අද ශුද්ධ වු සභා⁣ව කාර්මෙල් මෑණියන්ගේ මංගල්‍යය සමරයි

අද  ශුද්ධ වු  සභා⁣ව  කාර්මෙල්  මෑණියන්ගේ මංගල්‍යය සමරයි

මෙම මංගල්‍යය  ඇයි  කාර්මෙල්  මංගල්‍යය  ලෙස  හැදින්වෙන්නේ ❓❓❓❓

〽️ එයට ඇති  ඉතිහාස හා ශු. ලියවිල්ල  තුළ  ඇති  සම්බන්ධතාවය  විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

⭕ කාර්මෙල්  යන නම  ගැන  කරුණු

💠 කාර්මෙල් යන නම  භාවිතා  වන්නේ  කන්දකටය. කාර්මෙල් කන්ද ගැන පුරාණ  මිසරයේ  සහ මෙසපොතේමියාවේ ලේඛනවල සදහන්ය. ක්‍රි.පූ 2350 දී  පමණ පාරාවෝ පෙපිගෙ  ලේඛන වල  සදහන් ය. තුන්වන තුත්මොසේ ( ක්‍රි.පූ 1490-1436) , දෙවන රමසෙස් (ක්‍රි.පූ 1301- 1234), තුන්වන රමසෙස් (ක්‍රි.පූ 1195-1164) කාලවලට  අයත් ලිපි ලේඛනවලද මෙම ස්ථානය ගැන දැක්වේ. ක්‍රි.පූ දෙවන සහශ්‍ර  වර්ෂයේ ප්‍රසිද්ධ  සිද්ධස්ථානයක්  ලෙස ප්‍රසිද්ධ  විය. ජෝෂුවාගේ සමයේ ඉඩම්  බෙදා දීමේ දී කාර්මෙල් කන්ද  අෂේර්  ගෝත්‍රයට හිමි වූ බව දැක්වේ. ජෝෂුවා 19:26 හි  එය මනස්සේ ගෝත්‍රයේ  උතුරු  සීමාව විය. හෙලනික සහ  රෝම සමයේදී සියුස්  නැමති මිථ්‍යා  දෙවියන්ගේ දේවාලයක් තිබුණි. 1952 දී සොයාගත් ශිලා ලිපියක කාර්මෙල්  යනු  සියුස්  දෙවියා ලෙස හදුන්වා  දී ඇත.

⭕ ශුද්ධ  බයිබලයේ  කාර්මෙල් කන්ද

💠 කාර්මෙල් කදු  වැටිය ඉශ්‍රායලයේ  හයිෆා (Haifa) නගරයට ආසන්නව පිහිටියේ ය. "කාර්මෙල්" යනු හීබෘෘ වදනක් වන අතර එහි තේරුම  "කෙරෙම් "(Kerem)  යන්නෙන්   " මිදි උයන " හෙවත්  "පිට්ටනිය" යන්න ද "ඒලි" (Eli) යන්නෙන්  දෙවියන්  වහන්සේ  යන්නද අරුත්  ගැන්වේ. එබැවින්  කාර්මෙල් යන්න "දෙවියන් වහන්සේගේ  මිදි  උයන" හෙවත් "දෙවියන් වහන්සේගේ වත්ත  යන්නයි.

💠 කාර්මෙල් කදුවැටිය අපට ශු.බයිබලය  තුළ  මුණ ගැසෙන්නේ එළියා දිවැසිවරයා සම්බන්ධ  කථා පුවත් තුළය.  ඉශ්‍රායෙල්  ජනතාව වන්දනා කරන්නේ එකම  දෙවියන්වහන්සේ  වූ  "යාවේ දෙවියන්  වහන්සේ" ට  පමණි. නමුත්  අහාබ්  රජු ( උතුරු රාජ්‍යයේ ක්‍රි.පූ 9 වන ශත වර්ෂය) හා  ඔහුගේ  බොරු දිවැසිවරු  "බාල් වන්දනාව " ඉශ්‍රායෙල්   දේශය පුරා පතල කරන ලදී.  එයට  විරුද්ධව  එළියා දිවැසිතුමා නැගී සිටියහ. ඒවාගේම  කාර්මෙල් කන්දේ  එළියා දිවැසිවරයා  බාල්  ⁣නැමැති  මිථ්‍යා දෙවියන්ගේ දිවැසිවරු  සමග ගැටුම ඇති විය.  ( 1රාජාවලිය 18 සිට) එමෙන්ම එළියා  දිවැසිවරයා  පදිංචිව  සිටියේ  කාර්මෙල්  කන්ද අසල ඇති  ගුහාවකය. අදටත්  මෙම ගල් ගුහාව එම ස්ථානයේ අපට දැක ගත හැක. මෙය තහවුරු  වන්නේ එළියා දිවැසිවරයා  ස්වර්ගයට  ගිය  පසු  එලීෂා කාර්මෙල් කන්දට ගියේය.  (2රාජාවලිය 2:25)

