මහනුවර කතෝලික රජවරු

මහනුවර කතෝලික රජවරු

පෘතුගීසින් දිවයිනට පැමිණෙන විට දිවයිනේ රාජධානි තුනක් විය. ඒ උතුරේ යාපනයද කඳුකරයේ නුවර ද  නිරිතදිග කෝට්ටේ ද වශයෙනි. මේ කාලයේ නුවර පාලනය කලේ වික්‍රමබාහු ය. ඔවුහු කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ සහ සීතාවක රජ කළ මායාදුන්නේගේ ඥාති සොයුරෙකු විය.
මායාදුන්නේ බලගතු වී නුවර පැහැරගැනීමේ සංඥා දැක්වූ දැක් වූ විගස වික්‍රමබාහු වික්‍රමබාහු ද පෘතුගීසින්ගේ සහාය ලබා ගනු වස් ඔහුනට ඇවිටිලි කළේය. පළමුව හෙතෙම ප්‍රැන්සිස්කානු දහම් දූත පියවරුන්ට එහි පැමිණෙන ලෙස ආරාධනා කළේය. තමන් ද එක රාත්‍රියක රහසිගතව ප්‍රසාද ස්නාපනය ලබා ගත්තේය. මේ ගැන ගෝවට දන්වා යවන ලදී. එහෙත් ඔහු තුළ තුළ අවංක විශ්වාසයක් තිබුණේ දැයි යන්න සැක සහිතයි.

වික්‍රමබාහුට අවශ්‍ය වූයේ ඔහුගේ කනිටු බිසව හෙවත් ගම්පොළ දේවියගෙන් ලද පුතුනුවන් වෙත තමන්ගෙන් පසු රජකම පමණයි. එහෙත් තම වැඩිමහල් පුත්‍රයා හෙවත් හන්තාන දේවියගෙන් ලද කරලියද්ද බණ්ඩාර පියා පලවා හැර තමන් රජකම භාර ගත්තේය. තවද ඉල්ලීමක් කර කෝට්ටේ ධර්මපාල රජු මගින් මායාදුන්නේ ගෙන් ආරක්ෂා වන පිණිස පෘතුගීසි සොල්දාදුවන් තුන්සියයක් ලබා ගත්තේය.

මේ කණ්ඩායම සමග නුවරට ගිය ප්‍රැන්සිස්කාන පියතුමකු කරලියැද්දයන් කිතුදහමට දිනා ගත්තේය. එපමනක් නොව ඔහුගේ මව සහ සොහොයුරිය ද දෝන මරියා සහ දෝන මර්ගරීදා යන නම් ගෙන කිතු දහම වැළඳ ගෙන ඇත. මෙම දෝනා මර්ගරීදා පසුව ධර්මපාල රජු සමඟ විවාහ වූවාය.

කරලියැද්දේගේ සිත් හැරීම හෙවත් කිතු දහම වැළඳ ගැනීම අවංක වූ බව කිව යුතුයි. හෙතෙම මුළු නුවර රාජධානිය පුරා ම පුරාම කිතු දහම දෙසුම සඳහා දහම් දූවරුන්ට අවසර දී තිබේ. මේ අනුව එහි දහම් වසන්තයක් උදා වීමේ බලාපොරොත්තු ඇති වුවත් එම අපේක්ෂාවන් බිඳ වැටීම සඳහා ගතවූයේ ඉතා ස්වල්ප කලෙකි. ක්‍රි.ව. 1582 දී සීතාවක රාජසිංහ නුවර අල්ලා ගැනීමත් සමග බලාපොරොත්තු සියල්ල සුන් විය. රාජසිංහගෙන් දිවි බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලයට පැනගිය කරලියැද්ද ඔහුගේ බිරිද හා පුතුන් සියලු දෙනාද ස්වල්ප දවසකින් වසූරිය වැළඳී මිය ගියෝය. ඉතිරි වූයේ එක් හැවිරිදි දියණිය වූ දෝනා කතිරිනා පමණය.

