කිතුනු මූලධර්මවාදය | Christian Fundamentalism

කිතුනු මූලධර්මවාදය | Christian Fundamentalism
Photo by Ante Hamersmit / Unsplash

මූලධර්මවාදය යනු කුමක්ද?ඇත්තෙන්ම සමහර මෙහි අර්ථය නොදන්නා පුද්ගලයන් මෙය "මුල් ධර්මය" වැනි ඉතාමත් වැරදි අර්තකතන දීමට පෙළබී ඇත.නමුත් මෙහි සැබෑ අර්තය හා ඉතිහාසය ගත් විට මෙය හාත්පසින්ම වෙනස් අරුතකි.

මූලධර්මවාදය යනු,

පුද්ගලයෙක් හෝ පුද්ගල සමූහයක් විසින් යම් කිසි තෝරා ගත් එක් මූලධර්මයක් හෝ මූල ධර්ම කීපයක් පරම සත්‍ය ලෙස සලකා. තම ඉගැන්වීම හා විශ්වාසය ඒ මත පදනම් කොට ගෙන වෙනත් මතවාදයන් ගොඩනැගීම මූලධර්මවාදය ලෙස සැලකේ.

ක්‍රිස්තියානි මූලධර්මවාදය එහි නූතන ස්වරූපයෙන් ආරම්භ වූයේ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ප්‍රොතෙස්තන්ත භක්තිකයන් අතරය.ඒ දේවධර්මවාදී ලිබරල්වාදයට හා සංස්කෘතික නූතනවාදයට හා විද්‍යාව තුළින් බයිබලය විමර්ශනයන්ට ප්‍රතික්‍රියාවක් ලෙසය.මූලධර්මවාදය යන වචනය භාවිත කරමින් මුල් වරට ප්‍රචාරය කළේ තෙල් කර්මාන්තයේ නියැලී සිටි මිල්ටන් සහෝදරයන් හා ලේයිමාන් ස්ටූවර්ඩ් විසිනි.(1910 හා 1915 අතර)

මූලධර්මවාදීන් තර්ක කළේ 19 වන සියවසේ නූතනවාදී දේවධර්මවාදීන් ක්‍රිස්තියානි ඇදහිල්ලේ මූලධර්ම ලෙස සැලකූ ඇතැම් මූලධර්ම, විශේෂයෙන් බයිබලයේ නිරවද්‍යතාව වැරදි ලෙස අර්ථකථනය කර හෝ ප්‍රතික්ෂේප කර ඇති බවයි.මූලධර්මවාදීන් සෑම විටම පාහේ විස්තර කර ඇත්තේ බයිබලය වචනානුසාරයෙන් අර්ථ නිරූපණය කිරීමක් ලෙසය.
මූලධර්මවාදය තනි නිකායක් හෝ ක්‍රමානුකූල දේවධර්මයක් වෙනුවට විවිධ දේවධර්මයන් විශ්වාස කළ විවිධ නිකායන් වල එකතුවක් විය.මූලධර්මවාදයට එක් නිර්මාතෲ වරයෙක් නොවීය එය කාලානුරූපීව වර්ධනය වෙමින් පැමිණි එකකි.

මූලධර්මවාදීන්ට අනුව අප ප්‍රශ්න කළ නොහැකි මූලධර්මයන් 5ක් ඇත.

1.ශුද්ධ ලියවිල්ලේ සදහන් ඓතිහාසික , විද්‍යාත්මකව කරුණු සියල්ල සත්‍ය බව.
2.ජේසුස් වහන්සේගේ නිර්මල උපත.
3.ජේසුස් වහන්සේ අපගේ පව් වෙනුවෙන් මරණයට පත් වූ බව.(substitutionary atonement)
4.ජේසුස් වහන්සේගේ ශාරීරික උත්තානය
5.බයිබලයේ සදහන් ප්‍රාතිහාර්යයන්ගේ සත්‍යතාව.
(මෙම කරණු පහෙන් හතරක්ම කතෝලික සභාව පිළිගන්නා නමුත් ඔවුන් එය ප්‍රකාශ කරන ආකාරයට නොවේ)

මූලධර්මවාදය බිහි වූයේ ක්‍රිස්තියානිය හා විද්‍යාව අතර ඇතී ගැටීම වැලක්වීමටය.නමුත් ඔවුන් එය සිදු කළ ආකාරයේ වැරද්දක් ඇත.එනම් ඉහත සදහන් කළ ඔවුන්ගේ මූලධර්මයන් 5 ආදීය කිසියම් ආකාරයක ප්‍රශ්න කිරීම හෝ පරීක්ෂණයට බදුන් කිරීම ඔවුන් පාපයක් හෝ නොකල යුත්තක් ලෙස හැදින්විය.එවිට මූලධර්මවාදීන් අන්ධ භක්තියකින් පෙලුනු ගෝත්‍රික ආගමිකයන් වැනිය.නමුත් සැබෑ ක්‍රිස්තියානිය යනු ප්‍රශ්න කිරීම මගින්ද ගොඩ නැගුණු එකකි.බයිබලය පමණක් විශ්වාස කරන ලෙස බයිබලයේ තුල කිසිම ස්ථානයක සදහන් කර නැත.නමුත් බයිබලය තුළම වෙනත් පොත් කිහිපයක්ම සදහන් කර ඇත.

•එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,
ගණන් කථාව 21:14 NRSV

•එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය.
ජෝෂු 10:13 NRSV

•සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?
1 රාජාවලියේ 11:41 NRSV
(කිහිපයක් පමණයි)
~මූලධර්මවාදීන්ගේ ප්‍රධාන ලක්ශන කිහිපයක් ඇත.

  1. එක් මූලධර්මයක් හෝ මූලධර්ම කීපයක් ගෙන ඒවා පරම සත්‍ය ලෙස ඇදහීම.
  2. එම ව්‍යුහය තුලට අයත් නොවන අනෙකුත් ඇදහිලි සහ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම සහ විවේචනය කිරීම.
  3. අධ්‍යාත්මික ගැලවීම සදහා තම ඇදහිල්ල පමණක් අත්‍යවශ්‍ය බව සැලකීම.
  4. එවැනි මතවාදයන් හරහා අන්තයකට ගමන් කිරීමට උත්සහ කිරීම.
  5. එම සත්‍යතාවක් කරන කොට ගෙන එදිනෙදා ජීවිතයේදී අන්තවාදීව කටයුතු කිරීම.

උදා- රුධිර පාරව්ලනය නොකිරීම, රෝගී අවස්ථාවලදී ඖෂධ නොගැනීම,පාපොච්චාරණය නොකිරීම,යම් විද්‍යාත්මක කරුණු හේතු රහිතව ප්‍රතික්ෂේප කිරීම.වර්තමාන කොවිඩ් එන්නත ගැනීමෙන් වැලකීම...

වර්තමානය වන විට බුද්ධිමත් විවෘත මනසකින් හෙබි පුද්ගලයන් රාශියක් මූලධර්මවාදී සභාවලින් වැලකී කතෝලික හෝ mainline ක්‍රිස්තියානි සභාවක සාමාජිකත්වය ගෙන සිටියත් තවම ඇතැම් කොටසක් මූලධර්මවාදී මත දරයි.

ලංකාව තුල පවතින ප්‍රධාන මූලධර්මවාදී සභාවන්.
•එසම්බ්ලි ඔෆ් ගෝඩ් සභාව
•සෙවන්ත් ඩේ ඇඩ්වන්ටිස් සභාව
•යොහෝවා සාක්ෂිකරුවන්ගෙ සභාව
•අපෝස්තලික සභාව
•ලංකා පෙන්තකොස්ත සභාව
•සියොන් සභාව
•සමර්ණා සභාව

සැබෑ කිතුණුවන් ලෙස අප බුද්ධිමත්ව හා විචාරශීලිව ශුද්ධ බයිබලය අධ්‍යනය කළ යුතු අතර අන්ධ විශ්වාසයකින් හෙබි ගෝත්‍රිකයන් නොවිය යුතුය.මන්ද ක්‍රිස්තියානිය යනු සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සහිත ප්‍රායෝගික දහමකි.ශුද්ධ බයිබලය තුළ අපව කොටු කර නැත.