දේවමාතාවෝ වන මරියා

දේවමාතාවෝ වන මරියා
Photo by Ruth Gledhill / Unsplash

"ඇයි මරියා ඔයාට මෙච්චර වැදගත්, මරියා කියන්නේ දෙවියන්වහන්සේ තෝරගත්තු එක කාන්තාවක් විතරයි ජේසුට උපත දීමෙන් පස්සේ මරියාගේ කතාව ඉවරයි"

මූලදර්මවාදී පිරිස් එක්ක කතාවට ගියොතින් අනිවාර්යයෙන් මේ වගේ දෙයක් අහන්න වෙනවාමයි. ඒත් මේ කියන කතාව ඇත්තද? ඇත්තටම මරියා කියන්නේ දෙවියන්වහන්සේ නිකන්ම තෝරගත්තු සාමාන්‍ය කාන්තාවක් විතරයිද?

ශු.බයිබලෙයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි.

  1. පැරණි ගිවිසුම
  2. නව ගිවිසුම

පැරණි ගිවිසුම ලියවෙන්නේ හීබෲ භාශාවෙන් සහ නවගිවිසුම ලියවෙන්නේ ග්‍රීක භාශාවෙන් ඔව් ඔව් ජේසු , දේවමෑනියෝ, ජේසුගෙ දුක්ප්‍රාප්තිය  ගැන ලියවෙන නව ගිවිසුම ලියලා තියෙන්නේ ග්‍රීක භාශාවෙන්, ඊටපස්සේ තමයි සිංහල, ඉංග්‍රීසි භාශා වලට පරිවර්තනය වෙන්නේ.

මොකක්? දේවමෑනියෝ? කවුද ඒ දේවමෑනියෝ? මොන විකාර කතාවක්ද ඒක. දෙවියන්වහන්සේට කොහෙද අම්මා කෙනෙක්? මේ වගේ ප්‍රශ්න ඔලුවට එනවානම් මෙතනින් එහාට කොටස් අනිවාර්යයෙන් ඔයා කියවන්න ඕන

දේවමෑනියෝ කියන එක බයිබලයට, දේව වචනයට විරුද්ධයිද?

ලූක් සුවිශේශයේ 1:43
"මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද?"

සමිදාණන්වහන්සේගේ කියන පදයට  ඉංග්‍රීසි භාශාවෙන් The Lord යන වචනයත්, ග්‍රීක භාශාවෙන් Κυρίου කියන වචනයත් පාවිච්චි වෙනවා... එතකොට තව කොතනද Κυρίου කියන පදය පාවිච්චි වෙලා තියෙන්නේ...අපි ලූක් සුවිශේශයේ 1 පරිච්ඡේදයෙන් කොටසක් අරගෙන බලමු

ශුද්ධවර ලූක් 1:6
"මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ."
‭‭" Ἦσαν δὲ δίκαιοι ἀμφότεροι ἐναντίον τοῦ θεοῦ πορευόμενοι ἐν πάσαις ταῖς ἐντολαῖς καὶ δικαιώμασιν τοῦ #κυρίου ἄμεμπτοι."
ශුද්ධවර ලූක් 1:9
"පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි."
‭κατὰ τὸ ἔθος τῆς ἱερατείας ἔλαχε τοῦ θυμιᾶσαι εἰσελθὼν εἰς τὸν ναὸν τοῦ #κυρίου·
ශුද්ධවර ලූක් 1:11
"එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය. "
‭ Ὤφθη δὲ αὐτῷ ἄγγελος #κυρίου ἑστὼς ἐκ δεξιῶν τοῦ θυσιαστηρίου τοῦ θυμιάματος·
ශුද්ධවර ලූක් 1:17
"ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය."
‭ ὅτι οὕτως μοι πεποίηκεν κύριος ἐν ἡμέραις αἷς ἐπεῖδεν ἀφελεῖν ὄνειδός μου ἐν ἀνθρώποις.

