මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 02 වන කොටස

මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 02 වන කොටස

01 පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න :

මුලධර්මවාදින්ට මුලා නොවන්නට කතෝලික ඔබත් සන්නද්ධ විය යුතුයි - 01 පළමු කොටස
හැඳින්වීම සුබ අස්න ලොව පුරා පතල කරමින් දේව රාජ්‍යය සඳහා දේව ජනතාවක් සුදානම් කිරිමේ කාර්‍ය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේ ස්ථා

(06) දුර්මතය

" ක්‍රිස්තුන් වහන්සේ පවා මරියතුමිය සාමාන්‍ය ලදක් වශයෙන් සැලකූ සේක. (මාක් 3:34-35 සහ ලුක් 11:27-28). "ස්ත්‍රීය" කියා ඇමතූ සේක. (ජුවාම් 2:4 සහ 19:26) ඇයට විශේෂ ගෞරවයක් නොදැක් වූ සේක එහෙත් කතෝලිකයෝ ඇය දේවත්වයෙන් ලා සලකති."

පිළිතුර : ඉහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨ තුළින් මෙවන් නිගමනයකට එළඹීම මූලධර්මවාදීන් විසින් තම සාවද්‍ය අදහස් ශු . ලිවිල්ල තුළට ආරෝපණය කිරීමකි. මාක් 3:34-35, ලුක් 11:27-28 -  මෙම පාඨයන් වලින් මරියතුමියට  අගෞරවයක් ඇති වූයේ යැයි නිගමනය කිරීම බරපතල වරදක. උන්වහන්සේගේ මව වීමේ භාග්‍යය අන් අයට නොව නොලැබුනත් දේව වචනය අසා දේව කැමැත්ත පිළිගෙන ඒ අනුව ජීවත් වීමේ භාග්‍යය සෑම දෙනාටම ලබාගත හැකි බව මෙම වදන්වලින් ජේසු සමිඳුන් අපට පෙන්වා දෙන සේක. ක්‍රිස්තුන් වහන්සේ ස්ත්‍රිය කියා තම මෑණියන් අමතන්නේ තමන්ගේ ප්‍රසිද්ධ ජීවිතයදි සහ ආරම්භයේ දී සහ මරණ මොහොතේ දී ය. (ජුවාම් 2:4 සහ 19:26)

ජුවාම් 2:4 - මේ වදන් තමාට කරන අගෞරවයක් ලෙස සැලකුවා නම් එතුමිය එවෙලෙහිම සේවකයන්ට මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද කරන්නේ යැයි පවසාවිද?  නියමිත මොහොත පැමිණ නැති වුවද තමන් සිදු කළ අති විශාල ප්‍රාතිහාර්යයන් අතරින් පළමුවැන්න තමා ආදරණීය මෑණියන්ගේ ඉල්ලීම අහක නොදමා සිදුකළේ ජේසු සමිඳුන් එතුමියට තමන්ගේ ආදරය සහ ගෞරවය පෙන්වීමට නොවේ ද?.

ජුවාම් 19:26 - තම මෑණියන්ට ගෞරවය නොවන අන්දමින් තමන් ප්‍රේම කළ ගෝලයාට එතුමියව ජේසු සමිඳුන් බාර දේවිද?
"ගුනේ" යන ග්‍රීක වචනය සිංහල භාෂාවේ ස්ත්‍රිය යනුවෙන් පරිවර්තනය වුවද එය ගෞරවය හා ආදරය මුසු වූ වචනයකි. උදාහරණ- ජුවාම් 4:21 - සමරිතානු ස්ත්‍රිය ජුවාම් 8:10 - ජුදෙව්වන් විසින් ගල් ගසා මැරිමට තැත් කල ස්ත්‍රිය

ජුවාම් 20:15 - උත්තානයෙන් පසුව ක්‍රිස්තුන් වහන්සේ මග්දලායේ මරියා ඇමතුවේ මේ වචනයෙන්මය. තමන් මෙලොව බිහිකල හැදු, වැඩ තමන් පෙම් කල සිය මැණීයන්ට "ස්ත්‍රීය" කියා ඇමතීමෙන් ක්‍රිස්තුස් වහන්සේ එතුමියට විශේෂ ගෞරවයක් නොදැක්වූ බව මූලධර්මවාදීන් නිගමනය කරනවා නම්, උන්වහන්සේම දස පනතේ හතරවෙනි පනත " නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව්" (නිකමයාම 20:12) කඩ කරනවා නොවේද?

(07) දුර්මතය

"ක්‍රිස්තුන් වහන්සේගේ උපත ට පෙර මරියතුමිය කන්‍යාවක් වූ නමුත් උන්වහන්සේගේ උපතින් පසු එතුමියට සහ ජුසේ තුමාට තවත් දරුවන් සිටියහ. ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරියන් ලෙසින් බයිබලය හඳුන්වන්නේ මොවුන්ය - (උදා: මතෙව් 12:46/ මතෙව් 13:55-56/ මාක් 3:32-35/ මාක් 6:3/ ජුවාම් 7:5/ ක්‍රියා 1:14/ 1 කොරින්ති 9:5). තවද, මතෙව් 1:25 ද මෙම අදහස පෙන්වා දෙයි පෙන්වාදෙයි එහෙත් මරි තුමිය සදා කන්‍යාවකි යනුවෙන් කතෝලිකයෝ පවසති."

පිළිතුර : බයිබලයේ සහෝදරයා සහෝදරිය යනුවෙන් අමතනු ලබන්නේ එක කුස උපන් දරුවන් පමණක් නොවෙති. තම ඥාතීන් මෙන්ම හිත මිතුරන්ද පවා ඇමැතීම සඳහා සහෝදරයා යන වචනය යොදා ගෙන තිබේ. පැරණි ගිවිසුමේ මෙසේ සඳහන් වන අවස්ථාවන් බොහොමයක් ඇත.
උදාහරණ: * ආබ්‍රහම් ලොත් ගේ මාමා විය. (උත්පත්ති 11:26-28). එහෙත් ලොත් ආබ්‍රහම්ගේ සහෝදරයා ලෙස උත්පත්ති 13: 8 සහ 14:14 හි සඳහන් වේ.

ලාබන් තම බෑණා වන ජාකොබ් "සහෝදරයා" යනුවෙන් ඇමතුවේය. උත්පත්ති 29:13-15)
නව ගිවිසුමේ සඳහන් වන සහෝදරයා යන වචනය ද පුළුල් වූ ගැඹුරු අර්ථයක් නිරූපණය කර ඇත.
උදාහරණ : මතෙව් 13:55-56, මාක් 6:3 - මෙහි සඳහන් දරුවන් මරියතුමියගේ දරුවන් නොව, එතුමියගේ ඥාති සහෝදරිය වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියාගෙ දරුවන් බව මතෙව් 27:656, මාක් 15:40 සහ ජුවාම් 19:25 වගන්ති වලින් අපට වැටහේ. (තවද ජුවාම් 19:25 හි සඳහන් ජේසුස් වහන්සේගේ මැණියෝද මැණියන්ගේ සහෝදරිය වූ ක්ලෝපාස්ගේ භාර්‍යාව වු මරියාද " යන දෙදෙනා එක කුස උපන් සොහොයුරියන් නොවේ.

එකම පවුලක සොහොයුරියන් දෙදෙනකු එකම නමින් හඳුන්වනු ලැබීම සාමාන්‍ය සිරිතක් නොවේ. විශේෂයෙන් එය ජුදෙව් ජාතික සිරිතට ආවේණික නොවේ) ශ්‍රී ලාංකික සිරිතක් වන්නා සේම තම නෑදෑ හිතමිතුරන් ව සහෝදරයා සහෝදරිය අයියා නංගී යනුවෙන් ඇමතීම ජුදෙව් ජාතික සිරිතකි. මූලධර්මවාදීන් උපුටා දක්වන පාඨයන් වල මෙම පිරිස හඳුන්වන්නේ ජේසුස් වහන්සේගේ සහෝදරියන් ලෙසයි. කිසිතැනක මොවුන්ව මරියතුමියගේ අනිකුත් දරුවන් ලෙස හඳුන්වා දී නැත.

මරියතුමියට අනිකුත් දරුවන් සිටියා නම්, (ජුවාම් 19:26-27) හි සඳහන් පරිදි) ජේසු සමිඳුන් අවසන් හුස්ම හෙලන්නට පෙර තම මෑණියන්ව ජුවාම් තුමාට භාර දුන්නේ ඇයිද යන්න කියා අප මූලධර්මවාදීන් ගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. මතෙව් 1:25 "එහෙත් ඇයට පුත්‍රියා ලැබෙන තුරු ඔහු ඇය සමඟ සමඟ සහවාසයේ නොයෙදිණි." මෙම පාඨයෙන් සනාථ වන්නේ පරමෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් දේව පුත්‍රයාණන් මරියතුමියගේ කුසේ පිළිසිඳ ගැනීමය. එය නමුත් මූලධර්මවාදීන් මෙම පාඨය උපුටා දක්වමින් පවසන්නේ තම කුළුදුල් පුත්‍රයාව ලැබුණට පසුව මරියතුමිය ජුසේ තුමා සමග සහවාසයේ යෙදෙන බවයි. එබැවින් "තුරු" යන වචනය පමණක් පදනම් කරගනිමින් මෙවැනි නිගමනයකට ඒමසම්පුර්ණයෙන්ම සාවද්‍යය.

