ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 03 තෙවන අවසන් කොටස

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 03 තෙවන අවසන් කොටස

පළමු කොටස :

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස
(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරුර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේද?) දැනට ගෝවේ බොම් ජේසු බැසිලිකාවේ ඇති ශුද්ධ වූ ප්‍රැන්

දෙවන කොටස :

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 02 දෙවන කොටස
පළමු ලිපිය: ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරු

03 තෙවන කොටස මෙතැන් සිට :

ඊට හොඳම උදාහරණය නම් 1558 දී කොළඹ නගරයේ දී පැවති කතෝලික මහ පෙරහරයි.  එහිදී අන් සාන්තුවරුන්ගේ ධජ අතර ප්‍රැන්සිස් සේවියර් තුමන්ගේ රුව සහිත ධජයක්ද එතුමන්ට ගෞරවය පිණිස ගෙන යන ලදී. (Fernao de Queyroz The Teporal and Spiritual Conquest of Ceylon. Translated by Fr. S.G. Perera, 343) ඒ අනුව අපට පෙනෙන්නට ඇත්තේ එතුමන් භාග්‍යවරයට එසේ වීමට වීමටත් පෙර එතුමන්ට භක්තිය ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද පැවැත්වුණු බවයි.

මෙම ප්‍රැන්සිස් සේවියර්  මුනිඳුන්ගේ නොදිරවූ සිරුර එතුමන්ගේ නොව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ බව අවසන ඔවුන්ට අනුව, ගෝවේ නොදිරා ඇති මෙම සිරුර ගරු තොටගමුවෙ ශ්‍රී රාහුල හිමියන්ගේ වන අතර එය නොදිරා පැවතීමට හේතුව, දේහය ඖෂධ හා මන්ත්‍ර බලයෙන් ආරක්ෂා වී තිබීමයි. එහෙත් අවාසනාවටදෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ රාහුල හිමිට ප්‍රථම හෝ ඉන් පසුව කිසිදු කෙනෙක් මේ මන්ත්‍ර හෝ ඖෂධ දැන සිටි බවක් නොපෙනේ. නොඑසේ නම් ඔවුන් ද සිය සිරුර නිසැකවම ඒ අයුරින් තබා ගැනීමට උත්සාහ කරනු නිසැකය. එමෙන්ම ඔවුන්ට අනුව, "චාරම්භීර ආශ්චර්යයන්ගේ "ප්‍රනීත වෘහත් ජාතක"  යන පොත මෙම ශ්‍රී දේහය අවුරුදු දහස් ගණනක් ජීවමාන ආකාරයෙන්ම තබා ගන්නට හැකියැයි සඳහන් කරන බවක් පැවසෙයි.

අවාසනාවකට මෙන් මේ ග්‍රන්ථය බොරු කරමින් දෝ මේ සිරුර මේ වෙන විටත් නොදිරන යනුවෙන් හැඳින්වීමට අපහසුය. මරණයෙන් පසු නොදිරන සිරුරක් සොයා ගනු ලැබුණු එකම කිතුනු සාන්තුවරයා ශුද්ධවූ ප්‍රැන්සිස් සේවියර් මුනි තුමන් නොවේ. පෙරදිග කිතුනු සභාවේ අපරදිග කිතුනු සභාවේ මෙවැනි සිදුවීම් විරල නොවේ. ජෝන් කැරොල් කෘස් නම් ඇමරිකානු ජාතික ගත් කතුවරියකගේ " ද ඉන්කරප්ටිබල්ස්" (The Incorruptibles) යන ග්‍රන්ථය පමණක් සියයකට අධික කතෝලික සුදුවරයන්ගේ එවැනි සිරුර ගැන ඉතා අගනා ඇතැම් විට වෛද්‍ය හා රසායන විද්‍යාත්මකව කළ පරීක්ෂණ ද ඇතුළත්ව ඉතා අගනා විස්තර සපයයි. එබැවින් මෙය කතෝලික අපට අලුත් දෙයක් හෝ එකම සිදුවීම හෝ නොවේ.

දෙවියන් වහන්සේ ඔවුන්ගේ සුදුවර දිවිය යම් ආකාරයකට ස්ථීර කිරීමට දෝ මෙලෙස ස්වභාව දහමේ නීති වලට යටත් වීමට උන්වහන්සේ සලසන බව ද අපට දක්නට ලැබේ. අද තිබෙන් ඉතා හොඳ තත්ත්වයෙන් ආරක්ෂා වී ඇති නොදිරන සිරුරු අතරට ශු. බර්නදෙත් සුබීරු තුමියගෙත්, ශු. කැතරින් ලැබෝරේ තුමියගෙත් සිරුරු නිසැකවම අයත් වේ. විවේචනය කරන ඔවුන්ට අනුව නම සඳහන් නොකළ ගෝවට ගොස් ශ්‍රී දේහයේ ඡායාරූපයක් ගත් හමුදා මේජර්වරයෙකුට ඔහුගේ දල සේයා පටය ආපසු ගෙන ඒමට ගෝවේ බලධාරීන් ඉඩ නොදුන් බව පවසයි. මේ කතාවේ ඇත්ත නැත්ත ගැන විශාල සැකයක් ඇතිවන්නේ බොම් ජේසු දේවස්ථානය හා ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ සිරුරේත්, නොදිරන සිරුරු ඇති අනෙකුත් බොහෝ කිතුනු සාන්තුවරයන්ගේ සිරුරු වලත් ඡායාරූප ඇති තරම් අන්තර්ජාලයෙන් ලබාගත හැකි වීමයි.

