කිතුණු සභා ඉතිහාසය (මධ්‍යතන යුගය) 2 කොටස

කිතුණු සභා ඉතිහාසය (මධ්‍යතන යුගය) 2 කොටස

➕ පාප්ධූරයේ බැබිලෝනියානු විප්‍රවාසය සහ මහා බටහිර භේධයේ (𝐁𝐚𝐛𝐲𝐥𝐨𝐧𝐢𝐚𝐧 𝐄𝐱𝐢𝐥𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐏𝐚𝐩𝐚𝐜𝐲 𝐚𝐧𝐝 𝐆𝐫𝐞𝐚𝐭 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐬𝐜𝐡𝐢𝐬𝐦)

ක්‍රි:ව: 𝟏𝟑 සහ 𝟏𝟒 ශතවර්ෂ වන විට රෝම අධිරාජ්‍යය සතු බලය ක්‍රම ක්‍රමයෙන් පිරිහුණු අතර ප්‍රංශ රාජ්‍ය සතු බලය වැඩිවර්ධන වන්නට විය. එමනිසා මේ වකවානුවේදී කිතුණු සභාවේ උන්නතිය උදෙසා සෘජුවම දායක වූ රාජ්‍යය බවට පත්වූයේ ප්‍රංශයයි.

මෙවන් වූ අවදියක, එනම් ක්‍රි:ව: 𝟏𝟐𝟗𝟏 දී ශුද්ධවූ දේශය මුස්ලිම්වරුන් අතට පත් වූ අතර එය දැනගැන්මෙන් කම්පනයට පත් වූ සතරවන නිකලස් පාප්තුමන් හෘදයාභාදයකින් මියගියහ. එතුමන්ට පසුව එම තනතුරට පත් වූයේ පස්වන ⁣සෙලස්ටින් පාප්තුමන් වන අතර එතුමන්ද වසරක කාලයක් තුලදී ඉල්ලා අස්වූහ.

පසුව වර්ෂ 𝟏𝟐𝟗𝟔දී අටවන බොනිෆස් පාප්තුමන් එම තනතුරට පත්විය.මේ වන විට ප්‍රංශයේ රජු වූ හතරවන පිලිප් රජ විසින් තම රට තුල කිතුණු සහාවේ උන්නතිය උදෙසා ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයන්වලට සම්භාධක පැනවූ අතර පාප්තුමන්ගේ තීන්දු තීරණද නොසලකා හරින ලදි. ඵහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 𝟏𝟑𝟎𝟐දී අටවන බොනිෆස් පාප්තුමන් විසින්  හතරවන පිලිප් රජතුමන්ගේ  වැරදි ක්‍රියා හෙලාදකිමින් "𝐔𝐧𝐮𝐦 𝐒𝐚𝐧𝐜𝐭𝐮𝐦" නම් ලිපියක් නිකුත් කරන ලදි. මෙය ප්‍රංශ රාජ්‍යය සහ ශුද්ධාසනය අතර තිබූ මත⁣භේදාත්මක ගැටුම්  උත්සන්නවීමට හේතු වූ අතර අවසානයේදී හතරවන පිලිප් රජතුමන් විසින් අටවන බොනිෆස් පාප්තුමන්ව ඝාතනය කිරීම දක්වා එය දුරදිග ගියහ.

අටවන බොනිෆස් පාප්තුමන්ගේ මරණයෙන් පසු හතරවන පිලිප් රජ තමා සතු බලතල භාවිත කරමින් ක්‍රි:ව:𝟏𝟑𝟎𝟓දී පෙරෑජියාහීදී (𝐏𝐞𝐫𝐮𝐠𝐢𝐚) මන්ත්‍රණසභාවක් කැදවා, ප්‍රංශ ජාතික කාදිනල්වරයෙකු පස්වන ක්ලෙමන්ට් නමින් පාප්ධූරයට පත්කරනු ලැබීය.

