මාත් හරියට මැටි පිඩක් වගේ...

මාත් හරියට මැටි පිඩක් වගේ...

මාත් හරියට මැටි ගොඩක් සේය නමුත් ඒ මැටි ගොඩේ වටිනාකම මගේ වටිනාකම ජේසූ පැහැදිලිව හැම මොහොතෙම මා හට පෙන්නුම් කරයි ලස්සන මැටි භාජන හදන සේ මාවත් හරි ලස්සනට ජේසූ තනනවා.

ජීවිතේ නොලැබීම එක්ක සටන් කරන හැම මොහොතෙම ජේසූ මගේ ලැබීම මට පෙන්නනවා.  ජීවිතේ යම් අවස්ථා එනවා අපිට අපිවම එපා වෙන ඒ හැම මොහොතෙම ජේසූ නැවතත් කැටුනු බාජනයක් සවි කරන සේ මාවත් ඒ ලෙස නැවත ශක්තිමත් කර අලුත් ලෙස තනනවා.

අද සමාජයේ අපිට විවිධ හැල හැප්පීම් එනවා ඒ තුල ගොඩක් අය මානසික වැටෙනවා තනි වෙනවා හුදකලාව තෝර ගන්නවා නමුත් ඒ අය ජේසුට කතා කරන්න ජේසුව තෝර ගන්න උත්සහා කරන් නෑ. අපි වැටුනොත් අපි එකම තැන් පල් වෙවී ගද ගගහ ඉන්නවා නමුත් ජේසූ කවුරුන් හෝ මාර්ගෙන් අත දෙනවා ඔයාව මාව නැගිට්ටවන්න ඒත් අපි සූදානම් නෑ ජේසුගේ හඩට අවනත වෙන්න.

ජේසූ හැමදාමත් බලන් හිටියේ පවෙන් පිරුනු ඔයාව මාව අපවිත්‍ර උන ඔයාව මාව හොදින් පවිත්‍ර කරන්න. නමුත් ඔයා මම යන්න ඕන පාර පැහැදිලිව තියෙනකොට අර අපහැදිලි පාර තෝරගෙන ගමන් කරන්න ගත්තා.ඒ ඇයි අපි හැමදාමත් කරේ අපිට කැමති දේ විතරයි කිසිදාක ජේසූ කැමති දේ කරාද

ජේසූ කොච්චර ආදරේද කියන්නේ මට මගේ වටිනාකමක් දැනෙන් නැති වෙලාවට මට මගේ වටිනාකම දැනෙන දැනුන මිනිස්සු මට මුන ගස්සපු එක.

ජේසුගේ හිනාව දැක්කත් මගේ හැම ප්‍රශ්නයක්ම විසදෙනවා ඒ හිනාව ඇතුලේ ආදරය සතුට උත්තරය හැමදේම ගැබ් වෙලා තියෙනවා.

ඉතින් මට වෙන විසදුම් දුක් කදුලු මොකටද ජේසුගේ ආදරේ ඉස්සරහ ඒ හැමදේම දූවිලක් සේය

ඔබට මට පුලුවන් නැවත් සිත් හැරීමකින් ජේසු ලගට යන්න තාමත් වෙලාව තියෙනවා❤️

සටහන -: අචිනි ප්‍රේමින්දිනී ✍️

Read more

ආදරය කරන්නේ කෙසේද? ශුද්ධ වූ හොසේමරියා මුනිඳුන්ගේ පිළිතුර

"ආදරය" යනු මිනිස් ඉතිහාසය පුරා කවීන්, දාර්ශනිකයන් සහ සාමාන්‍ය ජනයා විසින් විමසන ලද, අර්ථකථනය කිරීමට උත්සාහ කළ ගැඹුරුම සහ බලවත්ම යථාර්ථයකි. එහෙ