"ශරීරය නැසුවත්, ආත්මය නසන්නට නුපුලුවන් අයට බිය නොවන්න" (මතෙව් 10:28)
මින් ඉහත මේ සමූහයේ කල මත විමසුමකදී මා විසින් මෙවැනි කාරණාවක් පිලිබඳ ඔබෙන් ඇසුවෙමි - එනම් ගැහැනු-පිරිම්, බාල මහලු භේදයකින් තොරව ඒ අය දූෂණය කොට මරා දමන කෙනෙකු වූවොත් - ඔහු/ඇය සාධාරණ සැකයකින් තොරව ඒ දේ සිදු කල බව ඔප්පු වූවොත් - ඔවුන් පසුතැවිලිවී වෙනස් වන්නට තෝරා ගන්නේ නැතිනම්, තම ක්‍රියා සාධාරණීකරණය කොට නැවත සිදු නොකිරීමේ සහතිකයක් හෝ නොදෙයි නම් - කුමක් කල යුතුදැයි කියා. ඔබෙන් බහුතරය ඒ කෙනා හට මරණ දණ්ඩනය ලබාදීම සාධරණයැයි කී අතර කිසිවෙක් ඔහු දඬුවමින් නිදහස් කර යැවීම සුදුසු යැයි නොකී අතර එක් සහෝදරයෙකු පමණක් ඒ පුද්ගලයාට ලබාදිය යුතු මරණ දඬුවම ඔහුවෙත ලබාදීම වෙන කෙනෙකුට පවරා පිලාත් කලාක් මෙන් තම දෙඅත් සෝදා ගන්නා බව පැවසීය.
එවැනි සදාකාලික නොවන ශරීරයකක් දූෂණය කොට සදාකාලික නොවන මරණයකට කෙනෙකු පත් කරන අයෙකුට ලබාදිය යුතු දඬුවම පිලිබඳ ඔබ එසේ එකඟ වේනම් - බොරු ඉගැන්වීම්, සාතන් ඇදහීම ආදී සදාකාලික මරණය සහ නිරාගින්න උරුම වෙන ආකාරයේ ක්‍රියා කරනා කෙනෙක් වෙත අප ක්‍රියා කල යුත්තේ කෙසේද? මෙතැනදී මෙවැන් ක්‍රියාවන් මොනවාදැයි තේරුම් ගන්නට ලිපිය තවත් කියවා බලන්නට ආරාධනා කරන අතර ප්‍රොතෙස්තන්ත ඉගැන්වීම් මීට අදාල නොවන බව පැහැදිලිව කියා සිටිමි.
ඔබෙන් ප්‍රොතෙස්තන්ත සමහර දෙනෙක් කතෝලික සභාව මිලියන ගණන් පිරිස් මරා දැමුවා යැයි චෝදනා කරනවා. ගණන අතිශයෝක්තියක් වීම කෙසේ වෙතත් ඒ අතර කිසි විටක ප්‍රොතෙස්තන්ත විශ්වාසය නිසා කිසි අයෙකු මරණයට පත් නොකල බව ඉතිහාසය සාක්ෂි දරනවා. එසේ කලා නම් මාටින් ලූතර් සහ ජෝන් කැල්වින් යන දෙදෙනා රෝගී තත්වයන් නිසා නොව - මිනි මැරීමක් හරහා ජීවිතක්ෂයට පත් විය යුතු බව ඔබටම තේරෙනවා ඇති.
කතෝලික ප්‍රොතෙස්තන්ත යුද්ධ
කතෝලික හමුදා අතින් ප්‍රොතෙස්තන්තවරුන් ඝාතනයවීම පාප්තුමාගේ අණමත සිදුවූවාද? එසේ ප්‍රොත්ස්තන්ත මරණ ප්‍රොත්සෙතන්ත විශ්වාසය නිසා නොව දේශසීමා නිසා සිදුවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මුලු යුරෝපාකරය පුරාම පැතිරී තිබූ ඒකීය කතෝලික විශ්වාසය ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ හරහා දෙදරා ගිය පසු රෝමයේ බල අධිකාරියට විරුද්ධව එක් එක් රාජකීය පවුල් විසින් තමන්ගේ දේශපාලන බලය සහ යටත්වැසියන්ගෙන් බදු ආදායම වැඩි කරගැනීම උදෙසා අදටත් ලංකාගේ සිදුවනවා වාගේම ආගම තම වාසියට යොදා ගනිමින් - තමන් විසින් දේශපාලන අභිමතාර්ථ මත වැලඳගත් නව "ක්‍රිස්තියානි" ආගමේ නාමයෙන් කතෝලික එක්සත් භාවය යුරෝපාකරයෙන් පහ කිරීම සඳහා රෝමයට එරෙහි සටනක් ආරම්භ කල අතර - පැරණි අධිරාජ්‍යයාගේ දුර්වල වීම හරහා නව අධිරාජ්‍ය තැනීමේ සිහිනය මත තම හමුදාමය ශක්තිය මත රෝමයට එරෙහි කැරලි දියත් කිරීමට ආරම්භ කිරීමත් සමග - දේශපාලනික උපක්‍රමයක් ලෙස ආගම හරහා මිනිසුන් පාලනය කිරීම සඳහා තම නව "ක්‍රිස්තියානිය" ආයුධයක් කොට ගෙන - ගැලවීම උරුම කොටගෙන සිටි - කතෝලික ජන කොටස් මත පවා පීඩනයකින් බලහත්කාරයෙන් මරණ බිය මත තම නව ප්‍රතිසංස්කරණ පැටවීමට එරෙහිව යුදමය වශයෙන් ක්‍රියා කිරීමට ගත් උත්සාහය මත බොහෝ මරණ සිදුවූ බව සටහන් වේ.
ප්‍රභූ පවුල් සහ නිදහස් අරගල
ජර්මනියෙන් ආරම්භවුනු "ප්‍රතිසංස්කරණ යුධ ගැටුම්" වලට ප්‍රධාන ලක්ෂණයවූයේ රෝමයට ලැදි සහ රෝමයෙන් වෙන්වී ගිය පිරිස් අතර රටවල දේශසීමා සහ බලය ආරක්ෂා කරගැනීම බව පෙනී යයි. මීට පාප් වහන්සේ විසින් නිකුත් කල නියෝග උපයෝගී කරගත් බව පිලිගතයුතු වූවත් බොහෝ යුද ගැටුම් ආගමීකට වඩා දේශපාලනීක අරමුණු සඳහා සිදුවූ බව අවිවාදාත්මයකයි.
පීඩ්මොන්ටීස් සංහාරය
වර්තමාන ඉතාලියට සම්බන්ද, සාර්ඩීනියා රාජධානිය ලෙස පසු කලක හැඳින්වූ සැවෝයි හි ආධිපාධිවරයාගේ පාලන ප්‍රදේශයේ ජීවත්ව සිටි කතෝලික සභාවෙන් වෙන්ව ගිහි දේශනා කිරීම සහ දිලිඳුකම මත පදනම්ව කටයුතු කල වොල්ඩෙන්සියන් නම් කොට්ඨාසයක් හිත් පිත් නොමැතිව 1655-1690 අතර සංහාරයකට ලක් කල අතර එය ආගමීක ආඥාවක් මත පදනම්වූවත් එහි දේශපාලනික පැතිකඩත් තේරුම් ගැනීම වඩා සුදුසුයි.