ඉන් වසර හතරකට පසුව, එනම් ක්‍රි:ව: 𝟏𝟑𝟎𝟗 දී, හතරවන පිලිප් රජතුමන්ගේ සහ පස්වන ක්ලෙමන්ට් පාප්තුමන්ගේ නායකත්වය සහ අනුමැතිය යටතේ රෝමයේ ස්ථාපිත කරතිබූ පාප්තුමන්ගේ පරිපාලන ව්‍යුහය (𝐏𝐚𝐩𝐚𝐥 𝐓𝐫𝐞𝐚𝐬𝐮𝐫𝐲) ප්‍රංශයේ අවිග්නොන් හී (𝐀𝐯𝐢𝐠𝐧𝐨𝐧) ස්ථාපිත කරන ලදි. මෙය පාප්ධූරයේ බැබිලෝනියානු විප්‍රවාසය (𝐁𝐚𝐛𝐲𝐥𝐨𝐧𝐢𝐚𝐧 𝐄𝐱𝐢𝐥𝐞 𝐨𝐟 𝐏𝐚𝐩𝐚𝐜𝐲) ලෙස නම් කරනු ලබයි. මෙතැන් සිට වසර 𝟔𝟕ක් (ක්‍රි:ව:𝟏𝟑𝟕𝟖 දක්වා)පාප්තුමන්ලා සත්නමක් යටතේ සභා පාලන ව්‍යුහය ප්‍රංශයේ අවිග්නොන්හී පැවතුණු අතර ඔවුන්ව අවිග්නොන් පාප්වහන්සේලා යන අන්වර්ත නාමයෙන්ද නම් කරනු ලබයි.

ක්‍රි:ව: 𝟏𝟑𝟎𝟗- 𝟏𝟑𝟕𝟖 දක්වා සිටි අවිග්නොන් පාප්තුමන්ලා,

🔸පස්වන ක්ලෙමන්ට් පාප්තුමන්  (ක්‍රි:ව: 𝟏𝟑𝟎𝟓-𝟏𝟑𝟏𝟒)
🔸විසිදෙවන ජුවාම් පාප්තුමන්  (ක්‍රි:ව: 𝟏𝟑𝟏𝟔-𝟏𝟑𝟑𝟒)
🔸දොළොස්වන බෙනඩික් පාප්තුමන්  (ක්‍රි:ව:𝟏𝟑𝟑𝟒-𝟏𝟑𝟒𝟐)
🔸සයවන ක්ලෙමන්ට් පාප්තුමන්  (ක්‍රි:ව:𝟏𝟑𝟒𝟐-𝟏𝟑𝟓𝟐)
🔸සතරවන ඉනසන්ට් පාප්තුමන්  (ක්‍රි:ව:𝟏𝟑𝟓𝟐-𝟏𝟑𝟔𝟐)
🔸පස්වන උර්බාන පාප්තුමන්  (ක්‍රි:ව:𝟏𝟑𝟔𝟐-𝟏𝟑𝟕𝟎)
🔸එකොළොස්වන ග්‍රෙගරි පාප්තුමන් (ක්‍රි:ව:𝟏𝟑𝟕𝟎-𝟏𝟑𝟕𝟖)

සැ:යු; කෙසේ වෙතත් අද වන විට මේ "අවිග්නොන් පාප්වහන්සේලා" (𝐀𝐯𝐢𝐠𝐧𝐨𝐧 𝐩𝐨𝐩𝐞𝐬) නීත්‍යානුකූල පාප්වහන්සේලා ලෙස ශුද්ධවූ සභාව අනුමත නොකරන (𝐀𝐧𝐭𝐢𝐩𝐨𝐩𝐞𝐬) නිසාවෙන් ඔවුන්ගේ නාමයන් පාප්තුමන්ලාගේ නාමලේකනයේ දක්නට නොලැබේ.

