ශු. එක්ස්පඩයිට් තුමන්ගේ මැදිහත් කම තුල බොහෝ දෙනා ලබන වරප්‍රසාද හා ආශිර්වාද, ප්‍රාතිහාර්‍ය

ශු. එක්ස්පඩයිට් තුමන්ගේ මැදිහත් කම තුල බොහෝ දෙනා ලබන වරප්‍රසාද හා ආශිර්වාද, ප්‍රාතිහාර්‍ය

ශාන්ත එක්ස්පඩයිට් තුමන් යනු හදිසි හේතු සදහාත්, කඩිනම් විසඳුම් සහ ඉක්මන් උපකාර ලබාදීමේ නාමසාන්තුවරයා  ලෙස ගෞරවයට පාත්‍ර වන කිතුණු ප්‍රාණපත්‍යාගී සාන්තුවරයෙකු වේ. බොහෝ බැතිමතුන්  ශාන්ත එක්ස්පඩයිට් තුමන්  තුල බොහෝ ආශ්චර්යයන් සහ මැදිහත්වීම් ලබයි. එතුමන් හේ මධ්‍යස්ථ කම තුල ලැබෙන ප්‍රාතිහාර්යයන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

🔴1. යැදුම් වලට ඉක්මනින් පිලිතුරු  දීම: බොහෝ අය කියා සිටින්නේ ශාන්ත එක්ස්පඩයිට් තුමන් වෙත යාඥා කිරීමෙන් පසු, ඔවුන්ගේ ගැටලුවලට ඉක්මන් සහ කාලෝචිත විසඳුම් අත්විඳින බවයි. මේවා මූල්‍ය ගැටලු, රැකියා සෙවීම්, නීතිමය කරුණු, සබඳතා ගැටලු සහ සෞඛ්‍ය ගැටළු වලින් ආදිය වෙයි. කඩිනම් සහන , පිහිටෝපකාර සැලසීම සහ විවිධ හදිසි ගැටළු විසඳීම නිසා බැතිමතුන් බහුලව් එතුමන්ට ගෞරවය පුද කරති.

🔴2. මූල්‍යමය ආශිර්වාද: ශාන්ත එක්ස්පඩයිට් තුමන් බොහෝ විට මූල්‍යමය කාරණා සදහා භක්තියට පාත්‍ර වෙයි. එතුමන්ට යාඥා කළ විගසම තමන්ට අනපේක්ෂිත මුදල්, රැකියා අවස්ථා, ව්‍යාපාරික ගනුදෙනු සහ මූල්‍ය කටයුතු සම්බන්ධ සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව බොහෝ  බැතිමතුන්  ප්‍රකාශ කරති. සමහර බැතිමතුන් ලොතරැයි ජයග්‍රහණ හෝ ඔවුන්ගේ මූල්‍ය අරගල ජය ගැනීමට උපකාර කළ අනපේක්ෂිත ප්‍රාතිහාර්‍ය වෙනුවෙන් ගෞරවය එතුමන්ට පුද කරයි.

🔴3. සුව කිරීම් සහ සෞඛ්‍යය සුවතාවයන්: සමහර අය ඔවුන්ගේ සුවය හෝ සෞඛ්‍ය තත්ත්වය සුවපත් හා නිරෝගී වීමට  ශාන්ත එක්ස්පඩයිට් තුමන්ගේ මැදිහත් වීම පතයි. බැතිමතුන් කියා සිටින්නේ නිදන්ගත රෝගවලින් සහනයක්, වෛද්‍ය වරුන් සුව වීම අවිනිශ්චිතයි යැයි පැවසූ සැත්කම්  සැත්කම් වලින් සුවය ලැබීමත් සහ එතුමන්ට යාඥා කිරීමෙන් පසු සමස්ත යහපැවැත්ම වැඩිදියුණු වී ඇති බවයි.

🔴4. සබදතා හා සංහිඳියාව:
බොහෝ පුද්ගලයන් තම සබඳතාවල ප්‍රතිසන්ධානය සහ ඇතිවන ගැටළු උදෙසා විසඳුම් සෙවීම සඳහා ශාන්ත එක්ස්පඩයිට් තුමන් වෙත හැරේ. උන්වහන්සේට යාඥා කිරීමෙන් පසු පලුදු වූ සබඳතා නැවත එක් වන බවත්, බිඳී ගිය විවාහ නැවත යථා තත්ත්වයට පත් වන බවත්, නැති වූ මිත්‍රත්වයන් නැවත ඇති වී පෙරට වඩා යහපත්  වන බවත් එතුමන්ගෙ පිහිට ලැබූ අයවලුන් විසින් පවසයි.

🔴5. අධ්‍යාපන සාර්ථකත්වය:
සිසුන් බොහෝ විට අධ්‍යාපනික වශයෙන් විශිෂ්ටත්වයට පත්වීමට ශාන්ත එක්ස්පඩයිට් තුමන්ගෙ ගේ මැදිහත් පිහිටාදාරය පතයි. ඇතැමුන් කියා සිටින්නේ එතුමන්ට යාච්ඤා කිරීමෙන් පසුව, ඔවුන්ගෙ මතක ශක්තිය අවධානය, දාරණ ශක්තිය දියුණු වී ඇති බවත්, වඩා හොඳ මට්ටම් සහ අධ්‍යාපනික ජයග්‍රහණ කරා ගෙන ගිය බවත්ය.

🔴6. ආරක්ෂාව සහ මගපෙන්වීම: ඇදහිලිවන්තයන් ද දුෂ්කර කාලවලදී හානිවලින් ආරක්ෂාවීමටත් සහ මඟ පෙන්වීම සඳහා ශාන්ත එක්ස්පඩයිට් තුමන් වෙත යාච්ඤා කරති. ඔහුගේ මැදිහත්වීම පැතීම පසු සාමය, ආරක්ෂිතබව , සමාදානය  සහ සහයෝගය පිළිබඳ හැඟීම් වැඩි දියුණු වී සතුරු උවදුරු ඉවත් වෙන බව ඔවුන් පවසයි. මෙම ප්‍රාතිහාර්යයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි පුද්ගලික අත්දැකීම්  සහ ඇදහිලි අත්දැකීම් මත පදනම් වී ඇති බව සිහියට  ගැනීම වැදගත්ය. ඕනෑම ආගමික විශ්වාසයක් මෙන්, ඇදහිල්ලේ සහ භක්තියේ මට්ටම පුද්ගල අත්දැකීම් සහ එතුමන්ගෙන් ලැබෙන ප්‍රාතිහාර්යයන් වලට නිතැතින් බලපායි....

ශු. එක්ස්පඩයිට් තුමෙනි අප නිසා යාඥා කල මැනව...🚸❣️✝️🌹🙏

සටහන - මනූශ දුලාර