අද දේව මාතාවන් එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගල්‍යයයි... ❤️🙏🌸

අද දේව මාතාවන් එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගල්‍යයයි... ❤️🙏🌸

මෙම සුවිශේෂී හමු වීම දෙදෙනෙක් නොව සිව් දෙනෙක්ගේ හමු වීමකි... දේව මෑණියන් , එලිසබෙත්තුමිය පමණක් නොව දෙව් මවුන්ගේ කුස තුළ ශුද්ධාත්ම වරමින් ප්‍රාතිහාර්‍යයාත්මකව ඵලගත්  ලොවේ පව් හරින තැනැන් වහන්සේ වන ජේසුස් වහන්සේගේත් ,වඳ යැයි කියූ එලිසබෙත් තුමිය ගේ කුස තුළ ප්‍රාතිහර්‍යයාත්මකව දේව අනුහසින් පිළිසිඳගත්, ජේසුස් වහන්සේගේ පෙරමඟ සැකසූ ස්නාවක ජොහාන් තුමාගෙත් හමුවීමයි...❤️🌹✨

මෙහිදී එලිසබෙත් තුමිය යනු ඔබ මම මෙන් සාමන්‍ය කාන්තාවක් වුවත් එතුමියට ශුද්ධාත්මයාණන්ගේ පූර්ණ ඵල ලැබීමටත් , අපගේ ගැලවුම්කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරිය මාතාව බැහැ දැකීමටත් භාග්‍ය උදා වුනා...❤️🥺🙏

ශුද්ධ වූ ජපමාලය උච්චාරණය කරන විට දෙවන සොම්නස් අභිරහස ලෙස මෙනෙහි කරනු ලබන්නේ මෙම සුවිශේෂී අවස්ථාවයි.❤️✝️

මෙම අසිරිමත් සිදුවීම තුළින් දේව මෑණියන්ගේ නිහතමානීකමත්, කරුණාවත්, දේව වචනය විශ්වාස කිරීම මෙන්ම සැබෑ මානුෂීය ගුණාංගයන්ගෙන් පූර්ණ බවත් මනාව ඉස්මතු වී ඇත..කිතුණුවන් වශයෙන් අපද අපගේ දේව මාතාවන්ගේ මෙම සුවිශේෂී ගුණාංග අනුකරණය කිරීමට උත්සාහා ගත යුතුය.❤️🌹✨🙏🥺

✍️ගඟුලි භාග්‍යා.
Saints and Angels

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව