ජේසුස් වහන්සේ විසින් සිහිපත් කරනු ලැබු අළු තැවරීමේ මනස්තාපනයේ භාහිර සංකේතය

ජේසුස් වහන්සේ විසින් සිහිපත් කරනු ලැබු අළු තැවරීමේ මනස්තාපනයේ භාහිර සංකේතය
Photo by Adrien Olichon / Unsplash

✝️බොහෝ දෙනෙක් කතෝලිකයන් බයිබලයෙන් පිට දේවල් කරන කණ්ඩායමයමක් විදිහට අර්ථ දක්වන්න උත්සහ කරනවා. ඇත්තටම එහෙම කරන්නේ ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පිළිබදව හරි ආකාර අවබෝධයක් නොමැති කම හෝ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවට මඩ ගැසීමට ඇති උවමනාව නිසා. කතෝලිකයන් විසින් මහත් ගෞරවයෙන් සහ භක්තියෙන් ගත කරන කාලසීමාවක් තමයි මෙම චතාරික සමය. චතාරික සමය ආරම්භ කරන්නේ අළුබදාදා දින විශ්වාසිකයන්ගේ නළලේ අළු තැවරීම මගින්. අළු තැවරීම මනස්තාපනයේ භාහිර සංකේතයක් වශයෙන් තමයි සළකනු ලබන්නේ. හරියට බෞතීස්ම ස්නාපනයේදී ජලය භාහිර සංකේතයක් වෙනවා වගේ.

✝️මුලිකවම මෙම අළු මගින් කරුණු 2 ක් සිහිපත් කරනු ලබනවා.

👉1: දුවිල්ලෙන් සෑදුනු මිනිසා නැවතත් දුවිල්ලට හැරී යන බව. ( උත්පත්ති 2:19 )
👉2: මනස්තාපනය වීමේ භාහිර සළකුණක් වශයෙන්.

පුරාණ ගිවිසුම තුළ අළු තවරාගැනීම මනස්තාපනය වීමේ භාහිර සළකුණක් වශයෙන් යොදා ගත්තා.

6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය.
(ජෝනා 3 : 6)
3 එවිට මම, නිරාහාර ව, ගෝණි රෙදි හැඳ, අළු තවරාගෙන, යාච්ඤාවෙනුත්, කන්නලව්වෙනුත් දෙවි ස්වාමීන් වහන්සේ යදින පිණිස මාගේ මුහුණ උන් වහන්සේ දෙසට හැරෙව්වෙම (දානියෙල්පොත 9 : 3)

✝️එමෙන්ම ජේසුස් වහන්සේ විසින්ද මෙම පුරාණ ගිවිසුම තුළ පැවත ආ සම්ප්‍රදාය සිහිපත් කළ බව ඔබ දැන සිටියාද?

21 ''එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා, තීර්හි හා සීදොන්හි කළා නම්, ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අළුයෙහි හිඳ පසුතැවී සිත් හරවාගත් බව පෙන්වනු ඇත.
(  මතෙව් 11 : 21 )

✝️මේ නිසා බොහෝ 19 වන සියවසේ ආරම්භ කළ මුලධර්මවාදී සභාවන් විසින් කතෝලික සභාව විවේචනය කරන්නේ හුදෙක් කතෝලික සභාවට මඩ ගැසීමේ පරමාර්ථය මත පමණක් වන අතර කතෝලික ජන වන්දනා පිළිවෙත් පිළිබදව ඔවුන්ට අබ ඇටයක තරම් හෝ දැනුමක් නොමැති බව ඔබට පැහැදිලි වනු ඇත.
✝️සතුට යනු කතෝලිකයකු වීමයි!🙏