12 වන සියවසේදී පීටර් වොල්ඩන් විසින් ආරම්භ කරන ලද, කතෝලික සභාව විසින් මිත්‍යාදෘෂ්ඨික ඉගැන්වීමක් ලෙස ඉවත දැමූ වෝල්ඩන්සියන් ක්‍රිස්තියානි දහම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ ඉතාලියේ ලොම්බාර්ඩිහි බල අරගලයක යෙදී සිටි ගිබෙලින්ස් (Ghibellines) නම්වූ කොටසක් විසින්. ලොම්බාඩියේ Guelfs නම් කොටස පාප්වහන්සේට පක්ෂව කටයුතු කල අතර ඔවුන් අයත් වූයේ මධ්‍යම පාන්තීක සමාජයටයි. Ghibellines කොටස පොහොසත් වංශාධිපතීන්ගෙන් සමන්විත වූ අතර තමන්ගේ යටත් වැසියන්ගෙන් ඔවුන් එකතු කරන ආදායමෙන් කොටසක් රෝමයේ නඩත්තුව සඳහා ලබාදීමට සිදුවීම රෝමය සහ පාප්ධූරය සමග ඔවුන්ගේ තිබුනු හොඳ හිත පලුදු කරලීමක් සිදු කොට තිබුනා.
රෝමය ආගමීක ඒකත්වය සහ දේශපාලනීක ඒකත්වයත් එකම තලයේ තබා කටයුතු කල අතර ආගමීක බෙදීම් දේශපාලන බෙදීම් ඇති කරනා බව තේරුම් ගත් නිසා දේශපාලන බෙදීම් ත්‍රීව වන්නට ප්‍රථම ආගමීක බෙදීම් මුලිනුපුටා දැමීමේ පදනම මත කතෝලික ඉගැන්වීම් වලට පටහැනි මිත්‍යාදුෂ්ඨික භේදයන් කෙරෙහි ඉතා තදින් ක්‍රියාත්මක වූවා.
12 වන සියවසේ පටන් මිත්‍යාදුෂ්ඨ්ක ඉගැන්වීමක් ලෙස හෙලා දුටුමුත් සාපේක්ෂව සාමකාමීව ඉවසන ලද වොල්ඩන්සියන් විශ්වාසයන්ට එරෙහිව සමූලඝාතන ආඥාවක් 1650 දී නිකුත් කිරීමට හේතුවූයේ 1532 වෝල්ඩෙන්සියන් වරුන් ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදීන් සමග ගිවිසුම් ගත වීම හරහා ජර්මනිය, එංගලන්තය වැනි රෝමයට ඈතින් පිහිටි යුරෝපා රටවල පැතිරෙමින් තිබූ ප්‍රොතෙස්තන්ත සුලඟ ඔවුන් හරහා ඉතාලියටත් ඇතුලු වීම සිදුවූ නිසා යැයි කියා මධ්‍යස්ථව දේශපාලනීකව මේ දෙස බලන කෙනෙකුට පැහැදිලි වනවා. මෙය ආගමීක වශයෙන් සුදුසු තීරණයක්ද? අපි තවත් ඉදිරියට ඒ සම්බන්දයෙන් විමසා බලමු. අප තව දුරටත් දැන ගත යුතු දෙයක් වනුයේ වෝල්ඩෙන්සියන්වරුන් එකල සමාජය විසින් යක්ෂ වන්දනා කල පිරිසක් ලෙසින් හංවඩු ගසා තිබුනු අතර වෝල්ඩෙන්සියන්වරුන් යන වචනය මයාකාරයන් යන අර්ථයෙන්ම යොදා ගැනීම දක්වා පවා ඒ අදහස එකිනෙක බද්ධ වී තිබුනා.
මෙවැනි කාරණා මත ආරම්භවූ "ප්‍රති" ප්‍රතිසංස්කරණ යුද්ධ වලදී ප්‍රොතෙස්තන්ත සභා කතෝලික සභා අතර මූලික කරුණ වූයේ දෙපාර්ශවයෙන්ම දේශපාලනික ස්ථාවර් භාවයක් පතා සටන් කිරීම විනා ආගමීක කරුණුම යැයි විචාරිය නොහැක. යුරෝපාකරය කතෝලික වූ මුල් යුගයේ පටන් අඛණ්ඩව රෝමය වෙත තමා එකතු කරනා බදු මුදල් වලින් කොටසක් ගෙවීමට සිදුවීම මත ඉන් මිදීමට මගක් සෙවූ සමහර යුරෝපා ප්‍රභූ පවුල් වලට රෝමයෙන් මිදීමට ප්‍රොතෙස්තන්ත ධර්මය උපයෝගී කරගත හැකිවූ අතර අතර - රෝමයේ "ප්‍රති"ප්‍රතිසංස්කරණ නියමවලින් ගැලවී සිටීමට ප්‍රොතෙස්තන්ත සභාවලට යුරෝපා ප්‍රභූ පවුල් උපයෝගී කරගත හැකි වූවා.