උදා : උත්පත්ති 8:6-7 ජලය සිඳී ගියාට පසුව කපුටා පියඹා ගියේ නැති බවක් මෙයින් අදහස් වේ ද? යෙසායා 46: 4 - මහලු වුවාට පසුව දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඔවුන් රැකබලා ගන්නේ නැද්ද? 2 සාමුවෙල් 6:23 - එබැවිනන් සාවුල්ගේ දුව මීකිල්ට මැරෙන තුරු දරුවකු නොලැබුණේය. ( ඇය මැරුණාට පසු ව දරුවෙක් ලැබුණා යැයි නිගමනය කළ හැකිද? මම ද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි යුගාන්තය ක ට පසුව ජේසු සමිඳුන් අප සමග සිටින්නේ නැති බවත් මෙයින් ගම්‍ය වේ ද?)

එබැවින් තුරු යන වචනය පදනම් කරගනිමින් මරියතුමිය සතු නිර්මල භාවය කෙලෙසීමට තැත් කිරීමක් මෝඩළෙසීමට තැත් කිරීමක් මෝඩකමකි ගැලවුම්කරුවාණන් වන ක්‍රිස්තුන් වහන්සේට කරන මහත් අගෞරවයකි. ශුද්ධ බයිබලය මෙන්ම අපෝස්තුළුවරුන් ගෙන් පැවතෙන ඉපැරණි අඛණ්ඩ සභා සම්ප්‍රදායද මරිමවුන් සදා කන්‍යාවක් වූ බව පිළිගෙන ඇත. උදාහරණය ශුද්ධ වූ ජස්ටින් තුමා, ශුද්ධවූ ඉරනේයුස් තුමා දෙවන සතවසර ශුද්ධ,  ශුද්ධවූ හිප්පොලිතස් තුමා තුන්වන සතවසර, ශු. අතනාසියස් තුමා හතරවන සතවසර.

අප වර්තමානයේ දිව්‍ය පූජාවට යොදා ගන්නා පළමුවන ස්තෝත්‍ර යාගික යැදුම ශතවර්ෂ 16 ක ඉතිහාසයකට නෑකම් කියති  එහිදී මරියතුමිය ව හඳුන්වන්නේ තේජවත් මෑණියන් වූ නිත්‍ය කන්ය මරිය තේමාවන් යනුවෙනි ලිවිල්ලත් වසර දෙදහක් පැරැණි සභා සම්ප්‍රදායත් මරියතුමියගේ නිත්‍ය කන්‍යාභාවය ගැන අවිවාදයෙන් පිළිගනිති.

(08) චෝදනාව

" මරිය තුමියගේ නිර්මල පිළිසිඳිම ශු. බයිබලයේ සඳහන් වී නැත. එහෙත් කතෝලිකයෝ මෙය විශ්වාස කරති."

පිළිතුර : ශුද්ධවු ත්‍රිත්වය යනු යෙදුම ශුද්ධ බයිබලයේ කිසිම තැනක සඳහන් වී නොතිබුනද, ශුද්ධ ලියවිල්ල හැදෑරීම තුළින් එය අපට ඉතා පැහැදිලිව ප්‍රත්‍යක්ෂවන සත්‍යතාවයකි. (මෙය දේව සත්‍යතාවය ශුද්ධවු සභාව ජනතාවට ප්‍රකාශ කලේ වර්ෂ 325 දී නිසියාවේ පැවැත් වු මන්ත්‍රණ සභාවේ දීය) මරිය තුමියගේ නිර්මල පිළිසිඳමද එලෙසම ශුද්ධ ලියවිල්ල හැදෑරීම තුළින් ප්‍රත්‍යක්ෂ වන සත්‍යතාවයකි.

දෙවියන් වහන්සේ විසින් දියත් කරන ලද මිනිස් ගැළවිමේ ක්‍රියාදාමයේ, උන්වහන්සේ සහ මිනිසා අතර ඇති වැදගත්ම පුරුක වන්නේ දේව පුත්‍රයාණන් මෙලොවට බිහිකරන මාතාවෝය. තම ඒක ජනිත පුත්‍රයාණන්ගේ මව වීම සඳහා ආරම්භයේ සිට දෙවියන් වහන්සේ මරිය තුමිය තෝරාගත් බවත්, ඒ හේතුව නිසාම දේව පුත්‍රයාණන් අපට ලබා දුන් සදාතන ගැලවිමේ පුර්ව ප්‍රසාදයක් ලෙස උන්වහන්සේගේ මෑණියන් එතුමියගේ පිළිසිඳිමේ මොහොත පටන් පාපයේ කිළිටෙන් සහ පාප බැමි වලින් නොදොස් කර ඇය නිර්මල පිළිසිඳිම නමැති අති විශේෂ වරමින් පුරවාලු බවත්, පටන් ගැන්මේ සිටම ශුද්ධවු සභාව තුළ පවතින විශ්වාසයයි. තවද ලුක් 1:28 සහ 42 මෙනෙහි කිරිමෙන් මෙම විශ්වාසය තවත් සනාථ වේ.

ලුක් 1:28 - ගාබ්‍රියෙල් දේව දුතයා මරිය තුමියට "විපුල ප්‍රසාද ලත් උත්තමිය ඔබට මංගල වේ" යැයි පැවසුවේය. මෙවැනි ආමන්ත්‍රණයක් දේවදුතයකු විසින් වෙන කිසියම් පුද්ගලයකුට පවසා නැත. ගාබ්‍රියෙල් දේවදුතයා මරිය තුමියට පැවසුවේ දෙවියන් වහන්සේගේම ආමාන්ත්‍රනයයි. පාපයේ සියලු බැමි වලින් නිදහස් වී ඇති සහ පාප කිළුටින් අපවිත්‍ර වී නැති කෙනෙකුට මිස අන් කෙනෙකුට දෙවියන් වහන්සේ තම දුතයකු මාර්ගයෙන් මෙසේ ආමාන්ත්‍රනය කරන සේක් ද?

ලුක් 1:42 - "ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දිය, ඔබ කුස ඔත් දරු ඵලය ද, ආශිර්වාද ලද්දේ ය. " යනුවෙන් පවසමින් එළිසබෙත් මරිය තුමියව පිළිගත්තාය. මෙහිදි මරිය තුමියව සහ ජේසු සමිඳුන්ව විස්තර කිරිමට එළිසබෙත් යොදාගත්තේ එකම වචනයයි. එනම් "ආශිර්වාද ලද්දීය/ ලද්දේය" පාප් රහිත ජේසු සමිඳුන්ව ආශිර්වාද ලද්දේය යනුවෙන් හැඳින්වුයේ නම් "වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දිය" යනුවෙන් හඳුන්වන ලද මරිය තුමිය ද සියලු පාප බැමි වලින් නිදොස් විය යුතු බව නිගමනය කළ හැකිය. මෙම වචන පවසන විට එළිසබෙත් තුමිය ශුද්ධාත්මයාණන් වහන්සේගේන් පූර්ණව සිටිම ඉතා වැදගත් කරුණකි.

ගාබ්‍රියෙල් දේවදුතයා තුළින් දෙවියන් වහන්සේ පැවසු ආමාන්ත්‍රනයත්, එළිසබෙත් තුමිය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැවසු ආමාන්ත්‍රනයත් මරිය තුමියගේ සම්පුර්ණ නිදොස් භාවය සනාථ කරනවා නම් වෙනත් නිගමනයකට එන්නට අපට ඇති අයිතිය කුමක්ද ?

මරිය තුමියගේ නිර්මල පිළිසිඳිම වේද සත්‍යතාවයක් ලෙස 9 වන පියුස් පාප්තුමන් 1854 දෙසැම්බර් 08 වන දින ප්‍රකාශ කළද ක්‍රිස්තු වර්ෂ 2 වන ශත වර්ෂයේ සිටම ක්‍රිස්තු භක්තිකයන් විසින් මෙය පිළිගන්නා ලදි.

(උදා:- ක්‍රිස්තුන් වහන්සේ "නව ආදම්" ලෙස ද, උන්වහන්සේගේ මව "නව ඒව" ලෙසද ලෝකයට ඉදිරිපත් කළ ක්‍රි.ව. 130-202 විසු ශුද්ධවු ඉරනේයුස් තුමන්, මරිය තුමිය සියලුම පාප බැමි වලින් සහ පාපයේ කිලිටෙන් නිර්දෝෂ බව පැවසුවේය. )

මරිය තුමියගේ නිර්මල පිළිසිඳිම ගැන් අපව විවේචනය කරන මුලධර්මවාදි කණ්ඩායම් බිහිවිමට ශත වර්ෂ ගණනාවකට පෙර සිටම, මෙම සත්‍යතාවය කිතුනු සභාවන් බොහෝමයක් විසින් පිළිගන්නා ලදි.

✒️මහනුවර වික්ටර් සිල්වා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝCatholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