ආරම්භක යුගය (කිතුණු සභාවේ ආරම්භයේ සිට ක්‍රි:ව 590 දක්වා)

ආරම්භක යුගය (කිතුණු සභාවේ ආරම්භයේ සිට ක්‍රි:ව 590 දක්වා)

ක්‍රි:ව: 49 - පළමුවන ජෙරුසෙලම් මන්ත්‍රන සභාව

  • පළමුවන පේරුසෙලම් මන්ත්‍රන සභාව ශු. පේදුරු හා පාවුලු අපෝස්තුලුවරුන්ගේ නායකත්වය යටතේ කැදවනු ලැබුවේ චර්මඡේදනය සම්බන්දයෙන් මුල් කිතුණු සභාව (ජුදා ජාතික කිතුණුවත් සහ විජාතික කිතුණුවන් අතර) තුල පැන නැගුනු ගැටලුවට පිළිතුරු ලබා දීමටය. මෙය ක්‍රියා පොතේ 15 වන පරිච්ඡේදය තුළින් මනාව පෙන්වා දෙයි.

ක්‍රි:ව: 64- 63 නීරෝ අධිරාජ්‍යයාගේ පීඩන සමය

  • රෝම නගරයේ නම් කොටසක් ගිනිතබා විනාශ කිරීම නිසාවෙන් ජනතාවගෙන් ලැබූ අපවාදයන්ගෙන් මිදීමට තීරෝ අධිරාජ්‍යයා විසින් එහි වරද කිතුනුවන් වෙත පවරමින් කිතුණුවන්ට පීඩා කිරීම අරඹන ලදි. කිතුණු සභා ඉතිහාසය තුල සිදුවූ පළමුවන පීඩනය මෙය ලෙස සලකන අතර එය ක්‍රි:ව: 64-68 දක්වා ක්‍රියාත්මක වන ලදි.

ක්‍රි:ව: 64-ශු. පේදුරු සහ පාවුලු මුනිවරුන්ගේ ප්‍රාණපරිත්‍යාගීවරය

  • ශු. පේදුරු හා පාවුලු අපෝස්තුලුවරුන්ගේ ප්‍රාරිත්‍යාගීවරය හීරෝ අධිරාජ්‍යාගේ පීඩතසමයේ ආරම්භයේදී නැතහොත් ක්‍රි:ව: 64දී සිදුවී ඇති බව සදහන් වේ. මෙහිදී ශු. පේදුරු තුමන්ව හිස පහතට හරවා කුරුසියේ ඇණ ගසා ඇති අතර ශු. පාවුලු තුමන්ගේ හිසගසා දමා ඇත.

ක්‍රි:ව: 70 - ජෙරුසෙලමේ දේවමාලිගය විනාශකර දැමීම

  • ක්‍රි:ව: 70 ජුදාවරුන් සහ රෝමවරුන් අතර ඇති වූ සටනේදී ටයිටස් සහ ව ස්පාසියස්ගේ නායකත්වය යටතේ සිටි රෝමවරුන් විසින් පෙරුසෙලමේ පිහිටි දේවමාලිගාව සම්පූර්ණයෙන්ම ගිනිතබා විනාශකර දමන ලදි.

ක්‍රි:ව: 99 - ශු. ජුවාම් අපෝස්තුලු තුමන්ගේ මරණය (අපෝස්තුලුවරුන්ගේ යුගයේ අවසානය )

  • ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුලුවරුන් අතුරින් ප්‍රාණපරිත්‍යාගීවරය නොලබා ස්වර්ගස්ථ වූ එකම අපෝස්තුලුවරයා වන්නේ ශු. ජුවාම් අපෝස්තුළුතුමන්ය. එතුමාව තෙල් කටාරමක බස්වා මරා දැමීමට තැත් කලද එය නිර්තක වූ බැවින් පසුව එතුමන්ව ජීවිතාන්තය දක්වා පැස් නම් වූ දූපතට පිටුවහල් කරන ලදි.

ක්‍රි:ව: 64–313 දක්වා පැවති කිතුණු පීඩන සමය

  • නීරෝ අධිරාජ්‍ය සමයෙන් ඇරඹි කිතුණු පීඩන සමය වසර ගනනාවක් අධිරාජ්‍යවරුන් දසදෙනෙකු යටතේ විවිධ කාල වකවානුවන්හීදී සිදුවිය. මේ අතර ට්‍රාජන්, ඩේශියස්, සෙප්ටිමුස් සෙවරස් සහ දියොක්ලේසියානු යන අධිරාජ්‍යවරුන් ප්‍රධාන තැනක් හිමිකරගනී.

