කතෝලික සභාවේ "ඉගැන්වීමේ අධිකාරී බලය" නිවැරදි නොවේ නම්?

කතෝලික සභාවේ "ඉගැන්වීමේ අධිකාරී බලය" නිවැරදි නොවේ නම්?
18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
19 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය''යි වදාළ සේක.
( මතෙව් 16 : 18, 19 )

1: 👉කතෝලික සභාවේ අධිකාරි බලය පිළිනොගන්නා” ප්‍රොතෙස්තන්ත “සභාවන් කතෝලික සභාවේ අධිකාරී බලය යටතේ ක්‍රි:ව 382 දී ශු.පේදුරු තුමන්ගේ  37 වන අනුප්‍රාප්තිකයා වු දමසෙස් පාප් වහන්සේ විසින් අනුමත කරන ලද නව ගිවිසුමේ ග්‍රන්ථ 27 සම්මත ග්‍රන්ථ ලෙස පිළිගන්නේ කුමන පදනමක් මතද?

2:👉දමසෙස් පාප්වහන්සේගෙන් පසුව ක්‍රි:ව 384 දී තේරීපත්වු සිරිසියස් පාප්වහන්සේගේ දූර කාලය තුළදී ශුද්ධ වු ජෝන් ක්‍රිස්තෝත්තම් තුමන් විසින් පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම අඩංගු සමස්ථ ශුද්ධ ලියවිල්ල ග්‍රීක වදනක් වන biblia ( the books)  "ශුද්ධ බයිබලය" ලෙසට නම් කරනු ලැබීම නිවැරදි නොවේ නම් ප්‍රොතෙස්තන්තවරුන් ශුද්ධ ලියවිල්ල හදුන්වා දීමට "බයිබලය" යන වචනය භාවිතා කරන්නේ කෙසේද?

3:👉කතෝලික සභාව විසින් 4 වන සියවස තුළදී සාන්ත ජෙරම් තුමන් විසින් සිරිසියස් පාප්වහන්සේගේ අනුමැතිය යටතේ හෙබ්‍රව් භාශාවෙන් සහ ග්‍රීක භාශාවෙන් තිබු මුළු ශුද්ධ ලියවිල්ල ලතින් භාශාවට පරිවර්තනය කිරීම දේවානුභාවය තුළ සිදු වු ක්‍රියාවක් ලෙසට ඔවුන් පිළිගන්නේ කෙසේද? මාටින් ලුතර් පවා"වල්ගේට්" පරිවර්තනය අනුසාර කලේ කෙසේද?

4:👉ක්‍රි:ව 1227 දී කැන්ටබරි රදගුරු ස්ටීවන් ලැන්ටන් සහ 1248දී කාදිනල් හියුගෝ යන කතෝලික සභාවේ රදගුරු වරුන් විසින් "මුළු ශුද්ධ ලියවිල්ල" පරිච්ඡේදයනට බෙදා අංකනය කල ආකාරය නිවැරදි ලෙස ඔවුන් විසින් පිලිගන්නේ කෙසේද?

5:👉සමදර්ශක සුභාරංචි නිවැරදි ලෙසම සමදර්ශක කතුවරුන් විසින්ම එම සුභාරංචි රචනා කල බවට ඔවුන් විසින් පිළිගනු ලබන්නේ කෙසේද?මන්දයත් මේ බව සනාථ කර ඇත්තේ 2 වන සියවස තුළ ජීවත් වු කතෝලික සභා පියවරුන් වන පපියාස් තුමා,ඉරනේයුස් තුමන්,ක්ලෙමන්ට් තුමන් සහ ඔරිගන් තුමන් යන අය විසිනි.

6:👉 ප්‍රොතෙස්තන්ත ඉගැන්වීම අනුව ගැලවීම සදහා දේව වචනයම පමණක් සෑහේ නම් ශුද්ධ ලියවිල්ල තුළ "සම්මත ග්‍රන්ථ" නාමාවලිය සදහන් නොවන පසුබිමක් තුළ  සම්මත ග්‍රන්ථ ප්‍රමාණය ඔවුන් විසින් තීරණය කලේ කුමන පදනමක් මත සිටද?

7:👉ප්‍රොතෙස්තන්ත වරුන් කතෝලික සභාව විසින් පුරාණ ගිවිසුම ලෙසට සලකනු ලබන "සෙප්ටුවාජීන්ත" පිටපත පිළිනොගන්නේ නම් මතෙව් 1:23 දේවානුභාවයෙන් ලියවී ඇති ලෙස පිළිගනු ලබන්නේ කෙසේද?

8:👉 සභා ඉතිහාසය පිළිබදව අධය්‍යනය කිරීමේදී ක්‍රි;ව 33 සිට ක්‍රි:ව 1517 දක්වා ප්‍රොතෙස්තන්ත ඉතිහාසයක් පිළිබදව සදහන් කිරීමට ඔවුන් ට සාධක නොමැත්තේ කුමන හේතුවක් නිසාද?

9:👉 විශ්වය පුරා කතෝලික සභා 23 ක් පාප් වහන්සේගේ එඩේරික නායකත්වය,එකම සභා ඉගැන්වීමක් යටතේ එකම දිව්‍ය පුජා යාගයක් සහ එකම සක්‍රමේන්තු ජීවිතයක් ගත කළද ප්‍රොතෙස්තන්ත සභාවන් හී ඉගැන්වීම් අතර ක්‍රි:ව 1517 සිට අද දක්වාම එකම එඩේරික නායකත්වයක් සහ එකම ඉගැන්වීමක් දක්නට නොලැබෙන්නේ කුමක් නිසාද?

10:👉සියලු ප්‍රොතෙස්තන්ත සභාවන් විසින් "මාටින් ලුතර්" අනුගමනය කරන්නේ නම් ලුතර් විසින් පිළිගත් මරියතුමියගේ දේවමාතෘත්වය,සදා කන්‍යාභාවය සහ සාන්තුවරබැතිය වැනි දේවධාර්මික සතය්‍ය තාවයන් බැහැර කරනු ලබන්නේ කුමන පදනමක් මත සිටද?

සතුට යනු කතෝලිකයකු වීමයි!
✍️සාහිත පෙරේරා

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;