මරියෝත්තමාවන්ගේ නිත්‍ය කන්‍යභාවය

මරියෝත්තමාවන්ගේ නිත්‍ය කන්‍යභාවය
Photo by DDP / Unsplash

මූලධර්මවාදීන්ගේ විවේචනයට පාත්‍ර  වන තවත් මාතෘකාවකි. දේවමාතාවන් වහන්සේට තවත් දරුවන් සිටි බව පවසමින් මෙම ඉගැන්වීම විකෘති කරන්නට උත්සහ කරන මූලධර්මවාදීන්ගේ වැරදි ඉගැන්වීම තේරුම් ගත යුතුය. කතෝලික සභාවේ නිල ඉගැන්වීමට අනුව ස්වාමින්වහන්සේගේ උපතේදී එතුමියගේ කන්‍යාභාවය ආරක්ෂා වූවා පමණක් නොව එය පාරිශුද්ධත්වයට පත් විය. මෙය හැඳින්වෙන්නේ ගැලවීමේ කාර්යයේ කොටස් තුනක් ලෙස ය.

(1) Virginitas ante partum - පිළිසිඳගැනීමේදී කන්‍යාභාවය.  (කතෝලික සභාවේ ධර්මෝපදේශය 396, 510)
(2) verginitas in partum  දරු උපතේදී කන්‍යාභාවය.(කතෝලික සභාවේ ධර්මෝපදේශය 510)
(3)virtitas post partum දරු උපතින් පසු කන්‍යාභාවය. (කතෝලික සභාවේ ධර්මෝපදේශය 510)

මේ පිළිබඳව ගැඹුරු දේවධර්මයක් සඳහා බයිබලීය පදනමක් ගෙන එන්නේ  ශුද්ධවූ අගොස්තීනු තුමා, පීටර් ක්‍රිසොගෝලුස් තුමා හා මහා ලියෝ පාප් තුමන්‍ ය. මාටින් ලූතර් , ජෝන් කැල්වින් ,ස්ල්වින්ග් උල්‍ රිච් වැනි  සංශෝධකයන් ද මෙම පදනම විශ්වාස කරන ලදී.
මෙම කාරණයේදී බයිබලය වචනාර්ථයෙන් ඉදිරිපත් කරන මූලධර්මවාදී ඉගැන්වීම වන්නේ ස්වාමීන් වහන්සේගේ උපතින් පසුව දේවමාතාවන් වහන්සේට තව දරුවන්  සිටි බැවින් එතුමිය කන්‍යාවක් නොවන බව ය. මෙය දේව වචනය ඇසුරෙන් තේරුම් ගැනීමට උත්සහ කරමු.

නව ගිවිසුම ලියන කතුවරුන්  සිය සුභාරංචි ලියන්නේ ග්‍රීක භාෂාවෙන්  වුවද ග්‍රීක භාෂාවට පරිවර්තනය වෙමින් ලියවෙන්නේ  බොහෝ කාලයක් ඇරමයික් හා හේබ්‍රව් බස යොදා ගනිමින් සිදු වූ කාරණාය. හෙබ්‍රෙව් භාෂාවෙන් සහෝදරයා යන්නට යෙදෙන්නේ Achi ආකී යන යෙදුමය ඒ සඳහා විවිධාකාර අර්ථ වේ  පවුලේ සහෝදරයන්ට ,මෙන්ම ඥාති සහෝදරයන්ට මෙන්ම එකම ආගම අදහන්නන් ට ද යෙදෙයි . (උත්පත්ති 32:12 ,මතෙව් 12:50)ග්‍රීක භාෂාවේදී ඒ සඳහා යෙදෙන්නේ ඇඩෙල්පොස් යන වචනය යන්නයි .

  • ඥාති සහෝදරයා
  • එකම සංගයේ සාමාජිකයා
  • එකම විශ්වාසය බෙදාගන්නා

යන අර්ථය දෙයි. මූලධර්මවාදීන් වචනය වැරැදි ලෙස අර්ථකථනය කරන්නේ මෙම තත්ත්වයය. ඔවුන් උත්සාහ කරන්නේ පළමු දරු උපතින් පසුව දරුවන් සිටියා  යන්න  තහවුරු කිරීමටය. (මතෙව් 1:25) "එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඈ සමග සංවාසයේ  යෙදුණේ නැත" මෙහිදී ඔවුනගේ තර්කය වන්නේ "තුරු" යන වචනය යෙදීම තුළ ඉන් පසුව එවන් තත්ත්වයක් ඇති වූ බවය.