පෘතුගීසීන්ගේ භාරකාරත්වයට පත් වූ දෝනකතරිනා කුඩා දැරිය මන්නාරමට ගෙන යන ලදී. ඇය සමග කරලියැද්දගේ බෑණනුවන් වූ යමසිංහ ද විය. කතරිනා ද ආබෲ නැමැති පෘතුගීසි කාන්තාවක් දෝනකතරිනා කුමරිය බලාගත් අතර දස අට හැවිරිදි යමසිංහ කුමරා දොන් පිලිප් නමින් ප්ර සාද ප්‍රසාද ස්නාපනය ලැබ උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට යවන ලදී.

ක්‍රි.ව.1592 දී රාජසිංහට විරුද්ධ ව කැරලි ගැසූ නුවර වැසියෝ ඔහු නෙරපා දැමූහ. මෙම කැරැල්ල මෙහෙයවන ලද්දේ දොන් ෆ්‍රැන්සිස්කෝ මුදලිතුමන් හෙවත් ගම්පොළ දිවියගේ මුණුබුරකු විසිනි. හෙතෙම කතෝලිකයෙකි. කැරැල්ලේ ජයගත් පසු නුවර අවසාන වර පාලනය කළ කරලිය බැද්දගේ බෑණා වූ යම සිංහයෝ රජු ලෙස පිළිගනු ලැබූහ. නුවරට ගලි කතෝලික රජකු පත්විය.

යමසිංහ ගේ රජ රජ කාලය කෙටි විය. ඔහුගේ හමුදා නායකයා වූයේ සීතාවක රාජසිංහගෙන් මැරුම්කා වීරසුන්දරගේ පුත්‍රයා හෙවත් කොනප්පු බණ්ඩාර ය. මොහු පියාගේ ඝාතනය සිදු වූ පසු ආරක්ෂාව පතා පෘතුගීසින් වෙත පැන ගියේය එහිදී දොන් ජුවාම් නමින් කිතුනුවකු ද විය. කොනප්පු බණ්ඩාර ද නුවර රජකම අපේක්ෂාවෙන් සිටියේ ය. යමසිංහ රජතුමා හදිසි සැක සහිත මරණයකට ගොදුරු විය. මේ අනුව ඔහුගේ දොළොස් හැවිරිදි පුත්‍රයා දොන් ජුවාම් රජ කමට පත් විය. යළි නො ව රජකම පැවරුණේ කතෝලික බැතිමතකු ටයි. එහෙත් කොනොප්පු බණ්ඩාර පෘතුගීසි හමුදාවනට පහරදී විසුරුවා හැර තමන් විමලධර්මසූරිය නමින් රජ වන බව ප්‍රකාශයට පත් කළේය. මෙතැන් සිට හෙතෙම කිතු දහම ද අතහැර පෘතුගීසීන්ට පහර එල්ල කළේය.

රජකමින් පහකරන ලද දොන් ජුවාම් පෘතුගීසින් වෙත පැන ගියේය. මන්නාරමට ගෙන යන ලද මොහු ප්‍රැන්සිස්කාන පියවරුන්ගේ රැකවරණය යටතේ අධ්‍යාපනය ලැබීය. පළමුව කොළඹ සාන්ත අන්තෝනි විදුහලේ ද ඉනික්බිති පසළොස් වසරක් තුළ ගෝවේ රජ තුන් කට්ටු විදුහලේ ද අධ්‍යාපනය ලැබූ මෙතුමා අවසාන කොට පෘතුගාලයට  ගොස් එහිදී පූජකවරය ලැබුවේය. එහි ලිස්බන් නුවර ආසන්නව පිහිටි ටෙහෙයිරාස් නගරයේ පැන්සිස් කන නිකායට ආරාමයක්ද දෙව් මැදුරක් ද ඉදි කළේය. මෙහි "නුවර ද්වාරා" යනු මෙන් ඵලකයා පිහිටා ඇති ස්ථානයේ ක්‍රි. ව 1942 සුරලෝ සැපත් එතුමන් නිදන් කර ඇත.