ක්‍රි:ව: 303 – දියොක්ලේසියානු අධිරාජ්‍යාගේ පීඩන සමය

  • පීඩන සමයන් සියල්ල ගත්කල දියොක්ලේසියානුවන්ගේ පීඩනසමය ප්‍රධාන තැනක් ගනී. මන්ද ඔහු විසින් ඉතා අමානුශික ලෙස පැනවූ ආඥා තුලින් දහස් ගණනක් වූ කිතුණුවන් හට සිය ජීවිත අහිමි වීමයි. දත්තලේකන වලට අනුව මේ වකවානුවේදී කිතුණුවන් 50000 අධික පිරිසක් ප්‍රාණපරිත්‍යාගීවරය ලබා ඇත.

ක්‍රි:ව: 313 – මිලාන් ආඥාව නිකුත්කිරීම

  • ක්‍රි:ව: 313 කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා විසින් ඉදිරිපත්කල මිලාන් ආඥාව තුලින් කිතුණු සභාවේ පීඩන සමය අවසන් වූ අතර නිදහසේ තම ධර්මය ඇදහීමටද කිතුණුවන්ට අවස්තාව හිමිවිය.

ක්‍රි:ව: 325 – නිසියානු මන්ත්‍රන සභාව කැදවීම

  • කොස්ටන්තීනු අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් පවත්වනලද මේ මන්ත්‍රණසභාව ඉතිහාසගතවන්නේ කිතුණු සභාව තුළ පැවැත්වූ ප්‍රථම මන්ත්‍රන සභාව ලෙසටයි. ශුද්ධ ත්‍රීත්වයේ වැඩසිටීම පිළිබද ඇති සභා ධර්මතාව මෙම මන්ත්‍රනසභාව තුලින් සම්මතකරනලද අතර ඒරියස් විසින් ඉදිරිපත් කරනලද වේධභේදය (ඒරියන්වාධය ) පිටුදකින ලදි. එලෙසම ශු. අතනාසියස් තුමන් විසින් සාදනලද විශ්වාසිකයන්ගේ යැදුම (නිසියානු විශ්වාසලක්ශනය) ඉදිරිපත්කරන ලද්දේත් මේ මන්ත්‍රන සභාව තුලින්ය.

ක්‍රි:ව: 330 – රෝම අධිරාජ්‍යයේ අගනුවර ලෙස කොන්ස්ටන්තිනෝපලය නම් කිරීම -

  • ක්‍රි:ව: 330දී කොන්ස්ටන්තීනු අධිරාජ්‍යා විසින් රෝමානු අධිරාජ්‍යයේ නව අගනුවර ලෙස කොන්ස්ටන්තිනෝපලය නම්කරන ලද අතර නව අගනුවර කොන්ස්ටන්තිනෝපලයේ බිසෙන්ටයින් හී පිහිටුවන ලදි.

ක්‍රි:ව: 353 – ශු. බැසිල්තුමන් විසින් නව තාපස සඝයක් පිහිටුවීම.

  • වනගත ශු. අන්තෝනි සහ ශු. පකෝමියස් මුනිවරුන් විසින් අරඹන ලද තාපස දිවියට නවතාවයක් එක්කරමින් ශු.බැසිල් තුමන් විසින් එය පෙරදිග සභාව තුල වර්ධනය කිරීමට කටයුතු කරන ලදි. මේ අතුරින් ක්‍රි:ව: 358 දී එතුමන් විසින් අරඹනලද තාපස සංඝය සුවිශේශී වෙයි.

ක්‍රි:ව: 330 – කිතුදහම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන ධර්මය බවට පත් කිරීම

  • පළමුවන තියඩෝශියස් අදිරාජ්‍යා විසින් ක්‍රි:ව: 380 දී ඉදිරිපත්කරලද තෙසලෝනික මගින් කිතුණු දහම රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන ධර්මය බවට පත් කරන ලදි.