ප්‍රබල ප්‍රභූ පවුල් වල අතපෙවීම් සහ බල අරගලයන් මත බටහිර භේදය (Western Schism) ට මුහුන දී පාප්වරයන් පිලිබඳ උභතකෝටික ගැටලුවකට 1378 දී පටන් දශක 4 ක පමණ කාලයක් මුහුන දුන් කතෝලික සභාව, අනාගතයේදී ප්‍රභූ අත පෙවීම් වලදී තද ස්ථාවරයන් වලට පැමිනීමට එම අත්දැකීම මුල් කරගත්තා යැයි සිතා ගත හැක. ජර්මනියෙන් ආරම්භවී පැමිනි ප්‍රොතෙස්තන්ත සුලඟ ප්‍රභූ පවුල් වල ආශිර්වාදයෙන් ආරක්ෂාකරීව ඉදිරියට යාමත් ඉහත කී සිදුවීමත් අතරවූ සමාන්තරකම් නිසා උගත් පාඩම් මත තදින් ක්‍රියාත්මක වීමට කතෝලික සභා නායකයින් තීරණය කලා යැයි උපකල්පනය කල හැක.
නිදහස් සටන් - ජාතික සටන්
රෝම අධිරාජ්‍යය මුලු යුරෝපාකරය පුරාම පැතිරී තිබූ අතර මේ දේශපාලන බල අධිකාරිය ඒකමතිකව ඉදිරියට ගෙන යාමේ සියුම් පුරුක වූයේ කතෝලික ආගමයි. එංගලන්තයේ ඇංග්ලෝ සැක්සන්වරුන්, ප්‍රංශයේ ගෝල්වරුන්, ජර්මනියේ සෙල්ටික්වරුන් වැනි විවිද භශා කතා කල විවිද අනන්‍යතාවන් ගොඩනගා ගත් ජන කොට්ඨාශයන් තම පැරණි ඇදහිලි අත් හැර කතෝලික විශ්වාසය අදහා ගත්තත් ඔවුන්ගේ අනන්‍යතාවයන් සම්පූර්ණයෙන්ම ඉවත දැමීමේ නීතියකට යටත් නොවූ නිසා ඒ ඒ සංස්කෘතීන් තම තමන්ගේ ජාතිකත්වය ප්‍රෞඩ ලෙස පවත්වාගෙන ගියා. ඒ කෙසේ වූවත් ඔවුන් සියලු දෙනා රෝමයේ පාප්තුමාගේ අනුදැනුම සහ අවසරය මත පමණක් කටයුතු කිරීමට සිදුවීම, පෙර කලදී රාජකීයන් ලෙස ඔවුන් භුක්ති විඳි තීරණ ගැනීමේ අයිතිය - ස්වාධීනත්වය පවා දීමක් ලෙසින් ඔවුන් සැලකූ බව උපකල්පනය අතිශයෝක්තියක් නොවන බවට පැහැදිලියි.
ශුද්ධ රෝම අධිරජුන් 4 දෙනෙකුත් ඇතුලු එංගලන්තයේ, ප්‍රංශයේ, පෘතුගාලයේ ආදී වශයෙන් රජුන් 12 දෙනෙකු ඉවත් කිරීමට පාප්වහන්සේලා කටයුතු කිරීම තුල ඔවුන් හට ජාතික සහ නිදහස් සටනක් සිදු නොකලහොත් ඔවුන්ගේ ප්‍රභූ පවුල්වල බලය සදාකාලින නොවේය යන අනතුරු හැඟවීම ඉතා හොඳින් ලැබී තිබුනා.
