කතෝලික අධිකාරිත්වය Circular argument එකක්ද?

කතෝලික අධිකාරිත්වය Circular argument එකක්ද?
Photo by Michal Matlon / Unsplash

සරලව මෙහෙමයි, කතෝලික සභාව ආරම්භ කළා ක්‍රිස්තුන් වහන්සේ ...
උන්වහන්සේ සභාවට දුන්න ඔය කියන බලය (faith and morals නිවැරදිව ඉගැන්වීමේ බලය)...
සභාව ඒක පාවිච්චි කරමින් හිටිය...

සභාව කොහොමද දැනන් හිටියෙ ජේසු එහෙම බලයක් දුන්නයි කියල?

Luckily මේ කතා කරන්නෙ කතෝලික සභාව ගැන... කතෝලික සභාව පටන් ගත්තෙ ජේසු... ජේසු මේක කිව්ව ජේසු එක්ක හිටපු ගෝලයන්ට හා අපෝස්තුළුවරුන්ට.. එයාල කිව්ව එයාලගෙ ගෝලයන්ට... එයාල කිව්ව එයාලගෙ ගෝලයන්ට..  ඔය විදියට තමයි සභාව දන්නෙ ජේසු එහෙම බලයක් දුන්නයි කියල...

හරි දැන් සභාව ඒ බලය පාවිච්චි කරමින් ඉන්න අතරෙ ටාස්ක් එකක් ආව පොත් සෙට් එකක් අතරින් දේවානුභාවයෙන් ලියවුනු පොත් මොනාද කියල හොයාගන්න...

සභාව තමන්ට තමන්ගෙ ස්වාමියා දුන්න අර කලින් කිව්ව බලය පාවිච්චි කරල කිව්ව, ඔය සියලු පොත් අතරෙන් මෙන්න මේ පොත් සෙට් එක තමයි දේවානුභාවයෙන් ලියවුණු සෙට් එක කියල (මොනාද ඒ පොත් කියන එක වෙනම කතාවක්)...
ඔතනින් ඔය කතාව ඉවරයි...

Circular argument කතාව එන්නෙ කොහොමද?

සභාව අර දුන්න බලයෙන් අනුමත කරපු පොත් සෙට් එක තියෙනවනෙ
ඒවයෙ සමහර පොත්වල ජේසු ඒ බලය සභාවට පවරපු සිද්ධිය විස්තර කරල තිබ්බ...
ඕක කියවල සමහරු (කතෝලිකයො පවා) කියන්න ගත්ත, මේ බලන්න, මේ පොතේ අර පොතේ තියෙනවනෙ ජේසු බලය අපිට දුන්න කියල,
පොතේ තියෙන නිසා මං පිළිගන්නව ජේසු එහෙම බලයක් දුන්නයි කියලයි කියල
මෙන්න මෙතනදි circular argument එකක්
බලය දුන්නයි කියල කියන්නෙ පොත කියන නිසා...
පොත කියන එක පිළිගන්නෙ බලය දුන්න නිසා...

මොකක්ද ඒකට දෙන උත්තරේ?

ඔතන ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ පොත් සෙට් එක දිග ඇරල ඔය ප්‍රශ්නෙට උත්තර හෙව්වම...
ඒක කරන්න වෙනව ජේසු පටන් ගත්තු නැති සභාවක් නම්, මොකද එයාලට වෙන ක්‍රමයක් නෑනෙ...

කතෝලික සභාවෙ කෙනෙක්ට පොත් බලන්න ඕනෙ නෑ බලය ලැබුන ද නැද්ද දැනගන්න... එයා පොත බලන්නෙම සභාවට ඒ බලය තියෙනව කියල දැනගෙන...

කොහොමද කෙනෙක් හොයාගන්නෙ තමන්ගෙ සභාවෙ මුතුන්මිත්තන්ට ජේසු ඔය කියන බලය පැවරුවද කියල?

ෆාද කෙනෙක් ගාවට යන්න
ඔයාට ඔළුවට අත තිබ්බෙ කවුද අහන්න
ඒ තිබ්බ කෙනා ගාවට යන්න
එයාගෙ ඔළුවට අත තිබ්බෙ කවුද අහන්න
මැරිල හිටියත් records තියෙන්න එපැයි
එයාලට පුළුවන් වෙන්න ඕනෙ ඔය ඔළුවට අත තිබ්බ order එක දිගටම උඩට අරන් ගිහින් ජේසුගෙ අපෝස්තුළුවරු 11 දෙනා (ජුදාස් නැතුව) ගාවට යන්න
පුළුවන් උනොත් හරි
නැත්තම් ඉතින් පව්

Imagenm

✍️ Supun Lahiru Fernando