ඉර නැතුව "දවසක්"?

ඉර නැතුව "දවසක්"?
Photo by Dawid Zawiła / Unsplash

බොහෝවිට පුද්ගලයින් මෙය ප්‍රශ්න කිරීම දැකගත හැකිය. ඔවුන් ප්‍රශ්න කරන්නේ ඉර නොමැතිව ශාක හෝ දවසක් ඇති වන්නේ කෙසේද යන්න යි.

අප මතක තබා ගත යුතු කාරණාව නම් උත්පත්ති පොත ලියැවී ඇත්තේ ඉතාමත් පැරණි පුරාණ බයිබලීය හීබෘ භාෂාවෙනි. මෙම භාෂාව ඊශ්‍රායල් හෙවත් නූතන හීබෲ භාෂාවට වඩා පරිණාමය නො වූ භාෂාවකි. මෙවැනි සංවේදී ස්ථාන නූතන භාෂාවන්ගේ සහ සම්ප්‍රදායන්ගෙන් කියවා ඒවා විනිශ්චය කිරීම නුසුදුසු වන්නේ බයිබලිය හීබෲ භාෂාව දන්නා පුද්ගලයෙකුට මේවා කියවන විට හරි අරුත වැටහෙන නිසාවෙනුත් මෙවැනි ප්‍රශ්න ඇති නොවන නිසාවෙනුත්ය.

උත්පත්ති  1:1 සඳහන් වන පරිදි "ආරම්භයේ දී දෙවියන් වහන්ස අහසත්/ස්වර්ගයත්  පොළොවත් මැවූ සේක." මෙහි ඇත්තෙන්ම ඇත්තේ 'ආහසත්/ස්වර්ගයත් පොළොවත්' කියා නොව 'ස්වර්ගයන් සහ පොළොව' යන්නයි. නමුත්, එම කොටස සිංහලයට පරිවර්තනය කර ඇත්තේ "අහසත් පොළවත්" යන්නයි. ඊට හේතුව 'ස්වර්ගයන් සහ පොළොව' කීවිට පුරාණයේ ස්වර්ගයන් ගොඩක් තිබුණා දැයි ඉහත ප්‍රශ්නම අසන්නන් ඇසිය හැකි නිසාවෙන් බව බොහෝවිට සිතිය හැක. 'අහසත් පොළොව' සහ 'ස්වර්ගයන් සහ පොළොව' යනු අර්ථ දෙකකි. 'ස්වර්ගය සහ පොළොව' යනු ස්වර්ග රාජ්‍යය සහ අප සිටින භෞතික පොළොවයි. නමුත්, 'ස්වර්ගයන් සහ පොළොව' යනු පුනරංකණය (merism) කි. එනම්, වචන දෙකක් මගින් සමස්තය කියා සිටීමයි. පුරාණ හීබෲ භාෂාවේ විශ්වය යන්නට වචනයක් නොවීය. ඔවුන් ඒ සඳහා භාවිතා කළේ මෙම merism එක යි. එනම්, 'ස්වර්ගයන් සහ පොළව' සූර්යයාත් ඇතුළත් ය.

"...ආලෝකය වේවා යි වදාළ සේක."?

ආරම්භයේ දී සූර්යයා මැවූ පසුව ද පළමු දිනයේ දී "...ආලෝකය වේවායි" වදාරන්නේ ඇයි යන ප්‍රශ්නය ඊළඟට මතුවේ. මෙහි ආලෝකය වේවායි යන්නෙන් ප්‍රකාශ වන්නේ ආලෝකය මැවීමක් නොවේ. මැවීම යන්නට හීබ් වචනය בָּרָא (baw-raw) වේ. උත්පත්ති 1:1 සඳහන් වන්නේ මෙම בָּרָא යන වචනයයි. එහිදී සිදුවන්නේ මැවීමකි. මෙහි ආලෝක වේවායි යනු නිරීක්ෂකයා පොළොවේ සිටියහොත් ප්‍රථමයෙන්ම ආලෝකය නිරීක්ෂණය කරන අවස්ථාවයි. පොළොවට ආලෝකය පැමිණීමට බාධාවක් විය. මෙහිදී සිදුවන්නේ මෙම බාධාව ඉවත් වීමයි. මෙම කොටසට අදාලව ජොබ් පොතේද මෙසේ පොතෙහි මෙසේ ඇත.

"මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය."

ජොබ් 38:9

මෙහි මුහුද යනු සාගරය පමණක් නොවේ. එදා විශ්වීය ජලය නම් සංකල්පයක් විය. එනම්, සාගර සග අහසේ ඇති ජලය වේ.

එතකොට හතරවෙනි දවසේ ඉර මවනවා කියලා තියෙන්නේ?

හතරවන දවසේ ඉර මැව්වේ කියා නැත. ඇත්තේ කුඩා ආලෝකයක් ද, විශාල ආලෝකයක් ද ඇති කළ බවයි. මෙය මැවීමක් නොවේ මෙහි בָּרָא යන වචනය නොව וַיַּעַשׂ (asah aw-saw) යන වචනය භාවිතා වේ. එහි තේරුම පෙර සාදන යන්නයි. එනම්, මේ කියවෙන්නෙ අහසත් පොළොවත් මැවීමේදී ඇතිවූ හිරු සඳු  තාරකා ගැනයි.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව