ලාංකේය රදගුරු වංශාවලියේ සයවන රදගුරු වසම වූ හලාවත රදගුරු වසම - 1 වන කොටස

ලාංකේය රදගුරු වංශාවලියේ සයවන රදගුරු වසම වූ හලාවත රදගුරු වසම - 1 වන කොටස
හලාවත පදවියේ හදවත බදුවූ හලාවත කාර්මෙල් මාතා ආසන දෙව්මැදුර

රදගුරු වසමේ නම - හලාවත
ලාංකේය රදගුරු පරපුරේ - සයවන  රදගුරු වසම
වර්ග ප්‍රමාණය - වර්ග කිලෝමීටර 2,076
අයත් වන දිස්ත්‍රීක්කය - පුත්තලම
ජනගහනය - 309,026 (2021 වසරේ සංඛ්‍යා ලේඛන අනුව)
හලාවත රදගුරු පදවිය ස්ථාපිත වූයේ - ක්‍රි.ව. 1939 අප්‍රියෙල් මස 05 වන දින
පදවිය කැපකරන ලද්දේ - ජේසු සමිඳාණන්ගේ අතී පරිශුද්ධ ශ්‍රී හෘදයට
පදවියේ ආසන දෙව්මැඳුර - ශ්‍රී සළුධාතු මාතා ආසන දෙව්මැඳුර - හලාවත
දිසාවන් -  04 ( පුත්තලම , හලාවත , වෙන්නප්පුව සහ බෝලවත්ත )
මීසම් සංඛ්‍යාව - 53

ධර්මදූතික මෙහෙවර - පෘතුගීසි සමයේදී එනම් 1541 න් පසුව  ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන්ගේ ධර්මදානයට නතුවූ පුත්තලම දිස්ත්‍රික්කය කම්මල, කල්පිටිය සහ හලාවත යන ධර්මදූතික මධ්‍යස්ථාන වලින් සුසැදි ඓතිහාසික පෙදෙසකි. පසුව ක්‍රි.ව. 1602 කොචින් රාජගුරුප්‍රසාදීන් වහන්සේගේ සීමාබෙදීම තුළ වයඹ පළාත හෙවත් සත් කෝරළය ජේසූ නිකායික  ධර්මදූතවරුන් හට පවරා දෙන ලදී. පෘතුගීසි සමයෙන් පසුව කන්ද උඩරට රාජ්‍යයට අයත් වූ මෙම ප්‍රදේශයේ වීරෝදාර කතෝලිකයන් වාසය කළ නිජබිමකි. ලංකා අපෝස්තුළුවරයාණන් වන ශු. ජුසේ වාස් මුනිතුමන් ප්‍රමුඛ ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදූතවරුන්ගේ මධ්‍යස්ථාන රාශියක් මෙහි පිහිටා තිබුණි. ඒ අතුරින් පුත්තලම සහ අති පූජ්‍ය පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පූජාප්‍රසාදිතුමන් අවසන් වරට වාසය කළ බෝලවත්ත සුවිශේෂී වේ. ක්‍රි.ව. 1845 පෙබරවාරි මස 17 වන දින ලක්දිව අනුපදවිය දෙකඩ වී උතුරු අනුපදවිය හෙවත් යාපනය අනුපදවියට මෙය අයත් වුණි. එතැන් සිට ක්‍රි.ව. 1883 අප්‍රියෙල් මස 20 වන දින දක්වා යාපනය රදගුරු පදවියට ද එතැන් සිට ක්‍රි.ව. 1893 අගෝස්තු   මස 25 වන දින සිට දක්වා කොළඹ අගරදගුරු පදවියට ද මේ ප්‍රදේශය අයත් වුණි.

මෙම කාලයේ ඔබ්ලෙට් නිර්මල  මරිය නිකායික ප්‍රංශ ජාතික පියවරු බොහොමයක් මෙරටට පැමිණි අතර, කොළඹ අගරදගුරු  පදවියටම අයත් වූ වයඹ පළාතේ ආගමික හා අධ්‍යාපන දියුණුව සඳහා වැඩ රාශියක නිරත වූහ. ස්වදේශීය පූජක වැරත් පුහුණු කිරීමේ දෙව්සත් හලක් බිහි කිරීමත්, උසස් අධ්‍යාපනය සඳහා විද්‍යාතනයක් ආරම්භ කිරීමත් මෙම යුගයේ ක්‍රියාත්මක වෙමින් තිබුණි. මෙසේ අති උතුම් බොන්ජින් රදගුරුතුමා ආරම්භ කළ කාර්යයන් මෙලිසන් රදගුරුතුමා ඉදිරියට ගෙන ගියේය. මෙසේ දිනෙන් දින ඉදිරියට  නැගු වයඹ පළාතේ 1939 වසර වන විට කතෝලික ජනගහණය 1427 ක් වූ අතර මීසම 27 ක් වශයෙන් ව්‍යාප්ත වී තිබිණි.

1939 ජනවාරි මස 05 දින ශුද්ධාසනයෙන් නිකුත් කරන ලද අඩි කතෝ ලිකුම් නෝමෙන් නම් නිවේදනය මගින් වයඹ පළාත කොළඹ පදවියෙන් වෙන් කොට නව රදගුරු පදවියක් ලෙස නම් කිරීමට තීරණය විය. එම නිවේදන පත්‍රයේ මෙසේ සඳහන් කොට ඇත.

"ශ්‍රී ලාංකේය කිතුනු සභාවේ වැඩි දියුණුව ද විශේෂයෙන් සුවිශාල කොළඹ අගරදගුරු පදවිය මේ මෑත යුගයේදී ලබා ඇති දියුණුවද දුටු අපි කොළඹ පදවිය බෙදා වෙන් කොට හලාවත නව පදවිය ස්ථාපනය කිරීමට තීරණය කළෙමු. ඒ අනුව අප වෙත පැවරී ඇති නිල බලය පිට මුළු වයඹ පළාත සේ ගැනෙන භුමි ප්‍රදේශය කොළඹින් වෙන්කොට නව රදගුරු වසමක් ලෙස නිල කරන අතර එහි ප්‍රධාන නගරය වන හලාවත නමින් මෙම පදවිය නම් කරන ලෙසට නියෝග කරමු. තවද මෙම පදවිය ශ්‍රී ලංකාවේ සිටින පදවි පූජකවරුන්ගේ භාරයට පවරන්නෙමු. තව දුරටත් මෙම හලාවත නගරයෙය් තිබෙන කාර්මෙල් මාතාවන්ට කැපකර තිබෙන දෙව් මැදුර මේ නව පදවියේ ආසන දෙව්මැදුර ලෙස නිල කරමු..."

පදවි සිද්ධස්ථාන

ශා. ආනා සිද්ධස්ථානය - තලවිල
ශ්‍රී කුරුසියේ ජාතික සිද්ධස්ථානය - මාරවිල
ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය - බණ්ඩිරිප්පුව
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - පල්ලේකන්දල්
ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය - කුඩාමඩු වැල්ල
ලුර්දුවේ අප ස්වාමිදුගේ  සිද්ධස්ථානය  - නාත්තන්ඩිය
ශා. ජුසේ වාස් මුනිතුමන්ගේ සිද්ධස්ථානය - වට්ටක්කල්ලිය
වන්නි මඩු සිද්ධස්ථානය - අඟුණවිල
ශා. විනිෆ්‍රිඩා මුනිශ්වරියගේ සිද්ධස්ථානය -  කහටවිල
පාතිමාවේ අප ස්වාමිදූගේ සිද්ධස්ථානය - තබ්බෝව
ශා. සෙබස්තියන් මුනිතුමන්ගේ සිද්ධස්ථානය - කටුනේරිය
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - කෝට්ටපිටිය
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - දළුව
ග්වාඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය - කරිකට්ටිය

රදගුරු ධුරාවලිය

අති ගරු ඇලෝසියස් පෙරේරා (නි.ම.නි.) මාහිමිපාණෝ - 1939 ජනවාරි මස 05 වන දින රදගුරු අභිෂේකයට පෙර මෙතුමෝ 1939 අප්‍රියෙල් මස 08 වන දින ස්වර්ගස්ථ වුයේය.

අති උතුම් එඩ්මන්ඩ් පීරිස් (නි.ම.නි.) හිමිපාණෝ (ලක්දිව පළමු සිංහල රදගුරු) - 1940 ජනවාරි මස 12 වන දින සිට 1972 දෙසැම්බර් මස 27 වන දින දක්වා

අති උතුම් ප්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණෝ - 1972 දෙසැම්බර් මස 27 වන දින සිට 2006 ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා

අති උතුම් වර්ණකුලසූරිය වඩුමෙස්ත්‍රිගේ දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස්  හිමිපාණෝ - 2006 ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා සිට 2021 ඔක්තෝම්බර් මස 09 වන දින දක්වා

අති උතුම් වර්ණකුලසූරිය වඩුමෙස්ත්‍රිගේ දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ - අපෝස්තලික පරිපාලක හිමි ක්‍රි.ව. 2021 ඔක්තෝම්බර් මස 09 වන දින සිට 2023 දෙසැම්බර් මස 06 වන දින දක්වා

අති උතුම් ආරච්චිගේ දොන් විමල්සිරි අප්පුහාමි ජයසූරිය හිමිපාණෝ - 2023 දෙසැම්බර් මස 06 වන දින සිට අද දක්වා

සටහන - අසේල දසනායක

පදවියේ කැපකරන ලද්දේ - ජේසු සමිඳාණන්ගේ අතී පරිශුද්ධ ශ්‍රී හෘදයට
පුත්තලම දිස්ත්‍රික්කයෙන් සමන්විත හලාවත රදගුරු පදවිය
තලවිල ශා. ආනා මුනිශ්වරියගේ සිද්ධස්ථානය
ශ්‍රී කුරුසියේ ජාතික සිද්ධස්ථානය - මාරවිල
ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය - බණ්ඩිරිප්පුව
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - පල්ලේකන්දල්
ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය - කුඩාමඩු වැල්ල
ලුර්දුවේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය - නාත්තන්ඩිය
ශා. ජුසේ වාස් මුනිතුමන්ගේ සිද්ධස්ථානය - වට්ටක්කල්ලිය
වන්නි මඩු සිද්ධස්ථානය - අඟුණවිල
ශා. විනිෆ්‍රිඩා මුනිශ්වරියගේ සිද්ධස්ථානය - කහටවිල
ශා. සෙබස්තියන් මුනිතුමන්ගේ සිද්ධස්ථානය - කටුනේරිය
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - කෝට්ටපිටිය
ශා. අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය - දළුව
ග්වාඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය - කරිකට්ටිය