සාන්තුවරුන්ගේයි අපියි අතර තියෙන වෙනස මොකක්ද?

සාන්තුවරුන්ගේයි අපියි අතර තියෙන වෙනස මොකක්ද?

ඔගොල්ලො මල් මාල දාල රබන් ගහලා පෙරහැරවල් වලින් ගෙන යන මේ සාන්තුවරුන් ඔයාලා වගේම සාමාන්‍ය මිනිසුන් කියලා දන්නවද එහෙනම් සාන්තුවරුන්ගේයි අපියි අතර තියෙන වෙනස මොකක්ද ?සාන්තුවරුන් සාමාන්‍ය මිනිසුන් වුනාට ඔවුන්ට තිබුණා අසාමාන්‍ය විශ්වාසයක්. ඔවුන්ගේයි අපේයි තියෙන එකම වෙනස තමයි ඔවුන් ජීවිතයම වැය කරේ අනිත් මිනිස්සුන් වෙනුවෙන් එත් අපි තමා වෙනුවෙන් නැත්තං තමන්ගේ පවුල වෙනුවෙන් පමණයි.

හැම සාන්තුවරයෙකුගෙම ජීවිත එකිනෙක අධ්‍යනය කරද්දි හම්බෙන පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔවුන්ගේ අරමුණ.හැම සාන්තුවරයෙක්ටම තිබ්බේ  එකම අරමුණක් ඒක තමයි තමන් ආදරේ කරන දෙවියන් වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරලා ස්වර්ගයට යන මාර්ගය හදාගත්තු එක සහ අනිත් අයටත් හදලා දෙන්න උත්සාහ කරපු එක.

දෙවෙනි එක තමයි ඔවුන් ඉදිරියට එන ඕනම මනුෂ්‍යයෙක්ගේ මුහුණුවලින් ඔවුන් දැක්කේ තවත් එක මිනිහෙක්ගේ මුහුණක් නෙමෙයි තමන් ආදරේ කරන ජේසුගේ මුහුණයි.

තුන්වැනි එක තමයි හැම සාන්තුවරයකුටම පවුකාර අතීතයක් තිබුණා.

හතරවෙනි එක තමයි අසාමාන්‍ය දුක් විඳීම. හැම සාන්තුවරයෙකුම දුක් වින්දා මොකද අපි ස්වර්ගයට යන්න නම් දුක් විඳිය යුතුමයි. මෙලොවදී සැප විඳින්නන් එලොවේදී  දුක් විඳිති. මෙලොවදී දුක් විඳින්නන් එලොවේදී  ප්‍රීතිය විඳිති.සෑම සාන්තුවරයෙක් ම රෝගයකින්, අපහාස ලැබීම් වලින්, ප්‍රාණ පරිත්‍යාගී වීමකින්, තමාවම කැප කිරීමක් තුළින් හෝ මොනයම් ක්‍රමයකින් දුක්වින්දා.මෙච්චර දුකක් විඳගන්න ඔවුන්ට ශක්තිය ලැබුණේ කොහෙන්ද ???
ඇයි මතක නැද්ද අපේ ජේසු අපි වෙනුවෙන් කොච්චර දුක් වින්දද ඒක තමයි ඔවුන්ගේ එකම ශක්තිය උනේ...
රස්නෙ නිවන්න සීතල, සැර කැපෙන්න කිර ඕනා වගේ පාප මකන්න නම් දුක් විඳීම අවශ්‍යයි.මේ පෘථිවියේ දීම දුක්විඳලා හමාර කරපු නිසා එහා ලොවේ දී දුක් විඳින්න සාන්තුවරයන්ට අවශ්‍ය වුණේ නැහැ.ඒ වගේම ඔවුන්ට ලැබුන දුක්වේදනා ඔවුන් විවිධ මිනිසුන් වෙනුවෙන් ඔප්පු කරා කිසිම සාන්තුවරයෙක් කිසිමදාක දුක්වේදනා ප්‍රතික්ෂේප කළේ නැහැ...

පස්වෙනි එක තමයි තමන් මොන ජීවිත තත්වයක හිටියත් ෆාද කෙනෙක්, සිස්ටර් කෙනෙක් , කසාද බැදලා ,ඩොක්ටර් කෙනෙක්, ගොවියෙක්,  ළමයෙක් වගේ මොන තත්වයකින් හිටියත් ඔවුන්ගේ සමාජය තුළ ඔවුන්ට දෙවියන් වහන්සේ දී ඇති කාර්යය හරහා තමන් ගැනවත් නොසිතා උපරිම සේවය කරපු එක තමයි ඔවුන්ගේ වෙනස.

අපි කතා කළේ කීපයක් පමණයි ඒ වගේම අපි දෙවැනි කොටසින් කතා කරමු අනිත් ආගම් වල නැති මේ සාන්තුවරුන් කතෝලික ආගමේ පමණක් සිටින්නේ ඇයි කියලා.

සටහන ~ තීක්ශණ අනුහස්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව