ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද ?

ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද ?
Photo by Zachary Olson / Unsplash

(මූලාශ්‍රය: කොළඹ අගරදගුරු පදවියේ විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමස් අගරදගුරු හිමිපාණන් විසින් වර්බුම් නාළිකාවේ විසංවාද වැඩසටහනේ දැකිවූ අදහස් ආශ්‍රයෙනි)

🌐 ප‍රථමයෙන්ම සදහන් කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ හා ඉන්දියාව අතර සම්බන්ධය මේ මෑත යුගයේදී හිටි ගමන් කරලියට පැමිණි කතාවක් වන බවයි.තවද ඔබ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවුවහොත් ක්‍රිස්තුස් වහන්සේ හා ඉන්දියාව අතර සම්බන්ධය නිරාගමිකයින් විසින් බෞද්ධ දර්ශනයට පහරක් එල්ල කිරීමට ගෙතූ ප්‍රලාපයක් බව හොඳින් පැහැදිලි කර ගැනීමට හැකි වනු ඇත.

🌐මේ ප්‍රලාපය අනුව මොහුන් ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිය බවට අවස්ථා දෙකක් උපයෝගි කරගෙන ඉදිරිපත් කර ඇත.ඉන් පළමු වැන්න නම් ශුද්ධවූ බයිබලය තුළ ජේසුස් වහන්සේගේ අවුරුදු දොළහෙන් පසු එළඹෙන තරුණ කාලය පිළිබදව ශුද්ධවූ බයිබලයේ කිසිවක් සදහන් නොවීමයි.එම නිසා මොවුන් පවසන්නේ ජේසුස් වහන්සේ එම කාලය තුළ භාරතයට ගොස් බුදු දහම ඉගෙනගත් බවයි.මෙම සංසිද්ධිය මෙසේ පැහැදිලි කළ හැක.එනම්;

අන්‍ය ආගමිකයෙකුට ශුද්ධවූ බයිබලය කියවා බැලූ විට එය ඉතිහාසය පොතක් හෝ කතන්දර පොතක් ලෙස තමයි ඔහුන්ට පෙනෙන්නේ.එයට හොදම උදාහරණය  තමයි අන්‍ය ආගමිකයන් විසින් බයිබලය කොපි පේස්ට් කර එහි ඇති කතන්දර අපට ඔප්පු කර පෙන්වන්න කියා අභියෝග කිරීමයි.එහෙත් එවිටත් අපගේ විශ්වාසය බිඳ නොවැටෙන්නේ බයිබලයේ අඩංගු වන්නේ මිනිස් ඉතිහාසයක් නොවන නිසාත් බයිබලයේ අඩංගු වන්නේ ගැලවීමේ ආගමික ඉතිහාසය නිසාත්ය.ඒ අනුව මහාවංශයේ, දීපවංශයේ පරිදි ඉතිහාසයක් නොවේ බයිබලයේ අඩංගු වන්නේ, බයිබලයේ අඩංගු වන්නේ විශ්වාසයේ ඇසින් අර්ථකථනය කළ පණිවිඩයකි.එනම් බයිබලය යනු කතාව නොව පණිවිඩය මූලික කරගත් පොතකි.

එමනිසා ශුද්ධවූ බයිබලයේ නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ මුලු චරිතාපදානයම තිබිය යුතු නැත.නමුත් ජේසුස් වහන්සේ අපට දෙවියන් වහන්සේ විසින් ගෙනආ පණිවිඩය පමණක් සම්පූර්ණ ලෙස තිබිය යුතුය.එම නිසා බයිබලය තුළ ජේසුස් වහන්සේගේ ජීවිතයේ A-Z තිබිය යුතු නැත.තිබිය යුත්තේ උන්වහන්සේ දෙසූ දහමයි.මදක් සිතන්න.බයිබලය ඉතිහාසය පොතක් ලෙස කතාව මූලික කරගෙන පමණක් රචනා කෙරූවක් නම් බයිබලයේ ඇති ශුද්ධවූ පාවුලු තුමාගේ සංදේශ හා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙහි කිසිදු කතන්දරයක් අන්තර්ගත නොවන්නේ? එහි ඇත්තේ ධර්ම කරුණු පමණමනේ?

එයින් අනාවරණය වන්නේ අපට ශුද්ධවූ බයිබලය මගින් ලෝක ඉතිහාසය ගැන හෝ මිනිස් ඉතිහාසය ගැන කිසිම දැනුමක් ගත නොහැකි බවත් බයිබලය ලිවීමේ පරම අරමුණ නම් උපමා කතාවක් කියවා ඔබ එයින් පණිවිඩයක් ලබා ගන්නා සේ බයිබලය තුළ ඇති කතා කියවාද දෙවියන් වහන්සේගේ පණිවිඩය අනාවරණය කර ගැනීමයි.එම නිසා ශුද්ධවූ බයිබලය තුළ ජේසුස් වහන්සේගේ තරුණ කාලය පිළිබදව නිහඩව සිටීම පුදුමයට කරුණක් නොවේ.

🌐 ඔවුන් පවසන දෙවැනි ප්‍රලාපය මෙසේය.ඔවුන් පවසනවා, ජේසුස් වහන්සේ පිලාත්ගේ අත්අඩංගුවට පත් වූ විට පිලාත්ගේ බිරිඳ විසින් ජේසුස් වහන්සේ ගැන සිහිනයක් දැක පුදුමයට පත් වන අතර එය ඈ විසින් පිලාත්ට පවසා ජේසුස් වහන්සේව නොමරණ ලෙස පිලාත්ගෙන් ඉල්ලා සිටිය බවත්, පිලාත් එම ඉල්ලීම නිසා  ජේසුස් වහන්සේව කුරුසිය මත මරණයට පත් නොකර කුරුසියෙන් බිමට ගත් විට ජේසුස් වහන්සේ සිහිමුර්ජාවී පමණක් සිටි බවත් ඔවුන් පවසයි.තවද "ඊසීනීවරුන්" විසින් ජේසුස් වහන්සේට "සෝමා අරිෂ්ඨය" ලබාදී උන්වහන්සේව සුවපත් කළ බවත් ඉන්පසු හනි හනිකට ජේසුස් වහන්සේව භාරතයට ගෙන ගිය අතර ජේසුස් වහන්සේ භාරතයට ගොස් අවුරුදු 120ක් ආයු වළදා මිය ගිය බවත් පවසයි.මෙම ප්‍රලාපය මෙසේ පැහැදිලි කළ හැක.එනම්;

ඉහත කතාන්දරය ප්‍රථම වරට ලෝකයට ඉදිරිපත් කළේ රුසියානු ජාතික පුවත්පත් වාර්තාකරුවෙක් වන "නිකොලොවිච් ඇලෙක්ස්‍රැන්ඩ්‍රොවිච් නොටොවිච්" නැමැත්තෙකු විසිනි.ඔහු තම පුවත් පත් වාර්තාවේ මෙලෙස සදහන් කරනවා.එනම්,"මම 1894දී භාරතයට ගියා.මගේ ගමනාන්තය වුනේ ටිබෙටයේ හේමිස් ගම්මානයයි.ඒ සදහා මමත් මගේ සහයකයිනුත් ලඩාකයේ ශ්‍රි නගර් හි "ලේ" නම් මාර්ගයක් ඔස්සේ පැමිණියා.නමුත් එම මාර්ගය ඉතාමත් දුශ්කරයි.විටෙකදී මගේ සහයකයෙකුට එම මාර්ගයේදී දිවියෙකු විසින් පහර දුන්නා.අපිට වෙන කරන්න දෙයක් නෑ.

අපි හේමිස් ගම්මානයේ ලාමාවරුන් වෙසෙන ආරාමයකට ඔහුව ගෙනගියා බෙහෙත් කරන්න.එහිදී මට එම ආරාමයේ අධිපති ලාමාවරයා විසින් අපූරු පොත් දෙකක් දුන්නා.එම පොත් දෙක අවුරුදු 1500කට වඩා පැරණි බවයි ලාමාවරයා පැවසුයේ.එම පොත් දෙක කාඩ්බෝඩ් වලින් හරි අපූරුවට බැදපු පොත් දෙකක්.මේ පොත් දෙක ටිබෙට් බසිනුයි ලියා තිබුණේ.මේ පොත් දෙකෙහි සදහන්ව තිබුනේ  'කිතු සිරිත'යි.එහි සදහන් වෙනවා ජේසුස් වහන්සේ තරුණ වයසේ භාරතයට පැමිණ බුදු දහම ඉගෙනගත් බව.බුදු දහමෙහි සදහන් ඒකදේවේශ්වරවාදය සහ සදාතන ආත්මය ගැන ජේසුස් වහන්සේ විසින් පසුව නැවත ඊශ්‍රායෙලයට පැමිණ ඉගැන්නුවා.ජේසුස් වහන්සේ ඉන්පසු ඊසිනිවරුන්ගේ "සෝමා අරිෂ්ට" බී සුවපත් වී නැවත භාරතයේ හේබිස් ගම්මානයේ මෙම ආරාමයට පැමිණ අවුරුදු 120ක්

ජීවත්ව මියගිය බව එම පොත් දෙකෙහි සදහන් වෙනවා.ඒ වගේම මේ පොත් දෙකෙහි ජේසුස් වහන්සේව හදුන්වලා තියෙන්නේ "ඊසා" යන නමිනුයි.මට මේ ආශ්‍රමයේ දලෙයි ලාමාතුමත් කිව්වා ඊසා සෑම ලාමාවරයෙකුටම හා බුදුන්ටත් වඩා උසස් බව. මම ඒ ආරාමයෙන් පිටවෙද්දී ඒ ලාමාතුමාට උණ කටුවක් සහ පොකට් ඔරලෝසුවක්ද තෑගි ලෙස දුන්නා ".කියා නොටොවිච් විසින් තම පුවත් පත් වාර්තාවේ සඳහන් කර ඇත.

🌐ඉහත නොටොවිච්ගේ මුලු පුවත් පත් වාර්තාවම බොරුවක් බව මේ වන විට හෙළිවී ඇත.එනම්;

ජේසුස් වහන්සේ ඊශ්‍රායෙල් දේශයෙන් පිට ගිය බවට බයිබලයේ පවා සදහන් කර නැත.එලෙසම ඔහු පවසන පරිදි ඊසිනිවරු විසින් ජේසුස් වහන්සේව සුව කරන්නේ කෙසේද? ඊසිනිවරුන් යනු වෙදකම දන්නා පිරිසක් නොවේ.ඊසිනිවරුන් යනු බිහිසුණු තපස් දිවියක් ගත කළ පාර්ශවයක් පමණි.අනික නොටොවිච් ගියා යයි පවසන හේමිස් ගම්මානයේ ආශ්‍රමයට ගොස් එහි සිටින ලාමාවරුන් මුණ ගැසුනු විට ඔහුන් පවසන්නේ ඔහුන්ගේ ආරාමයට එන "ලේ" නැමති මාර්ගයේ කිසිකළෙක දිවියන් නොසිටි බවත් දිවියන් වැනි සතුන් විශේෂයක් ඔහුන් අතීතයේ සිට අද වනතුරු ඇසටවත් දැක නොමැති බව එහි ලාමාවරුන් පවසයි.එලෙසම අතීතයේ ඔහුන්ගේ ආශ්‍රමයට කිසිදු සුදු මහත්මයෙකු නොපැමිණි බවත් තම ආශ්‍රමය මිනිසුන්ට බෙහෙත් නොකරන බවත් එම ලාමාවරුන් පවසයි.තවද  නොටොවිච් පවසනවා ඔහුට ලැබුණ පොත් දෙක අවුරුදු 1500කටත් වඩා පැරණි බව.

නමුත් මීට අවුරුදු 1500 කට පෙර ටිබෙටයේ "බදින ලඳ පොත්" තිබී නොමැති අතර ටිබෙට් භාෂාවෙන් ලියැවුණු පොත් පවා තිබී නොමැත.එලෙසම පට්ට බෞද්ධ කතුවරයෙක් වන "මැක්ස්මලර්" විසින් බුදු දහම පිලිබදව අධ්‍යයනය කරන විට ඔහුට බොහොම වටිනා පොත් දෙකක් හමුවෙනවා.ඒ තමයි,"කංචුර්ත් සහ තංචුර්ත්" යන පොත් දෙක.ඒ ආශ්‍රයෙන් ලිපි ලියන විට මැක්ස්මලර් විසින් ඒ පොත් ගැන මෙසේ පවසනවා,"මෙම ශ්‍රේෂ්ඨ පොත් පාලියෙන් හෝ සකුවෙන් හෝ භාරතයේදී ලියන ලද අතර මේවා ටිබෙට් බසට පෙරලන ලද්දේ ශතවර්ෂ 11-14කටත් පසුය".කියා පවසනවා.

මින් පැහැදිලි වන්නේද නොටොවිච් පවසන අන්දමේ කාලයක ටිබෙට් බසින් ලියවුනු පොත් නොතිබූ බවයි. තවද නොටොවිච් පවසනවා, ජේසුස් වහන්සේ ඒකදේවේශ්වරවාදය(සර්ව බලධාරී දෙවියන් වහන්සේ) පිළිබදව සහ සදාතන ආත්මය පිළිබදව ඉගෙන ගත්තේ බුදු දහමින් බවයි.මෙයින් පෙනෙන්නේ නොටොවිච් බුදු දහමේ හා කතෝලික දහමේ ඉගැන්වීම් අතර වෙනස පවා නොදැන සිටි බවයි.මක්නිසාද බෞද්ධ ධර්මයේ සර්වඥ දෙවියන් වහන්සේ කෙනෙකු හෝ සදාතන ආත්මයට ප්‍රතිවිරුද්ධ ඉගැන්වීම් අන්තර්ගත වීමයි.එලෙසම ඔහු පවසනවා ලාමා වරුන් බුදුන් වහන්සේට වඩා "ඊසා" නැමැත්තෙකු උතුම් ලෙස සළකන බවයි.මෙයද බුදු දහමට අපහස කිරීමකී.මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ නොටොවිච් කිසිදා භාරතයට නොගොස් ඇති බවත්,ඔහුගේ පුවත්පත් වාර්තාවේ සදහන් කරුණු සියල්ල පදනම් විරහිත මන-කල්පිත කරුනු බවත්, ජේසුස් වහන්සේ හා භාරතය අතර කිසිදු සම්බන්ධයක් නොතිබුනු බවත්ය.එම නිසා ලෝක ඉතිහාසයේ මරණින් නැගිට්ට එකම පුද්ගලයා විදිහට ජේසුස් වහන්සේ විසින් කතෝලික මූලධර්මය තවදුරටත් සත්‍යාපනය කරනවා.

🌐 ඉහතදී "ඊසා" නැමැති නමකින්  ජේසුස් වහන්සේව හැදින්වීමට උත්සහ කළ නොටොවිච්, අල්-කුරානයේද "ඊසා" ලෙස හදුන්වනු ලබන්නේ ජේසුස් වහන්සේව බව පවසයි.නමුත් ඔබ දැනගත යුතු කරුණ නම් ජේසුස් වහන්සේට එම නම හැර වෙන නමක් යෙදිය නොහැකි බවයි.මක්නිසාද ජේසුස් ක්‍රිස්තුස් යන නමට තේරුමක් ඇත.එනම්,"ගැලවීම සඳහා ආලේප කරන ලද තැනැත්තා" යන්නයි.නමුත් "ඊසා" යන්නෙන් එම අර්ථය නොදේ .එවිට "ඊසා" යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොවන බව පැහැදිලි වේ.

🌐එලෙසම අන්‍යාගමිකයින් ගෙනෙන තවත් තර්කයක් තිබෙනවා.එනම් ඔහුන් පවසනවා ජේසුස් වහන්සේගේ සොහොන ඉන්දියාවේ තිබී හමුවූ බව.එම ප්‍රලාපයද මෙසේ බිද දැමිය හැකිය.එනම්;

ඉන්දීය ජාතික පුරාවිද්‍යාඥයෙකු වන මෙල්සා අහමද් ගුලාම් නැමති ඉස්ලාම් භක්තිකයා විසින් 1978/03/30 වන දින  පුවත්පතකට ලියපු ලිපියක තිබෙනවා ජේසුස් වහන්සේගේ සොහොන කාශ්මීරයේ තිබී සොයාගත් බවත්,එහි ජේසුස් වහන්සේගේ නාමය යුසසාප්(යුස්-අසාප්) ලෙස සදහන් වන බවත් ඔහු වාර්තා කර තිබුනා.එලෙසම ඔහු කියා තිබුණා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මහාචාර්ය මොහොමඩ් අස්ලීම් විසින් බෞද්ධ සමුලුවකදී පැහැදිලි කරන බව.නමුත් එම මහාචාර්යවරයා මේ වන විට මිය ගියද ඔහු කිසිදු බෞද්ධ සමුලුවකට සහභාගී වී නොමැති අතර අස්ලීම් විසින් ලියූ කිසිම පොතක මේ සොහොන ගැන කිසිදු සඳහනක් නැත.මෙයින් පැහැදිලි වන්නේ අහමද් නැමැත්තා විසින් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නමක් භාවිත කර ව්‍යාජ කරුනු මගින් ජනප්‍රිය වීමට උත්සාහ කළ අයෙක් බවයි.එලෙසම පසු කළෙක අහමද්ගේ වේදභේදකාරී ක්‍රියා නිසා ඔහුව  ඉස්ලාම් ආගමෙන් නෙරපන ලද අතර ඔහු පසුව ඔහුගේම කියා ආගමක් ඉදිරිපත් කරන ලදී.ඔහුට අනුගාමිකයන්ද සිටිය අතර ඔහු මිය යාමෙන් පසුව ඔහුගේ දහම ඔහුගේ අනුගාමිකයන් විසින් අදද පතුරවමින් සිටියි.ඔහු ජීවත් වන කාලයේ සිදු කළ ක්‍රියා අනුව අහමද් යනු මානසික රෝගියෙක් බවද පෙනී යයි.මක්නිසාදයත්

ඔහු එක සමයක ඔහු බුදුන් යැයි පවසාගත් අතර, තවත් කළක ඔහු විසින් තමාව ජේසුස් ක්‍රිස්තුස් ලෙස හදුන්වා ගන්නා ලදී.තවත් කළෙක ඔහු ඔහුව ක්‍රිශ්නා දෙවියන් ලෙස හදුන්වාගත් අතර තවත් කළෙක ඔහු ඔහුව තමා තමයි සැබෑ නබිනායක ලෙස හදුන්වා ගන්නා ලදී.මේ අනුව පෙනී යන්නේ මෙල්සා ගුලාම් අහමද් නැමැත්තා මානසික රෝගියෙක් බවයි.

හුදෙක් ඇදහිලිවන්තයන් සදහා පමණයි 16;

🌐ඔබ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවුවා නම් ඔබට මනාව අවධාරනය වනවා මේ ප්‍රබන්ධය කතෝලිකයින්ට පමණක් නොව සියලු ආගමිකයන්ට කළ අපහසයක් බවයි.

ජේසු පිහිටයි!

© Passion of the Christ ජේසුට මං ආදරෙයී