තව මීටත් වඩා κυρίου යන වචනය ලූක් පළමු පරිච්ඡේදය තුලම සදහන් වෙනව

ශුද්ධවර ලූක් 1:28
"දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය."
‭Καὶ εἰσελθὼν πρὸς αὐτὴν εἶπεν· χαῖρε, κεχαριτωμένη· ὁ κύριος μετὰ σοῦ.
‭ශුද්ධවර ලූක් 1:38
"මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය."
Εἶπεν δὲ Μαριάμ· ἰδοὺ ἡ δούλη #κυρίου· γένοιτό μοι κατὰ τὸ ῥῆμά σου. καὶ ἀπῆλθεν ἀπ᾽ αὐτῆς ὁ ἄγγελος.
ශුද්ධවර ලූක් 1:43
"මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද?"
‭καὶ πόθεν μοι τοῦτο ἵνα ἔλθῃ ἡ μήτηρ τοῦ κυρίου μου πρὸς ἐμέ;
‭ශුද්ධවර ලූක් 1:45
" සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය. "
‭καὶ μακαρία ἡ πιστεύσασα ὅτι ἔσται τελείωσις τοῖς λελαλημένοις αὐτῇ παρὰ #κυρίου.
ශුද්ධවර ලූක් 1:66
"ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය."
‭καὶ ἔθεντο πάντες οἱ ἀκούσαντες ἐν τῇ καρδίᾳ αὐτῶν λέγοντες· τί ἄρα τὸ παιδίον τοῦτο ἔσται; καὶ γὰρ χεὶρ #κυρίου ἦν μετ᾽ αὐτοῦ.
‭ශුද්ධවර ලූක් 1:68
"ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේවා."
‭εὐλογητὸς #κύριος ὁ θεὸς τοῦ Ἰσραήλ, ὅτι ἐπεσκέψατο καὶ ἐποίησεν λύτρωσιν τῷ λαῷ αὐτοῦ,

ඉතින් මේ පද ටික බලද්දි, සමිදාණන්වහන්සේ කියන පදය තුල ගම්‍ය වෙන දේවත්වයත්, ඒ ගම්‍ය වෙන දේවත්වය මේ ලෝකයට එන්න තෝරගත්තු කුස තමයි මරියාවන්ගේ කුස

ඇය දෙවියන්වහන්සේව නිර්මාණය කලේ නැහැ ,ඒත් ඇය ශුද්ධ ත්‍රීත්වයේ දෙවනි තැනැන්වහන්සේව මේ ලෝකයට ඇගේ කුසෙන් ශුද්ධාත්මානුභාවය තුල බිහිකලා

එතුමිය දේවමෑනියෝ වෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ වෙන නිසාවෙන්, නැතුව එතුමිය දෙවියන්වහන්සේට වඩා බලවත් හෝ උතුම් කියන දෙයක් නෙවෙයි කතෝලික විශ්වාසය තුල ප්‍රකාශ කරන්නේ එයයි නමුත් ජේසුස්වහන්සේ නිසාවෙන් එතුමිට දේවමෑනියෝ කියන අන්වර්ත නාමය ලැබෙනවා මොකද ජේසු දෙවියන්වහන්සේ වෙන නිසාවෙන්.

ඒත් සමගම මුල් කිතුනු සභාව මරියාවන් ආමන්ත්‍රණය කලේ කොහොමද කියන කාරණාව ගැන බලද්දි.

මරියාවන්ව මුල් කිතුනුවන් Theotokos (තියොටොකුස්) දෙවියන් දරන්නිය යන නාමයෙන් හදුන්වනවා ක්‍රි.ව 431 එපීස මන්ත්‍රණ සභාවෙන් පසුව .

ඒ සමගම ඊජිප්තුවෙන් සොයාගත් කාලනිර්ණය ක්‍රි.ව 3 සියවසට ආසන්න පැපිරස් පත්‍රිකාවක සදහන් Sub Tuum praesidium (නූතන වහරට අනුව ස්වාමිදරුවන්ගේ සුවිශුද්ධවූ මෑණියනී ) යාච්ඤාවත් මුල් කිතුනුවන් මරියාවන්ව දේවමාතාවන් වශයෙන් හැදින්වූ බවට සහ එතුමියගේ මැදිහත්කම ඉල්ලූ බවට හොදම සාක්ශියක්....

‭උත්පත්ති 3:15
"තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය...."

සටහන ~ සහන් මධුසංක