දේවමාතා දර්ශනය වීම් සවිස්තරාත්මකව

දේවමාතා දර්ශනය වීම් සවිස්තරාත්මකව

දේවමාතා වහන්සේ විසින් ස්වර්ගයේ සිට පොළවට පැමිණ, යම් කාල පරාසයක් තුල යම් අරමුණක් වෙනුවෙන්  විශේශාකාර පණිවිඩයක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් පිරිසකට අනාවරණය කරවීම දේවමාතා දර්ශනයක් ලෙස සලකනු ලබයි.

කතෝලික සභාව තුල අනාවරණ ආකාර දෙකකි.

  1. Public Revelation (පොදු අනාවරණ)
  2. Private Revelation (පුද්ගලික අනාවරණ)

පොදු අනාවරණ

ශු.ලියවිල්ල සහ ශු.අපෝස්තලික සම්ප්‍රදාය මීට අයත් වේ. අවසාන අපෝස්තුවරයාගේ මරණයෙන් පසු Public Revelation/පොදු අනාවරණ අවසන් වූ බව කතෝලික සභාව ප්‍රකාශයට පත් කර ඇත.

පුද්ගලික අනාවරණ

කාලයෙන් කාලයට දෙවියන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් වෙත විශේශ වූ වරප්‍රසාදයන් ඔස්සේ විවිධ අනාවරණයන් ලබා දීම Private Revelations/පුද්ගලික අනාවරණ  ලෙස හඳුන්වනු ලබයි. දළ වශයෙන් පුරාණ ගිවිසුම තුල private revelation 120 ක් පමණ සඳහන්ව ඇත.සියලුම දේවමාතා දර්ශනයන් අයත් වන්නේ මෙම ඝනයටය.

ස්වර්ගයෙන් පැමිනෙන දේවමාතා දර්ශනයක  විශේශත්වය  වන්නේ කාලීනව යම් කාල පරාසයකට අදාලව සිදුවන්නට යන යම් උපද්‍රවයක් හෝ යම් වැදගත් පණිවිඩයක් දෙවියන්වහන්සේ විසින්  දේවමාතාව වහන්සේ හරහා සාමාන්‍ය මනුශ්‍යකුට එලිදරව් කිරීමයි. උදාහරණ ලෙස Our Lady of Kibeho  පෙන්විය හැක. එහිදී දේවමාතාවන්  විසින් රුවන්ඩාවේ කුඩා ළමුන් තිදෙනෙකුට දර්ශනය වී එහි ජීවත්වූ ගෝත්‍ර දෙකක් තුල ඇතිවන්නට යන මානුශීය සංහාරය ගැන අනතුරු ඇඟවීය.එය වලක්වා ගැනීම සඳහා පවුකාරයන්ගේ සිත් හැරීම පිනිස යාච්ඥා කරන්නයි ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටීය. එම දරුවන්ගේ වෑයම අසාර්ථක වූ අතර ඉන් වසර 13 කට පසු රුවන්ඩාව තුල මහා ජන සංහාරයක් සිදුවිය

පුද්ගලික එළිදරව් කිරීමක්  කෙතරම් වැදගත් දෙයක්ද යන්න ශුද්ධ වූ සභාව ප්‍රේරිතයන්ගේද දිවැසිවරයන්ගේද අත්තිවාරම මත රඳා පවතින බව ප්‍රකාශ කරමින් දේව වච්නය පැහැදිලි කරයි.

20 ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය. 21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය. (එපීස 2 : 20-21)

ශු.අගුස්තීනු මුනිතුමා සහ ශු.ඇක්වයිනාස් මුනිතුමා, දිවැසිවරුන් යනු පුද්ගලික එලිදරව් කිරීම් ලබන අය බව ප්‍රකාශ කරයි. අවසන් අපෝස්තුලුවරයාගෙ අභාවයෙන් පසුව පොදු එලිදරව්  කිරීම් නැවතුන බව කතෝලික සභාව ප්‍රකාශ කරන විට, පුද්ගලික එලිදරව් කිරීම් ඉදිරියට සිදුවන බවත් ඒවා නිවැරදි ලෙස ග්‍රහණය කරගත යුතු ආකාරය දේව වචනය තුල පැහැදිලි කරයි.

19 ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න;  20 දිවැස් වැකි සුළු කොට නොතකන්න. 21 සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න. (1 තෙසලෝනික 5 : 20-22)

කතෝලික සභාව විසින් මේ වන විට කරමින් පවතින්නේ එම දෙයම වේ. කතෝලික සභාව තුල දර්ශනයක අව්‍යාජත්වය ( Authenticity ) නිර්ණය කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇත. එම ක්‍රියාව්ලිය හරහා යමින් යහපත් දේ අල්ලා ගැනීමට සභාවට හැකිවී ඇත. විශේශයෙන් ප්‍රොතෙස්තන්ත්‍ර සභාව තුල නොපවතින මෙම ක්‍රියාවලිය නිසා අද වන විට හතු සභා දහස් ගනනක්ද ඉන් මතුවට අදේවවාදය වෙත පියවර තබමින් ගමන් කරමින් පවතී.

ස්වර්ගයෙන් දෙන ලද පුද්ගලික එළිදරව් කිරීමක් (Private Revelation) කිසි විටෙක දේව වචනය හෝ අපෝස්තලික සම්ප්‍රදාය(Public Revelation) ,

  • පූර්ණත්වයට පත් නොකරයි.
  • අතික්‍රමණය නොකරයි.
  • පරස්පර විරෝධී නොවේ.

