අසිරිමත් ලූර්දු පුදබිම

අසිරිමත් ලූර්දු පුදබිම

තේවත්ත ජාතික බැසිලිකා පුදබිමෙහි නව ලූර්දු දේව මන්දීරය ස්ථාපනය කරනු ලැබීමත් සමග මෙරට තුළද ලූර්දු දේව මාතා බැතිය බිළිබඳ නව පිබිදීමක් දක්නට ලැබේ. අද අපි ඔබ කැඳවා ගෙන යන්නේ ප්‍රංශයේ පිරනීස් කඳු පාමුල පිහිටි ලූර්දු නගරයේ එදා දේව අම්මා මාරි බර්නදෙත් සූබිරු නම් වූ දාහතර වියැති දැරිවියට දර්ශනය වූ මසබියෙල් කන්දේ ලූර්දු ගුහාව සහ ඒ මත ඉදිකෙරුනු මහා දේව මන්දිරය වෙතටය.

රෝගීන් සහ ආබාධ සහිත වූවන් ඇතුළු මිලියන පහක පමණ වන්දනා කරුවන් වසරක් තුළදී ඒකරාශී වන ලූර්දු පුදබිම රෝමයේ ඇති කතෝලික වන්දනා ස්ථාන හැරුණු විට ඇති ප්‍රසිද්ධම හා ජනාකීර්ණම වන්දනා ස්ථානය ලෙස සැලකේ.

1858 පෙබරවාරි 11 දා එනම් අළු බදාදා ට පසුවදා මුලින්ම බර්නදෙත් දැරියට දර්ශනය වූ දේව අම්මා මසබියෙල් පව්වේ ගුහාවේදී,ඉන් අනතුරුව 1858 ජුලි 16 දක්වා දහ අට වතාවක් ඇයට දර්ශනය වූවාය. අද මෙම ගුහාව මත අති විශාල දේව මන්දිරය ඉදි වී ඇත්තේ 1858 මාර්තු 2 දා සිදු වූ දර්ශනය අවස්ථාවේදී එහි දේව මන්දිරයක් ඉදිකරන ලෙස දේව අම්මා බර්නදෙත් දැඩිය ගෙන් කරන ලද ඉල්ලීම පරිදිය. ලූර්දු දිය උල්පතේ ජලය පානය කිරීමට හා ඉන් පවිත්‍ර විමට දේව අම්මා බර්නදෙත් වෙත උපදෙස් දුන්නේ නව වන දර්ශනය සිදුවූ 1858 පෙබරවාරි 25 දාය. එදා සිට අද දක්වා වසරකට ලක්‍ෂ 3.5 ක් ඉක්මවූ ජනතාවක් ලූර්දු ජලය පානය හා ස්නානය පිණිස පැමිණෙති.

16 වන ලූර්දු දර්ශනය සිදුවූ 1858 මාර්තු 25 දා තමන් ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන කන්‍යාව බව දේව මාතාව බර්නදෙත් වෙත හෙළි කළාය.හතර වන දේව මාතා දර්ශනය සිදුවූ 1858 පෙබරවාරි 19 දා බර්නදෙත් දැල්වෙන ඉටි පහනක්ද රැගෙන ගුහාව වෙත ගියාය. ලුර්දු ඉටිපහන් පෙරහැරේ සිරිත මේ අනුව ඇරඹුණ අතර, ලුර්දු වන්දනාකරුවන් ඉටි පහන් පෙරහැරට සහභාගි විමට ද අමතක නොකරති. පව්කාර ජනතාව වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙස 8 වන දර්ශනය සිදුවූ 1858 පෙබරවාරි 24 දා දෙව් මවුන් කළ දැනුම් දීම අනුව අදටත් ලූර්දු නුවරට රැස්වෙන ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාව දෙවිඳුන් හමුවේ යදිමින් ලූර්දු මාතාවන්ගේ රැකවරණය පතති.

~ කැලිස්ටස් ජයමාන්න

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව