානු හෑල්ලක් බාවිතා කරන්නෙ නැත . එන්ගලන්ත සබාවෙ අය මුලින් විහිලුවට බාවිතා කල මෙම යැදුම පසුකාලිනව කතෝලික සබාවෙ ලතින් පිලිවෙතට  [Roman rite ] අයත් කතොලිකයන් හැදින්වීම සදාහා යොදාගන්නා ලදි .

කතෝලික සබාව යනු සබා හෙවත් වත්පිලිවෙත් [Rites ] 24 කට වැඩි එකතුවකි . එනම් සබාව ඇතුලෙ සබා 24 ක් පමන ඇත . මේවා වෙන වෙන සබා නොව එකම සබාවක වෙන වෙනම ආරම්බයක් හා ඉතිහාසයක්  ඇති සබා හෙවත් වත්පිලිවෙත් කිහිපයකි .

රොමානු හෙවත් ලතින් කතෝලික -Roman Catholic
මලබාර් කතෝලික Malabar Catholic
මලන්කරා කතොලික Malankara Catholic
මැරොනයිට් කතෝලික Maronite Catholic
මෙල්කයිට් කතෝලික Melkite Catholic
ආර්මේනියානු කතොලික Armenian Catholic
කෝප්ටික් කතෝලික Coptic Catholic  , ect ...........

ආදි තව සබා පිලිවෙත් 24 ක එකතුවකි කතෝලික සබාව . එහි රොමානු කොටස වැඩිම පිරිසක් සිට්න වත්පිලිවෙත පමනි .  මෙලෙස කතෝලික සබාවෙ ලතින් කොටස රොමානු කතෝලික ලෙස ව්‍යයවහරේ පැවතියත් හරිනම් අපි කිවයුත්තෙ අපි ලතින් කතොලික මිස රොමානු කතොලික ලෙස නොවෙ . අබාග්‍යයකට මෙම රොමානු යෙදුම බාවිතයේ ඇතත් එය සබාවෙ නිල නාමය නොවන බවත් සබාවෙ නිල නාමය one, holy, catholic, and apostolic Church හෙවත් එකම ශු. කතෝලික අපෝස්තලික සබාව බව අප තරයේ මතක තබා ගත යුතුය ..

✍️ One , Holy , Apostalic Catholic Church පිටුව මගින්