මසාච්චෝ (Masaccio. 1401-28?)

මසාච්චෝ (Masaccio. 1401-28?)

මසාච්චෝ ඉතාලි චිත්‍රකලා වන්ශකතාව නව මානයකට ගෙනයෑමට නොපසුබට උත්සහයක් දැරූ මුල්කාලීන ඉතාලි පුනරුදය සමයේ විසූ චිත්‍රශිල්පියෙකි.

ඔහුගෙ ජිවිත කාලය පුරාවටම ඉතා සුලු චිත්‍ර ප්‍රමානයක් නිම කෙරූ මොහු, පිලිප්පෝ බෘනලෙස්කිගේ (Filippo Brunelleschi) පර්‍යවලෝකන මූලධර්මය (the theory of perspective) විධිමත්ව
යොදා ගන්නේ කුමනාකාරයෙන්ද කියා පෙන්වීමට සමත්වූ චිත්‍ර ශිල්පීන්ගෙන් මසාච්චෝ යනු එක් අයෙකි.

ෆ්ලොරෙන්ස්හි සාන්ත මරියා නොවෙල්ලා දේවස්ථානයේ මසාච්චෝ විසින් සිතුවම් කරන ලද “ශුද්ධ වූ ත්‍රිත්ව” එසේත් නැතිනම් “The Holy Trinity (1428), බිතුසිතුවම දෙස බලනවිට අපහට නිතැතින්ම සිහියට නැගෙන්නේ ජොත්තොගේ සිතුවම් තුල තිබෙන ගලින් කල ප්‍රතිමා වල ඇති ලක්ෂණයන් නොවේ. සමස්ථ සිතුවම පුරාවටම අපට දිස්වනුයේ ස්වාභාවික ගුණාංගයෙන් අනූන මනුෂ්‍ය රූප වලින් සුසැඳි සිතුවමකි.

තවද, ඉතාලියානු මූර්ති ශිල්පී ඩොනටෙල්ලෝගේ (Donatello) කලා කෘතීන්හි ඇති යම් ගති ලක්ෂණ මසච්චෝගේ “ The Holy Trinity” සිතුවම තුලද ගැබ්වී ඇත. එය නම් ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ අංගයන්ය (මෙය ඩොනටෙල්ලෝගේ කලා කෘතීන් වල සුලභව දක්නට ලැබේ) සිතුවමේ සංරචනයට අතුලත් කොට තිබීමය. එමගින් සිතුවමට හෝ එහි මතෘකාවට කිසිඳු අකාරයකින් බධාවක් නොවෙන ලෙස සංරචඅනය කර ඇති අයුරු විශේෂිතය.

නමුත්, මෙම සිතුවමේ ඇති ප්‍රධානතම සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සෑම මනුෂ්‍ය රූපයක්ම ත්‍රීකෝණාකාර සන්යුතිය තුල ස්ථානගතකර ඇති අකාරයයි. එසේත් නොමැතිනම් යම්කිසි ආකාරයක ගණිතමය සංකල්පයක් ඇසුරින් නිර්මිතව තිබීමය.

පිලිප්පෝ බෘනලෙස්කිගේ පර්‍යවලෝකන මූලධර්මයට (the theory of perspective) අනුව, සමාන්තර රේඛාවන් දෙකක් කමක් ක්‍රමයෙන් ඉදිරියට යනවිටදී, එම රේඛාවන් දෙක එක්තරා ස්ථානයකදී එකට එක්වෙන අතර, එම ස්ථානයට focal point එසේත් නැතිනම් vanishing point ලෙස හඳුන්වනු ලැබේ.

ඔහු විසින් ආලෝකය චිත්‍රයේ එක් තැනකට පමනක් සීමා නොකොට, සිතුවමේ සෑම කොනකටම එක ලෙසම අලෝකය සහ අන්ධකාරය වැටෙන ලෙස සිතුවම් කිරීම නිසාම, ප්‍රේක්ෂකයාගේ ඇස සිතුවමේ ඇති සැම වස්තුවමකට එක එල්ලේම යොමුවේ. එලෙසින්ම මෙම සිතුවම ඉදිරියෙන් සිටගෙන සිටින ඕනෑම අයෙකුට ඔහුගේ හෝ ඇයගේ ඇස් මට්ටමේ සිට සිතුමව දැකගත හැකිවන පරිදි සැලසුම් කර ඇත.

සිතුවමේ පහල කොටසේ ඍජුකෝණාශ්‍ර කොටසක මිනිස් ඇටසැකිල්ලක් සිතුවම් කොට අති අතර, එහි මෙලෙස ඉතාලි බසින් ලියා ඇත :

“I was once that which you are; and that which I am you will become”

මෙහි සිංහල අරුත නම් මෙසේය:

"මම වරක් ඔබය; මා වන දෙය ඔබ බවට පත්වෙනු ඇත".

මීට මඳක් ඉහළින් කාන්තාවක් සහ පිරිමියෙකු දණින් වැටි යඥා කරන අයුරු දැක්වෙන අතර, මෙම සිතුවම් සිත්තම් කිරිම සඳහා දායකත්වය දැක්වූ දෙපළ ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම, මීටත් ඉහළින් කුඩා ප්‍රමාණයේ අයොනික් කුළුණු සහිත ආරුක්කු වහලක් තුල කන්‍යා මරියා මවුතුමිය සහ සාන්ත ජෝන් මුනිතුමන් දිස්වෙන අතර, කුරුසයේ ඇණ ගැසූ ක්‍රිස්තු රුව සහ තම හස්තය දෙපසට විහිදුවා ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය අල්ලාගෙන සිටින සියලු බැලති දෙවියන්ගේ රුවද දිස්වේ.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව