කතෝලිකයන් යනු රූප වන්දින්නෝ සහ දෙවියන් වහන්සේගේ අණට විරුද්දව වැඩ කරනනෝ?

කතෝලිකයන් යනු රූප වන්දින්නෝ සහ දෙවියන් වහන්සේගේ අණට  විරුද්දව වැඩ කරනනෝ?
Photo by Francesco Alberti / Unsplash

මෙය ලියනු ලබන්නේ කතෝලිකයන් , පාඨකයින් දැනුවත් කිරීම සඳහත්  බයිබලය නිසිලෙස කියවා තේරුම් නොගත් අය සඳහය . කතෝලිකයන් සැබවින්ම රූප වන්දනා කරන්නෝ ද ?
මුලින් අපි රූප යනු මොනවා ද අපි අවබෝධ කරගමු. රූප වර්ග දෙකකට බෙදනු ලබනවා . එනම්  icons  හා  idols. icons කියන්නේ යමක අනුරුවක්. ඒ කියන්නේ යමක් සිහිවීම පිණිස හදන දෙයක්.එය හිටපු පුද්ගලයෙක් අනුරුවක් වෙන්න පුළුවන් . උදාහරණයක් අපි විජේ කුමාරණතුංග අනුස්මරණ දවසට ඔහුගේ පිළිමයට මල්මාලා දැමුවත් අපි දැනුවත් මේ සිටින්නේ විජේ කුමරණතුංග නොවනබව එය ඔහුගේ අනුරුවක් බව.


idols කියන්නනේ වන්දනාව සඳහා හදාගන්න දෙයක්. දෙවියන් වහන්සේ රූප වන්දනාව තහනම් කරන ලද්දේ   ඒකාලයේ මිනිස්සු මිත්යා දෙවිවරුන්ගේ රූප හදාගෙන ඒවට දෙවියන් මෙන් නමස්කාර කර, රූප දෙවියන් කොට සැලකනු ලැබුවා මේ හේතු කොට ගෙන තමා මේ රූප වන්දනාව තහනම් වුනේ. මේක කෙලින්ම ගතහොත් දෙවියන් වහන්සේට දෙන තැන වෙන දෙයකට දීමත් (මුදල් හෝ වෙනදෙයකට ) දීමත් ඇතුලත් වෙනවා. බයිබලයේ ඇති හැම තැනකම රූප වන්දන්ව ගැන කියා ඇත්තේ මැවුම්කරු පසෙක තබා මැවිල්ලේ කොටස් වලට ඒ නමස්කාර දීම. එනම් idols සම්බන්දයෙන්.කතෝලික පල්ලිවල තබා ඇත්තේ icons සිහිවීම පිණිස හදපු දේවල් මිස කොතනකවත් එදෙවල් දෙවියන් කොට සලකන්නේ නැත.


ජේසුස් වහන්සේ කුරුසේයේ ඇන ගැසීම බලා මේ සිටින්නේ ජේසුස් වහන්සේ කොට වන්දනා කරන්නේ නැත . අපි එතුලින් උන්වහන්සේගේ දුක්ප්රාප්තිය සිහි කරනවා මිස , එය දෙවියන් වහන්සේ කොට සලකන්නේ නැත. උදාහරණයක් ලෙස passion of christ චිත්රපටය නරඹන අපිට ඇසට කඳුළු එන්නේ එහි රංගන ශිල්පියා නිසනොව පමණක්ම නොව , ඔහු තුලින් අපට ක්‍රිස්තුස් වහන්සේව සිහිපත් වන නිසාමය. එම නිසා කෙනෙක් රූප ඉස්සෙරහ යඤ කිරීමෙන් අපිට එමිනිසුන්ව විනිචය කල නොහැකි මොහු /ඇය රූප වන්දනා කරනවයි කියා එය තිබ්බෙන්නේ ඔහුගේ /ඇය ගේ හදවතේ.යම් කෙනෙක් තවත් කෙනෙක්ව වැරදි ලෙස විනිචයකරන්නේ නම් , ඒ විනිචය කරන පුද්ගලයා විනිචය කරන පවට හසු වීමක් මිස වෙන කිසිවක් නොව.


කතෝලික දේවස්ථාන කිසිවෙක දෙවියන් වහන්සේට දෙන නමස්කාරය දෙන්න රූපයක් සාදා නැත. ඔබ තේරුම් ගත යුත්තේ දෙවියන්වහන්සේ තහනම් කරන ලද්දේ රූප හැදීම නොව වන්දනාව දෙවියන්වහන්සේ ට දෙන නමස්කාරය සඳහා සාදන දේවල්. මේ ආකාරයෙන් ඉතිහාසයේ සිටි පුද්ගලයෙකු ගේ අනුරැවක් ඔහුව නිරෑපනර කිරීම සඳහා තබාගැනීම බයිබලයේ දේව තහනමට යටත් වන්නාවූ රෑප නමස්කාර තහනමට අයත් වන්නේ නැත.( icons ) රූප සාදන්න කියූ තැන් බයිබලයෙන්ම සොයාගත හැක.


තවද රූප භාවිතා කරන එකම සබහව රෝමානු කතෝලික සබහව නොවන අතර , ඉපැරණි සබහවන් රූප භාවිතා කරනු ලබන අතර.නවීන කාලයේ ආරම්භ කරන කරන අනිත් සබහවන් සියලක්ම රූප වන්දනාව , රූප ගැන මනා දැනුමක් අයවෙති. ඔබට මෙය ගැන තවත් දැනගත හැකි Christian iconography යන පදය ගැන සොයාබැලීමෙන්.