මේ තේරුම් ගත යුත්තේ බයිබලය තුළ මෙම වචනය යෙදෙන ආකාරය තුළ විනා මිනිස් චිත්ත රූප අනුව නොවේ. "තුරු" යන්නට මුල් ග්‍රීක පිටපත යොදාගෙන ඇත්තේ  හෙඕස් යන ග්‍රීක වචනයයි. අද් යන් හේබ්‍රව් වචනය යි. නමුත් ග්‍රීක  හා හේබ්‍රව් භාෂාව තුළ එය යොදන්නේ  යමක් සිදු නොවී ඇති අතර අනාගතයේ ද එය සිදු නොවන බව ඇඟවීමටය.(ජොහාන් 9:18) "කැඳවා විමසන තුරු ජුදා ඔවුන් විශ්වාස කළේ නැත. " එනම් ඊට පසුද ඔවුන් විශ්වාස කරන්නේ නැත.(2සාමුවෙල්6:23)"එබැවින් සාවුල් ගේ  දුව වන මීකලට  මැරෙන තුරු දරුවෙක් නොලැබුනේය." එහි තේරුම මරණින් පසු දරුවෙක් ලැබුණු යන්න නොවේ.(1තිමොති 4:13)" මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද අවධානය යොමු කරන්න."

එහි තේරුම මා පැමිණි පසු එය කිරීමට නොහැකි බව නොවේ.(මතෙව් 28:20) "මන්ද කල්පාන්තය දක්වා මම ඔබ සමඟ සිටිමි." එහි තේරුම ඉන්පසු නොසිටිනවා යන්න නොවේ. එනිසා බයිබලය වචනාර්ථයෙන් විමසීම නිසා මෙවන් අදහසක් ඔවුන් විසින් ඉදිරිපත් කරයි .ඔවුනගේ තර්ක කරන දෙවැනි කාරණය වනුයේ කුළුදුල් දරුවා යන්නයි . එනම් එහි එහි දී සුවිශේෂ කතුවරයා ඉදිරිපත් කරනුයේ නීතිමය පදනමකි. (නික්මයාම 13:1) එනම් කුළුදුල් දරුවා අයිති  වන්නේ දෙවියන් වහන්සේටය . එහි පවසන්නේ නෛතික පදනමක් විනා වෙන කිසිවක් නොවේ.

බොහෝ විට උන්වහන්සේගේ සහෝදරයන් ගැන පවසන විට එය ඥාති සහෝදරයන් සිටියාවිය හැකිය.ප්‍රෝටෝ ඉවන්‍ජලුයිම් ජාකෝබ්  සුවිශේෂයට අනුව  එය ජුසේ තුමාගේ පෙර විවාහයේ දරුවන් විය හැකිය.උන්වහන්සේට වෙනත් සහෝදරියන් සිටියා නම් එතුමියව  ප්‍රේම කළ ශ්‍රාවකයාට භාර දීමේ පදනමක් නැත.එසේම සහෝදරයන් යන්න වෙනම සන්දර්භයක් තුළ ද යෙදේ  (ක්‍රියා 1:14,) එනිසා දේවමාතාවන් වහන්සේගේ නිත්‍ය කන්‍යාභාවය පිළිබඳව දේව වචනය සේම සභා සම්ප්‍රදාය නිසි ඉගැන්වීමක් කර ඇති බව අප තේරුම් ගත යුතු වන අතර පදනම් විරහිත මූලධර්මවාදී අදහස් වලින් ඉවත් වන්නට බයිබලය නිසි පරිදි කියැවීමට උගත යුතුය.


සටහන - ගරු.නිශාන්ත කුරේ (පැ.තු.නි) පියතුමා
ස්තූතියිජේසු පිහිටයි ❤ ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව