අද වික්ෂෝප සිකුරාදා දිනයයි

දේව මාතාවන් වහන්සේ වික්ෂෝප වූ අවස්ථාවන් හත පිළිබඳව මෙනෙහි කරමින් ඕතුමිය සමඟින් වික්ෂෝප වෙමු.

ජේසුස් වහන්සේව දේව මාලිගයේ පුද කළ අවස්ථාවේ සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ කඩු සතකින් දේව මාතාවන්ගේ හදවත් සිදුරු කරනවාක් මෙන් දැනෙන වේදනාව පිළිබඳ ප්‍රකාශයේ අන්තර්ගත වන වික්ශෝප සත මෙසේය.

  1. සිමියොන් දිවසවරයාගේ "ඔබේ හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් වනු ඇතැ"යි පැවසීමේ දී දැනුනු වේදනාව.
  2. දරුවා රැගෙන ඉජීප්‍තු දේශයට පලා යද්දී හෙලු කඳුළු.
  3. වයස අවුරුදු 12 දී ජේසු තුමන් දේව මාලිගාවෙ නැති වීම.
  4. කුරුස ගමනේදී ජේසුස් වහන්සේ හා මරිය තුමිය මුණ ගැසුණු විට ඕතුමිය හෙලූ කඳුළු සහ දැනුනු වේදනාව.
  5. ජේසු තුමා කුරුසයෙදී විඳි වේදනා හා උකුත් වූ විට දේව මාතාවන්ට ඇති වූ වේදනාව
  6. කුරුසයෙන් බාන ලද ජේසුගේ ශ්‍රී සිරුර උකුලට තබා ගත මොහොතේ දැනුනු වේදනාව.
  7. ජේසුස් වහන්සේගේ සිරි සිරුර ගල්ලෙනෙහි තැම්පත් කළ මොහොතේ ඇති වූ වේදනාව.

~ උපුටාගැනීමකි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව