මරිය අම්මාට කියන ලොව ඉපැරණිම යැදුම

මරිය අම්මාට කියන ලොව ඉපැරණිම යැදුම

බොහො දෙනා සිතන්නෙ " නමෝ මරිය " යැදුම දේව අම්මාට ඇති පරනම යැදුම බවයි. නමුත් සත්‍යය එය නොවෙ. දේව අම්මාට කියන ඉපැරනිම යැදුම ක්‍රි.ව. 3 වන සියවස ( ක්‍රි.ව. 200 - 299 ) කාලයෙ සිටි මුල් සබා යුගයේම ලියැවුන හා බාවිතා උන යැදුමකි.

කොටින්ම කියතොත් , අද දේව අම්මාව ප්‍රතික්ශේප කරන " මුලාව ගිය මූලදර්මවාදී සබා"  බිහි වෙන්නට තියා සිතුවෙ වත් නැති , මූලදර්මවාදීන් ඔවුන්  පැවත එනවා යැයි කිසිදු සාක්ශියකින් ඔප්පු නොවන " මුල් සබා යුගයේ" පටන් පැවත එන යැදුමකි..

මොකක්ද මෙ යැදුම

මෙය ලතින් බාශාවෙන්  " සබ් ටූම් ප්‍රෙසිඩියම්” (“Sub Tuum Praesidium”)  ( in English - we fly to your patronage ) එනම් අප බාශාවෙන් " අපි ඔබගේ සරණ සොයා එන්නෙමු " යන  යැදුමයි..

“නමෝ  මරිය" යැදුමෙ පළමු කොටස වන්නෙ ගේබ්‍රියෙල් දේවදූතයා විසින් දේව අම්මාට කියන ලද ශු. ලූක් සුවිශේශයේ කොටසක්  බව සත්‍යයකි. “ස්ත්‍රීන් අතතුරි ආශිර්වාද ලද්දී ඔබවහන්සේය , ඔබගෙ ශ්‍රී කුසේ ඵලය වන් ජේසුස්  ආශීර්වාද ලද්දෝය” යන වාක්‍ය ඛණ්ඩය ශාන්ත එලිසබෙත් තුමී  විසින් ප්‍රකාශ කරන ලදි. එම කොටසද ලූක් සුබාරංචියෙ ඇත.මෙම වාක්‍ය ඛණ්ඩ බොහෝ විට සබාවෙ  මුල් බැතිමතුන්ද බාවිතා කර ඇත.  කෙසේ වෙතත්,  නමෝ මරිය යැදුමෙ ඉතිරි  කොටස් වන  " සාන්ත මරියනී...... " ජේදය කාලයත් සමඟ ශු. සබාව විසින් එක් කල අතර නමෝ මරිය යැදුම අද අප කියන ආකාරයට සම්පූර්න වූයේ   මධ්‍යතන යුගයේ දීය...

අද අපේ මාර්තුකාව වන  “Sub Tuum Praesidium”  හෙවත්  " අපි ඔබගේ සරණ සොයා එන්නෙමු " යන යැදුම නමෝ මරිය යැදුමටත් වඩා ඉපැරනි මුල් කිතුනු සංගය විසින් ඈ හට ඇමතු යැදුමයි.  සබාවෙ  මුල් ශතවර්ෂයේ සිටම එනම් ක්‍රි. ව. 200 සිටම මෙම යැදුම  බාවිතා කර ඇත. තවත් අයගේ මතය නම් මේ යැදුම දේව අම්මා ජීවත්ව සිටි ( ක්‍රිස්තුන් වහන්සේගෙ ස්වාර්ගාරෝහනයෙන් පසු කාලය) කාලයේදීම ආරම්බ වූ බවයි. නමුත් ලිකිත සාක්ශි ඇත්තෙ පෙර කී ක්‍රි.ව. 200 පටන් ආරම්බ වූ බවටය . මෙවැනි යැදුමක් ගැන බොහෝ ගිහි කතෝලිකයන් , විශෙශයෙන් අප ලක්දිව බොහෝ කතෝලික පිරිස් නොදැන සිටීම අබාග්‍යයකි.

මෙම යැදුම සබාව තුල මුක පරම්පරාගතව පැවත ඇවිත් ඒ පිලිබද ලිකිත ශාක්ශි ඇතුව   දැනගන්නෙ 20 වන සියවසේ ඊජිප්තුවේදි හමුවූ " පැපිරස් " නම් ඉපැරනි කොල වලිනි.  හමුවූ එම පැපිරස් කොල ක්‍රිස්තුන් වහන්සේගෙ ස්වර්ගාරෝහනයෙන් පසු , එනම් මුල් සබා යුගය (ක්‍රි.ව. 33 - 150 ) දක්වා අතීතයකට දිව යයි.

මෙම යැදුමේ තේරුම කුමක්ද?

කැපී පෙනෙන පළමු දෙය නම් එහි  සරල බාවයයි. මෙම යැදුම  ඉතා කෙටි හා සරල නමුත් ගැඹුරු අර්ථයකින් පිරී ඇත. මෙන්න වචන:

" We fly to thy patronage, O Holy Mother of God;
despise not our petitions in our necessities,
but deliver us always from all dangers,
O glorious and blessed Virgin. Amen.

"දෙවියන් වහන්සේගෙ  ශුවිශුද්දවූ මෑනියනි ! අපි ඔබගෙ සරනය සොයමින් එමු.මහිමෝත්තමවූද ආශිර්වාද ලද්දාවූද කන්‍යාවියනි , අපේ ඕනෑකම් වලදී අප කරන යාඥා ඔබ ප්‍රතික්ෂේප නොකොට සියලු අනතුරුවලින් අප ගළවා වදාළ මැනව. ආමෙන් .."

“දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ මෑනියනි., අපි ඔබගේ සරණ පතා ඔබ වෙත  පියාසරකර ( දුවගෙන යන අදහස ) එන්නෙමු..” වෙනත් වචන වලින් කිවහොත්, අපි දෙවියන් වහන්සේගෙ අම්මා වෙත   ඇවිදින්නේ නැත, අපි දුවන්නෙමු. මන්ද? අපේ ඇය  අපගේ මැදිහත්කාරියක්  සේ ඇගේ දිව්‍ය පුත්‍රයා ඉදිරියේ පෙනී සිටින්නීය. අපි අපගේ ස්වාමින් වහන්සේ වෙත ළඟා වන්නේ ප්‍රේමයෙන්, නමුත් අපගේ පව්කාරකම සහ අවිශ්වාසය නිසා යම් භීතියක් ඇත. එබැවින් අප වෙනුවෙන් තම පුතා ඉදිරියෙහි  මැදිහත් වන්නට යැයි , අපගේ දේව අම්මාට කියයි.

පියෙකු කෙතරම් කරුනාවන්ත වුවත් අප තුල අප පියාට ඇති ගරු බිය නිසා අප යම් දෙයක් කෙලින්ම තාත්තාගෙන් ඉල්ලනවා වෙනුවට කරන්නෙ අම්මාට අපගෙ අවශ්‍යතාව කියා , ඈ හරහා තාත්තට එම ඉල්ලීම යොමු කිරීම නොවේද?

ජේසුස් වහන්සේගෙ හා මරියාවන්ගෙ මවු -පුතු ස්නේහය බැදීම දුටු මුල් කිතුනුවො  මෙවැනි යැදුමක් ඕ තුමිය වෙත සෑදීම , උච්චාරනය කිරීම අරුමයක් නොවෙ. ගැටලුව මූලදර්මවාදීන්ට මෙම සරල කාරනය නොතේරිමයි..

" අපගේ ඕනෑකම් වලදි අප කරන යාඥා ඔබ ප්‍රතික්ශේප නොකොට...." මෙම කොටසින් ඇගවෙන්නෙ අප එතුමියට කරන යැදුමක් අසා නොසීටීමට වුවද ඈට හැකිවන  තරමට අප ඇගෙ පුත්‍රයානන් ඉදිරියේ පවුකාර බව නොවේද ? අප ජේසුස් වහන්සේ ඉදිරියෙ පවුකාර නිසා පුත්‍රයාගෙ සිත හොදින්ම දන්නා ඔහුගෙ අම්මා මාර්ගයෙන් අපේ ඉල්ලීම් ඉල්ලන්නෙ එබැවිනි.
"සියලු අනතුරු වලින් අප මුදා ගත මැනව ..."  ආත්මීක හා ලෞකීක අනතුරු වලින් අප නිරන්තරයෙන් වටවී සිටින බවක් හැගවේ..

