යෝගා කිතුනු ඇසින්

යෝගා කිතුනු ඇසින්
Photo by Eneko Uruñuela / Unsplash

අද දින මෙම ලිපියෙන් පළ කිරීමට සූදානම් වනුයේ yoga පිළිබදවය.මෙයද මිථ්‍යා ඇදහිලි හා වෙනත් බොරු දෙවිවරුන් පදනම්ව බිහි වූ ශාස්ත්‍රයකි .

කතෝලික සභාව නියමාකාර වශයෙන් yoga ප්‍රතික්ෂේප කරන්නේ හෝ විරුද්ධ වන්නේ ද නැත. මෙහි විවිධ පැතිකඩයන් ඇත. හුදෙක් හුස්ම ගැනීමේ ව්‍යායාම(breathing exersices)සහ ශරීර ඉරියව්(body positions) සඳහා කිසිවකුගේ විරෝධයක් නොමැත. නමුත් අධ්‍යාත්මික යෝගා යනු හුදෙක් ව්‍යායාම පමණක් නොව. මෙහි මූලාරම්භය නම් හින්දු පිටපත්ය(hindu scriptures).

හින්දු ආගමිකයන්ට අනුව යෝග යනු හින්දු දෙවිවරුන් විසින් ලෞකික හා භෞතික ලෝකයෙන්(materialistic world)මිදී දිව්‍යමය වූ  හින්දු බුද්ධත්වය (divine hindu enlightenment) කරා පිය මැනීමට හා ඒ හරහා විශ්වයත් සමග ඒකත්වයකට යොමු වීමට මෙන්ම විශ්වයෙහි වූ බලවේගයන් ආකර්ෂණය කර ගැනීමය.

ව්‍යායාම යනු යෝගා හි එක් කොටසක් පමණි. Spiritual yoga හී ප්‍රධාන කොටස් අටක් ඇත. ඉන් කිහිපයක් නම්,

⭐  සීමා කිරීම්, සදාචාරාත්මක විනය හා පොරොන්දු
⭐ ඉරියව්
⭐ නාභිගත සමාධිය ය.

එනිසා ව්‍යායාමය යනු මෙහි ඉතා කුඩා කොටසක් සහ වැඩි අවධානයක් ලබා නොදෙන කරුණකි. එලෙස ගත් කල ව්‍යායාම යනු යෝග නොව; මන්ද මුල් යෝගා ආකෘතියෙහි ව්‍යායාම නොතිබුණි. එය පසුකාලී නව එකතු වූවකි.

නමුත් සමහර දේව ධර්මවේදීන් මෙහි සමහර ඉරියව්  හින්දු දෙවිවරුන්ව වන්දනාමාන කිරීමට භාවිත කරන හෙයින් යෝගා නොකිරීම වඩාත් සුදුසු බව පවසයි. එනමුදු  මෙම ව්‍යායාමයන් පසුකාලීනව එකතු වූ හෙයින් ද පෙරදී මෙම ව්‍යායාමයන් දෙවිවරුන් වන්දනා කිරීම සඳහා භාවිත නොකළ හෙයින් ද යෝගා ව්‍යායාම සිදුකිරීමෙහිදී කිසිදු බලපෑමක් නොවන බව පවසයි.

නමුත් කතෝලික පියාතුමන්ලා විසින් මෙයට යෝගා ලෙස නොපවසන බවට උපදෙස් ලබා දී ඇත. ඒ වෙනුවට ශාරීරික යෝග්‍යතා ව්‍යායාමයන්හිදී භාවිත කරනා streching exersice යැයි පවසන ලෙස උපදෙස් ලබා දී ඇත. එපමණක් නොව මෙම ව්‍යායාමයන් නිවසේදී සිදු කිරීම වඩාත් සුදුසු බවද පවසයි.මන්ද සමාජය කතෝලික සභාව yoga සම්බන්දව ධනාත්මක ආකල්පයක් ඇති බවට සිතීමට පෙළබිය හැකි බැවිනි.

යෝගා හි භයානකම පැතිකඩ නම් ව්‍යායාම නොව භාවනාවයි. එහිදී තමාගේ මනස හිස් භාවයකට පත්කර පසුව තම මනස විශ්වීය ශක්තීන්ගෙන් පුරවයි. කිතුනු අපට අවසර ඇත්තේ  ශුද්ධ වූ ත්‍රීත්වය මුල්කර ගනිමින් බිහිවූ භාවනා ක්‍රමයන්ය. බොහෝ පුද්ගලයන්  යෝගාහි භාවනා ක්‍රමවේදයන්  අනුගමනයට ගොසින් අයහපත් බලවේගයන්ට තමාගේ මනස තෝතැන්නක් කරදී ඇත.

මෙවන් ප්‍රකාශ යකුන් දුරු කරනා පියවරුන්(exocist) ප්‍රකාශ කර ඇත. ඒ හෙයින් මින් ඈත් වී සිටීම නුවණට හුරුය. හුදෙක් ව්‍යායාම පමණක් සිදු කරන්න නමුත් ඊට යෝගා යැයි නොපවසන්නේ.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්