කලමුල්ල සාන්ත අන්තෝනි දෙව්මැඳුරේ පුරාවත

කලමුල්ල සාන්ත අන්තෝනි දෙව්මැඳුරේ පුරාවත

වර්ග කිලෝමීටරයක වපසරියක ඇති කතෝලික දෙව්මැඳුරු පහක් පිහිටි කලමුල්ල සාන්ත අන්තෝනි මුනි දෙව්මැඳුරේ ශත සංවත්සරය 2018 දී සමරන ලදී.

දැනට තිබෙන දෙව්මැඳුරට මීටර් සීයක් පමණ නුදුරින් 1686 වර්ෂයේ දී කටු මැටියෙන් සකස් කරන ලද වරිච්චි බිත්ති වලින් ආවරණය වූ පොල් අතු සෙවිලි කරන ලද, උතුරු පැත්තට මුහුණ ලා සෑදූ සාන්ත අන්තෝනි මුනිතුමා නමින් කැප කළ කුඩා ප්‍රමාණයේ දෙව්මැඳුරක් පැවති බව සටහන්ව තිබේ. ලන්දේසි පීඩනය ඉතා බලවත් ලෙස කතෝලිකයන්ට එරෙහිව පැවති එම සමයේ දී ශු.  ජුසේ වාස් පියතුමාගේ ආගමනය කලමුල්ල ප්‍රදේශයට ද පැතිර තිබූ බැවින් මෙම කුඩා පොල් අතු මඩුව තුළ කතෝලික බැතිමතුන්ගේ ආගමික වතාවත් ඉතාමත් රහසිගතව සිදු වී ඇත.

එකල කලමුල්ල නැගෙනහිර මායිමේ පිහිටා තිබූ ඇළ මාර්ගයේ පාරු තොටුපල බාරව සිටිමින්, ඕලන්ද නීතියට අනුව ඇළ බද්ද අයකිරීමේ රාජකාරියේ යෙදී සිටි බෝදියා බදුගේ වලෙන්තීනු පෙරේරා නම් රේන්ද රාළ කෙනෙකු විසින් කලමුල්ල ග්‍රාමයේ ජිවත් වූ කතෝලිකයන්ගේ ආගමික කටයුතු සම්බන්ධීකරණය කිරීම නිසා කලමුල්ලේ කතෝලික භක්තිකයෝ තම ආගමික විශ්වාසය තුළ කිතුනු ඇදහිල්ලට සාක්ෂි දැරූහ.

කලමුල්ළ ප්‍රදේශයේ ජීවත් වූ වීරසිංහ ග්‍රෙගරි ද සිල්වා මේ දෙව්මැඳුරේ මුහුප්පු ලෙස කටයුතු කළ අයෙකි. ඔහුගේ පියා ජුවාම් සිල්වා විය. ඔහුට ගැහැණු දරුවන් පස් දෙනෙක් සිටි අතර තම පවුලට පිරිමි දරුවකු නොමැතිකමින් ඔහු චිත්ත පීඩාවෙන් සිටි අතර තමාට පිරිමි දරුවකු ලබා දුන්නහොත් අලුතෙන් දෙව්මැඳුරක් ඉඳිකරන බවට ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට බාරයක් විය. ඔහුගේ පැතුම ඉටු විය. පිරිම දරුවකු ලැබූ ඔහු තම බාරය ඉටු කිරීමට සූදානම් විය. ඒ අනුව නව දෙව්මැඳුර තැනීමට ඉඩමක් සොයමින් සිටින විට ඔහුට සහ ඔහුගේ සහෝදරයන් වන කලමුල්ලේ ගරු ලියෝ පෙඩ්රික් පෙරේරා පියතුමාගේ මුත්තා වන පාවුලු සන්තියාගු සිල්වා යන අයට ද අයත් ඉඩමක් ලැබුණු බැවින් ග්‍රෙගරි වීරසිංහ මුහුප්පුරාළගේ මූලිකත්වයෙන් වර්තමානයේ කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන සා. අන්තෝනි මුනිතුමාට කැප කර තිබෙන නව දෙව්මැඳුර 1917 දී සාදා නිමකර තිබේ.

ස්වර්ගස්ථ වී වදාළ ගරු කාර්ලෝ ෆොන්සේකා පියතුමා ලැගුම් ගෘහයේ නවාතැන් ගෙන තම ශ්‍රමය සහ කාලය කැප කරමින් මේ දෙව්මැඳුර සාදා අවසන් කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. එතුමා සඟ සුව දිනු පසු උන්වහන්සේගේ දේහය දෙව්මැඳුර ඇතුළත මැද පල්ලියේ අල්තාරය අබියස ගරාදිවැට අසලින් තැන්පත් කර ඇත. එතුමාගේ නම කොටන ලද ගල් පුවරුවක් ද සොහොන් ගැබට කාවද්දා ඇත.

1944 වර්ෂයේ එක් දිනයක අළුයම යාමයේ දී මෙම දෙව්මැඳුරේ සොයිබය සහිතව තිබූ අගුල් දමන ලද මහා දොර හිටි හැටියේ මහා ශබ්දයකින් විවෘත වූ බවත්, එම ශබ්දය මුළු කලමුල්ල ප්‍රදේශයටම ඇසී ප්‍රදේශවාසීන් හුළුඅතු දල්වාගෙන දෙව්මැඳුරට පැමිණි බවත්, පසුව බලන විට දොර ඉබේටම වැසී එම දොර පිහිටා ඇති ස්ථානයේ සිට ඉදිරියට ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ඇවිද ගිය පා සටහන් ඉස්මතු වී පෙනෙන්නට තිබූ බව මුඛ පරම්පරාගත කතාවකි.

ඊ.පී. රේමන් සිල්වා ලියූ ලිපියක් ඇසුරිනි.

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;