ශුද්ධ බයිබලය ඉතිහාසය පුරා තීරණය වූ ආකාරය

ශුද්ධ බයිබලය ඉතිහාසය පුරා තීරණය වූ ආකාරය
Photo by Aaron Burden / Unsplash

ක්‍රිව 30-100 - නව ගිවිසුම ලියවීම

ක්‍රිව 140 - මාර්සියොන් නම් වේදභේදකරු මගින් පැරණි ගිවිසුම ප්‍රතික්ෂේප කර හා නව ගිවිසුමෙන් කොටසක් පමණක් ඇතුලත් කරමින් කැනොනයක් නිර්මාණය කිරීම - මෙම සිදුවීම කිතුනු සභාවට බයිබලයක් තීරණය කිරීමේ අවශ්‍යතාව ඉක්මන් කෙරුනි.

ක්‍රිව 200 - මුරටෝරියානු කැනොනයේ සුභාරංචි 4, ක්‍රියා පොත, පාවුලු තුමන්ගේ ලිපි 13(හීබෲ ලිපිය නොමැතිව), 1,3 ජොහාන් හා ජූද් යන ලිපි, Apocalypse of peter යන ලේඛන අඩංගු වීම. එමෙන්ම සභාව මගින් නිළ වශයෙන් බයිබලය තීරණය කර නොතිබූ බැවින්, ප්‍රාදේශීයව දිව්‍ය පූජාවට කියවීමට අනුමත කෙරූ විවිධ ලේඛන එකතුන් තිබිනි.

ක්‍රිව 367 - වර්තමානයේ කිතුනුවන් භාවිතා කරන නව ගිවිසුමේ පොත් ලැයිස්තුව ඇලෙක්සැන්ඩ්‍රියාවෙ බිශොප් වූ අතනේශියස් තුමන්ගේ ලේඛනයක සදහන් වීම

ක්‍රිව 387 - දමසස් පාප් තුමන්ගේ මූලිකත්වයෙන් රෝම කවුන්සිලය තුළදී ද්වීතීය සම්මත ග්‍රන්ථ සහිත පැරණි ගිවිසුම හා වර්තමානයේ භාවිතා වන නව ගිවිසුම පළමු වරට කවුන්සිලයක් මගින් තහවුරු වීම.

ක්‍රිව 390 - 397 - හිප්පෝ හා කාත්‍රේජ් සිනොඩ් තුළදී, රෝම කවුන්සිලය මගින් තහවුරු කළ කැනොනය සහතික කිරීම

ක්‍රිව 1546 - කතෝලික සභාව විසින් මීට අවුරුදු 1000කට පෙර සම්මත කළ බයිබලය නැවතත් ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව මගින් තහවුරු කිරීම.

මෙම සිදුවීම් මගින් පැහැදිලිවම පෙනී යන්නෙ ක්‍රිව 4 වන සියවස දක්වාම වර්තමාන කිතුනු බයිබලයේ කැනොනය තීරණය වී නොමැති බවයි. මුල් සියවස් වල සභා පියවරුන් විවිධ කැනොනයන් විශ්වාස කිරීම මගින් පෙනී යන්නේ ඔවුන් කිසි සේත්ම sola scriptura ඉගැන්වීම පිළිනොගත්ත බවයි. මන්ද නිසි කැනොනයක් නොමැති වීමෙන් Sola scriptura ඉගැන්වීමේ පාදම වන බයිබලය යනු කුමක්ද කියන එකම කුඩු පට්ටම් වී යයි. සභා පියවරුන් ක්‍රම ක්‍රමයෙන් ඒකමතික කැනොනයකට පැමිණෙන්නේ රෝම කවුන්සිලයෙන් පසුවයි. එයට හොද උදාහරණයක් වන්නේ කැනොනය පිළිබද පරස්පර මතයක් දැරූ ජෙරොම් තුමන් අවසානයේ සදහන් කරන්නේ තමන්ට වඩා අධිකාරිත්වයක් ජේසුස් වහන්සේ සභාවට දී තිබූ හෙයින් ඔහු සභාවේ මතයට අවනත වන බවයි.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව