මාත් හරියට මැටි පිඩක් වගේ...

මාත් හරියට මැටි පිඩක් වගේ...

මාත් හරියට මැටි ගොඩක් සේය නමුත් ඒ මැටි ගොඩේ වටිනාකම මගේ වටිනාකම ජේසූ පැහැදිලිව හැම මොහොතෙම මා හට පෙන්නුම් කරයි ලස්සන මැටි භාජන හදන සේ මාවත් හරි ලස්සනට ජේසූ තනනවා.

ජීවිතේ නොලැබීම එක්ක සටන් කරන හැම මොහොතෙම ජේසූ මගේ ලැබීම මට පෙන්නනවා.  ජීවිතේ යම් අවස්ථා එනවා අපිට අපිවම එපා වෙන ඒ හැම මොහොතෙම ජේසූ නැවතත් කැටුනු බාජනයක් සවි කරන සේ මාවත් ඒ ලෙස නැවත ශක්තිමත් කර අලුත් ලෙස තනනවා.

අද සමාජයේ අපිට විවිධ හැල හැප්පීම් එනවා ඒ තුල ගොඩක් අය මානසික වැටෙනවා තනි වෙනවා හුදකලාව තෝර ගන්නවා නමුත් ඒ අය ජේසුට කතා කරන්න ජේසුව තෝර ගන්න උත්සහා කරන් නෑ. අපි වැටුනොත් අපි එකම තැන් පල් වෙවී ගද ගගහ ඉන්නවා නමුත් ජේසූ කවුරුන් හෝ මාර්ගෙන් අත දෙනවා ඔයාව මාව නැගිට්ටවන්න ඒත් අපි සූදානම් නෑ ජේසුගේ හඩට අවනත වෙන්න.

ජේසූ හැමදාමත් බලන් හිටියේ පවෙන් පිරුනු ඔයාව මාව අපවිත්‍ර උන ඔයාව මාව හොදින් පවිත්‍ර කරන්න. නමුත් ඔයා මම යන්න ඕන පාර පැහැදිලිව තියෙනකොට අර අපහැදිලි පාර තෝරගෙන ගමන් කරන්න ගත්තා.ඒ ඇයි අපි හැමදාමත් කරේ අපිට කැමති දේ විතරයි කිසිදාක ජේසූ කැමති දේ කරාද

ජේසූ කොච්චර ආදරේද කියන්නේ මට මගේ වටිනාකමක් දැනෙන් නැති වෙලාවට මට මගේ වටිනාකම දැනෙන දැනුන මිනිස්සු මට මුන ගස්සපු එක.

ජේසුගේ හිනාව දැක්කත් මගේ හැම ප්‍රශ්නයක්ම විසදෙනවා ඒ හිනාව ඇතුලේ ආදරය සතුට උත්තරය හැමදේම ගැබ් වෙලා තියෙනවා.

ඉතින් මට වෙන විසදුම් දුක් කදුලු මොකටද ජේසුගේ ආදරේ ඉස්සරහ ඒ හැමදේම දූවිලක් සේය

ඔබට මට පුලුවන් නැවත් සිත් හැරීමකින් ජේසු ලගට යන්න තාමත් වෙලාව තියෙනවා❤️

සටහන -: අචිනි ප්‍රේමින්දිනී ✍️

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව