කුරුසියේ සා. ජොහාන් තුමා

කුරුසියේ සා. ජොහාන් තුමා

කුරුසියේ සා. ජෝන්තුමා ජුවාන් ඩි යෙපෙස් නමින් 1542දී ස්පාඤ්ඤයෙ අවිලාහී ෆොන්ටිවේරොස් ග්රාමයේ උපත ලැබීය. එතුමාට අවුරුදු 2දී එතුමාගේ පියා මිය ගිය අතර මුළු පවුලම මෙඩීනා ඩෙල් කැම්පෝ වෙත ගියහ. එතුමා එහි ජේසු නිකායේ පාසලේ ඉතා දක්ෂ ලෙස ඉගෙනගත්  අතර එම කාලයේ ඔහු කළ වෙළඳාම් සියල්ලම අසාර්ථක විය. 1563දී මෙඩීනාහි සා. ඇනා තාපසාරාමයේ පූජකරවයේ ආධුනිකයෙක් වූ මෙතුමාව එහි ශ්රේෂ්ඨයන් ඔහුව සලමැන්කා විශ්වවිද්යාලයට යවන ලදී. මෙතුමා එහිදී පූජාත්වරය ලැබුවේය.

1568දී අවිලාහි තෙරේසා මුනිවරිය මුණ ගැසීමෙන් අනතුරුව එතුමාට ඇයගේ ප්රතිසංස්කරණය වූ කාර්මෙල් නිකායේ පුරුෂ තාපසාරාම ඇති කිරීම පිළිබඳව යෝජනාවක් ලැබුණු අතර ජෝන්තුමා එම නිකායට ඇතුළු වූ පළමු තාපසකයා වූවේය. ඔහුට එම නිකායේ ඩුරුයේලෝ නිවාසය භාරවිය. ටික කලක් පස්ට්රානා සහ අල්කලා හී නැවතී සිටි එතුමා නැවත 1572 දී තෙරේසාතුමියව අවිලාහීදී හමු වූ අතර එහිදී එතුමා තෙරේසා තුමියගේ සහ තවත් කන්යා සොයුරියන් 130කගේ පමණ ආධ්යාත්මික මඟ පෙන්වන්නා විය.එමෙන්ම ඔහු ඇයගේ ආධ්යාත්මික පුත්රයා බවට පත්විය.

මේ අතර ප්‍රතිසංස්කරණය වූ සහ ප්‍රතිසංස්කරණ විරෝධී කාර්මෙල් නිකා අතර ගැටුම් ඇති වූ අතර 1575දී මෙතුමාව ප්‍රතිසංස්කරණ විරෝධී තාපසකයන් විසින් සිර කරගෙන සිටින ලදී. නමුත් ස්පාඤ්ඤයෙ පාප්වහන්සේගේ නියෝජිතයා වූ නිකොලෝ ඔර්මානේටෝ රදගුරුතුමාගේ ඉල්ලීම මත නිදහස් කරන ලදී. 1577දීද නැවත මෙතුමාව අල්ලාගත් අතර එතුමාව අඩි 6 X 10 කුටියක සිරකරන ලදී. අට මසකට පසුව දිනක් එතුමා එයින් පැන යාමට සමත් විය. එතැනින් එතුමා අන්ඩලූසියාවට පැන ගොස් එහි දුෂ්කර ගම්මානවල සැඟවී සිට එතුමාගේ ගුප්තවාදය හා සම්බන්ධ පොතපත ලිව්වේය.

අවසානයේ කාර්මෙල් දෙක කොටස් දෙකකට සම්පූර්ණයෙන් වෙන් වූ පසු එතුමා දකුණු දිශාවේ සිට එහි පදවි විකාර් තනතුරට පත්විය. .1588දී එතුමා කස්ටීලයට නැවත පැමිණ එහි නිකායේ පදවි කවුන්සිලර්වරයා බවට පත්විය. නමුත් එතුමාගේ රැඩිකල්වාදයට හා නව්‍යතාවයන්ට විරුද්ධව තිබූ අදහස් හේතුවෙන් එම තනතුරෙන් ඉවත් කරන ලදී. ඉන්පසු එතුමා නැවත අන්ඩලූසියාවට යන ලදී. නමුත් එතුමා එහි රෝගී වූ අතර ඌබෙඩාහි තාපසාරාමයට ප්‍රතිකාර සඳහා යන ලදී. නමුත්, එහිදීද තත්ත්වය බරපතල වී එතුමා 1591 දෙසැම්බර් 14වනදින ස්වර්ගස්ථ විය.

එතුමාගේ දේහය බලාගැනීමට දහස් සංඛ්‍යාත ජනයා ඌබේඩාහී ආරාමයට පැමිණි අතර එහි එතුමාගේ භූමදානය වන ලදී. නමුත් සෙගෝවියා ආරාමයේ ඉල්ලීම මත 1593දී එතුමාගේ දේහය රහසිගතව සෙගෝවියාවලට ගෙන යන ලදී. නමුත් ඌබෙඩාහී ජනයා කෝපවී පාප්වහන්සේටද පෙත්සමක් ඉදිරිපත් කර එතුමාගේ ශරීරය ඉල්ලා සිටි අතර 1596දී එම ශරීරය ඌබෙඩාවලට දෙන ලෙස පාප්වහන්සේ අණ කලේය. නමුත් ප්‍රතිසංස්කරණය වූ කාර්මෙල් නිකායික ශ්‍රේෂ්ඨයන්ගේ තීරණය අනුව ඌබෙඩාවට එක් අතක් සහ එක් පාදයක් හිමිවිය. එය අද දක්වා එම ආරාමයේ ධාතු කරඩුවේ දක්නට දකින්නට තිබේ. ශරීරය 1593දී මැඩ්‍රිඩ් හරහා යද්දී එක අතක මැඩ්‍රිඩ්හී තබාගන්නා ලදී. හිස සහ ශරීරය සෙගෝවියා හී ඇති අතර 1647දී රෝමයෙන් ලද අණ අනුව එය වලලන ලදී. 1930දී පමණ ඒවා ගොඩගෙන සෙගෝවියා හි ආරාමයේ දේවස්ථානයේ පොඩි පල්ලියේ විශේෂ අල්තාරය ඉහළ කිරිගරුඬ පෙට්ටිය බහා ඇත.