රජකම පැහැර ගත් කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය නෙරපා දැමීම මෙතන සිට පෘතුගීසීන්ගේ එකම අරමුණ විය. රජකම හිමිව සිටි ප්‍රථමයා, පූජකවරය ලබා ගොස් සිටි හෙයින් ඊළඟ හිමි කුමරිය වූයේ දෝන කතිරිනා හෙවත් කරලියද්ද බණ්ඩාරගේ දියණියයි. මෙම දස තුන් හැවිරිදි කුමරිය මේ සඳහා මන්නාරමෙන් මහනුවරට ගෙනඑන ලදී. සැණෙකින් විමලධර්මසූරිය නෙරපා දැමූ පෘතුගීසිහු ඇය රාජාසනයේ පිහිටුවූහ. එහෙත් වැඩි කලක් ගතවන්නට පෙර ඔබේ පුරවැසියන් රැස් කොට ගත් විමලධර්මසූරිය පෘතුගීසි හමුදා අන්ත ලෙස සුණු විසුණු කොට දැමුවේය. හයසියයක් වූ පෘතුගීසි හමුදා බලඇණිය බල ඇණිය 93 දක්වා මරා දමන ලදී. ඉතිරි පිරිසෙන් විසි තුන් දෙනෙකු හැර සෙසු සියලු දෙනාගේම ඇස් උගුලා ඒ සියලු දෙනා පෙරලා කොළඹට යවනු ලැබූහ.

කොළඹ බලා පැනයන්න තැත්කළ දෝන කතිරිනා රැජිණිය අල්ලාගත් විමලධර්මසූරිය ඇය තම බිරිඳ කොට ගත්තේය. කලකින් විමලධර්මසූරිය ද මිය ගියේය. ඉන් ඉක්බිති ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් ඇය විවාහ කර ගත්තේය. එසේ කළ සෙනරත් රජ හිමි ව සිටි විමලධර්මසූරිය දෝන කතිරිනාගෙන් ලද පුත් කුමරා දියේ ගිල්වා මරා දැමිය. එසේ කළේ ඈටම දාව ඔහු ලද ඔහුගේ පුත් කුමරාට රජකම හිමි කරදෙනු පිණිසයි. බලහත්කාරයෙන් තමන් සරණ පාවා ගත් රජු තම දරුවාට කළ මේ අපරාධය දෝන කතිරිනා රැජිනි ගේ සිත සහමුලින්ම කැඩීය. මෙම ශෝකයෙන් දැවී කෙටි කලක් වෙන්වී ජීවත් වූ රැගෙන සුළු කලෙකින් මියගියාය මිය ගියා ය. මෙතෙකින් මහනුවර රාජධානිය කතෝලික රජ පරපුරේ නිමාවට පත්විය.

එතැන් සිට අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර නරේද්‍රසිංහ දක්වා සිටියි සිටි සියළු රජවරු කතෝලිකයන්ට හොඳින් සැලකූහ. මෙහිදී සෙනරත් සහ දෝන කතිරිනා ගේ පුත්‍ර පුත්‍ර රාජසිංහ රජ ඕලන්ද පීඩනය හේතුකොටගෙන නුවර රාජධානිය වෙත සංක්‍රමණය වූ කතෝලිකයන්ට කාරුණිකව සැලකූ බව වාර්තා වේ. ඔහුගෙන් පසු ක්‍රි.ව. 1687 සිට 1706 දක්වා රජ කළ දෙවැනි විමලධර්මසූරිය සහ ක්‍රි.ව. 1706 සිට 1739 දක්වා රජ කළ ශ්‍රී වීර නරේන්ද්‍රසිංහ රජු ද භාරතයෙන් මෙහි වැඩම කළ ඔරතෝරියාන නිකායික පියතුමනට ඉමහත් ගෞරවයෙන් ආදරෙන් හා සාදරයෙන් ද සැලකූ බව රහසක් නොවේ ඒවා ජාකෝමේ ගොන්සාල්වෙස් වැනි වන්දනීය පියවරුන්ට ඕලන්ද පීඩනය මැද ආරක්ෂිතව එම මහඟු අමරණීය සේවාව ඉටු කිරීම සඳහා මෙම රජවරුන්ගේ සහාය විශාල අස්වැසිල්ලක් වූ බව පිළිගත යුතුය.

ස්වර්ගස්ථ විශ්‍රාමික අගරදගුරු අති උතුම් අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