සෑම අවස්ඨාවේම පුද්ගලික එළිදරව් කිරීම් දේව වචනය සහ අපෝස්තලික සම්ප්‍රදාය සනාථ කිරීම සිදු කරයි.

‍දේවමාතා දර්ශනයක හෝ යම් දර්ශනයක අව්‍යාජත්වය(Authenticity) ප්‍රකාශ කිරීමට අධිකාරී බලය ඇත්තේ එම දර්ශනය සිදුවූ ප්‍රදේශය බාර රදගුරුතුමාටය. රදගුරු තුමෙකු විසින් යම් දර්ශනයක් අව්‍යාජ දර්ශනයක් ලෙස ප්‍රකාශ කලහොත් වතිකානුව විසින්,

  • එම දර්ශනය පිලිබඳ යම් ප්‍රකාශයක් නොකලද,
  • එම ස්ථානය බැහැදැකීමට නොගියද,
  • එම දර්ශනය සඳහා වත්පිලිවෙතක් ඉදිරිපත් නොකලද,
  • එම දර්ශනය සඳහා සහභාගී වූවන් සාන්තුවරයට පත් නොකලද,

එය කතෝලික සභාව විසින් සැබෑ දර්ශනයක් ලෙස පිලිගනු ලබයි.

දේවමාතා දර්ශනයක අව්‍යාජත්වය තක්සේරු කිරීමට කතෝලික සභාව විසින් පහත නිර්නායක යොදාගනු ලබයි.

දර්ශනයේ ධනාත්මක භාවය

  1. දර්ශනය සිදු වූ පුද්ගලයාගේ චරිතය ධනාත්මක බව
  2. ගැඹුරු විමර්ශනයකින් පසු එම දර්ශනය සත්‍ය විය හැකි බවට ඇති  විශාල සම්භාවිතාවය.
  3. සභා ඉගැන්වීම්, සභාවේ  අධිකාරියට නතු වීම සහ එයට පරස්පර නොවීම
  4. දර්ශනය මගින් ධනාත්මක ඵල ජනතාව වෙත හිමිවීම හා දේව ජනයා තවත් දෙවියන් වහන්සේ වෙත යොමු කිරීම.

දර්ශනයේ සෘණාත්මක භාවය

  1. දර්ශනයේ ස්වභාවය සම්බන්ධ දෝෂ.
  2. දෙවියන් වහන්සේ හෝ සභා ඉගැන්වීමට විරුද්ධව ඇති දෝශ.
  3. දර්ශනය නිසා යම් ආකාරයක ආර්ථික වාසි ලබා ගැනීම සදහා ඉලක්ක ගත වීම් අණාවරනය.
  4. දර්ශනය වූ අවස්ථාවේ සිදු කරන ලද බරපතල දුරාචාර ක්‍රියා තිබීම
  5. දර්ශනය පිළිබඳ සාක්ශිකරුවන්  තුල  පවතින  මානසික සංකූලතා.

දර්ශනය ධනාත්මක ස්වභාවයක් බව ඔප්පු වුවහොත්, සභාව් යම් ආකාරයක  භක්ති අභ්‍යාසයක් ප්‍රකාශ කිරීමට  ඉඩ ලබා දෙනු ඇත.

කතොලික සභාව තුල අනුමත කල දේව මාතා දර්ශන පහත ආකාරයට සඳහන් කල හැක.

  1. සම්ප්‍රදායිකව තහවුරු කරන ලද දේවමාතා දර්ශන.

කතෝලික සභාව විසින් දර්ශනයන් වල අව්‍යාජත්වය විමර්ශනය ආරම්භ කලේ පහලොස් වන සියවසෙන් පසුවය. සාම්ප්‍රදායිකව තහවුරු කරන ලද දර්ශන එම කාලයට පෙර වූ දර්ශනයන් වේ. එම දර්ශනයන් සිදු වූ ස්ථාන වල දේවස්ථාන ගොඩ නැගීම සභාව විසින් නිර්ණායකයක් ලෙස භාවිතා කර ඇත.

උදා :

  • Our Lady Of Snow (තුශාරයේ අප ස්වාමී දුව)
  • Our Lady of Pillar

2. රදගුරු තුමන් විසින් අනුමත කරන ලද දේවමාතා දර්ශන.

උදා :

  • Our Lady of the Good Event
  • Our Lady of Tears

3. ශුද්ධාසනය මගින් විශේෂයෙන් අනුමත කරන ලද දර්ශන.

උදා :

  • Our Lady of Good Health
  • Our Lady of Guadalupe

4. සම්පූර්ණ දර්ශනයට තවමත් අනුමැතිය නොලැබ තිබුනත් එහි ප්‍රාතිහාර්‍යය, බැතිය හෝ වන්දනා ගමන් සදහා අනුමැතිය ලැබී ඇති දර්ශන.

උදා :

  • Our Lady of Zion (තවම අනුමැතිය ලැබී ඇත්තේ එහි ප්‍රාතිහාර්‍ය්‍ය සදහා පමණි)
  • Our Lady of La Vang (එහි දර්ශනයන් තවම අනුමත නොකළද එහි බැතියට අවසර ඇත)

සටහන : තරිදු මල්ශාන්