පාස්කුවට සූදානම් වීමේ උපවාසය

පාස්කුවට සූදානම් වීමේ උපවාසය

සිදුකරන ආකාරය - නිශ්චිත විදියක් නැත, රටින් රටට වෙනස් වේ (හේතු - දේශගුණය හා ආහාර රටා)

සිදුකරන ආකාර - එක්වරු රැකීම (informal එක්වරු ඇල්ලීම), එකහමාරෙ වරු රැකීම, දෙවරු රැකීම

ශ්‍රී ලංකාවේ සිදුකරන ආකාරය - එක්වරු රැකීම

⁠අනිවාර්යයෙන් කළ යුතු දවස් - අළු බදාදා, මහ සිකුරාදා

අනිවාර්ය වන වයස්⁠ සීමාව - අවුරුදු 14 සිට 59 දක්වා (14 පිරෙන දිනයේ පටන් නීතියෙන් බැඳේ, 60 පිරෙන දිනයේ පටන් නීතියෙන් නිදහස් වේ)

එක්වරු, එකහමාරේ වරු, දෙවරු රැකීම යනු

එක්වරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

එකහමාරේ වරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය හා එයින් බාගයක ප්‍රමාණය පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

දෙවරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

එක්වරු රැකීම ප්‍රායෝගිකව සිදුකරන ආකාර

සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය පාන් රාත්තලෙන් තුන් කාලක් (3/4 ක්) යයි සිතමු. එසේනම්, එක්වරු රකින විට දිනයක් තුළදී අනුභව කළ යුතු ප්‍රමාණය වනුයේ මෙයයි.

  1. ප්‍රධාන වේල් තුනෙන් කැමති වේලක් තෝරාගෙන, එහිදී පාන් රාත්තල් 3/4 අනුභව කිරීම. අනෙකුත් වේල් දෙකේදී කිසිවක් නොකා සිටීම.
  2. ප්‍රධාන වේලකදී පාන් රාත්තල් කාලක් 1/4 (පාන් කාලක්) සිටින ලෙස ප්‍රධාන වේල් තුනම ගැනීම.
  3. ප්‍රධාන වේලකදී පාන් කාලක් හා තවත් ප්‍රධාන වේලකදී පාන් බාගයක් ගැනීම. අනිත් වේල කිසිවක් නොකා සිටීම.

සටහන : Supun Lahiru Fernando