ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක්ද?

ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක්ද?

👉මෙය අලුත් මාතෘකවක් නොවේ. මෙම ප්‍රලාපය සදහා කතෝලක සභාව විසින් පිළිතුරු ලබා දී බොහෝ කල් ගත වී ඇත. මෑතකදී ස්වර්ගස්ථ වු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් විසින් මේ පිළිබදව ග්‍රන්ථයක් පවා රචනා කරන ලදී.ලොව පවතින සියලු ආගම් තුළ ඉගැන්වීම තුළ බොහෝ සමනාතාවයන් දැකිය හැකිවීම සාමාන්‍ය කරුණකි. නමුත් ක්‍රිසතියානි දහම තුළ එනම් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ එය අනිකුත් ධර්මයන්ගෙන් වෙනස් වන්නාවු කරුණු රාශියක් අන්තර්ගත ව ඇත. ඉන් කිහිපයක් පමණක් මෙහි සදහන් කරමු.

👉1: ජේසුස් වහන්සේගේ උපත පිළිබදව පුරාණ ගිවිසුම තුළ බොහෝ දිවැස් වැකි සදහන්වේ. ඉන් යෙසායා දිවැසිවරයා විසින් ප්‍රකාශිත දිවැස් වැකියක් මෙහි සදහන් කර සිටිමු. මෙම දිවැස්වැකිය ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ ක්‍රිස්තු උත්පත්තියට අඩුම වශයෙන් අවුරුදු 700 කට ප්‍රථමය.
📕14 සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.
( යෙසායා 7 : 14 )

👉2: බොහෝ දෙනෙකුගේ පව් උදේසා තමන් වහන්සේ යාගයක් වී බොහෝ දෙනෙකු වෙනුවෙන් ගැලවීම ගෙන දෙන පුරාණ ගිවිසුම තුළ බලාපොරොත්තු වු ගැළවුම් කරු තමන් වහන්සේ වන බව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකාශ කළ සේක.
📕28 ''ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.
(  මතෙව් 26 : 28 )

👉3: ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ මෙසියානික දුත මෙහෙවර සනාථ කිරීම සදහා බොහෝ ප්‍රාථිහාර්‍ය්න් සිදු කළ සේක.
📕43 උන් වහන්සේ මෙසේ කියා, ''ලාසරස් පිටතට එන්නැ''යි මහ හඬින් වදාළ සේක.
📕44 මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. ''මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක.
( ජොහන් 11 : 43, 44 )

👉4: ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් උන්වහන්සේගේ මාංශය සහ රුධිරය ලෝවැසි සියල්ලන්ගේ ජීවනයේ ආහාරය වන බව ප්‍රකාශ කළ සේක.
📕54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.
( ජොහන් 6 : 54 )

👉5: ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් තමන් වහන්සේ "මාර්ගයද සතය්‍යද ජීවනයද" වන බවත් තමන් වහන්සේ මගින් මිස පියාණන් වහන්සේ වෙත අන් කිසිම මාර්ගයකින් ගමන් කළ නොහැකි බවත් පැහැදිලි ලෙසම ප්‍රකාශ කළ සේක.
📕6 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නො‍් ය.
( ජොහන් 14 : 6 )

👉6: ජේසුස් ක්‍රිස්තුස් විසින් මාංශ උත්ථානය  සහ සදාතන ජීවනය පිළිබදව දේශනා කළ සේක.
📕28 මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය.
📕29 එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති.
( ජොහන් 5 : 28, 29 )

👉7: ලෝකාන්තිමයේදී ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට තමන් වහන්සේ මහිමාන්විත ආකාරයෙන් නැවත වඩින බව ප්‍රකාශ කළ සේක.
📕31 ''මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.
📕32 එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට,
📕33 බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක.
( මතෙව් 25 :31-33 )

👉8: ආරම්භයත් සහ අවසානයත් තමන් වහන්සේ වන බව ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකාශ කළ සේක.
📕13 මම අල්පා සහ ඔමෙගා ය. මම පළමුවැන්නා සහ අන්තිමයා ය. ආරම්භය සහ අවසානය ය''යි උන් වහන්සේ වදාරන සේක.
( එළිදරව්ව 22 : 13 )

👉9: ජේසුස් වහන්සේ විසින් පව්කමා කිරීමේ බලය ස්වකීය සභාවට ප්‍රදානය කළ සේක.
📕18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
📕19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක.
( මතෙව් 16 : 18, 19 )

👉10: ගැළවීම ලැබීම සදහා "ඇදහිල්ල" අතය්‍යවශය්‍ය වන බව ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කළ සේක.
📕26 ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ''යි ඇසූ සේක.
( ජොහන් 11 : 26 )

මෙම ශුද්ධ ලියවිලි පාඨයන් කිහිපය මගින් බෞද්ධ ඉගැන්වීම් සහ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අතර වෙනස්කම් රාශියක් පවතින බව ඕනෑම පුද්ගලයකු හට අවබෝධ වනු නොවනු මානය.

✝️මෙම සියළු කරුණු ක්‍රිස්තුස් වහන්සේගේම ඉගැන්වීම් බවට සනාථ කළ හැකිද?

මා මෙහිදී උපුටා ගෙන ඇත්තේ නව ගිවිසුම තුළ රචනා වු ශුභාරංචි කෘති හතර අතුරින් මතෙව් සහ ජොහන් සුභාරංචියයි. මතෙව් තුමන් සහ ජොහන් තුමන් යනු ක්‍රිස්තුස් වහන්සේගේ මුල් ශ්‍රාවකයන් 12 දෙනාගෙන් දෙදෙනෙකි. මෙම සුභාරංචි 2 කම අඩුම වශයෙන් ක්‍රි:ව 80-100 ත් අතර රචනා වී ඇති බව ඉතිහාසඥයන් විසින් සනාථ කර ඇත.

ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමෙහි විශ්වාසවන්ත බව වැඩි වීම සදහා මුලිකම සාධකය වන්නේ ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වී අවුරුදු 100 ක් පමණ ගතවන විටදී නව ගිවිසුමට අදාල පොත් 27 ම රචනා වී තිබීමය. මෙම පොත් 27 නව ගිවිසුම ලෙසට ක්‍රි:ව 382 දී දැමසස් පාප්තුමන් විසින් අනුමැතිය ලබා දෙමින් පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම එක් කොට ශුද්ධ වු වචනය ඇතුලත් ශුද්ධ වු බයිබලය සදහා නිල අනුමැතිය ලබා දෙන ලදී.

✍️ සාහිත පෙරේරා

ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද ?
(මූලාශ්‍රය: කොළඹ අගරදගුරු පදවියේ විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමස් අගරදගුරු හිමිපාණන් විසින් වර්බුම් නාළිකාවේ විසංවාද වැඩසටහනේ දැකිවූ