කාලය ගෙවෙත්ම අවිග්නොන් හී පිහිටුවා තිබූ පාප්ධූරයේ නිල බලතල සහ අනෙකුත් පාලන ව්‍යුහයන් සම්බන්ධයෙන් ගැටලු පැනනැගෙන්නට විය. විශේෂයෙන් අවිග්නොන් හී සිටි පාප්වරැන් ගෙවූ සුඛෝපභෝගී දිවිපෙවත බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක් වූ කාරණාවක් විය. මේ නිසාවෙන් එවකට සිටි අවිල්ලාහී ශු. තෙරේසා, ස්වීඩනයේ ශු. බ්‍රිජට් වැනි සාන්තුවරයන් ශුද්ධාසනයේ නිල පාලන ව්‍යුහය නැවතත් රෝමය වෙත ගෙන යන ලෙස සභා නායකයන්ගෙන් ආයාචනා කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි:ව: 𝟏𝟑𝟕𝟕දී එකොළොස්වන ග්‍රෙගරි පාප්තුමන් නැවතත්  පාප්ධූරයේ බලතල රෝමයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි. එසේ ස්ථාපිත කිරීමෙන් මාස කිහිපයක් ගෙවීගිය කල (ක්‍රි:ව: 𝟏𝟑𝟕𝟖) එකොළොස්වන ග්‍රෙගරි පාප්තුමන් මියගියනිසාවෙන් නැවතවරක් පාප්ධූරයේ බලතල ස්ථාපිත කිරීම පිලිබද විවිධ ගැටලු පැන නැගෙන්නට විය. විශේෂයෙන් නව පාප්තුමන් පත්කල යුත්තේ කුමන රටෙන්ද යන ගැටලුව පැන නැගෙන්නට විය. ඒ මන්දයත් ප්‍රංශයේ සහ ඉතාලියේ කාදිනල්වරැන් තම තමන්ගේ රටවලින් නව පාප්තුමෙක් පත් කිරීමට උත්සාහ කල නිසාවෙනි. නමුත් අවසානයේදී ඔවුන් සියල්ලන්ගේ ඒකමතික තීරණය මත ප්‍රංශයේ "බාරි" හී අගරදගුරැතුමන්වූ "බර්තලමෙව් ප්‍රිඤ්ඤොන්" (𝐁𝐚𝐫𝐭𝐨𝐥𝐨𝐦𝐞𝐨 𝐏𝐫𝐢𝐠𝐧𝐚𝐧𝐨) සයවන උර්බාන නමින් ක්‍රි:ව: 𝟏𝟑𝟕𝟗දී පාප්ධූරයට පත්කරන ලදි.

පාප්ධූරයට පත්වීමෙන් පසු සයවන උර්බාන පාප්තුමන් විසින් ප්‍රංශයට වඩා ඉතාලියට සහය දැක්වීම නිසාවෙන් උරනවූ ප්‍රංශ නායකයින් එතුමන් නීත්‍යානුකූල පාප්තුමන් නොවන බව ප්‍රකාශ කරන ලදි. ඉන් නොනැවතුනු ඔවුන් සයවන උර්බාන පාප්තුමන් රෝමයේ සිටියදීම, නැවතත් ප්‍රංශයේ අවිග්නොන් කේන්ද්‍ර කර ගනිමින් හත්වන ක්ලෙමන්ට් නමින් තවත් පාප්වරයකු පත් කරන ලදි. මෙය "මහා බටහිර භේදයේ" (𝐆𝐫𝐞𝐚𝐭 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐬𝐜𝐡𝐢𝐬𝐦) ආරම්භය ලෙස සැලකිය හැක. එලෙසම මෙය "ක්‍රිස්තියානි ලෝකයේ" (𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐞𝐧𝐝𝐨𝐦)හී දෙකඩවීම ලෙසද නම් කල හැක. ඒ මන්දයත් ඉතාලිය, එංගලන්තය, හංගේරියාව සහ පෝලන්තය වැනි රටවල් රෝමයේ සිටි පාප්තුමන්⁣ගේ නායකත්වය අනුමත කරන විට ප්‍රංශය, ස්කොට්ලන්තය වැනි රටවල් අවිග්නොන් පාප්තුමන් හට පමණක් සහය දැක්වීමයි.