මෙවැනි දේශපාලන අස්ථීරකම් තුල රෝමයට විරුද්ධ එහෙත් ක්‍රිස්තියානි දහමක් ලෙසින්ම පැමිනි ප්‍රොතෙස්තන්ත ධර්මය රෝමය දෙස සැකයෙන් බැලූ ප්‍රභූන් ඉතා ඉක්මනින්ම වැලඳ ගැනීමට පෙලඹුනු අතර දේශපාලන කාරනා අරභයා සිදුවූ මෙම පරිවර්තනයන් හට රෝමයද ප්‍රතිචාර දැක්වූයේ දේශපාලනිකවයි. දේශපාලන කරුණු මත රෝමය යුද වැදීම කතෝලික ධර්මය හෝ එහි ඉගැන්වීම වලට අදාල නොවන නිසා මෙම යුද්ධ වල දී වූ දෙපාර්ශවයේම මිනිස් ජීවිත හානි ආගමේ නාමයට බැර කිරීම සාධාරණ නොවන බව පැහැදිලියි.
මිත්‍යාදුෂ්ඨික ඇදහිලි විනාශ කිරීම
කතෝලික සභාව විසින් යම් යම් විනාශකාරී ඇදහිලි පසුපස ගිය ජනතාව ඉන් මුදවා ගන්නට කටයුතු කිරීමේදී - පසුතැවිලි වී ඉන් අහක්වී සිටීමට ප්‍රතිඥා නොදුන් මිත්‍යාදුෂ්ටිකයන් මරණ දණ්ඩනයට පත් කරන පිනිස ඒ ඒ ප්‍රදේශවල භාරකාර රජයන් වෙත මුදාහැරීමට කටයුතු කල බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. මෙවැනි මිත්‍යාදුෂ්ඨික ඇදහිලිවූයේ මොනවාද?
ප්‍රධාන වශයෙන් මේ කාණ්ඩයට අයත් වූයේ:
- මායාබන්ධන යක්ෂ බන්ධන විශ්වාස කරමින් ඒ වෙත අනෙක් අයත් පොළඹවන පිරිස්
2. මිනිස් බිලි පූජා ඉෂ්ට කල පූජකයන්/ ඔවුන්ගේ අනුගාමිකයන්
ඉහත කාණ්ඩයේ පිරිස් තමන්ගේ වරද පිලිගෙන පසුතැවිලි වීමට අවස්ථාවක් ලබාදීමෙන් පසු එසේ නොකලහොත් ඔවුන් හට මරණ දණ්ඩනය ලබා දීම සඳහා සිවිල් බලධාරීන් හට අවසර දෙන ලදී.
කතෝලික ධර්මය සහ කිතුනු නොවන වෙනත් ආගම්
යුරෝපයේ කතෝලික අධිකාරිය හීන වෙමින් පවතින විට ප්‍රධාන වශයෙන් ස්පාංඥයේ, පෘතුගාලයේ රජවරුන් නව දේශ සීමා කරා තම ඉගැන්වීම් ගෙන ගිය අතර තමාට දේශපාලන අධිකාරියක් ඒ දේශය තුල ලබාගතහොත් එම වැසියන් බෞතීස්මය හරහා ගැලවීමේ මාර්ගයට යොමු කිරීමට පියවර ගන්නා ලදී. යුරෝපයේ මෙන්ම මේ රටවලද මූලික වශයෙන් උපායමාර්ගය වූයේ ඒ රටේ රාජකීයන් කතෝලික ආගම වෙතට දිනා ගැනීම වූවත් එය අසාර්ථක වූ විට යුධමය ලෙස එය ඉටු කරගැනීමට ඒ රටවල හමුදාවන් ක්‍රියා කලහ. මීට ඇත්තවශයෙන්ම හේතුවූයේ ධර්ම දානයද නැතිනම් ධනය කොල්ල කෑමද කියා පැහැදිලි නොවූවත් මීට කතෝලික ආගමේ ඍජු සම්බන්දයකට වඩා ඒ යුද්ධ මෙහෙයවන ලද නිළධාරීන්ගේ පෞද්ගලික අභිමතාර්ත බලපෑ බව පැහැදිලිය.
මෙහිදී මිත්‍යාදුෂ්ඨිකයන් මරණයට පත් කිරීම සිදු කලානම් සිදු කලේ ඉහත කරුණු දෙකක් වශයෙන් සඳහන් කල හේතු නිසා මිස ඔවුන් කැමැත්තෙන් පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේ අදහා ගත්තා නම් ඔවුන් මරණය පත් කිරීමට අවසරයක් ලබා දීමක් සිදු නොවිනි. එලෙසම තේරුම් ගත යුතු දෙයක් වන්නේ මේ පසුතැවිලි වී සිත් හරවා ගැනීමට බොහෝ විට මාස කිහිපයක කාලයක් ලබා දුන් අතර ඒ කාලය තුලදී ඔවුන් හට කතෝලික භක්තිය පිලිබඳ තේරුම් ගැනීමට, ඉගෙන ගැනීමට ඇති තරම් අවස්ථා ලබාදී තිබුනි.
මරණ දඬුවම සාධාරණද?
මනුශ්‍ය මට්ටමින් වෙන කෙනෙකුගේ ජීවිතය ගැනීමට අප කිසිවෙක් අකමැති වූවත් බාල මහලු, ගැහැනු පිරිමි භේදයකින් තොරව දූෂණය කොට මරාදමන මිනිමරුවෙකු මරණ දඬුවමට යටත් කිරීමට හෝ සිර දඬුවමකට යටත් කිරීමට අප බොහෝ දෙනා නොපැකිලි වූයෙමු.
ශරීරය නසා එය දූෂණක කල හැකි අය වෙත අපගේ යුක්තිය එය නම්, ආත්මය සදාකාලික නිරයට උරුම කර කෙනෙකුව සදාකාලික මරණයට පත්කිරීමට පොළඹවන අය කෙරේ අපගේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක්ද?
මනුශ්‍ය ජීවිතයක අගය
ඔගස්ටින් තුමා සහ ඇක්වයිනස් තුමා මරණ දණ්ඩනය ලබා දීම යුක්ති සහගත අවස්ථා සඳහා විය යුතු බව ඉගැන්වූවත් 20 වන සියවසේදී මේ පිලිබඳ ස්ථාවරය වෙනස් වූ අතර 2018 දී මෙම ස්ථාවර ස්ථීරවම අලුත් කරන ලදී. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නිකුත් කරන ලද විශ්වලිපිය වන ෆ්‍රැටෙලි ටුටී හරහා මරණ දඬුවම ලබා දීමට එරෙහි ස්ථාවරය කිසි සේත් නොවෙනස් වන බව ඉගැන්වූ අතර පව්කාරවූවත්, පසුතැවිලි නොවූවත් සෑම ජීවිතයක් - මනුශ්‍ය ස්වභායක්ම - දේව ස්වභාවයට පංගුකාර දරන නිසා මරණයට පත් නොකල යුතු බව ඉගැන්වීය. කතෝලික සභාවේ නව ස්තාවරය වන්නේ මෙයයි.
කතෝලිකයන් ලෙස අප අවනත විය යුතු ඉගැන්වීම මෙයයි. එසේනම් ඉතිහාසයේ කතෝලික සභාවේ අනුදැනුම මත වූ මරණ දන්ඩනයන් - මම නැවත ඔබෙන් අසමි - ශරීරය නසා එය දූෂණක කල හැකි අය වෙත අපගේ යුක්තිය එය නම්, ආත්මය සදාකාලික නිරයට උරුම කර කෙනෙකුව සදාකාලික මරණයට පත්කිරීමට පොළඹවන අය කෙරේ අපගේ ප්‍රතිචාරය විය යුත්තේ කුමක්ද?
~ Kithunu LK