මින් අදහස් වන්නෙ කුමක්ද?

මෙම යැදුම ලියැවුන කාලය දෙස බලන්න. ක්‍රි.ව. 200 යනු මුල්සබාවට පීඩා පැමිනි කාලයයි.. එම කාලය වන විට මරියාවෝ ස්වර්ගාරෝපනය වී අවසන්‍ ය. එවැනි කාලයක මෙම යැදුම කෙතරම් ප්‍රචලිතව තිබෙන්නට ඇති දැයි අපට සිතා ගැනීමට වත් නොහැකිය.
දේව අම්මාට මුල් සබා කිතුනුවන්ගෙ පටන්ම විස්වාසිකයින් තුල ගෞරවය බක්තිය හා ආදරය ඔප්පු වන පුදුමාකාර යැදුමකි මෙය.

අප නමෝ මරිය යැදුම කියන විට අප සිත දිව යන්නෙ ජේසුස් වහන්සේ හා මරියාවන් ජීවත්ව සිටි කාලයටය. දේව දූතයා ඈ හට මංගලම් කී කාලයටය. එලිසබෙත් තුමී මරියාවන්ගෙ ගුණ වැයූ කාලයටය.

අපි මේ යැදුම කියන විට අප සිත දිව යන්නෙ ජේසුස් වහන්සේ හා මරියාවන් මෙලොව නොසිටි , මුල් සබා කිතුනු යුගයටය.. ඇගෙ මද්‍යස්තකම කිතුනුවන් පැතු මුල් යුගයටය.
කතෝලික අපි වඩාත් , ආක්‍රමණශීලී  කිතුනු විරෝදී / ලෞකීකත්වයට ගැති / නපුරාගෙ බලය වැඩි මෙවැනි කාලයක ඇත්තෙන්ම මෙම යැදුම අතිශයින් වැදගත් හා බලවත්‍ ය.
මරියාවෝ වනාහි සාතන්ගෙ භීතියයි. යක්ශායාගෙ හිස පොඩි කර දමන තැනැත්තියයි....
අබාග්‍යයට කාරනාව නම්  ශු. සබාවෙන් වෙන්ව ගිය  " මිනිසුන් තැනූ  සබාවල ( man made - churches )  "  අය ඔවුන්ට අපෝස්තුලුවර සම්ප්‍රදායට උරුමයක් නැතිකම නිසා  ඔවුන්ට නැති " මුල්සබා උරුමයක් " ගැන කෙතරම් උදම් ඇනුවත් ඔවුන් පැවත එනවා යැයි කියන මුල් සබා කිතුනුවන් තුල මරියාවන්ට තිබු තැන වත් ඔවුන් තුල නොමැති කමයි. සරලවම කිවහොත්  අපෝස්තුලුවර සම්බන්දයක් නැති මුලාව ගිය කිතුනුවන් යැයි අප ඔවුනට කියන්නෙ එබැවිනි.

ඔවුන් ශු. සබා ඉතිහාසය ඉගෙන ගන්නවා නම් මරියාවන් ගැන  හා කතෝලික සබාව ගැන ඔවුන්ගෙ සිත්වල ඇති දුර්මත පහව යනු ඇත. නමුත් ඔවුන්ගෙ දේවගැතිවරු දැනුවත්ව හා නොදැනුවත්ව එය ඔවුන්ගෙන් වසන් කරති.

යැදුමෙ ලතින් වචන හා ඉංග්‍රීසි වචන මෙසේය..

ලතින් -

“Sub tuum praesidium confugimus, Sancta Dei Genitrix.
Nostras deprecationis ne despicias in necessitatibus,
sed a periculis cunctis libera nos semper,
Virgo gloriosa et benedicta. Amen"

ඉංග්‍රීසි -

" We fly to thy patronage, O Holy Mother of God;
despise not our petitions in our necessities,
but deliver us always from all dangers,
O glorious and blessed Virgin. Amen. "

උපුටාගැනීම එකම ශුද්ධ වූ කතෝලික අපෝස්තලික සභාව පිටුව මගින්