මෙම භේදය වසර ගණනාවක් ක්‍රියාත්මක වූ කල එවකට සිටි දේවධර්මවේදීන් සහ කිතුණු චින්තකයන් මෙයට පිළියම් සොයන්නට විය. ඔවුන්ගේ ප්‍රධාන මතය වූයේ රෝමයේ සහ අවිග්නොන් හී සිටින පාප්තුමන්ලා දෙදෙනාම ඉල්ලා අස්වී මන්ත්‍රණසභාවක් මාර්ගයෙන් නව පාප්තුමෙක් පත්කල යුතු බවයි. නමුත් මේ පාප්තුමන්ලා (රෝම සහ අවිග්නොන්) දෙදෙනාම එයට විරුද්ධවිය. එහෙත් මේ යුගයේ සිටි සමහර සභානායකයන් මෙය ක්‍රියාත්මක කල යුතුයැයි මතයේ සිටි හෙයින් ක්‍රි:ව:𝟏𝟒𝟎𝟗 ඉතාලියේ පීසා හීදී  මන්ත්‍රණසභාවක් (𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐨𝐟 𝐏𝐢𝐬𝐚) කැදවා පාප්තුමන්ලා දෙදෙනාට ඉල්ලා අස්වෙන ලෙස පොදු ඉල්ලීමක් කලද නැවතවරක් ඔවුන් එයට අකමැතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් මෙම මන්ත්‍රණසභාව තුලදීම "පස්වන ඇලෙක්සැන්ඩර්" නමින් තවත් පාප්තුමෙකු පත්කලහ. මේ හේතුවෙන් පාප්ධූරය පිලිබදව ඇතිව තිබූ ප්‍රශ්නය තවත් වර්ධනය විය. මන්ද එකවර රෝම(𝐑𝐨𝐦𝐚𝐧 𝐏𝐨𝐩𝐞), අවිග්නොන් (𝐀𝐯𝐢𝐠𝐧𝐨𝐧 𝐏𝐨𝐩𝐞) සහ පීසා (𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐏𝐨𝐩𝐞) නමින් පාප්තුමන්ලා තිදෙනෙකු සිටීමයි. මේ නිසාවෙන් මෙම ගැටලුවද තවත් වසර කිහිපයක් මුළුල්ලේ පැවතිනි.

නමුත් ක්‍රි:ව:𝟏𝟒𝟏𝟒දී දොළොස්වන ග්‍රෙගරි පාප්තුමන් (රෝම පාප්තුමන්) තම ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී මෙම ගැටලුව මන්ත්‍රණසභාවක් තුලින් නිරාකරණය කිරීමට ඉඩ සකසා දුන් නිසාවෙන් සභා නායකයන් එක්වී ජර්මනියේ "කොන්ස්ටන්ස්හීදී" (𝐂𝐨𝐧𝐬𝐭𝐚𝐧𝐬𝐞) (ක්‍රි:ව: 𝟏𝟒𝟏𝟒-𝟏𝟒𝟏𝟕) මන්ත්‍රණසභාවක් කැදවූ අතර එ් තුලින් අවිග්නොන්හී සිටි දහතුන්වන බෙනඩික් පාප්තුමන්ව සහ පීසාහී සිටි විසිතුන්වන ජුවාම් පාප්තුමන්වද එම ධූරයන්ගෙන් ඉවත්කොට ක්‍රි:ව 𝟏𝟒𝟏𝟕දී "පස්වන මාටින්" නමින් නව පාප්තුමෙකු පත්කරන ලදි. එලෙසම එතුමන්ව විශ්වී සභානායකතුමන් ලෙස නම්කල හෙයින් අවිග්නොන් සහ පීසා මන්ත්‍රණසභාව පදනම්කරගෙන පැවති පාප්ධූරයන් අහෝසිවිය. මේ තුලින් බටහිර සභාවේ පාප්ධූරය පදනම්කරගෙන ඇති වූ භේදය නිමාවට පත්වන ලදි.

සැකසුම: ලියෝ මධුශාන් සහෝදරතුමන්