⭕ කාර්මෙල් කන්දෙහි  අප ස්වාමිදුවගේ වන්දනාව

💠 මෙය ආරම්භ වූයේ ක්‍රි.ව 1154 දීය. මෙහි ආරම්භය ශු.බර්තොල්ඩ් තුමාය . මෙය පැවිදි  පංතියකි.නැවත කුරුස යුද්ධවලින් පසුව යුරෝපයේ සිටි  ආගම  දහමට ලැදි  පිරිසක් හයිෆා නගරයේ  ආසන්නව ඇති එළියා දිවැසිවරයා සිටි එම ගල් ගුහාව අසලට පැමිණ ජීවත් වන්නට විය. ඔවුන්  සියළුම  දෙනා  ගැඹුරු  තාපස ජීවිතයක් ගත කල අතර ඔවුන්ව කාර්මෙල්  කන්දේ මරියතුමියගේ සොහොයුරෝ ( Brothers of  Mary Mount Carmel ) ලෙස හදුන්වනු ලැබීය. මෙම තාපසයන්  ජීවත් වූ   තාපසාරාමයේ  ගොඩනගන ලද දෙව්මැදුර  එළියා  දිවැසිවරයාගේ  ගල් ගුහාව කේන්ද්‍ර කොටගෙන තනන ලද  අතර මෙම දෙව් මැදුරේ දේව මතා ප්‍රතිමාවක්  ස්ථාපිත කරන ලදී. එම  දේව මාතාව " කාර්මෙල් කන්දේ මතාව " හෙවත්  "කාර්මෙල් මාතාව " ( Our Lady  of Mount  Carmel) ලෙස හදුන්වන්නට විය.

⭕ කාර්මෙල් දේව මාතා  බැතිය

මෙම මංගල්‍යය  දේවමතා  මංගල්‍යය  ලැයිස්තුවේ  අනිවාර්ය නොවන අනුස්මරණ  මංගල්‍යයකි. මෙම මංගල්‍යය  ජුලි  16 වන දින පවන්වන්නට යෙදුණු  සම්ප්‍රදායන්  දෙකකි. මින් වැදගත්ම දිනය වන්නේ ජුලි  16 වනදාය. එම දිනය  යොදා ගෙන ඇත්තේ  ක්‍රි.ව 1251   ජුලි  16 දින එවකට  එම නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිව සිටි  ශු.සයිමන්  ස්ටොක් මුනිතුමාට  දේව මතා දර්ශනයකින්  දේව අම්මා කාර්මෙල්  සළු ධාතුව එතුමාට දුන් දවසය. නමුත්  එංගලන්තයේ  කේම්බ්‍රිජ් නුවර "කන්‍ය මරිය තුමියගේ  පැවිදි  සහෝදර සංඝය විසින්  ප්‍රථම වරට පවත්වා ඇත්තේ ක්‍රි.ව 1374 ජුලි 17 වෙනිදාය. එය  පළමු  කාර්මෙල් මංගල්‍යය වේ. එහිදී ගායනා කරන ලද ලතින්  ගීතිකාවේ මෙසේ හදුන්වා  ඇත. එනම් " Floos Carmeli" යනුවෙනි. එහි සිංහල අර්ථය  "කාර්මෙල්  කුසුමියනි" යන්නය. කාර්මෙල්  මංගල්‍යය  ජුලි 16 වෙනි  දිනට මාරු  කරන ලද්දේ එවකට යුරෝපයෙ පැවති  තවත්  මංගල්‍යයක්  නිසාය.  එම නිසා දෙව් මවුන්  දර්ශනය  වූ දින වන  ජුලි 16 දින පැවැත්විය යුතු යැයි  ක්‍රි.ව 1726 දී දහතුන්වැනි  බෙනඩික්  පාප්තුමා  නිර්දේශ  කල කතෝලික  දින දර්ශනයට  ඇතුලත් කරන ලදී.  1960 සිට  මෙම කාර්මෙල්  දේව මතා  මංගල්‍යය  අනිවාර්ය  නොවන අනුස්මරණයක්  ලෙස සැමරේ.

⭕ ශ්‍රී ලංකාවේ  කාර්මෙල්   දේවමාතා  බැතිය

ලක්දිව කාර්මෙල්  බැතිය පිලිබද  කරුණු  සොයා බැලීමේදී  පෘතුගීසි  යුගයේ  මෙම දේව මතා බැතිය පෙරදිග  රටවල  බෙහෙවින්ම  ප්‍රචලිත  විය . ඒ  ස්පාඤ්ඤ  හා පෘතුගීසි   ධර්මදූතවරුන්ගේ  ධර්මදූතික ක්‍රියාවලියක්  වශයෙන්ය. ඒ  අනුව ඉන්දියාවේ  ගෝව ප්‍රදේශයේ මෙම බැතිය ප්‍රචලිත  විය. මෙම බැතිය  ඔරතෝරියානු  ධර්මදූතයන්  විසින්  ආරම්භ  කළ බව  සිතිය  හැකිය.

⭕ කාර්මෙල් දෙව් මව් සිතුවම

ක්‍රි.ව 15 ශත වර්ෂයේ  යුරෝපයේ නිර්මාණය  වූ සියලුම  කාර්මෙල්  ප්‍රතිමාවල  දෙව්  මවුන්  හා ළදරු  ජේසුතුමා ශ්‍රී සළු ධාතු  පළදනාව දරා සිටියහ. ශුද්ධ වු දේශය ආක්‍රමණය කළ මුස්ලිම්වරු  කාර්මෙල් කන්දෙහි  ආරාම වලින්  කිතුණු  ධර්මදූතවරුන්  පලවා  හැරිය කල ඔවුන්  රැගෙන ආ  ප්‍රථම  ඓතිහාසික  කාර්මෙල්  දෙව්මව්  සිතුවම ( La Bruna Icon) ඉතාලියේ  නේපල්ස්  නුවර  මැගියොරේ  කාර්මෙල්  දෙව්මැදුරෙහි  ඇත.

⭕කාර්මෙල්  දෙව්මවුන්ට කැප කරන ලද  දේවස්ථාන

💠 මෙහිදී  දේවස්ථාන දෙකක  සිංහාසනාරූඪ කර ඇති  ප්‍රතිමා  දෙකක්  වැදගත්  වේ.

🔺පලමු වැන්න වැල්ල පල්ලියේ සිංහාසනාරුඪ  කර ඇති ප්‍රතිමාවයි.  15  වෙනි ශතවර්ෂ සම්ප්‍රදායට අයත් ප්‍රතිමාවකි. මෙය ඇත්  දළෙන්  නිම කරන ලද්දෙකි. එය ඔරතෝරියානු  යුගයේ  සෑදූ  ප්‍රතිමාවකි. මෙය පැරණිතම ප්‍රතිමාවකි .  එය 18 වැනි  ශතවර්ෂයට අයත්  එකකි.

🔺 දෙවැන්න හලාවත ආසන  දෙව්  මැදුරේ  සිංහාසනාරූඪ   කර  ඇති  ප්‍රතිමාවයි. මෙය  වෙනස්  ප්‍රතිමාවකි . එනම්  කාර්මෙල්  ප්‍රතිමා කලාවෙන්  පිට  ඇති ප්‍රතිමාවකි. මෙය මුලින්ම  හදුන්වනු  ලබන නාමය  "සාන්ත මරියා" වේ.  එය  කාර්මෙල්  වී ඇත්තේ  ක්‍රි.ව 1747  දී මිහිඳු කුලසූරිය ගාබ්‍රියෙල්   ප්‍රනාන්දු  විසින් රචිත  නාඩගම්  පදයක මෙසේ  සදහන් වේ. "පෙනෙන දෙව්  විමන කොතැනකදෝ - සරා පුරයද දෝ කාර්මු විමානදෝ" වේ. "කාර්මු විමානය"  යන පදයෙන් මෙම අසිරිමත්  දෙව්මව්  ප්‍රතිමාවට " කාර්මෙල්  අභිධානය"  ආරෝපණයේ  භාවිතයේ  පැවති  බව පෙන්වන්නේ  ඉහත සදහන්  කල කතෘ  තුමා විසින්  රචිත                 " පුරාණ රජතුම් කට්ටුව"  නාඩගම්  පිටපතේය.  එය කවදා කවුරු කලා යැයි  ⁣කිව නොහැකි ය. මෙහි  ඉතාම රසවත්  ජනප්‍රවාදයක්  ඇත.යෙසායා 35:2 පදය යම්  ආරෝපණයක්  දැකිය හැකිය. කාර්මෙල්  ශාරොන් කෙත්  මෙන්  සාරවත් බවයි. මෙම උපමාලංකාරය  පසුකාලිනව  දෙව්මව්ට  ආරෝපණය කරන ලද  " කාර්මෙල් " යන සශ්‍රීකකත්වයේ  අභිධානය  සිරි ලංකාවේ  ප්‍රථම වරට හලාවත  අප මෑණියන්ගේ  ප්‍රතිමාවට ආරෝපණය කිරීම  දේව  අභිමතයක්  සේ  පෙනෙයි.

කිතුනු බුද්ධිමතුන් ෆේස්බුක් සමූහය හා එක්වන්න

කාර්මෙල් දේවමාතාවෙනි අපනිසා යාච්ඤා කළ මැනව !!
ස්තුතියි   ජේසු  පිහිටයි ❤❤