අද වික්ෂෝප සිකුරාදා දිනයයි

දේව මාතාවන් වහන්සේ වික්ෂෝප වූ අවස්ථාවන් හත පිළිබඳව මෙනෙහි කරමින් ඕතුමිය සමඟින් වික්ෂෝප වෙමු.

ජේසුස් වහන්සේව දේව මාලිගයේ පුද කළ අවස්ථාවේ සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ කඩු සතකින් දේව මාතාවන්ගේ හදවත් සිදුරු කරනවාක් මෙන් දැනෙන වේදනාව පිළිබඳ ප්‍රකාශයේ අන්තර්ගත වන වික්ශෝප සත මෙසේය.

  1. සිමියොන් දිවසවරයාගේ "ඔබේ හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් වනු ඇතැ"යි පැවසීමේ දී දැනුනු වේදනාව.
  2. දරුවා රැගෙන ඉජීප්‍තු දේශයට පලා යද්දී හෙලු කඳුළු.
  3. වයස අවුරුදු 12 දී ජේසු තුමන් දේව මාලිගාවෙ නැති වීම.
  4. කුරුස ගමනේදී ජේසුස් වහන්සේ හා මරිය තුමිය මුණ ගැසුණු විට ඕතුමිය හෙලූ කඳුළු සහ දැනුනු වේදනාව.
  5. ජේසු තුමා කුරුසයෙදී විඳි වේදනා හා උකුත් වූ විට දේව මාතාවන්ට ඇති වූ වේදනාව
  6. කුරුසයෙන් බාන ලද ජේසුගේ ශ්‍රී සිරුර උකුලට තබා ගත මොහොතේ දැනුනු වේදනාව.
  7. ජේසුස් වහන්සේගේ සිරි සිරුර ගල්ලෙනෙහි තැම්පත් කළ මොහොතේ ඇති වූ වේදනාව.

~ උපුටාගැනීමකි

Read more

පෘතුගීසීන් පැමිණීමට පෙර ලංකාවේ කිතුනු ඉතිහාසය ලිපි මාලාව

පෘතුගීසීන් පැමිණීමට පෙර ලංකාවේ කිතුනු ඉතිහාසය ලිපි මාලාව

පෘතුගීසින් පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවන් සිටි බවට සාක්ෂි – පළමු කොටසකොස්මස් ඉන්ඩිකොප්ලෙයුස්ටස් නමැති දේශ සංචාරකයාගේ වාර්තා

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

මූලධර්මවාදීන් විසින් විකෘති කරන දානියෙල් 7 වන පරිච්ඡේදය (1 කොටස)

✝👉 එළිදරව් සාහිත්‍යයේ ආරම්භය පැරණි පර්සියාවේ සොරොඇස්ටර් නමැති චින්තකයාගේ ලේඛන වලින් පැන නැගී ඇති අතර ඒවා ක්‍රි.පු 1000 කටත් වඩා පැරණි බව නූතන විශාරද මතයයි