ක්‍රි:ව: 331 – පළමුවන කොන්ස්ටන්තිනෝපල් මන්ත්‍රනසභාව

  • මේ මන්ත්‍රන සභාව පළමුවන තියඩෝශියස් අදිරාජ්‍යයාගේ මූලිකත්වය යටතේ කොන්ස්ටන්තිනෝපලයේදී පැවති අතර ඒරියන්වාදය නැවත වරක් මේ තුලින්
    පිටුදකින ලදි.

ක්‍රි:ව: 410 - විසිගොත් නැමති ගෝත්‍රික කණ්ඩායම රෝමය යටත්කර ගැනීම

  • මේ යුගයේදී රෝමය වෙත විසිගොත්, හන්ස්, ඔස්ත්‍රගොස් වැනි විවිධ ගෝත්‍රික කණ්ඩායම්වල ආක්‍රමණයන් එල්ල වූ අතර ක්‍රි:ව: 410 අගෝස්තු මස් 27වන දිනදී ඇලරික්ගේ නායකත්වය යටතේ පැමිණි විසිගොත්වරුන් විසින් රෝම නගරය සම්පූර්නයෙන්ම යටත් කරගන්නා ලදි.

ක්‍රි:ව: 431 - එපීසියේ මන්ත්‍රන සභාව

  • ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. සිරිල් මුනිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම මන්ත්‍රනසභාව මගින් නෙස්ටෝරියස් නැමති රදගුරුවරයා විසින් මරියතුමිය දේවමාතාවන් නොවන බවට(ඇය ක්‍රිස්තුස් නම් මනුශ්‍යාගේ මව පමණක් බවට(Christotokos)) සිදුකරන ලද වැරදි ඉගැන්වීම නිර්වද්‍ය කරන ලදි. එලෙසම මරියාවන් වහන්සේ දේව මාතවන් (Theotokos) යැයි පවසන කරන සභා ධර්මතාවයද මෙහිදී ස්ථීර කරන ලදි.

ක්‍රි:ව: 451 -කැල්සඩන්හී මන්ත්‍රන සභාව

  • මාර්සියන් අධිරාජ්‍යයාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම මන්ත්‍රණසභාව මගින් ඒකභෞතිකවාදීන්ගේ (Monophysitism) අදහස් හෙලාදකිමින් ක්‍රිස්තුස් වහන්සේගේ තුළ මනුෂ්‍ය සහ දිව්‍ය යන ස්වාභාවයන් දෙකම තිබෙනබවට සනාථ කරන ලදි.

ක්‍රි:ව: 496 - ග්ලෝවියස් රජතුමන් බෞතීස්ම ස්නාපනය ලැබීම

  • ප්‍රoශයේ රීමිස් නගරයේ ආසන දෙව්මැදුරේදී ක්‍රි:ව: 496දී ෆ්‍රැන්ක්වරුන්ගේ රජු වූ පළමුවන ක්ලෝවියස් රජතුමන් බෞතීස්ම ස්නාපනය ලැබූ අතර ඔහු විසින් කිතුණු ධර්මය යුරෝපය පුරාව්‍යාප්තකිරීමට පෙරමුණගෙන කටයුතු කරන ලදි.

ක්‍රි:ව: 535 – ශු. බෙනෙඩික් මුනිතුමන් විසින් නව තාපස නීතියක් හදුන්වාදීම

  • බටහිර තාපස දිවියේ පියා ලෙස සැලකෙන ශු.බෙනඩික්ට් මුනිතුමන් තම තාපස සංඝයට යාඥාව සහ වැඩකිරීම පෙරටුකරගත් නව තාපස දිවිපෙවතක් සහ ඒ හා සම්බන්ධ වූ නීති මාලාවක් හදුන්වා දෙන ලදි. මෙය එවකට යුරෝපය පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ අතර බොහෝදෙනෙක් මේ තුලින් දෙවිදුන්ට තම ජීවිත තාපසවරුන් ලෙස භාර කිරීමට ඉදිරිපත් විය.

ක්‍රි:ව: 553 – දෙවන කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව කැදවීම

  • ස්ටීනියන් අධිරාජ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මන්ත්‍රසභාව ඔරිගන් සහ ඉවාග්‍රියුස් විසින් සිදුකරන ලද වැරදි ඉගැන්වීම් ප්‍රතික්ශේප කර ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍ය සහ දේව ස්වාභාවයන් පිලිබදව වැඩිදුර පැහැදිලිකිරීම් සිදුකරන ලදි.

සැකසුම: ලියෝ මදුශාන් සහෝදරතුමන්