පංච පුස්තකයේ කතෲත්වය

පංච පුස්තකයේ කතෲත්වය
Photo by Fr. Barry Braum / Unsplash

බයිබලයේ මුල් පොත් පහ – උත්පත්ති, නික්මයාම, ලෙවී ව්‍යවස්ථාව, ගණන් කථාව සහ ද්විතීය නීති සංග්‍රහය යන පොත් පොදුවේ “මෝසෙස්ගේ පොත් පහ” ලෙස හැදින්වේ. ඒවා ටෝරා (හෙබ්‍රෙව්, “උපදෙස්,” “නීතිය”) සහ පංච පුස්තකය ලෙසද හැඳින්වේ.

මෝසෙස්ගේ භූමිකාව

මෙම පොත් තුළ මෝසෙස් ඉමහත් කාර්යභාරයක් ඉටු කර ඇත.දෙවියන් වහන්සේගේ බලය තුළින්, ඔහු යුදෙව්වන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් පිටතට ගෙන එයි , දෙවියන් වහන්සේගේ නීතිය ඔවුන්ට ලබා දෙයි, සහ අවුරුදු හතළිහක් කාන්තාරයේ ගමනට ඔවුන්ට මඟ පෙන්වයි. පොරොන්දු දේශයට ඇතුල් වීමේ අද්දරට ඔහු ඔවුන්ව ගෙන යයි, නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ට ඇතුල් වීමට ඉඩ නොදෙයි. ඒ වෙනුවට, ද්විතීය නීති සංග්‍රහය අවසානයේ, ඔහුගේ මරණයට ටික කලකට පෙර කන්දකින් පොරොන්දු දේශය දෙස බැලීමට ඔහුට අවසර දී ඇත. මේ අනුව මෝසෙස් පොත් පහෙන් හතරක් ආධිපත්‍යය දරන අතර, ඒවා , සම්බන්ධිත එක් කතාවක් වන බැවින්, ඒවා මෝසෙස්ගේ පොත් ලෙස හැදින්වීම ස්වාභාවිකය.

මෝසස් කතුවරයා ලෙස

සාපේක්ෂව මෑතක් වන තුරුම, බොහෝ යුදෙව්වන් හා කිතුනුවන් කියා සිටියේ මෝසෙස් පංචපුස්තකයේ කතුවරයා බවය. ඔහු පොත්වල කැපී පෙනෙන ලෙස පෙනී සිටියත්, ඔහු නිතර නිතර උපුටා දක්වමින්, ඔහු විසින් කරන ලද දීර්ඝ කථා පවා සඳහන් කළද, ඒවා සියල්ල මෝසෙස් විසින් ලියන ලද්දක් බව සඳහන් නොවේ. ඔවුන් නිශ්චිත එක් කතුවරයකු හඳුනා නොගනී. ද්විතීය නීති සංග්‍රහය අවසානයේ ඔහුගේ මරණය සටහන් කර ගත් තොරතුරු සහ මෙම සිද්ධියෙන් යම් කාලයක් ගත වී ඇති බව ඇඟවීම වැනි මෝසෙස් විසින් ලිවිය නොහැකි කොටස් ද ඒවායේ අඩංගු වේ:

සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය.

ද්විතීය නීති සංග්‍රහය 34:10 NRSV

JEDP

කාලීනව මීට වඩා වෙනස් මතයක් වර්ධනය විය. 1700 ගණන් වලදී, විද්වතුන් විසින් පංචපුස්තක සංයුතියට භාවිතා කළ හැකි බවට හඳුනාගත හැකි මූලාශ්‍ර ඇති බවට යෝජනා කිරීමට පටන් ගත්හ. ඒවා හඳුනාගත හැකි වූයේ, ශෛලියේ වෙනස්කම් (ඡේදයන් හී දෙවියන් සඳහා කුමන නම භාවිතා කර ඇත්ද යන්න වැනි), පුනරාවර්තන සහ පරස්පරතා මගින් ය. එයින් ඇඟවෙන්නේ, වෙනස සුමට නොකර පංචපුස්තකය මූලාශ්‍ර එකතුවකින් එකලස් කර ඇති බවයි.

1883 දී ජර්මානු විශාරදයෙකු වූ ජුලියස් වෙල්හවුසන් මෙම න්‍යායේ ප්‍රබල ස්වරූපයක් යෝජනා කළේය. එය සමහර විට “Wellhausen hypothesis” ලෙස හැඳින්වුවද එය වඩාත් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ “documentary hypothesis” හෝ “JEDP” යනුවෙනි.

”documentary hypothesis“සදහා අභියෝග කිරීමේ දී වඩාත් ප්‍රබල වූ විද්වතුන් මෝසෙස් සැබෑ කතුවරයා යැයි නොසිතයි. නිදසුනක් ලෙස කැසුටෝ සහ රෙන්ඩ්ස්බර්ග්( Cassuto and Rendsburg) සිතන්නේ උත්පත්ති පොත සලමොන්ගේ කාලයේ ක්‍රිපූ 10 වන සියවසේ ලියවී ඇති බවයි.

නිදසුනක් වශයෙන්,

ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා

උත්පත්ති 15:18 NRSV

උත්පත්ති 15:18,හි දාවිත්-සලමොන් රාජධානියේ(Davidic-Solomonic kingdom) මායිම් විස්තර කර ඇති බව පෙනේ

එය උත්පත්ති පොත ලියවූ සැබෑ කාලය නම් , පංචපුස්තකයේ හි ඉතිරි පොත්ද එම අවධියේම ලියවී ඇත.මෝසෙස් ජීවත් වූයේ කවදාදැයි අපි හරියටම නොදනිමු, නමුත් සාමාන්‍යයෙන් ක්‍රිපූ පහළොස්වන හා දහතුන්වන සියවස් අතර වේ.

කතෝලිකයකුට ඕනෑම මතයක් දැරීමට අවස්තාවක් ඇත.මන්ද කතෝලික සභාව විසින් නිශ්චිත මතයක් තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැත.නමුත් වර්තමානය වන විට JEDP මතය විද්වතුන් අතර වැඩි වශයෙන් සැරිසරන අතර , මූලධර්මවාදී කිතුණුවන් විවිධ බයිබල් පද වචනානුසාරයෙන් ඉදිරිපත් කරමින් මෝසස් තුමන් කතෲ ලෙස හැදින්වීමට උත්සහ කළද භාශා ශෛලීන් හී වෙනස් ආදි හේතුන් කරණ කොටගෙන මෝසස් තුමන් විසින්ම පංචපුස්තකය රචනා කළ බවට ඇති සම්භාවිතාවය අඩුය.