මේ සඳහා අද ප්‍රාථමික විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවකු වුවද සමත්ය. උදාහරණ ලෙස පෘතුගාලයේ පාතිමාවෙහිදී දෙව් මැවුන් දැකීමට වරම් ලද ජසින්තා මාර්ටෝගේ සිරුරද, ප්‍රංශයේ ලූර්දු හි දෙව්මව් දර්ශනය කළ ශු. බර්නදෙත් සුබීරූගේ නොදිරන සිරුර ද, ප්‍රංශයේ පැරිස් ඉතිදිවූ මව් දර්ශනය ලද කැතරින් ලැබෝරේ ගේ සිරුර ද නොදිරා සුරැකිව තිබීම පෙන්වා දිය හැක. ඇතැම් අවස්ථාවල මේ සිරුර වල පෙනුම අලංකාරය සඳහා තුනී ඉටි ස්ථරයක් ආලේප කිරීම සිදු වුවද වුවද එවැන්නකින් සිරුර කල් තබා ගැනීමක් නම් සිතීම උගහටය.

නිතැතින්ම නැගෙන තවත් ප්‍රශ්නයක් නම් යුරෝපීය ස්පාඤ්ඤ ජාතිකයකු ශ්‍රී ලාංකේය කොකේන් ඔහුගේ දේහ ලක්ෂණ අනුව වෙන් කර ගැනීමට පසුගිය සියවස් හතරහමාරක ඒ දුක කිසිවකුට නොහැකි වී ද යන්න ය මේ සඳහා කිසිදු පොත පතේ දැනුපතේ දැනුමක් අනවශ්‍ය වීමද සාමාන්‍ය දැනුම පමණක් ම සෑහීම ද මෙම ප්‍රශ්නය තවත් බැරෑරුම් කරයි.

ඒ කෙසේ වෙතත් අපට නැගෙන්නෙ වත් ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පවසන පරිදි මෙම සිරුර භාෂා පරමේශ්වර ගරු තොටගමුවෙ ශ්‍රී රාහුල හිමියන්ගේ නම්, සංඝරාජ පදවිය ලැබීමට පවා බුදු දහමෙහි හසළ දැනුමක් තිබූ උන්වහන්සේට මන්ත්‍ර ගුරුකම් ඖෂධ ඇසුරින් සී සිරුර කල් තබා ගැනීමට බුදු දහමේ ලොව අන් අනිත්‍ය පිළිබඳ නිසි වැටහීමක් හෝ දැක්ම නොතිබුණේද යන්නයි.

සිය සිරුර තමුන් විසින්ම කල් තබා ගනු පිණිස කටයුතු කිරීම හෙට ඇති අසීමිත ඇල්මෙන් ම කොටසක් දැව බව නොරහසකි සබ්බේ සංඛාරා සංඛාර අනිත්‍ය යැයි පවසන සිරුරේ කසල ගොඩක් ලෙස බොහෝවිට පිළිකුල් භාවනාවේ යෙදෙන උගත් සිල්වත් බොදු හිමිකමක් සිය දහමේ පිවිතුරු උගැන්වීමට පටහැනි වු මෙවන්නක් කිරීමට පෙළඹීම සිතීමට පවා අසීරුය.  එබැවින් එය සිල්වත් මහා උගතකු වූ ගරු තොටගමුවෙ ශ්‍රී රාහුල හිමිට කෙරෙන බලවත් අසාධාරණයක් වනු නොඅනුමානයි. එබැවින් කළ යුත්තේ රජයේ මැදිහත්වීමෙන් කතෝලික සාන්තුවරයකුගේ සිරුර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ යැයි කියා මෙරටට ගෙන්වීමට ඉල්ලීම නොව රාහුල හිමියන්ගේ නාමය බුදු පුතුනුවකු ලෙසත් මහා සාහිත්‍යධරයකු ලෙසත් සුරැකීම ය.

ශුද්ධ වූ ප්‍රැන්සිස් සේවියර් තුමාගේ ජීවිතය ලොවට රහසක් නොවේ. එතුමාම ලියූ බොහෝ ලිපිත් එතුමා ගැන පසුගිය වසර 450 පුරා ලියැවුණු ඉතා වටිනා, විස්තරාත්මක පොත පතක් මෙයට දෙස් දෙයි. ජේසු නිකායික ගරු ජෝර්ජ් ෂූ හැමර් පියතුමා විසින් මෙම ජීවිතය අළලා ඉතා සවිස්තරව ලියැවුණු කාණ්ඩ  ගණනාවකින් යුතු ග්‍රන්ථය කටකතා හෝ ජනකතා මත පදනම් වූවක් නොවේ. එය මේ සුදුවර ජීවිතය ගැන කළ ඉතිහාසමය පරීක්ෂණාත්මක ශාස්ත්‍රීය කෘතියකි. එබැවින් යමෙක් ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දිවිය ගැන දැනගනු රිසි නම් ඒවැනි පොත පත ආශ්‍රයෙන්ම වේවා යන්න මගේ පැතුමයි.

ක්ලැරේෂියාන නිකායික ගරු ලෝරන්ස් එදිරිසිංහ සොයුරුතුමන් විසිනි..