නත්‍තල් ගස, නත්තල් සැරසිලි හා ගවලෙන ඉවත් කිරීම

නත්‍තල් ගස, නත්තල් සැරසිලි හා ගවලෙන ඉවත් කිරීම

විවිධ රටවල සම්ප්‍රදායයන් අනුව වෙනස් වේ (සමහරු පෙබරවාරි 2 කානික්ක මංගල්‍යය දක්වා තබාගනිති)

සාමාන්‍යයෙන් බොහෝ රටවල කිතුනුවන් කරන්නා සේ, අප රටෙහි ද නත්තල් සැරසිලි ඉවත් කරනුයේ නත්තල් සමය අවසාන වීමත් සමඟය.

මෙවර අප රටට නත්තල් සමය අවසාන වන්නේ ජනවාරි 8 වන සඳුදා දිනයි (අප රටට යන කොටස දමා ඇත්තේ දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂවීමේ මංගලෝත්සවය වැටෙන දිනය අනුව නත්තල් සමයේ අවසානය රටින් රටට වෙනස් වන බැවිනි).

එබැවින් එදින හෝ එම සති අන්තයේ නත්තල් සැරසිලි ඉවත් කිරීම කළ හැකිය. එය හදිසියෙන් කළ යුත්තක් නොවේ.

නත්තල් අෂ්‍ඨකය අවසාන වන්නේ ජනවාරි 1 ඉර බැස්මෙන් වන අතර නත්තල් සමය අවසාන වන්නේ ජනවාරි 8 වනදා ඉර බැස්මෙන් බව මතක් කර සිටිමු. එසේම, දෙසැම්බර් 25 පමණක් නත්තල් යන්න ව්‍යාපාරික අදහසක් බවද, එය කතෝලික සභාවේ අදහසක් නොවන බවද මතක් කර සිටිමු.

ජේසු පිහිටයි!

සටහන ~ සුපුන් ලහිරු

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව